Friday 8 November 2013

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යුද්දයෙන් පසුව කාන්තාවන් දුෂණය කරනවා....බි.බි.සි ය කියයි..

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භාරයේ පවතින රැඳවුම් කඳවුරුවලදී මේ වසර ඇතුලත පවා කාන්තාවන් සහ පුරුෂයන් ලිංගික දූෂණයට ලක් වී තිබෙන බව බීබීසී ලෝක සේවයේ Our World වැඩසටහන මගින් කරන ලද ගවේෂණයකදී හෙළි වී තිබේ.
එසේ දූෂණයට සහ වද බන්ධනවලට ලක් වූ කාන්තාවන් සහ පුරුෂයන් දොළොස් දෙනකු තමන්ට හමුවූ බව බවයි බීබීසී ය වෙනුවෙන් ගවේෂණයේ යෙදුනු බීබීසී යේ කොළඹ වාර්තාකාරිය ෆ්‍රාන්සිස් හැරිසන් පවසයි.
බ්‍රිතාන්‍යයේදී වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කරනු ලැබීමෙන් අනතුරුව වෛද්‍ය විශේෂඥයන් විසින් නිකුත් කරන ලද වෛද්‍ය වාර්තා ඒ අතරින් බහුතරයක් අත තිබෙන බවද වාර්තාවේ සඳහන්.
Torture
'ප්‍රශ්ණ කරන්න කියල අරගෙන ගිහිල්ල, උන් මගේ වෘෂණ කෝෂ ලාච්චුවකට දාල තැලුව'
නන්දනී ඒ දොළොස් දෙනා අතර සිටින එක් දෙමළ තරුණියක්. මේ වසරේ මුල භාගයේදී සිය නිවසට පැමිණි කණ්ඩායමක් තමන් බලහත්කාරයෙන් පැහැර ගනු ලැබූ බවයි, ඇය පවසන්නේ.
"පස් දෙනෙක්, හය දෙනෙක් විතර ඇවිල්ල මම කොහේද කියල ඇහුව. අම්ම එයාලට ගෙදරට එන්න දුන්නේ නෑ. එතකොට ඔවුන් අම්මව තල්ලු කරලා දාල, මගේ අත පය බැඳලා වෑන් එකකට දාගත්ත," යනුවෙන් ඇය කියා සිටියාය.
"පැය පහක් විතර වෑන් එකේ ගිහිල්ල උන් මාව කාමරේකට දාල එදා රෑ ඉඳලම එකා පස්සේ එකා මාව දූෂණය කළා. එයාල හමුදා ඇඳුම් ඇඳගෙන හිටියේ."

'ලිංගේන්ද්‍රියේ පිළිස්සුම් තුවාල'

නන්දනීගේ ලිංගේන්ද්‍රිය ඇතුළු ශරීරය පුරාම දුම්වැටි වලින් පිළිස්සුම් ලකුණු තිහකට අධික ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයේදී නන්දනී පරීක්ෂා කළ වෛද්‍යවරියට දැක ගන්නට ලැබුන බවත් වාර්තාවේ සඳහන්.
රවි, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් වද බන්ධනයට ලක් කරන ලද බව පවසන තවත් තරුණයෙක්.

"මාව රඳවාගෙන හිටපු හැම තැනකදීම මට වද දුන්න. ප්‍රශ්ණ කරන්න කියල අරගෙන ගිහිල්ල, උන් මගේ වෘෂණ කෝෂ ලාච්චුවකට දාල තැලුව. සමහර වෙලාවට මට සිහිය නැතිවුනා. එතකොට උන් කාව හරි අර ගෙන ඇවිල්ල මාව දූෂණය කළා," ඔහු පවසන්නේය.
රඳවා ගෙන ප්‍රශ්න කරන අතරවාරයේ වද බන්ධනවලට ලක් කරන ලද තවත් හය දෙනකුවත් තමන්ට බ්‍රිතාන්‍යයේදී හමු වුන බව ගවේෂණයේ යෙදුන ෆ්‍රාන්සිස් හැරිසන් ප්‍රකාශ කරයි.

ඔවුන් රැඳවුම් කඳවුරුවල සිටි බවට ලිඛිත සාක්ෂිද එයින් සිවු දෙනකු අත තිබූ බවත් ඇය සඳහන් කරයි.

1 comment: