Pages

Friday, 8 November 2013

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට ''මඩ ප්‍රහාරයක්''--ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව



එහෙත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධයේදී සාමාන්‍ය වැසියන් 140,000 ක් මිය ගිය බව 2012 ජුලි මාසයේ දී වාර්තා කළ ෆ්‍රාන්සිස් හැරිසන්, ඉන් අනතුරුව 2012 දෙසැම්බර් මාසයේදී එය 101,000 දක්වා අඩු කිරීම මගින්ම ඇයගේ වාර්තාවල දෝෂ සහගත භාවය සනාථ කොට ඇති බවයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ.
එමෙන්ම වද බන්ධන සම්බන්ධ නඩු විභාග 15 ක් වත් මේ වන විටත් ශ්‍රී ලංකා අධිකරණයේ විභාග වෙමින් පවතින බව පවසන බ්‍රිගේඩියර්වරයා, සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව මගින් සහතික කොට තිබෙන බවද සඳහන් කළේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එරෙහිව ගෝලීය දෙමළ සංසදය විසින් ගෙන යමින් තිබෙන ප්‍රචාරක ව්‍යාපාරයේම තවත් පියවරක් ලෙසිනුයි හමුදා ප්‍රකාශකවරයා බීබීසී වාර්තාව හඳුන්වා දුන්නේ.
කෙසේ නමුත් බීබීසීය විසින් රැස් කරන ලද සාක්ෂි, එක්සත් ජාතීන් සහ අනෙක් මානව හිමිකම් විසින් රැස් කරන ලද සාක්ෂි සමඟ සසඳා බැලූ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙලේ නීතිවේදිනියක වන කර්ස්ටි බ්‍රිම්ලෝ රාජ නීතිඥවරිය කියා සිටියේ, මෙවැනි සාක්ෂි වැඩිදුර පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කළ යුතු බවයි.

සබැදී පුවත :- 

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යුද්දයෙන් පසුව කාන්තාවන් දුෂණය කරනවා....බි.බි.සි ය කියයි..

www.dinanadakuna.blogspot.com

No comments:

Post a Comment