තමන්ට
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස බවත් තමන් මෙවර වයඹ පළාත් සභා
මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ බවත් පාසල් ගුරුවරියක දණ
ගැස්වීමේ සිද්ධිය පිළිබඳව මහත් ආන්දෝලනයට ලක්වූ වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
ඔහු එහිදී පවසා ඇත්තේ "අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳ කැපවීමෙන් වැඩ කළ උදවිය. පසුගිය දින ඇතිවූ සිද්ධිය පිළිබඳව මාධ්‍ය මට තවමත් පහර දෙනවා. මොනවා වුණත් මෙම පළාත් සභා මැතිවරණයට මම අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළා.
මම මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා හමුවුණා. ඔහු කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මා ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වනවා කියලා. අපි බලමු මෙම පරීක්ෂණ ප්‍රතිඵල මොනවද වෙන්නේ කියලා. මෙදා ඡන්දයට ඉදිරිපත් වුණොත් මම උඩින්ම දිනනවා. ඒක මට විශ්වාසයි. ඒ වගේම මට කියන්න තවත් දෙයක් තියෙනවා. ජනාධිපතිතුමා ළඟින් ඉන්නවා හොඳ පරීක්ෂණ කණ්ඩායමක්. එතුමා ඒ කට්ටියත් දාලා මා ගැන හොයන්න ඇති. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් හරින්නේ නැහැ. මට පක්ෂය විශ්වාසයි. ඒ වාගේම ජනාධිපතිතුමාත් මට විශ්වාසයි." යනුවෙනි

No comments:
Post a Comment