Wednesday, 10 July 2013

දින 7 කින් මුම්බායට ගහනවා:බුද්ධගයා ප‍්‍රහාරයේ ත්‍රස්ත කණ්ඩායම කියයි

ඉන්දියාවේම මුම්බායි නගරයට තම ඊලඟ ප‍්‍රහාරය සිදුකරන බව බුද්ධගයා ප‍්‍රහාරය එල්ල කළ ඉන්දිය මුජහදීන් සංවිධානය ට්විටර් සමාජ වෙබ් අඩවිය හරහා පණිවිඩයක් යොමු කරමින් පවසා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තමන්ගේ මීළඟ ප්‍රහාරයට ඇත්තේ දින 7 ක් පමණක් වන අතර හැකි නම් එය වළක්වන ලෙස ඉන්දීය මුජහිදීන් සංවිධානය අවධාරණය කර ඇති බවය. මියන්මාර ජාතික භික්‍ෂුන් වහන්සේනමක් සහ තවත් පුද්ගලයෙකු තුවාල සිදුකරමින් ඉකුත් 07 වැනිදා අළුයම 5.15ට පමණ බිහාර් ප‍්‍රාන්තයේ පිහිටි බුද්ධගයා මහබෝධි විහාරස්ථානය ආශ‍්‍රීතව පිපිරීම් මාලාව සිදුකොට තිබුණේ ඉන්දිය මුජහදීන් නමැති ත‍්‍රස්ත සංවිධානය විසිනි. අදාල ප‍්‍රහාරය ඔවුන් විසින් සිදුකරන ලද්දක් බව ඉන්දිය මුජහදීන් සංවිධානයද පිලිගෙන තිබේ.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේවෙතත් ඉන්දීය මුජහදීන් සංවිධානයේ නවතම අනතුරු ඇගවීම පිළිබඳ ඉන්දිය ආරක්‍ෂක අංශ මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නැත.

No comments:

Post a Comment