Wednesday, 10 July 2013

බන්ධනාගාරයේ සිට කප්පම්ගන්නා කල්ලියක්

මිනිස් ඝාතන සහ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබමින් වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැුදවියන් පිරිසක් විසින් කොළඹ කෝටිපති  මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන්ට දුරකථන මගින් තර්ජනය කර ජංගම දුරකථන ඔස්සේ කප්පම් මුදල් ලබා ගන්නා ජාවාරමක් ගැන කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්‍ෂණ ආරම්භකර තිබේ.

එ් සම්බන්ධයෙන් ගාල්ල උඩුගම පදිංචි දහසය හැවරදි තරුණියක්ව සැකපිට කොළඹ අපරාධ කොට්ටාශය මගින් 09 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.
ජංගම දුරකථනයට ලද අහඹු ඇමතුමක් ඔස්සේ ඇය බන්ධනාගාරගත රැුදවියෙක් සමග මෙයට මාස හත අටකට පෙර හිතවත් කමක් ගොඩ නගාගෙන ඇති බවත් ඇය විසින් තමන්ගේ මිය ගිය මිත්තනියගේ නමින් ලබාගත් ජංගම දුරකථන සම්බන්ධයකට කප්පම් මුදල් ලැබෙන බවත් විමර්ශන වලින් අනාවරඛය වී තිබේ. ජංගම දුරකථනයට ලැබෙන මුදලින් ඇයට කොටසක් හිමිවන බවත් රැුදවියන් විසින් ලබාදෙන බැංකු ගිණුම් කිහිපයකට ඇය ඉතිරි මුදල් බැරකරන බවත් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කර ඇති විමර්ශන වලින් අනාවරණය වී ඇත.
පිට කොටුවේ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර දරුවන්ට අනතුරක් කරන බව පවසමින් රුපියල් කෝටි පහක මුදලක් ඉල්ලා සිටීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකෙ අනුව විමර්ශන පැවැත්වූ බවත් බන්ධනාගාර ගත රැුදවියන් පිරිසක් විසින් එම කප්පම ඉල්ලා ඇති බව එහිදී අනාවරණය වූ බව උසස් පොලිස් නිලදාරියෙක් සදහන් කළේය.
මෙම කල්ලිය දිගින් දිගටම ව්‍යාපාරිකයන් බිය වද්දමින් ලක්‍ෂ ගණිනින් කප්පම් ගෙන ඇතත් එ් ගැන පැමිණිලි කිසිවක් නැති බවද එම නිලධාරීයා සදහන් කළේය.
බන්ධනාගාරගත කණ්ඩායම මේ සදහා සිමි කාඞ්පත් 20 ක් යොදා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.

No comments:

Post a Comment