කුරුණෑගල නගරයේ නව එ.ජා.ප මැතිවරණ කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡවකදී බණ්ඩාර මහතා පැවසුවේ ගරාජ් අංක සහිත හා අංක තහඩු නොමැති වාහන හතරකින් පැමිණි මැර පිරිස කාර්යාලයට පහර දී බැනර් කටවුට් සියල්ලම කඩා දමා පාක්ෂිකයන්ට මරණීය තර්ජන කළ බවයි.
‘පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාසය එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක වන මගේ පඩුවස්නුවර පිහිටි මැතිවරණ කාර්යාලයට පහර දුන් දයාසිරි ජයසේකරගේ මැරයෝ අපේ පාක්ෂිකයන්ට මරණීය තර්ජන එල්ල කර තිබෙනවා.
සාධාරණ අන්දමින් ජයසේකර මහතා සමග එ.ජා.ප පාක්ෂිකයන් ඒකරාශී වුයේ නම් මැරයන් යොදවා පහරදීම් හා බියවැද්දීම් කරන්නේ ඇයිද යන්න මා ප‍්‍රශ්න කරනවා.මම මේ පිළිබදව 18 වෙනිදා හෙට්ටිපොළ පොලීසියට පැමිණිලි කළා’ යයිද ඒ මහතා සඳහන් කරයි.
No comments:
Post a Comment