Tuesday, 23 July 2013

1983 ජූලි කලබලය 03

මේ පසුබිම මැද පොලිසියට ගල් ප්‍රහාරයක්‌ ද එල්ල විය. ගපූර් පොලිස්‌ නිලධාරියාගේ නළලට ද ගල් පහරක්‌ වැදී ලේ ගලා ගියේය. මෙදින උදේ කොළඹ බණ්‌ඩාරනායක සමරුහලේදී සෝනි සමාගමේ සම්මන්ත්‍රණයක්‌ පැවැත්විණි. උදේ 9.30 ට ආරම්භ වූ එම සමුළුව විගස කල් දමනු ලැබූ බව ප්‍රකාශ විය. එA සමගම පිටකොටුවේ මල්වත්ත පාරේ සෝනි ගොඩනැඟිල්ල ගිනි ගන්නා බව වාර්තා විය. බණ්‌ඩාරනායක සමරුහලේ සිට මහමගට පැමිණි අපට දැකගත හැකි වූයේ කඩු පොලු රැගත් ත්‍රිරෝද රථවලින් කෑගසමින් යන පිරිස්‌ය. 

සෙබළුන් 13 ක්‌ ඝාතනය කිරීමේ සිද්ධිය විශාල කලබලයක්‌ බවට පත්වූයේ මොහොතකිනි. ඉතා සුළු වේලාවක්‌ තුළ බොරැල්ලේ මැගසින් ගොඩනැඟිල්ල ගිනි ජාලාවකින් වෙලී ගියේය. කලහකාරීහු දේශප්‍රේමී වෙස්‌ ගෙන ද්‍රවිඩ කඩසාප්පුවලට ද ප්‍රහාර එල්ල කළහ. පොලිසිය හා හමුදාව විනාශකාරී ක්‍රියා සිදු වන තෙක්‌ බලා සිටියේය. ජයවර්ධන පාලනය ද කඩිනමින් පියවර ගත්තේ නැත.

මෙරට ඓතිහාසික වස්‌තුවක්‌ වූ හැඳල විජය චිත්‍රාගාරයට ද ගිනි තබනු ලැබිණ. විජය චිත්‍රාගාරයේ තිබුණේ මෙරට පැරැණි චිත්‍රපටවල පිටපත්ය. 

මාලිගාවත්ත ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරීන් ද සැන්ට්‌ ඇන්තනීස්‌ ආයතනය හා වෙනත් කඩසාප්පු කොල්ලකෑමේ යෙදුණි. ඇතැමුන් ටැටූන් වර්ගයේ විශාල රූපවාහිනි යන්ත්‍ර හිස මත තබාගෙන දිව යන අයුරු අපට දැකගත හැකි විය.

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ වෙන්කට්‌ද කළුබෝවිලදී රථය තුළම දවා ගිනිබත් කරනු ලැබිණි. පැය 48 කට පසු රජය ක්‍රියාත්මක විය. කොල්ලකෑ බඩු මහපාර අසලට ගෙනවිත් තබන්නැයි රජය නියෝග කළේය. මේ අතර ඡේ. ආර්. ජයවර්ධන කැකිල්ලේ තීන්දුවක්‌ දුන්නේය. එA කලබලකාරී තත්ත්වයට වගකිවයුත්තන් ලෙස ජනතා විමුක්‌ති පෙරමුණ සහ වාමාංශික පක්‍ෂ නම් කිරීමයි.

මෙම විනාශකාරී තත්ත්වය දියත් කරනු ලැබුවේ ජයවර්ධන පාලනයට සම්බන්ධ වූවන්ය. එවකට ඇමැතිවරයකු වූ සිරිල් මැතිව්ට ද චෝදනා එල්ල විය.

1983 ජුලි 23 දා සෙබළුන් 13 ක්‌ කොටි මිනීමරුවන් විසින් ඝාතනය කිරීම නිසා ඇතිවූ කලබලය කළු ජූලිය ලෙස රාජ්‍ය නොවන සංවිධාන විසින් නම් කෙරිණි.

