Pages

Monday, 11 November 2013

පාලිත තෙවප්පෙරුම දේශපාලනයට ආදර්ශයක් දෙයි...


තණකොළ පවා පාඩම් කියා දෙන සැටි දිවයින කතුවැකිය.

කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තණකොළ වල වැඩුණු නොවැදගත් කොටස්‌ යන්ත්‍රයකින් කපමින් සිටින වැදගත් පින්තූරයක්‌ ඊයේ අප පුවත්පතේ පළවිය.

මන්ත්‍රීවරයකු තණකොළ කපමින් සිටින පින්තූරයක්‌ වැදගත් පින්තූරයක්‌ වශයෙන් සැලකීමට සිදුවන කාරණා කීපයක්‌ අපට තිබේ. මන්ත්‍රීවරයා මෙම කාර්යය සිදුකළේ තමන්ගේ අලංකාර ගෘහ උද්‍යානයේ නම් ඒ පින්තූරයෙන් එතුමාගේ පෞද්ගලික පින්තූර ඇල්බමයටම මිස අපට ඇති වැඩක්‌ නැත. එසේම එතුමා මේ කාර්යය සිදු කළේ මැතිවරණ පෝස්‌ටරයක්‌ සඳහා නම් එයිනුදු අපට ඇති ඵලක්‌ නැත. එහෙත්, මන්ත්‍රීවරයා මේ සිදුකරමින් පවතින්නේ පොදු ආදාහනාගාර භූමියක්‌ එළිපෙහෙළි කිරීමය.

මෙම පොදු ආදාහනාගාරය ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන සමයේ ඉදිකරන ලද්දක්‌ බව අදාළ ප්‍රවෘත්තියෙන් කියෑවෙයි. දැන් එය අබලන්ව පවතින බවත් අලංකාර ලෙස පැවැති භූමිය දැන් වල්බිහිවී ඇති බවත් කියෑවෙයි. ඒ කුමක්‌ වුවත් මන්ත්‍රීවරයාගේ හුදෙකලා ශ්‍රමදානය මළ - නොමළ දෙගොල්ලන්ගේම ප්‍රශංසාවට ලක්‌විය යුත්තක්‌ බව අපගේ අදහසය. මක්‌නිසාද වැඩ පෙන්වන්නන්ගෙන් මිස වැඩකරන්නන්ගෙන් රටේ පක්‍ෂ - විපක්‍ෂ දේශපාලන තන්ත්‍රය සපිරී නොතිබෙන නිසාය.

දැනට කලක පටන්a මේ රටේ පවත්නා දේශපාලන ව්‍රතය වන්නේ දේශපාලනඥයා ජනතාවට සමීපවීමේ නාමයෙන් හැකිතාක්‌ දුරස්‌වීමය. රටේ දැන් කිසිදු අනාරක්‍ෂිත බවක්‌ නැතැයි තේරුම් ගැනීමට කෙනකු දේශපාලනඥයකුම වියයුතු නැතත් ප්‍රාදේශීය දේශපාලනඥයන් සමහරකු පවා තවමත් ගමන්a කරන්නේ මාර්ග සංහිඳියාව බිඳ දමන බැකප් රථ පිරිවරාය. දේශපාලනඥයන්ගේ කාර්ය මණ්‌ඩල වූ කලී දිනෙන් දින මොටයි දමන බට පඳුරු වැනිය. එක වැඩේට විසිපස්‌ දෙනකු සිටියත් ඒ එකකු ගෙන්වත් ඉටුකරගත හැකි මොනම වැඩක්‌වත් නොමැති බව දන්නෝ පුරවැසියෝම මිස අන්aකවරහු ද?

මේ සියල්ල කීමෙන් අප අදහස්‌ කරන්නේ රටේ දේශපාලනඥයන් සියල්ලන්ම පොදු ස්‌ථානවල තණකොළ කපා පෙන්විය යුතුය යන්න නොවේ. දේශපාලනඥයන් තම ඇතැම් අමතර ශෝභන අතහැරීම පමණකින්ම ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි බව කීමය.

