ටෙලි නාට්‍ය කලාව මේ තරම් ජුගුප්සාජනක තත්ත්වයකට ඇද වැටුණෙ ඇයි? ඊට වගකිව යුත්තෝ කවුරුද?
ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රය මේ තරම් පිළිකුල් සහගත පරිසරයක් බවට පත් වී ඇත්තේ ලිංගික අරමුණු මුලික කොටගෙන මේ කර්මාන්තයට ඇතුළු වන ඇතැම් අශිලාචාර නිෂ්පාදකවරුන් නිසයි. එමෙන්ම ඊට රුකුල් දෙන අන්දමේ තරුණියන් පිරිසක් ද අද වන විට බිහි වී සිටිනවා. මෙසේ කියන්නේ ‘පබා ’ පබළු ’ අමා ආදි ජනප‍්‍රිය ටෙලි නාට්‍ය රැුසක් නිර්මාණය කළ අධ්‍යක්‍ෂ ශාන්ත සොයිසාය.
ශාන්තගේ හෙළිදරව්වට අනුව බොහෝ අලූත් තරුණියන් ටෙලි නාට්‍ය තුළට රිංගා ගන්නට ඕනෑම කැපකිරීමක් කරන්නේ නම හදා ගන්නටය. ඔවුන්ට නිළියක් ලෙස ස්ථාවර වී ඒ ඔස්සේ ගමනක් යන්නට වුවමනා නැත. ඔවුන්ට අවශ්‍ය යන්තම් නිලිකම රැගෙන ඉක්මනින් මුදල් හම්බ කළ හැකි ගණිකා වෘත්තීයට ඇතුළු වීමටයි. තම ගැණුම්කරුවාට නිලිකම පෙන්වා වැඩි මුදලක් ලබා ගැනීමටය.
මෙහෙම අය තමයි ඔය පොලිසියට වැඩිපුර කොටුවෙන්නේ..... ශාන්ත සඳහන් කරයි.
සාමාන්‍යයෙන් මුදල් තිබෙන ඕනෑම සල්ලාලයෙකු ලෙහෙසියෙන් තරුණියන්ගේ පහස ලබා ගැනීම සඳහා යොමුවන ක්‍ෂේත‍්‍රයක් බවට ද ටෙලි නාට්‍ය කර්මාන්තය පත්ව ඇත.
(සියළුම නිෂ්පාදකවරුන් එසේ යයි අපි නොකියමු)
මේ සමහරුන් කරන ටෙලි නාට්‍යයක් නැත. බොහෝ විට සැලසුම් කරන්නේ ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙල පමණි. අවසානයේදී තේරාගත් ආධුනික හෝ ජනප‍්‍රිය නිළිය සමඟ ටෙලි නාට්‍යයේ දර්ශන රූප ගත කිරීමට සුදුසු ඉසව් බලන්නට යැයි කියා පියඹා යන්නේ ජයග‍්‍රාහි කාමුක මනසකින් යුතුවයි.
‘ලොකේෂන් බලන්න, ඒ කියන්නේ ටෙලි නාට්‍යය රූපගත කරන ඉසව් තෝරා ගන්න සාමාන්‍යයෙන් නළු නිළියන් එක්ක යන්නේ නැහැ. අධ්‍යක්‍ෂවරයා, කැමරා අධ්‍යක්‍ෂවරය,තිර රචකයා වගේ අය තමයි සාමානයෙන් යන්නේ. නමුත් මෙතනදී සිද්ධ වෙන්නේ මොක්ද්ද කියලා ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැ. මෙන්න මේ වගේ සල්ලාලයන් පිරිසක් අද ක්‍ෂේත‍්‍රයට එකතු වී සිටිනවා. ප‍්‍රවීණ රංගන ශිල්පී, චිත‍්‍රපට අධ්‍යක්‍ෂ රෝයි ද සිල්වා අපිට මේ තුල ඇති තවත් පැත්තක් ගැන හෙළි කළේය.
රෝයි ද සිල්වා මහතා පවසන ආකාරයට අද බොහෝ තරුණ කෙල්ලන්ට වුවමනා වී ඇත්තේ එක රැයකින් ජනප‍්‍රිය විමටය. මේ ක්‍ෂණික ජනප‍්‍රියත්වය පතා ඔවුන් ඕනෑම දෙයක් කැප කිරීමට සුදානම්ය. මිට මුළිකව හේතු වි ඇත්තේ නිලියක් වු සැණින් ලබා ගත හැකි වරප‍්‍රසාදය. වත්මන් දේශපාලන භුමියේ සිට පහලට ඒ වරප‍්‍රසාද භුක්ති විදිය හැකිය යන විශ්වාසය අලූත හැදෙන අංකුර නිළියන් හා නිළියන් වන්නට සිහින මවන්නියන් තුළ හොඳින් රෝපණය වී ඇත.
බොහෝ තරුණ ගැහැණු දරුවන් අලූත් ටෙලි නාට්‍ය සඳහා සහභාගී වන්නට පැමිණෙන්නේ සිය මව හෝ වෙනත් භාරකරුවෙකු, භාරකාරියක සමඟය. එහෙත් සුක්‍ෂම ලෙස කටයුතු කරන ඇතැම් නිෂ්පාදක මහත්වරුන් හා අධ්‍යක්‍ෂකවරුන් මේ ප‍්‍රියමනාප ගැහැණු දරුවන්ට වරදට පොළඹවා ගන්නේ මවගේ එසේත් නැතිනම් භාරකාරියගේ පවා ඇස් වලට වැලි ගසමිනි. මේ පිලිබඳව තොරතුරු විමසද්දි ප‍්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ නාලන් මෙන්දිස් මහතා මෙසේ කිවේය.
