Pages

Tuesday, 3 September 2013

මම ඒකාධිපතියෙක්...? - ජනාධිපති විමසායි

මම ඒකාධිපතියෙක් වෙන්නේ කොහොමද ? - ජනාධිපති විමසයි

''පිටරටින් කට්ටිය එනවා. ඒ අයට කේලම් කියනවා. කලට වේලාවට මැතිවරණ පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකිමින් උතුරටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබා දෙමින් මැතිවරණ ලබා දුන්නේ මේ රජයයි. මේ තරම් මැතිවරණ තියපු රටක් ආසියාවේම නැති බවත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමට කැප වූ තමා ඒකාධිපති නායකයකු වන්නේ කෙසේදැයි '' ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) කුරුණෑගල දී ජනතාවගෙන් විමසා සිටියේය.

දේශීය හෝ විදේශීය බලවේගවලට යට වීමට තමා කිසිසේත් සූදානම් නොමැති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, 'සතුටයි නිදහසයි දිනවමු' යන තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 62 වැනි සංවත්සර සැමරුම සහ එළඹෙන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ජන රැලියට කුරුණෑගල මාලිගා පිටියේ පැවැති ජනහමුව අමතමිනි.






ශ්‍රී ලංකා මිරර් වෙබ්අඩවිය ඇසුරිණි.
 
.

No comments:

Post a Comment