Thursday, 3 October 2013

කකුල් දෙක මැද සංස්කෘතිය


underwear securityCulture ගැන chat එකක් ගිය weekend එකේ හවස හදිස්සියෙම කණට වැටුනා දියවන්නාවේ “මචං“ එකෙදි.බියර් එකක් අරං ගග අයිනට වෙන්න තියෙන සිමෙන්ති බංකුවක වාඩිවෙලා අරමුණකින් තොරව ඈත දියවන්නාවේ කෙළවර විදුලි බුබුලු දිහා බලාගෙන ඉන්නකොට එහා මේසේ දෙන්නෙක් කථා කරනවා

“අළුත් tv චැනෙල් එකක් යනවා උඹ දැක්කද?“අයියෝ මචං So sad සංස්කෘතිය ඉවරයි“

“ya why not අර දුමින්දගේ එකක්ලු නේද ?“

“ඔව් ඔව් ඒකේ කොල්ලො කෙල්ලන්ට හරියට ඉංග්‍රීසිත් බෑ සිංහලත් බෑ,ඒ මදිවට ඇදුම් බාගෙට හෙලුවෙන් මචං..අයියෝ..එක විකාරයක්“

“ඒක මචං දැන් trend එකක්නේ එක channel එකක අදිනවට වැඩිය කොටට තව channel එකක අදිනවා ඊට වැඩිය පෙන්නලා තව එකක අදිනවා.“

“ඒ කියන්නේ පෙන්නන තරමට තමයි Hit වෙන්නේ“

“yaa මචං සිරාවට“

eon contortionist
දැන් මේ කියන සංස්කෘතිය මොකක්ද?මේ කථාබහ ඇතුලේ තියෙන සංස්කෘතිය නම් කුහක ලිංගික සංස්කෘතියකි.නමුත් ගැටුළුව තිබෙන්නේ ඔවුන් සංස්කෘතිය ලෙස හදුනාගෙන තිබෙන්නේ කුමක්ද යන්නයි.අද බොහෝ දෙනෙක් සංස්කෘතිය ලෙස මුලධර්මවාදී ගෝත්‍රික කියවීමක සිටියි.
සංස්කෘතිය යනු සීගිරි ගල මෙන් ස්ථාවරව පවතින්නක් නොවන බවත් අධි ශීතකරණයක දමා ආරක්ෂා කළ නොහැක්කක් බවත් තේරුම් ගැනීමට මේ මුලධර්මවාදීන් උත්සහ නොගන්නේ උන්ගේ ඊනියා සමාජ වටිනාකම් ආරක්ෂා කර ගැනීමටය.

අද බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන තැනක් හිමිවන බෞද්ධ කොඩිය බුදු සමයේ නිර්මාණය කළ එකක් නොවේ.බුදුන් වහන්සේ බෞද්ධ කොඩියක් හෝ බුදු පිළිම ගැන අනු දැන වදාරා නැත.
නමුත් ඒවා අද බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන අංග බවට පත්ව තිබේ.එසේම අනික් අතට එදා කොළ අතු ඇදි යුගයේ සංස්කෘතිය මේ යැයි කෙනෙකුට වැටහුනේ නම් අද වන තුරුත් අප කොළ අතු ඇදීමට සිදුවනු ඇත.

මෙහි ඇති ප්‍රබලම ගැටළුව වන්නේමේ නරුම වාදීන් ලිංගික කටයුත්තේ පමණක් සංස්කෘතික යැයි කියන වටිනාකම් සෙවීමයි.පාර මාරු වන විට ,පොදු වැසිකිලියක් භාවිත කරන විට , කුණු බැහැර කරන විට සහ මානුෂීය ගණුදෙනු වලදී නොමැති සංස්කෘතික වටිනාකමක් ලිංගික කටයුත්තේදී පමණක් සෙවීම හාස්‍යජනක වන්නේ එබැවිනි.
සංස්කෘතිය අතින් අල්ලා කිසිවකුට නවත්වාගත නොහැක්කක් බවත් එය කාලයට පුද්ගලයාට සහ සිතීම් වලට අනුව සාපේක්ෂ බව මේ නරුමවාදීන් නොදන්නවා සේ සිටිති.ඒ ඔවුන්ගේ සිවිල් වටිනාකම් වල පැවැත්ම සදහාය.සරළව ගතහොත් ඔවුන් බඩවියත රැකගන්නේ මේ සත්‍ය වසන් කිරීමෙනි.

No comments:

Post a Comment