Pages

Thursday, 1 August 2013

හිතේ තියාගන්න මම දැන් ඉන්නෙ ආණ්ඩුවෙ කියලා - දයාසිරි ජයසේකර


dayasiri-jayasekara-31713
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර වයඹ පළාත් සභා මැතිවරණය සඳහා තමන් පොදු අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි. ඊයේ නාරම්මල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ජයසේකර මහතා මේ බව පැවසීය.
“පාරම්පරිකව අපි මතයක් හදාගෙන තියෙනවා කැපුවත් කොළ නැතිනම් කැපුවත් නිල් කියලා. ඒවා අමතක කරලා මේ අවස්ථාවේ එක්වී කටයුතු කරන්න. හැම ගමකම කාර්යාල හදාගෙන කොළ කොඩියක් වගේම නිල් කොඩියකුත් ගහන්න. මෙවර පළාත් සභාවට තරග කරන මා හට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයත් එ.ජා.පක්‍ෂයේ අයත් සහයෝගය දක්වනවා. මම ඒ සියලුදෙනාගේ අපේක්‍ෂකයායි. ඒ හැමදෙනාටම සේවය කිරීමට මා බැඳී සිටිනවා. ඔබ සියලුදෙනා එක්වී මා හට සහයෝගය ලබාදෙන්න. තමුන්නාන්සේලා සියලුදෙනාට මම ගරු කරනවා. තමුන්නාන්සේලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන්ටත් උදව් කරන්න.

දැන් තියෙන්නෙ පුද්ගලවාදී දේශපාලනයක්. ප්‍රතිපත්තිමය වශයෙන් පුද්ගලයෙක් හොඳයි කියල හිතුණොත් එයාට ඡන්දය දෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ගහලා පන්නපු අවස්ථාවේ මාව බේරාගත්තේ ඔබතුමන්ලාමයි. හිටපු පක්‍ෂයට වගේම පාක්‍ෂිකයන්ට මම ගරු කරනවා. ළඟදීම නාරම්මල නගරයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කරනවා. පඬුවස්නුවර පාරේ එනකොට දැන් මට සැලියුට් ගහනවා. ඉස්සර මගේ කටවුට්, බැනර් ගැහුවොත් කපනවා.“

“දැන් මගේ කටවුට්, බැනර් අයින් කරන්නේ නැහැ. බය නැතිව පෝස්ටර් ගහන්න. හිතේ තියාගන්න මම දැන් ඉන්නෙ ආණ්ඩුවෙ කියලා. ඉදිරි මාස කිහිපය කරුණාකර මා වෙනුවෙන් වැඩ කරන්න. දේශපාලන පක්‍ෂයක ඉලක්කය තමයි බලය ලබාගැනීම. බලය ලබා ගන්නේ නැතුව විපක්‍ෂයේ ඉන්න දේශපාලන පක්‍ෂයකින් වැඩක් නැහැ. අද එ.ජා.ප.යට මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ පාක්‍ෂිකයන්ගේ වරද නිසා නොවෙයි. නායකයා සහ ඒ අතර ඉන්න කිනිතුල්ලෝ ටික නිසා. බල්ලා මැරෙනකම් මේ කිනිතුල්ලෝ ටික ඉන්නවා. මම මේ නායකතුමාට බල්ලා කියනවා නොවෙයි. රනිල් වික්‍රමසිංහ කියාගෙන යනවා මම කෝටි විසිපහක් ගත්තා කියලා එහෙනම් මට තිබුණානේ ඒකත් අරගෙන ඇමැතිකමකුත් අරගෙන පාර්ලිමේන්තුවේ ඉන්න. මේ වගේ කට්ටක් කන්නේ නැතුව.“

No comments:

Post a Comment