Thursday, 11 July 2013

නාම යෝජනා භාර ගැනීම 25 සිට

Print
Mahinda D 410pxඋතුර, වයඹ හා මධ්‍යම පළාත් සභා මැවරණය සදහා නාම යෝජනා භාර ගැනීම මේ මස 25 වැනිදා සිට අගොස්තු 1 වැනිදා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පැවසිය.
නාමයෝජනා පත්‍ර හා භාරගැනීම එම පළාත් තුනේ දිස්‌ත්‍රික්‌ තේරීම් භාර නිලධාරී කාර්යාලවලදී සිදුකිරීමට නියමිතය.
ඊට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවා තිබේ.
ස්වාධීන කණ්ඩායම්වලට ඇප තැන්පත් කිරීම සඳහා ලබා දී ඇති කාලය මේ මස 31 වැනිදා මධ්‍යහ්න 12 න් අවසන් වන අතර, නාමයෝජනා කාලසීමාව අගෝස්තු මස පළමුවැනිදා මධ්‍යහ්න 12 න් අවසන් වනු ඇත. ඉන් අනතුරුව පැයක කාලයක් විරෝධතා ගොනු කිරීම සඳහා අවස්ථාව හිමිවේ.

No comments:

Post a Comment