මේ සම්බන්ධයෙන් කැෆේ සංවිධානය වයඹ පළාත් ප්‍රධාන ලේකම් වරයාට ලිඛිතව ඡායාරූප සාක්ෂි සහිතව දැනුම් දුන්නද මේ දක්වාම එම ලිපියට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එම සංවිධානය කියයි.
මෙවර මැතිවරණයේදී වයඹ පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින් විසින් ඉතා බරපතල ආකාරයට රාජ්‍ය දේපළ සහ වාහන සිය මැතවරණ ව්‍යාපාරය සදහා යොදාගනිමින් සිටින බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණයයි. එම නිරික්ෂණ වාර්තා සාක්ෂි සහිතව කැෆේ සංවිධානය විසින් ජනමාධ්‍ය වෙත වරින් වර නිකුත් කර තිබේ.
කැෆේ සංවිධානය යොමුකර ඇති ඡායාරූප මගින් දැක්වෙන්නේ වයඹ පළාත් සභාව සතු කැමරා දෙකක් මැතිවරණ ප්රචාරක කටයුතු සදහා යොදා ගන්නා අන්දමයි. එහි සුදු පහැ අත් කොට කමිස වලින් සැරසී සිටින්නේ පළාත් සභා මාධ්‍ය කණ්ඩායමයි. මෙහි විඩියෝ කැමරාව අත ඇති පුද්ගලයා ආනන්ද ය. ඡායාරූප ශිල්පියා අනුරුද්ධ ය. ඔවුන් දෙදෙනා ඔබ පළාත් සභාවට අනියුක්තව දිගු කලක් කටයුතු කරන අය බව කැෆේ සංවිධානය කියයි.
2013 ජූලි 31 දින කුරුණෑගල කච්චේරිය ඉදිරිපිට හිටපු ප්‍රධාන අමාත්‍යවරයා නාම යෝජනා ලබාදීමට පැමිණෙන අවස්ථාවේ ඔවුන් පළාත් සභාවේ මහජන සම්පත් උපයෝගී කර ගනිමින් පළාත් සභාවට අදාළ රාජකාරි කටයුත්තක් සිදු කිරීමට පළාත් සභා කාර්ය මණ්ඩලයේ කිසිවෙකු අනුමැතිය දී නොමැති බව කැෆේ සංවිධානය කියයි.
No comments:
Post a Comment