Saturday, 10 August 2013

නීතිමය පිළිසරණක් ලැබුණා - රූකාන්ත - චන්ද්‍රලේඛා කතා කරයි



 ඔබට සිදුවූ විපතකට, අකරතැබ්බයකට වසර ගණනාවකට පස්සේ නීතිමය පිළිසරණක් ලැබුණා. ඒ තීන්දුව ගැන සතුටුද....? මොකක්ද හැඟීම...?
ඇත්තටම සතුටුයි. සතුටක් සහ සැනසීමේ සුසුමක්. එකක් මේ නඩුව අයාලේ ගිය තත්ත්වයක් තිබුණේ. දියවෙලා තිබ්බේ. එහෙම දෙයක් වුණේ නෑ වගේ, මොකද ඒ කාලෙ කතාවකුත් ඇරියනේ ඕක අපි කරගත්ත වැඩක් කියලා... ඇමෙරිකාවෙ යන්ඩ වීසා ගන්න ඕනෑ හින්දා කියලා... අපිට කොහොමටත් ඇමෙරිකාවේ වීසා තිබ්බා. කිසිම විසඳුමක් තිබුණෙ නෑ.

නමුත් මේ තීන්දුවෙන් පස්සේ ඒ සියල්ල මැකිල ගියා. ඒ එක සතුටක්. අනෙක් කාරණාව ශ්‍රී  ලංකාවේ නීතිය යම්කිසි දුරකට වැඩකරනවා කියලා පෙන්නුම් කරනවා. ඒකත් සතුටට කාරණයක්. බලයේ ඉන්න අය හෝ නැති අය යම්කිසි පීඩාකාරී කටයුත්තක නියැළෙනවානම් හොඳ හෝ නරක එක හා සමානව පිටිපස්සෙන් එනවා කියන එක මතක් කරලා දීමක්.

 මෙය දීර්ඝ කාලයක් යටපත් වෙලා තිබුණා. නමුත් ආයෙත් ඉස්මතු වීම වෙනත් කෙනකුගේ කීර්ති නාමයකට බලපෑමක් ඇති වුණාද?
මට ඒක විනිශ්චය කරන්න, තීරණයකට එන්න බැහැ. මේ ගත්ත තීරණයෙන් වෙනත් කීර්තිනාම විනාශ වෙන්න ඉඩ තියෙනවා. මේ තීන්දුව එහෙම එකක් නෙවෙයි. වරදට දඬුවමක්.

 සමාජයේ කතාබහක් තියෙනවා මේ සිදුවීමේ ප්‍රධාන භූමිකාව සමාජයේ නිදැල්ලේ ඉන්නවා කියලා....? තෝරු,... මෝරු ඉඳිද්දි හාල්මැස්සො අහුවුණා කියල....?
ඔව්, අපිත් ඒක නොදන්නවා නෙවෙයි. ඒ අයට ශ්‍රී  ලංකාවේ අධිකරණයෙන් මෙහෙම දඬුවම් නොලැබුණාට දෙවියන්ගෙන් දඬුවම් අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ වෙනකොට ලැබිල තියෙන ඒවත් ඇති. ඒ අයගෙ හෘද සාක්ෂිය දන්නවා, මමයි මේක කළේ කියලා. අහවලයි, අහවලයි මේක කළේ කියල සමාජයේ කියැවෙන නම්වලට වැඩිය කිසි කෙනෙක්ගෙන් නොකියැවෙන නම් අප ළඟ තියෙනවා. අපි දැනුවත්ව වෙන වෙන දේවලින් ඒ අයට දඬුවම් ලැබිල තියෙනවා. අපි ඒ ගැන හිතන්නේ නෑ. අපි ඒ අයට සමාව දුන්නේ මුල් අවධියේමයි.

