Thursday, 3 October 2013

දකුණු පළාත් සභා හොර ගුහාවේ, සමූපකාරේ මහ හොරෙක්


dv-upul-31013
දකුණු පළාත් සභාවේ ධීවර, සමූපකාර සංවර්ධන සහ වෙළෙඳ අමාත්‍යංශයේ අමාත්‍ය ඞී.වී. උපුල් විසින් ඔහුට අයත් රේඩියන් ට්‍රේඩීන් පෞද්ගලික සමාගම විසින් ලබාගත් ඉඩමක් ඔහු යටතේම පවතින පළාත් සභා ආයතනයකට උගස් කොට රුපියල් කෝටි 4ක් වංචා කොට ඇති බව වාර්තාවේ.


අදාළ ඇමැතිවරයා විසින් 2012 නොවැම්බර් 22 වැනිදා පෙර කී සමාගම රුපියල් පනස් ලක්ෂයක් වටිනා මාතර මොරවක පිහිටි ඉඩමක් දකුණු පළාත් සමූපකාර අමාත්‍යංශය සදහා මිලදීගෙන ඇති අතර එදිනම සවස එම ඉඩම මාතර දිස්ත්‍රික් සමූපකාර ග්‍රාමීය බැංකුවට රුපියල් හාරකෝටි හැත්තෑපන් ලක්ෂයකට උගස් කො ඇති බව ද වාර්තාවේ.

මෙවැනි වංචාවන් රාශියක් අදාල ඇමැතිවරයා විසින් සිදුකරමින‍් පවතින බවත් මෙවැනි ම වංචා සහගත ආයතන ගණනාවක් දකුණු පළාත් සභාවේ ක්‍රියාත්මක බවද වාර්තාවේ.

No comments:

Post a Comment