Thursday, 3 October 2013

අගමැති පුතාට මහ ඇමතිකම ඉල්ලා උද්ඝෝෂණ

මධ්‍යම පළාත් මහ ඇමතිවරයා ලෙස හිටපු මහ ඇමති සරත් ඒකනායක මහතා පත් කිරීමට එරෙහිව මහනුවර නගරයේ ඊයේ පස්වරුවේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විනි.

අග‍්‍රාමත්‍ය පුත් අනුරාධ ජයරත්න මහතාගේ ආධාරකරුවන් විසින් පැවැත්වූ මෙම විරෝධතාවයේදී ඔවුන් කියා සිටියේ වැඩිම මනාප ගත් අයට පළාත් මහ ඇමති ධුරය හිමි විය යුතු බවයි.


විරෝධතාවය හේතුවෙන් මහනුවර දළදා වීදිය ඇතුළු මාර්ග කිහිපයක වාහන තදබදයක් පැවති අතර උද්ඝෝෂකයන් පසුව විසිර ගියහ.

අගමැති දි.මු. ජයරත්න මහතා විසින්ද පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වැඩිම මනාප ලබා ගත් අපේක්‍ෂකයාට මහ ඇමති ධුරය ලබා දීමේ සන්ධාන ප‍්‍රතිපත්තිය මෙවරද ක‍්‍රියාත්මක විය යුතු බවත් උවේ මහ ඇමති ධුරය ශෂීන්ද්‍ර රාජපක්‍ෂට දැරිය හැකි නම් මධ්‍යම මහ ඇමති ධුරය තම පුතුටද දැරිය හැකි බවයි

No comments:

Post a Comment