 මේ සිදුවීමෙන් ඔබ මහත් භීතියකට පත්වුණා. ජීවිතේ සියලු කටයුතුවලින් අෑත් වෙලා තනිවෙලා හිටියා. ඒ භීතිය ඒ තරම්ම ඔබට දැනුණා...?
ඔව්, හුඟාක් දුරට ඒ භීතිය දැනුණා. මේ රටේ තව විනාඩියක්වත් නොඉන්නවයි කියල තීරණයකට ආවේ. නමුත් වටේ හිටපු මිත්‍රයෝ සහ අපේ පවුල එකටම හිටපු හින්ද ටික ටික බොහොම අමාරුවෙන් ඒ භීතිය තුනී කරගත්ත. නැත්තටම නෙවෙයි. නමුත් බියකරු සිදුවීමට වසර තුනකට විතර පස්සේ අපේ නිවෙස ගිනි තිබ්බට පස්සේ ඒ භීතිය යළිත් දැනුණා. ඊට පස්සේ තමයි ඇමෙරිකාවට ගියේ. ඒ භීතිය නම් මහා පුදුමාකාර අමුතුම දෙයක්....
 මරණ බයත් සමඟ.....

!!!...... ඔව්, මරණ බයත් සමඟ. ඒ මරණ බය සමඟ භීතිය ළං වුණාට පස්සේ ඒ ළඟින් ගිය සිදුවීමක් වුණත් වැඩිය දැනෙන්නේ නෑ. ඒකට මුහුණ දුන්නායින් පස්සේ දැන් හැමදේකටම සූදානමකින් වගේ ඉන්නේ....
 මේ ප්‍රචණ්ඩ සිදුවීම දේශපාලනය මුල්කර ගත් එකක්ද එහෙම නැතිනම් ඔබේ වෙන න්‍යාය පත්‍රයකට සිදුවූ ප්‍රහාරයක්ද?
මේක දේශපාලනමය පළිගැනීමක්. අවංකව කියනවා නම් වෙන ඇජෙන්ඩා එකක් නෙවෙයි. නමුත් ඒ කළ අයගේ වෙනත් සිතුවිලි තියෙන්න ඇති තවත්. එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරා ගන්නව වගේ මොනව හරි සිතුවිලි තියෙන්න ඇති. මූලිකව දේශපාලන වශයෙන්. අවසානයෙදිත් තර්ජනය කරල කිව්වෙ දේශපාලන වේදිකාව තහනම් කියලනේ. ඒකෙ ලොකු අර්ථයක් තියෙනවා.

 ඕනෑම මනුෂ්‍යයෙක් දේශපාලන සත්ත්වයෙක්....?
ඔව්, ඡන්දය දෙන එකත් දේශපාලනය කිරීමක්. තමන් ජීවත්වෙන තැන, වාතාවරණය හරිහැටි තෝරා බේරා ගැනීම සඳහා කරන සැලසුමක්නේ දේශපාලනය කියන්නේ. ඒක අපි හැමෝටම අයිති දෙයක්නේ. දේශපාලනය කියන්නේ සුන්දර දෙයක්. ඒක කැත විදියට පාවිච්චි කරන එකනේ වැරැද්ද. ඒක හරියට කළොත් මොන තරම් ලොකු සේවයක් කරන්න පුළුවන්ද....?
 ඔබ ඒ කාලෙ කටයුතු කළේ එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ බලයට ගේන්න. පසුව ඔබ ඒක අත්හැරියෙ ඔහුගේ භූමිකාව ගැන කලකිරීමෙන්ද....? දේශපාලනය ගැන කලකිරීමෙන්ද.....?
නෑ... මේ... මේ (සිනාසෙයි) දරුණු ප්‍රශ්නයක් ඇහුව්වේ........... භූමිකාව ගැන... (සිනා)

 නෑ... එදා ඔහුව බලයට ගේන්න අනෙක් ගායක ගායිකාවන්ටත් වඩා ප්‍රබල භූමිකාවක් ඔබ කළා...?
මං හිතනවා අර කතාවක් තියෙනවා මේ ලෝකෙම තියෙන නවීනතම අවි ආයුධ තියාගෙන, දක්ෂම රහස් ඔත්තු සේවය තියාගෙන වටේම නිරීක්ෂණය කරමින් කවුද ඉන්නේ හතුරෝ කිය කියා වටේම බල බල ඉන්නවා. හැබැයි තමන්ගේ පුටුවෙ ඉන්න මකුණො, මැක්කො කනව තේරෙන්නේ නෑ. එහෙම ප්‍රශ්නයක් එතුමාට තියෙනව කියලා මට තේරෙනවා. ඒ නිසා තමාගේ දක්ෂකම් පෙන්වන්න අවස්ථාවක් නොලැබෙනවා. ඒක ලොකු පාඩුවක්.