මහා භයානක ත්‍රස්‌තවාදයක්‌ මුළුමනින්ම අහෝසි කළ රට ශ්‍රී ලංකාවය. ත්‍රස්‌වාදයක්‌ විසින් බිහිකළ ඉතා දීර්ඝ විනාශකාරී සිවිල් යුද්ධයක්‌ අවසන් කළ වහාම විශ්මයජනක වේගයකින් ගොඩනැඟුණු රටද ශ්‍රී ලංකාවය. එහෙත්, එරටේ මිනිසුන් තවමත් කිසියම් අතෘප්තියකින් සිටින්නේ ඒ ඔවුන්ගේ හැටි නිසා නොවේ.

ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මහ සටන සමඟ මිනිස්‌සු කන්කෙඳිරි නොගා සියලු දුක්‌ ඉසිලූහ. තම ආර්ථික දුෂ්aකරතාවන්, සමාජීය දුෂ්කරතාවන් ඉහින් කණින් පනින්නට ඉඩනොදී ජාතික අභිමානය යොදවා මර්දනය කරගත්හ.

ඉන්පසු එළඹියේ රට ශීඝ්‍ර සංවර්ධනයක්‌ කරා ගමන් කරවීමේ යුගයකි. එහෙත්, අවාසනාවට ඒ සමඟම ඈඳුණු රටෙන් පළිගැනීමේ යුගයක්‌ද විය. මියගිය ත්‍රස්‌තවාදීන්ගේ භූතයන්ගේ, මළ පෙරේතයන්ගේ, කුම්භාණ්‌ඩයන්ගේ සේම උන්ගේ ජීවමාන සියලු මිතුරන්ගේද කුණු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූයේ ඒ සමඟය. ඒ කුමක්‌ වුවත් ඒ හැම මොහොතකදීම ඒවාට එරෙහිව රජය ආරක්‍ෂා කිරීමට නැගීසිටියෝ රටේ ජනතාවම මිස අන්කවරහුද?

ජනතාව විසින් රැකගනු ලැබූ රජයක්‌ වශයෙන් ජනතාව දෙස මීට වඩා දයාර්දව බැලීමේ යුතුකමක්‌ රජයකට තිබිය යුතු බව අපගේ වැටහීමය. ඇතැම්විට රජයට ඒ උවමනාව තිබුණේ වුව බොහෝ දේශපාලනඥයන් විසින් අමු අමුවේම "ඒ වැඩේ කන සැටි" නිරතුරුවම දැකගත හැකිය.

මිනිසුන් මත බලහත්කාරය පතිත කිරීමෙන්, ඔවුනට අපහාස උපහාස කිරීමෙන්, ඔවුනට වූ පොරොන්දු කඩකිරීමෙන් නොනැවතී දැන් දේශපාලනඥයෝ බොහෝ දෙනා ලොකු - කුඩා භේදයක්‌ නොමැතිව තම ''කුඩා අධිරාජ්‍යවල'' බලයද ප්‍රදර්ශනය කරන්නෝය. පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීම යන ශ්‍රේෂ්ඨ දේශපාලන මූලධර්මය වෙනුවට තම කුඩා අධිරාජ්‍ය පුළුල්a කරගැනීම අරභයා වන සියලුම ක්‍රියාකාරකම්වල යෙදෙන්නෝය. මේ අනුව අද ශ්‍රී ලංකාව යනු දූපතක්‌ නොව විවිධ සහ විෂම කුඩා - කුඩා දේශපාලන අධිරාජ්‍ය මුළුවකි. විපක්‍ෂයේ දේශපාලනඥයකු වුවත්a මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම ගේ තණකොළ කැපීම අප දෙවරක්‌ නොසිතා අගය කරන්නේ ඒ නිසාය.

ඔහුගේ එම ක්‍රියාවේ සංකේතීය අර්ථය තේරුම්ගත හැක්‌කෙකුට තණකොළ කපන යන්ත්‍රය තම අතට ගත හැකිය. නොහැක්‌aකෙකුට අනුභවය සඳහා තණකොළ ටික ලබාගත හැකිය.



















