Wednesday, 2 October 2013

සජිත් පේ‍්‍රමදාස,වජිර අබේවර්ධන දකුණු පළාත් සභාවට


Vajira sajith 410px 02-10-1දකුණු පළාත් සභා මහ ඇමැතිධූර අපේක්‍ෂකත්වයට  හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ විජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ගාල්ල දිස්ති‍්‍රක් කණ්ඩායම් නායකයා ලෙස එම මැතිවරණයට ඉදිරිපත් වී ඔහුටත් පක්‍ෂයටත් ශක්තිය ලබාදීමට ගාල්ල දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්‍ෂ සංවිධානයේ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා තීරණය කර තිබේ.
සජිත් පේ‍්‍රමදාස මහතා දකුණු පළාත් සබා මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස එම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය 1993 දී දකුණු පළාත් සභාව ජයග‍්‍රහණය කරමින් ආණ්ඩු බලය ලබා ගත්තාසේම, එක්සත් ජාතික  පක්‍ෂයටද එම දකුණු පළාත් සභා මැතිවරණ ජයග‍්‍රහණ ඔස්සේ රටේ ආණ්ඩු බලය ගැනීමට හැකියාවක් තිබෙන බව වජිර අබේවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ විජයග‍්‍රහණය ගැන සිතා සජිත් පේ‍්‍රමදාස මහතා එම පරිත්‍යාගය කරන්නේ නම් තමාද ඔහුට ශක්තියක් ලබා දෙමින්,  ඔහුගේ විජයග‍්‍රහණය සඳහා ගාල්ල දිස්ති‍්‍රක් කණ්ඩායම් නායකයා ලෙස පළාත් සභාවට ඉදිරිපත් වන බව ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් පිරිසක් සමග, නගර සභා කන්ඩායම් සංවිධායක දිපිල් නිශාන්ත මහතාගේ නිවසේදී ඊයේ (01) රාති‍්‍රයේ පැවති සාකච්ජාවකදී වජිර අබේවර්ධන මහතා එහිසිටි  සියලූ දෙනාට දැනුම් දී තිබේ.

දකුණු පළාත් මහ ඇමැතිධූරයට පත්ව රටේ නායකත්වයට පත්වීමේ හැකියාව සහ ඉඩකඩ එක්සත් ජාතික පක්‍ෂයේ තිබෙන බව එහිදී පෙන්වා දී තිබෙන වජිර අබේවර්ධන මහතා, රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජතික පක්‍ෂ නායකත්වයේ සිටීම ඊට රුකුළක් විනා බාධාවක් නොවන බවද සඳහන් කර තිබේ.

No comments:

Post a Comment