 මෙයින් පස්සෙ ඔබ විදේශ ගතවෙලා ඉඳල දේශපාලන කරණමක් ගැහැව්වා. ඒකට නොයෙක් කතා අහන්න ලැබුණා. ඔබ මුදලට ආවයි කිව්වා. විශේෂ නියෝජිතයෙක් මඟින් ආවයි කිව්වා. මේවා ඔබ අහගෙන හිටියා. උත්තරයක් දුන්නේ නෑ. අවශ්‍ය නම් දැන් පුළුවන් උත්තරයක් දෙන්න....?
ඔව්, අද තියෙනවා මට උත්තරයක් දෙන්න. මම කිසිම මිලකට නෙවෙයි ඒ ගමන ආවේ. මට ඕන තැනක බය නැතුව කතා කරන්න පුළුවන් ඒ ගැන. ඒ වෙලාවෙ මම කැනඩාවේ හිටියෙ ෂෝ එකක. 2009 මැයි 18 අපේ රට ලබපු යුද ජයග්‍රහණය සිහිනයක්. ඒ සිහිනය සැබෑවීම මට ලොකුවට දැනුණා. පිටරටක ඉන්නකොට තමාගේ රට ගැන දැනෙනවා වැඩියි. ඒ සතුටේ ප්‍රබලකමත් එක්ක 2009 ජූලි මාසේ අපි නැවත ලංකාවට ආවා. ඇවිත් “රූ සඳ රෑ” ප්‍රසංගයකුත් කළා. අපි මුළු පවුලම ගිහිල්ලා ජනාධිපතිතුමා මුණගැහිලා සුබ පතල ආපසු ඇමෙරිකාවට ගියා. ඒ අතරවාරයේ තමයි ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න 2010දී ආරාධනාවක් ලැබුණෙ. මම ඒ වෙලාවෙ හිතුවෙ ඒක සූට් මාරුකරන වෙලාවක් නෙවෙයි. මේ රට මහා ව්‍යසනයෙන් බේරා ගත්තු අයටම දිගටම ගෙනියන්නට රට බාර දෙන්න ඕනෑ ඒ අවස්ථාවේ. සදහටම දෙන්න කියන එක නෙවෙයි. ඒ අවස්ථාවේ එහෙමයි. මම ඉතා සතුටින් ඒ ආරාධනාව බාර ගත්තා. සල්ලිවලට නෙවෙයි. මම ඇවිල්ල සිංදුවක් හදල ඒක ගායනා කළා. පස්සේ කිව්ව ඒක වීඩියෝ කරන්න ඕනෑ කියලා. මම ඒකටත් ඉදිරිපත් වෙලා මමම පෙනී හිටියා. මම ඒ කළේ රට බේරාගත් ගෞරවයට මගේ යුතුකමයි.

 ඔබ රනිල් වික්‍රමසිංහටත් ඔය දේම කළා. ගීතයක් හදලා ජාතික කොඩිය වනමින් වේදිකාවේ ගායනා කළා...?
2002ට කලින් 1998-1999 වසරවලත් අපි රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගීත ගායනා කළා. රනිල් වික්‍රමසිංහ මහත්තය දූතයෙක් එව්වනේ. සමන් අතාවුදහෙට්ටි මහත්තයා ආවනේ සිංදුවක් ලියාගෙන “රනිල් ඔබ අපේ මතු පැතුමයි හෙට දවසයි” ඒකනේ ගීතය. මගේ දිගන්තයේ ගීතයටත් සමීපයි. මේ ගීතය රසිකයන් වැලඳ ගත්තා. එයට ලැබුණු මාධ්‍ය ප්‍රචාරයත් ඉහළයි. එක්සත් රාජධානියේ පිරිසක්නේ ඒව කළේ. සියල්ලෝම නටනවා ඒ අතර වාරයේ තමයි මම රනිල් වික්‍රමසිංහ මහත්තයා පිළිගන්න කියාගෙන වේදිකාවට එන්නේ. පොඩි ඩ්‍රාමා එකක්. පුදුම විදියට කාලය, ශ්‍රමය වැය කළා. අවංකව කළා. ඒ වකවානුවේ වර්තමාන ජනාධිපතිතුමා අගමැතිවරයා. එතුමා මගෙන් සහයෝගය ඉල්ලුවා. නමුත් දෙපැත්තකට වැනෙන්න බෑ. අවංකකමට, ඒ ඇරයුම නොදැනුණා වගේ හිටිය.
 ඔබ භීතියට පත්වෙලා, අසරණ වෙලා ඉන්දැද්දී ඔබ අවංකවම අනුගත වෙච්ච පක්ෂයෙන් ඔබට මොනවද ලැබුණේ?
මොනවත් ලැබුණේ නෑ. කිසිදෙයක් ලැබුණෙ නෑ.