තණකොළ පවා පාඩම් කියා දෙන සැටි දිවයින කතුවැකිය. කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තණකොළ වල වැඩුණු නොවැදගත් කොටස්‌ යන්ත්‍රයකින් කපමින් සිටින වැදගත් පින්තූරයක්‌ ඊයේ අප පුවත්පතේ පළවිය. මන්ත්‍රීවරයකු තණකොළ කපමින් සිටින පින්තූරයක්‌ වැදගත් පින්තූරයක්‌ වශයෙන් සැලකීමට සිදුවන කාරණා කීපයක්‌ අපට තිබේ. මන්ත්‍රීවරයා මෙම කාර්යය සිදුකළේ තමන්ගේ අලංකාර ගෘහ උද්‍යානයේ නම් ඒ පින්තූරයෙන් එතුමාගේ පෞද්ගලික පින්තූර ඇල්බමයටම මිස අපට ඇති වැඩක්‌ නැත. එසේම එතුමා මේ කාර්යය සිදු කළේ මැතිවරණ පෝස්‌ටරයක්‌ සඳහා නම් එයිනුදු අපට ඇති ඵලක්‌ නැත. එහෙත්, මන්ත්‍රීවරයා මේ සිදුකරමින් පවතින්නේ පොදු ආදාහනාගාර භූමියක්‌ එළිපෙහෙළි කිරීමය. මෙම පොදු ආදාහනාගාරය ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන සමයේ ඉදිකරන ලද්දක්‌ බව අදාළ ප්‍රවෘත්තියෙන් කියෑවෙයි. දැන් එය අබලන්ව පවතින බවත් අලංකාර ලෙස පැවැති භූමිය දැන් වල්බිහිවී ඇති බවත් කියෑවෙයි. ඒ කුමක්‌ වුවත් මන්ත්‍රීවරයාගේ හුදෙකලා ශ්‍රමදානය මළ - නොමළ දෙගොල්ලන්ගේම ප්‍රශංසාවට ලක්‌විය යුත්තක්‌ බව අපගේ අදහසය. මක්‌නිසාද වැඩ පෙන්වන්නන්ගෙන් මිස වැඩකරන්නන්ගෙන් රටේ පක්‍ෂ - විපක්‍ෂ දේශපාලන තන්ත්‍රය සපිරී නොතිබෙන නිසාය. දැනට කලක පටන්a මේ රටේ පවත්නා දේශපාලන ව්‍රතය වන්නේ දේශපාලනඥයා ජනතාවට සමීපවීමේ නාමයෙන් හැකිතාක්‌ දුරස්‌වීමය. රටේ දැන් කිසිදු අනාරක්‍ෂිත බවක්‌ නැතැයි තේරුම් ගැනීමට කෙනකු දේශපාලනඥයකුම වියයුතු නැතත් ප්‍රාදේශීය දේශපාලනඥයන් සමහරකු පවා තවමත් ගමන්a කරන්නේ මාර්ග සංහිඳියාව බිඳ දමන බැකප් රථ පිරිවරාය. දේශපාලනඥයන්ගේ කාර්ය මණ්‌ඩල වූ කලී දිනෙන් දින මොටයි දමන බට පඳුරු වැනිය. එක වැඩේට විසිපස්‌ දෙනකු සිටියත් ඒ එකකු ගෙන්වත් ඉටුකරගත හැකි මොනම වැඩක්‌වත් නොමැති බව දන්නෝ පුරවැසියෝම මිස අන්aකවරහු ද? මේ සියල්ල කීමෙන් අප අදහස්‌ කරන්නේ රටේ දේශපාලනඥයන් සියල්ලන්ම පොදු ස්‌ථානවල තණකොළ කපා පෙන්විය යුතුය යන්න නොවේ. දේශපාලනඥයන් තම ඇතැම් අමතර ශෝභන අතහැරීම පමණකින්ම ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි බව කීමය. මහා භයානක ත්‍රස්‌තවාදයක්‌ මුළුමනින්ම අහෝසි කළ රට ශ්‍රී ලංකාවය. ත්‍රස්‌වාදයක්‌ විසින් බිහිකළ ඉතා දීර්ඝ විනාශකාරී සිවිල් යුද්ධයක්‌ අවසන් කළ වහාම විශ්මයජනක වේගයකින් ගොඩනැඟුණු රටද ශ්‍රී ලංකාවය. එහෙත්, එරටේ මිනිසුන් තවමත් කිසියම් අතෘප්තියකින් සිටින්නේ ඒ ඔවුන්ගේ හැටි නිසා නොවේ. ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මහ සටන සමඟ මිනිස්‌සු කන්කෙඳිරි නොගා සියලු දුක්‌ ඉසිලූහ. තම ආර්ථික දුෂ්aකරතාවන්, සමාජීය දුෂ්කරතාවන් ඉහින් කණින් පනින්නට ඉඩනොදී ජාතික අභිමානය යොදවා මර්දනය කරගත්හ. ඉන්පසු එළඹියේ රට ශීඝ්‍ර සංවර්ධනයක්‌ කරා ගමන් කරවීමේ යුගයකි. එහෙත්, අවාසනාවට ඒ සමඟම ඈඳුණු රටෙන් පළිගැනීමේ යුගයක්‌ද විය. මියගිය ත්‍රස්‌තවාදීන්ගේ භූතයන්ගේ, මළ පෙරේතයන්ගේ, කුම්භාණ්‌ඩයන්ගේ සේම උන්ගේ ජීවමාන සියලු මිතුරන්ගේද කුණු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූයේ ඒ සමඟය. ඒ කුමක්‌ වුවත් ඒ හැම මොහොතකදීම ඒවාට එරෙහිව රජය ආරක්‍ෂා කිරීමට නැගීසිටියෝ රටේ ජනතාවම මිස අන්කවරහුද? ජනතාව විසින් රැකගනු ලැබූ රජයක්‌ වශයෙන් ජනතාව දෙස මීට වඩා දයාර්දව බැලීමේ යුතුකමක්‌ රජයකට තිබිය යුතු බව අපගේ වැටහීමය. ඇතැම්විට රජයට ඒ උවමනාව තිබුණේ වුව බොහෝ දේශපාලනඥයන් විසින් අමු අමුවේම "ඒ වැඩේ කන සැටි" නිරතුරුවම දැකගත හැකිය. මිනිසුන් මත බලහත්කාරය පතිත කිරීමෙන්, ඔවුනට අපහාස උපහාස කිරීමෙන්, ඔවුනට වූ පොරොන්දු කඩකිරීමෙන් නොනැවතී දැන් දේශපාලනඥයෝ බොහෝ දෙනා ලොකු - කුඩා භේදයක්‌ නොමැතිව තම ''කුඩා අධිරාජ්‍යවල'' බලයද ප්‍රදර්ශනය කරන්නෝය. පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීම යන ශ්‍රේෂ්ඨ දේශපාලන මූලධර්මය වෙනුවට තම කුඩා අධිරාජ්‍ය පුළුල්a කරගැනීම අරභයා වන සියලුම ක්‍රියාකාරකම්වල යෙදෙන්නෝය. මේ අනුව අද ශ්‍රී ලංකාව යනු දූපතක්‌ නොව විවිධ සහ විෂම කුඩා - කුඩා දේශපාලන අධිරාජ්‍ය මුළුවකි. විපක්‍ෂයේ දේශපාලනඥයකු වුවත්a මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම ගේ තණකොළ කැපීම අප දෙවරක්‌ නොසිතා අගය කරන්නේ ඒ නිසාය. ඔහුගේ එම ක්‍රියාවේ සංකේතීය අර්ථය තේරුම්ගත හැක්‌කෙකුට තණකොළ කපන යන්ත්‍රය තම අතට ගත හැකිය. නොහැක්‌aකෙකුට අනුභවය සඳහා තණකොළ ටික ලබාගත හැකිය.

No comments:

Post a Comment