මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ,
වැල්ලවාය-තිස්සමහාරාම මාර්ගයේ (A 2) මාර්ගයේ හඳපානාගල හන්දියෙන් හැරි
කිලෝමීටර් 4 ක් පමණ ගිය විට හමුවන ජලාශයකි, හඳපානාගල ජලාශය. මෙම හඳපානාගල
ජලාශයේ වැව් බැම්ම මධ්‍යයේ විශාල ගල් පර්වතයක් පිහිටා ඇත.
මෙම ගල්
පර්වතයේ ජලාශය පැත්තට නොව අනෙක් පැත්තට ඇති මුහුණතේ කටාරම් කොටන ලද ගල්
ලෙන් තුනකි. ගලේ පර්වතයේ එක් පැත්තක ගලෙහි නෙලන ලද ගල් පඩි පෙලක්ද ඇත.
මෙම වැවේ සිට තණමල්විල දෙසට ජලය රැගෙන යාමට වැවක් නිර්මාණය කිරීමේ කටයුතු
මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. නමුත් ගම්වාසීන්ගේ
මතය නම් මෙම ඇල මාර්ගය නිර්මාණය කිරීමේ යටි අරමුණ මෙම ගල් ලෙන් තුල ඇතැයි
විශ්වාස කෙරෙන ලංකාවේ ලොකුම නිධානය රාජපක්ෂවරුන් වෙත ලබා ගැනීමයි. මෙම
නිධානයේ ඇතැයි සැලකෙන්නේ රත්තරං කරත්තයක්, රත්තරං තැඹිලි වල්ලක් හා රත්තරං
පුටුවක් බව ප්‍රදේශවාසීන්ගේ මතයයි.
මීට පෙර අවස්ථාවකද මෙම නිධානය ගැනීමට ආරක්ෂක අංශයට සමාන ඇඳුම් හැඳගත් පිරිසක් පැමිණ ඇති අතර, ගම්වාසීන් එකතුවී ඔවුන්ව එලවා දමා ඇත.
ඇල මාර්ගය නිර්මාණය කර නිධානය පිහිටි ගල්ලෙන් උපයෝගී කර ගනිමින් වේල්ලක්
නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත. මෙම ප්‍රදේශය වල් අලි ගැවසෙන පෙදෙසක්
බැවින් මිනිසුන් මෙම ප්‍රදේශයට පැමිණීමට බියක් දක්වයි. එමනිසා මෙම
ප්‍රදේශයේ සිදුවන ක්‍රියාකාරකම් ද රහසක් වී තිබේ. කටුගෙට පැනපු
රාජපක්ෂවරුන්ට කැලයේ තිඛෙන හඳපානාගල නිධානය කජ්ජක්ද?
No comments:
Post a Comment