 කතා කළෙත් නැද්ද...?
කතා කළා. කතාවල් වැඩක් නෑ. මොකද මම පවුල්කාරයෙක්. තාත්තා කෙනෙක්. ස්වාමිපුරුෂයෙක්. එතකොට මගෙන් වෙන්න ඕන යුතුකම් කොටසක් තියෙනවා පවුලට. ඒ හැමදේකටම “මුදල” බලපානවා. මූල්‍යමය දේවල් හැම වෙලාවෙම බලපානවා. ඒ වෙලාවෙ ලැබුණ සහයෝගය ඉතාම අල්පයි. මොකද මගේ වාහනේ නැති වෙච්ච එක දරුණුම දෙයක් වුණා. කොණ්ඩෙ තැනින් තැන කපාගෙන මට ෂෝ එකකට යන්නවත් විදියක් තිබුණෙ නෑ. ඒ අසීරු මොහොතේ පක්ෂයෙන් සැලකීමක් වුණේ නෑ. පක්ෂයට මුදල් නැතිවද කියන්න මං දන්නෙ නෑ.
 පිටරට යන්නවත් උදව්වක් කළේ නෑ....?
නෑ... එහෙම උදව්වක් නෑ. හදිසියේ මං පිටත්වෙන වෙලාවෙ ඔය අපි දෙන්නගෙ කොණ්ඩෙ කපන සීන් එකට ඉස්සරවෙලා අපිට තර්ජනයක් ඇවිල්ලා තිබුණනේ. ඒ තර්ජන රැල්ල වෙච්ච වෙලාවෙ ටිකට් පතක් ගැනීමට සුළු මුදලක් හම්බ වුණා. ඒක නැත්තෙ නෑ. ඒකයි කතන්දරේ.
නමුත් අපිට මේ සිද්ධ වුණ දේ වෙනුවෙන් කිසි දෙයක් වුණේ නෑ.

 ඔබ රට හැර ගියාම මේ රටේ ඔබේ රසිකයන් දුක් වුණා. ආපසු ආවහම පිළිගැනීම කොහොමද?
අපි ඇවිල්ල 2009 සුගතදාස ස්ටේඩියම් එකේ “රූ සඳ රෑ” ප්‍රසංගය තිබ්බ. ඇතුළට එන්න බැරිව රසිකයන්ට හැරිලත් යන්න සිදුවුණා. පිරී ඉතිරෙන්න සෙනඟ ආවා. දෙවැනි සැරේට තිබුණ ෂෝ එකටත් එහෙම්මමයි. මිනිසුන්ගෙ තිබුණ ආදරය එහෙම්මමයි. ඒ ආදරය තමයි අපට ලොකු කනස්සල්ලක් වෙලා තියෙන්නේ. ඒ රසික ආදරයට අපට පිටුපාන්න බෑ. හම්බවෙන රසිකයන් දහ දෙනෙක්ගෙන් අට දෙනෙක් අහන්නේ “ආයේ යන්නෙ නෑ නේද? අපේ රටේ ඉන්නව නේද?” කියලයි. ඒ මහජන ආදරය තමයි අපිට තියෙන උතුම්ම වස්තුව.