කොටි සංවිධානය බලාපොරොත්තු වූයේ ද මෙවන් තත්ත්වයකි. මැරයන්, කලහකාරීන් හා රජයට සම්බන්ධ පිරිස්‌ ඇති කළ ජුලි කලබලයෙන් 400 කට අධික ද්‍රවිඩයන් මියගිය බව වාර්තා විය. එහෙත් රාජ්‍ය නොවන සංවිධාන විසින් වසරක්‌ පාසා මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව වැඩි කිරීමේ යෙදී සිටී.

මෙහිදී ඝාතනය වූයේ කොටි නොව මහ පාරේ මුල්ලක සිටි ද්‍රවිඩ සපත්තු මහන්නන්, බෝතල් පත්තර එකතු කරන්නන් ඇතුළු ද්‍රවිඩයන්ය. එදා සිදු කළ එකී විනාශකාරී ක්‍රියාව නිසා කැනඩාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ස්‌වීඩනය, නෝර්වේ ඇතුළු රටවල් රැසකට යැම සඳහා මෙරට ද්‍රවිඩයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හැකි විය.

මෙම කලබලකාරී සමයේ රුපියල් කෝටි ගණනක දේපළ විනාශ විය. ධනවත් ද්‍රවිඩ ව්‍යාපාරිකයන් නම් රක්‍ෂණ හිමිකම් ලබාගනු ලැබිණ. ඇතැම් සිංහල ජනතාව ද අසරණභාවයට පත්වූ ද්‍රවිඩ පවුල්වලට රැකවරණය දුන්හ.

ජුලි කලබලය ඇති කිරීම සඳහා සෙබළුන්ව ඝාතනය කළ සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්‌ටු යුද අවි ගෙන ආ අහට්‌ නමැති කොටි නැවේදී බෝම්බයක්‌ පුපුරවාගෙන සිය දිවි නසාගනු ලැබීය. එA ඉන්දීය හමුදාව එම නැව වටකර යටත් වන ලෙස නියෝග කළ අවස්‌ථාවේයි. එකී ඡායාරූප කලකට පසු විදේශ පුවත්පත්වලද විකාශනය විය.

පසුගිය වසර කීපය තුළදී ජුලි කලබලයේ අතීතය ගැන විදෙස්‌ පුවත්පත්වල පළවූ වාර්තා වලට 1971 සහ 1988 කැරලි සමයේ ඝාතනය වූවන්ගේ ඡායාරූප සහ කොටි ප්‍රහාරවලින් මියගිය අයගේ ඡායාරූපද යොදාගෙන තිබිණි.

මේ වාතාවරණය මැද 1984 සිට 2004 දක්‌වාම ප්‍රභාකරන් ජුලි කලබලය ලොවපුරා විද්‍යාමාන කරමින් ඩොලර් මිලියන ගණනක්‌ ලබාගත්තේය.

ඔහුට සමගාමීව කොළඹ රාජ්‍ය නොවන සංවිධානද ජුලි කබලයට කළු ජූලියයි නම්කරමින් විදේශ අරමුදල් ලබාගැනීමට ක්‍රියාකරනු ලැබීය. එහෙත් මෙවන් කලබලකාරි තත්ත්වයක්‌ ඇතිකිරීමට දායකවූ ප්‍රභාකරන් මිනිමරුවා කෙරේ කිසිවකු විරෝධය දැක්‌වූයේ නැත. අද රාජ්‍ය නොවන සංවිධාන ජුලි කලබලය තවදුරටත් විකුණාගෙන කෑමේ යෙදි සිටි ඒ මියගිය අහිංසක ද්‍රවිඩයන් වෙනුවෙන් නොව තම වාසිය උදෙසායි.

කීර්ති වර්ණකුලසූරිය

No comments:

Post a Comment