Monday, 1 July 2013

මහනුවර පස් නිවුන්නුන්ගෙන් එක් දරුවෙක් මරුට දරුවන් හදා ගන්න මව්පියෝ උපකාර පතයි

පසුගියදා මහනුවර මහ රෝහලේ දී උපත ලද පස්නිවුන් දරුවන් අතරින් එක් දරුවකු ඊයේ (1) මියගොස් ඇත. පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මේ දරුවා මියගොස් තිබේ. පිරිමි දරුවකු වන මේ දරුවාගේ අවසන් කටයුතු මඩවල ජුම්මා පල්ලියේදී ඊයේ පස්වරුවෙම සිදු කර ඇත.
මේ වන විට දරුවන් තිදෙනෙකු මහනුවර මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේද එක් දරුවෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ද ප්‍රතිකාර ලබමින් සිටිති. සිය දරුවන් ඇතිදැඩි කරන්නට රජයේ හෝ වෙනත් ආයතනයක සහය ලබා දෙන්නේනම් එය විශාල උපකාරයක් බව දරුවන්ගේ මව සහ පියා ඉල්ලා සිටිති.

No comments:

Post a Comment