 ඔබට ජාතික රූපවාහිනියේ අලුත් තනතුරක් ලැබුණ. උපදේශක හෝ අධ්‍යක්ෂ තනතුරක්. ඔබ එයින් අයින් වුණාද? ප්‍රතික්ෂේප කළාද? මොකද වුණේ....?
සංගීත අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර හබ්බ වුණා මට. ඒකට වෙච්ච දේට හරිම උදාහරණය මට කියාගන්න බෑ. (සිනාසෙයි)
 ඔබට යමක් කරගන්න බැරිවුණා?
ඔව්, ඒ කියන්නේ ඒක වැඩක් නෑ. මොකද හේතුව මට වඩා උඩින් දෙන්නෙක් හිටිය. වැඩ කරන්න බැරි තැනක ඉන්න බැහැ. ඒ කියන්නේ මගේ යෝජනා මාස ගණනකට පස්සෙ වෙනත් නම්වලින් එකම දේ, එකම ඇඳුමට, බොත්තමක් වෙනස් කරල සාක්කුවක් දාලා මගේ යෝජනා වෙන විදියට ක්‍රියාත්මක වුණා. මම පටන් ගත්තා “ඉභදඤචර ඕඥඥබ” කියල තරුණ තරුණියන්ට වැඩසටහනක්. හොඳ ප්‍රතිචාර ලැබුණා. මම සති දෙකකට ඕස්ට්‍රේලියාවේ ගිහිල්ල එනකොට මෙහෙ ප්‍රෝග්‍රෑම් එක නවත්තල. ඒ වෙලාවත් අරගෙන. ඒ වාගේ පලයං නොකියා පලා බෙදුව. මට එතෙන්ට වෙලා ඉඳගෙන සටන් කරන්න ඕනෑ වුණේ නෑ. මට ජයගන්න තිබ්බ. මම යුද්ධ කළා නම් ජය ගන්නව. මට එහෙම කරන්න වුවමනාවක් තිබුණෙ නෑ.

 පලා මිටියත් අරගෙන එළියට බැස්ස? ඒකද කළේ...?
එච්චරයි කළේ. කිසි තේරුමක් නෑ. මම පසුව ජනාධිපතිතුමාට විග්‍රහ කරල දුන්න. එතුමා දන්නව ඒ කට්ටිය ගැන. මම හිතන්නේ ඒ කට්ටියත් දැන් නැහැ.
 ඔබ මේ රටේ සංගීතය වෙනස් කරපු එෆ්.එම්. නාළිකා හදපු රජ කෙනෙක්. ඇතැම් නාළිකා ඔබ විසින් ඔසවා තැබුවා....?
ඉතාමත් කනගාටුයි. මට කනගාටුවට හේතුව තමයි මිනිසුන්ට අහන්න දෙන දේ හරියට හෝටලයකින් කන්න දෙන දේ පිරිසුදුව, රහට උයල තියෙන්න ඕනෑ. සම්බෝලයකට ලුණු හරි මිරිස් වැඩියෙන් දාලා බැහැනේ. ඒ හින්ද අහන්න දෙන දේ ලස්සන වෙන්න, රහ වෙන්න ඕනෑ. පෙරදිග, අපරදිග ප්‍රශ්නයක් නෑ. දැන් වචනවලට පමණක් ලස්සනයි කියලා දානව. ඒක වැරැදියි. සංගීතයයි, වචනයි බැලැන්ස් වෙන්න ඕනෑ. සංගීත සංකලනය ලස්සන වෙන්න ඕනෑ. රේඩියෝවකින් විය යුතු දේ සංගීතමය පැත්ත හරි නැත්නම් සිදුවෙන්නේ නෑ. දැන් හුඟාක් සිංදු කවි වගේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා.

 මේ වෙලාවෙ ඔබ මොනවද කරන්නේ ඔබ දැන් කවුද?
මං මේ වෙලාවෙ නිදහස් පුද්ගලයෙක්. මම තාත්තා කෙනෙක්, ස්වාමිපුරුෂයෙක්. මම ආතල් එකේ ඉන්නේ. මම හැමදාම හැබැයි සංගීතඥයෙක්. අලුතින් නිර්මාණයක් කරමින් ඉන්නේ. පසුගිය දවස්වල නිර්මාණ දහයක් කළා.
මටයි, චන්ද්‍රලේඛටයි නිර්මාණය වුණේ සිංදු තුනක්, හතරක් විතරයි. පිටින් ආපු අයට මං ඒව කරලා දුන්න. මං මුල් යුගයේ ඉඳන්ම සංගීත අධ්‍යක්ෂණය කරපු කෙනෙක්. ඒක හින්ද මං ඒවා දිගටම කරනව. මම නැවතත් සී.ඩී. යුගය මේ රටට නව මුහුණුවරකින් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
 නැවත එළිමහන් සංගීත ප්‍රසංගයක් කරන්නෙ නෑ?
මේ අවුරුද්දේ කරන්නෙ නෑ. ලබන වසරේ එක්තරා කට්ටියක් දැනටම ඉල්ලමින් ඉන්නවා. අපි තවම සාකච්ඡා මට්ටමේ ඉන්නේ. මට අවශ්‍ය විදියට, මගේ ශෛලියට වැඩේ කෙරෙන්න ඕනෑ. එහෙම ආවොත් කරනවා.

