රටේ අපචාර හා දුරාචාර වැඩිපුර සිදුවන්නේ පෞද්ගලික පන්ති තුල නොව ආගමික ස්ථානවලදී බව පවසන සන්නස්ගල මහතා පෞද්ගලික පන්ති නැවැත්වීම වෙනුවට හැකිනම් ඒවා නවත්වන ලෙඩ අභියෝග කරයි. එහිදී අදහස් පලකරන ඔහු “ඇතැමෙක් විශ්වාස කරන්න පුළුවන් දහම් පාසල් ගියහම දරුවෙක් හදාගන්න පුළුවන්. ඒ දරුවාගේ අනාගතය යහපත් කරගන්න පුළුවන්. දරුවාගේ ජීවිතයෙ සාරධර්ම ටික ගොඩනඟාගන්න පුළුවන් කියලා.ඇතැම් කෙනෙක් හිතන්න පුළුවන් දරුවා දහම් පාසල් ගියහම විනාශ වෙනවා කියලා. මම උදාහරණයක් කියන්නම්. ලංකාවේ සමහර ආගමික ස්ථාන තියෙනවා. පාතාල මධ්‍යස්ථාන. ඒ වගේ දහම් පාසලකට යැව්වොත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෙක් වගේ දරුවෙක් හදාගන්න පුළුවන්.
ලංකාවේ ළමා අපචාර, ළමා දූෂණ වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ ටියුෂන් පන්තිවලද ඉස්කෝලවලද මේ දෙකේම නෙවෙයි.පූජනීය ස්ථානවල. ඒක නිසා ටියුෂන් පන්තියට, පාසලට, පොලිසියට, හමුදා කඳවුරට වැඩිය නරක තැනක් විදියට පූජනීය ස්ථාන හඳුන්වන්න පුළුවන් ඉඩකඩක් වර්තමානයේ අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. මේ හදන්නේ මේ රට ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය කරන්න නෙවෙයි ආසියාවේ ආගමික ගුබ්බෑයම කරන්න. “ යනුවෙන් අදහස් පළ කර තිබේ.
උපුල් සාන්ත සන්නස්ගල මහතා පසුගිය වාරයේ එක්සත් ජාතික පක්ෂයේ සබරගමුව පළාත් මහ ඇමතිධූරයට තරඟ කරන බව පවසා පසුව එයින් ඉවත්ව පසුබැස ගියේය.එසේම මෙරට තුල මහත් ආන්දෝලනයට ලක් වූ ‘තනි තටුවෙන් පියාඹන්න’ සිනමාපටය නිෂ්පාදනය කලේද සන්නස්ගල මහතාය.
- යටියන ප්‍රදීප් කුමාර
මූලාශ්‍ර – mawbima
No comments:
Post a Comment