කෙසේ වෙතත්, මෙහි ඇති ගැටලුසහගත තත්ත්වය වන්නේ පවත්නා අර්බුදයේ ඇති බරපතළ බව පැහැදිලිව පෙනෙන්නට තිබිය දී පවා ඒ පිළිබඳව පිළියම් සෙවීමේ ක්රියාවලියේ දැකිය හැකි කැපී පෙනෙන අලස ස්වභාවයයි. විශේෂයෙන් ලෝකයේ ප්රධාන පෙළේ දියුණු හා කාර්මික රටවල දේශපාලන නායකයන් මේ පිළිබඳව දක්වන උදාසීන බව සැලකිය යුතු තත්ත්වයකි. වර්තමාන දේශගුණ ගැටලුව සඳහා වඩාත් වගකිව යුත්තේ මේ දියුණු රටවල් වන නිසා මේ තත්ත්වය කණගාටුදායක ය. එසේ ම දේශගුණ වෙනස් වීමේ බරපතළ විපාකවලින් වඩාත් පීඩා විඳින්නේ දියුණු වන රටවල් වීම මෙය අවාසනාවන්ත කරයි.
මේ වන විට දේශගුණ වෙනස් වීම පිළිබඳ අප සතු දැනුම වඩාත් නිවැරැදි කළ හැකි වාර්තාවක් ප්රකාශයට පත් වීමට නියමිත ව තිබේ. ඒ පස්වැනි ඇගැයීම් වාර්තාවයි.
No comments:
Post a Comment