 ඔබ ලංකාවේ මිල අධිකම ගායකයා වෙලා හිටියා. තාමත් ඒ තැන තියෙනවද?
අනිවාර්යයෙන්ම. තවමත් මට ඒ තැන තියෙනවා. මගේ ස්ථාවරය එසේමයි. කිසිදු වෙනසක් නැහැ.
 ඔබ නිහඬව කළ අසරණ සරණ සේවය තවමත් කරනවද?
ඒක ඉතින් ජීවිතේ හැමදාම තියෙනවා. අපි දෙන්න ඒවා හොයල බලල විය යුතුම දෙයක් තියෙනවනම් මනුස්සයෝ හැටියට කළ හැකි යුතුකම් කරනවා. මේ ලෝකෙන් යන්ඩ ඉස්සර වෙලා කළ යුතු දේවල් ඒවා. ගියායින් පස්සෙ ඒවා කරන්න බෑ. නැවත අපිට ඒ උදව්වක් කරන්න බැරි අයට තමයි පිහිට වෙන්නේ. ප්‍රතිඋපකාර බලාපොරොත්තුවක් නෑ.
 නැවත කොණ්ඩෙ කපා ගන්න අදහසක් තියෙනවද?
(මහ හ¾ඩින් සිනාසෙයි) නෑ... නෑ... මං හිතන් නෑ... (නැවත සිනාසෙයි) නෑ... නැවත කොණ්ඩෙ කපාගන්න අදහසක් නෑ. ඊට වඩා හොඳයි අපිම කපා ගන්න එක. එහෙම තමයි හොඳ.

චන්ද්‍රලේඛා පෙරේරා
 ඔබ මවක්, බිරියක්, කාන්තාවක් හැටියට එදා ලබපු භීතිය ගැන යමක් කියන්න පුළුවන්ද?
භයානක ප්‍රශ්නයක් ඇහුවෙ. ඒක ගැන මම වෙලාවකට ඕනෑවට වැඩිය හිතන්නෙ නෑ. ඒ ගැන හිතන්න ගියොත් ඒ දවසෙ ලබපු භීතිය අදටත් දැනෙනවා. සමහර දිනවල රාත්‍රි නින්දට යනවිට ක්‍ෂණිකව ඒ දවස ගැන කල්පනාවට එනවා. මට හිතෙනවා කොහොමද ඒ මොහොතට මම මුහුණ දුන්නෙ කියල. මොකද එච්චරට ඒක භයානකයි.
 ඇත්තටම කොහොමද මුහුණ දුන්නේ?
දන්නෙ නෑ. කියන්න බෑ කොහොමද මුහුණ දුන්නෙ කියල. මම ගොඩක් වෙලා කතා කරල තියෙන්නෙ සිහිය විකල්ලෙන් වගේ. මං මොනවද කිව්වෙ කියලවත් මං දන්නෙ නෑ.

 මෙය පෞද්ගලික ප්‍රශ්නයක්. කටකතා ඇතිවුණා මාධ්‍යයෙන් මේ සිද්ධිය පිළිබඳ. හෙළිදරව් වුණු කරුණු කාරණාවලට වැඩියෙන් දේවල් සිද්ධ වුණා කියල?
නෑ... එහෙම කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ.
 ඔබ හිරිහැරයකට පත්වුණා කියල...

