Pages

Wednesday, 21 August 2013

කාන්තාවකගේ ඉල්ලීම නිසා දයාසිරි ආගම මාරු කරලා

ආගම ගැන කතා කිරීමෙන් බලය උණුසුම් වෙයි

ඊයේ (15) රාත්‍රියේ හිරු රුපවාහිනිය මගින් විකාශනය වුන "බලය" දේශපාලන වැඩසටහන උණුසුම් වුයේ එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පිලිබඳ බොහෝ සෙයින් කතා බහට ලක්වූ හෙයිනි. 

වයඹ පළාත් සභා මැතිවරණය සහ පිල් මාරුව යන මාතෘකාව යටතේ විකාශය වුන එම වැඩසටහනට මුලින්ම ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ආරාධනාකොට තිබුනේ දයාසිරි ජයසේකර මන්ත්‍රී වරයාටත් ශාන්ත බණ්ඩාර මන්ත්‍රී වරයාටය. 

විපක්ෂය නියෝජනය කිරීමට හරින් ප්‍රනාන්දු සහ අකිල විරාජ් හට ආරාධනා කිරීමට සැලසුම්කොට තිබුනත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමාට අසත්‍යය චෝදනා නගන හෙයින් ඔහු පැමිණියහොත් තමා සහභාගී නොවන බව දයාසිරි ජයසේකර විසින් සංවිධායකවරුන් වෙත දන්වා ඇති අතර ඒ අනුව හරින වෙනුවට රන්ජන් රාමනායක වෙත ආරාධනාකොට ඇත. 

නමුත් වැඩසටහන පැවැත්වීමට ආසන්නයේ දයාසිරි ජයසේකර මහතා වැඩසටහනට සහභාගී වීම ප්‍රතික්ෂේප කොට ඇත්තේ තමාට වැඩ ඇති බව පවසමින්. 

දයාසිරිගේ නොපැමිණීම පිලිබඳ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගීතයක් ගයා සිටියේ මෙලෙසින්. 

කිමද නාවේ..ඇයි නාවේ මගේ දයා.. 
ලිංගික අතවරක්ද මගේ දයා.. 
බොරු කිවේ ඇයි කිවේ මගේ දයා.. 
ලිංගික අතවරක්ද මගේ දයා.. 


සංවාදය අතරතුරදී අකිල විරාජ් කාරීයවසම් මහතා පැවසුවේ වරින්වර පක්ෂ මාරු කල දයාසිරි ජයසේකර මේ වනවිට ආගමද මාරුකොට ඇති බවයි. 

ඒ පිලිබඳ ඔහු පැවසුවේ මෙවැන්නක්. 

"දයාසිරි ජයසේකර මහතා ආගමත් මාරු කල මනුස්සයෙක්..මගේ ළඟ තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයේ 2004 නාමයෝජනා පත්‍රය..මම වගකීමෙන් කියන්නේ..මම නිකන් කියන්නේ නැහැ..මමත් නීතිය කරපු මනුස්සයෙක්..2004 නාමයෝජනා පතරේ තියෙනවා මං ගාව..දිව්රුම් ප්‍රකාශය..

එකේ තියෙනවා අකිල විරාජ් කාරියවසම් , මම අත්සන් කරලා "ප්‍රතිඥා දෙමි" කියලා.. නමුත් දයාසිරි ජයසේකර මෙතන අත්සන් කරලා තියෙන්නේ බෞද්ධයෙක් වශයෙන් නොවේ..අන්‍යාගමිකයෙකු ලෙස.."දිව්රුම් දෙමි" කියල..බෞද්ධ නොවන ආගමක් අදහන පුද්ගලයෙක් වශයෙන්..මේ කාන්තාවක් හින්ද මෙහෙම කලේ..මේ ආගම මාරු කලේ... 


ඉන් අනතුරුව ආගම් පිලිබඳ වාදය දිගින් දිගටම ඇදී ගිය අතර ඉන් අනතුරුව රන්ජන් රාමනයක විසින් ප්‍රශ්නකොට සිටියේ ජනාධිපති ආර්යාවගේ ආගම කුමක්ද යන්නයි.

එම සංවාදය පහතින්.

රන්ජන් රාමනයක : ආගම ගැන ප්‍රශ්නේ ගැන මුලින්ම ඇදල ගත්තේ එතුමා මුලින්ම..පුලුවන්නම් මේ රටේ ජනාධිපති ආර්යාවගේ ආගම ගැන කියන්න කියලා.. 

අරුන්දික ප්‍රනාන්දු : ජනාධිපති ආර්යාවගේ ආගම කතෝලික.. 

රන්ජන් රාමනයාක : හරි එච්චරයි.. 

No comments:

Post a Comment