නෑ... නෑ... නෑ, එහෙම දේවල් සිදුවුණේ නෑ. වෙච්ච දේ තමයි අපි මාධ්‍යයට කිව්වේ. නොකියන තරමේ දේ වුණේ නෑ. මගේ කොණ්ඩය කපන කොට මට පුදුම දුකක් ඇතිවුණා. කාලයක් යනකම් මම කොණ්ඩය නැතුව හිටියේ. මගේ දරුවෝ ඉදිරියේ මම අසරණ වුණා. මගේ ලොකු දුවට හොඳට තේරෙන වයසෙ හිටියෙ. එයා කෑගහන සද්දෙ ඇහුණා. දුව කුස්සියෙ හිටියෙ. අපි දන්නෙ නෑ එයාට මොනවද වෙන්නෙ කියල අපි දෙන්නට පෙනුණෙ නෑ. අපි දෙන්නව තියාගෙන හිටියෙ සාලෙ සෙටියෙ. ඒ වෙලාවෙ ඇති වෙච්ච කම්පනය, භීතිය මවක් හැටියට කොහොම ඉවසන්නද? දෙන්නෙක්, තුන්දෙනෙක් ගේ ඇතුළෙ බොහොම දරුණු විදියට හැසිරුණා. බඩුමුට්ටු පෙරළලා, පොඩි කරලා, කාමරවල බඩු ඇදල දානවා. ඒවගේ භයානක සද්ද ඇහුණා. මරණ බයත් එක්ක ඒවා සද්ද විතරයි.
‘දැන් උඹලා එළියට යන්න ලෑස්ති වෙන්න ඕනෑ’ කිව්වා.

ඒක කියන කොට මම තවත් බය වුණා. ඒ වෙනකොට මේ රටේ කලාකාරයන් කිහිප දෙනෙක්වම එළියට අරන් ගිහිල්ල මරල තිබුණා. සාගරිකා ගෝමස්, ප්‍රේමකීර්ති ද අල්විස් වගේ අයගේ මරණ ගැන මම අහලා තිබුණා. එක්කෙනෙක් නිතරම ‘එළියට යන්න ලෑස්ති වෙන්න’ කියලමයි කිව්වේ.
රූකාන්තට පිස්තෝලෙ තියාගෙන හිටපු එක්කෙනා කිව්වා ‘නෑ එළියට යන්නෙ නෑ’ කියල. එතකොටත් ආයෙත් කිව්ව ‘උඹ එළියට යන්න ඕනෑ’ කියල. මට මගෙ දුවල දෙන්න ගැන අසීමිත බයක් ඇතිවුණා. අපි එළියට අරන් ගියායින් පස්සේ මොන දේවල් සිද්ධ වෙයිද කියල උහුලන්නෙ කොහොමද? මේ ඔක්කොම බය ගෑනු කෙනෙක් හැටියට මම දරාගත්තෙ කොහොමද කියල මට අදටත් හිතාගන්න බෑ.
 රූකාන්තගෙ කොණ්ඩෙ කපන කොට මොනවද ඔබට දැනුණෙ...?

කරකියා ගන්න දෙයක් නෑ. භූමිතෙල් ඔළුවට වක්කරන කොට මට හිතුණෙ ඊළඟ පියවර ඉතින් ගිනි තියයි කියලා. ඒ වෙලාවෙ මම ‍ෙදාඩවල තියෙනවා. මොනව හරි කියල තියෙනවා. මට මතක නෑ මම මොනවද කිව්වෙ කියල. හැබැයි රූකාන්තට මතකයිලු මම කියපු දේවල්. මට හිතුණෙම ගිනි තියයි කියල. පෙට්රල්, ලාම්පුතෙල් කලවම් කරල මොකක් හරි එකක් හදල තිබුණා.
 ජීවිතේ බේරගන්න මොනවද කළේ... බැගෑපත් වුණා...?
බැගෑපත් වුණා කියන්නේ ඒ අයත් එක එක දේ අහනවා. අපිත් මොනව හරි කියනවා. හරි සිහියකින් නෙවෙයිනේ අපි කතා කළේ. අඬනවා, හැපෙනවා. කිසි නිනව්වක් නෑ. නැඟිටින්නවත් බැහැනේ. මගේ කිහිල්ලට එක ගිනි අවියක් තද කරගෙන ඉන්නවා. තවත් එකක් උරුක් කරගෙන, කපල ඉතුරු වුණු කෙස්වලින් එකෙක් ඇදල අල්ලගෙන. රූකාන්තට පිස්තෝලයක් දික්කරගෙන ඉන්නවා. නැඟිටින්න තියා හෙල්ලෙන්නවත් බෑ. ඒක මහා පුදුමාකාර අවස

No comments:

Post a Comment