‘මේ තත්ත්වය කලාව තුළ පමණක් නෙමෙයි වෙනත් ක්‍ෂේත‍්‍රවලත් තිබෙනවා. නමුත් කලා ක්‍ෂේත‍්‍රය ජනප‍්‍රිය ක්‍ෂේත‍්‍රයක් නිසා මේ සම්බන්ධ තොරතුරු ගලා එනවා වැඩියි ඔහු කිවේය. වෙනත් ක්‍ෂේත‍්‍රවල කාන්තාවන්ට නිලියන්ට තරම් ඉල්ලූමක් නැත. සියල්ලන්ම ගැහැණුන් වුවත් නිලිකම අප කතා කරන කාන්තාවන්ට විශේෂ ආභරණයක් වී ඇත. එමෙන්ම ඔවුන්ට ගැනුම්කරුවන්ගෙන් ද ඉතා හොඳ ඉල්ලූමක් ඇත. වෙනත් ක්‍ෂේත‍්‍රවල අයට එවැනි ඉල්ලූමක් නැත. එය සෑබෑ යථාර්ථයයි.
කලා ක්‍ෂේත‍්‍රය තුළ සුක්‍ෂම ලෙස කටයුතු කරන කපටි කෛරාටිකයෝ බහුලව වෙසෙති. ඔවුන්ගේ වදන අතිශයින් සුන්දරය. බෙහෙවින් අවංකය. එහෙත් යටි සිතේ ඇත්තේ තම සිතැඟි ඉටු කර ගැනීමේ සරාගි චේතනාවන්ය.
බොහොම සුන්දර ලෝක මවලා ගෑණු ලමයින් රවට්ට ගන්න දක්ෂ පිරිස් දැන් දැන් අපේ ක්‍ෂේත‍්‍රයට එකතු වී තිබෙනවා වැඩියි. ඔවුන්ගේ ව්‍යාජ බස්වලට තරුණ ළමයි රැවටෙනවා. ඒක ඇත්තක්. මම හිතන්නේ මෙහෙම වෙන්නේ සමාජය ගැන ඔවුන් සතුව අවබෝධයක් නැතිකම නිසයි. මේ නිසා ඔවුන් කපටි පුද්ගලයන්ට හසුවෙනවා. ඉන් පස්සේ ඕනෑම දෙයක් පුජා කරන මට්ටමට ඔවුන් පත්වෙනවා.
ශ‍්‍රියානි අමරසේන ප‍්‍රවීණ රංගන ශිල්පිිනිය පවසන්නේ ක්‍ෂේත‍්‍රයේ සැවෝම අශිලාචාර අශිෂ්ඨ පුද්ගලයන් නොවුණත් වැඩි වශයෙන් එවැන්නන්ගේ සම්ප‍්‍රාප්තියක් දැන් දකින්නට ලැබෙන බවයි.
ඕනෑම ක්‍ෂේත‍්‍රයක පුද්ගලයකු විශිෂ්ඨත්වයට පත්වන්නේ විෂය පිළිබඳ පවතින දැනුම හා අවබෝධය මතය. එසේ නොවුණවුත් දුබලයෝය. දුබලයන් නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ කුමන ක‍්‍රමයකින් හෝ තමන්ගේ පැවැත්ම රැකගැනීමටය.
අද රංගන ක්‍ෂේත‍්‍රයට අවතීර්ණ වී ඉන්න බොහෝ අයට අදාළ විෂය පිළිබඳ දැනුමක් නැහැ. ටෙලි නාට්‍යවල රඟපාන විදිහ දැක්කම අපට ඔවුන් ගැන දුක හිතෙනවා. මේ තත්ත්වය තුළ ඔවුන්ට අනාගතයක් නැහැ. ඉතිං මොකක් හෝ ක‍්‍රමයකින් යැපෙනවා හැරුණු කොට වෙනත් යැපෙනවා හැරුණු කොට වෙනත් විකල්පයක් ඔවුන්ට නැහැ. අද බොහෝ විට මේ ක්‍ෂේත‍්‍රය තුළ ලිංගික ගොඳුරු බවට පත්වන්නේ මේ වගේ අයයි. මෙසේ කියන්නේ ප‍්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු වු පරාක‍්‍රම නිරිඇල්ලය.
බොහෝ විට මේ විදිහට එන අලූත් නිලියක් එන්නේ ගම්වලින් ඔවුන්ට අත්දැකිම් නැහැ. වටපිටාව ගැන අවබෝධයක් නැහැ. හිතේ තියෙන්නේ ජනප‍්‍රිය නිළියක් වෙන එක විතරයි.
කෙසේ හෝ වේවා අද තිබෙන ටෙලිනාට්‍ය කර්මාන්තය තුළ නිලියන් බෝවීම වැඩිය. ව්‍යාජ නිෂ්පාදකයන් හා අධ්‍යක්‍ෂවරුන් බිහි වීම ද එසේමය. ඔවුන් වටා රොක්වන තරුණ ගැහැණු ළමයින් අවසානයේදී නතර වෙන්නේ අසභ්‍ය විඩියෝ ජවනිකා තුලය. එසේත් නැතිනම් අර අධ්‍යක්‍ෂ, නිෂ්පාදකවරුන්ගේ ජංගම දුරකතන තුළ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූප ලෙසය. කපටි කෛරාටික නිෂ්පාදක අධ්‍යක්‍ෂවරුන් ලබා ගන්නා මේ අසැබ් ඡායාරූප හා විඩියෝ ජවනිකාවලට තරුණියන් නම්මවා ගන්නේ ද අපුරු ආකාරයටය. ඒ පිළිබඳව අපි සොයා බැලූවෙමු. ඔයාගේ ලස්සන පින්තුර ටිකක් ගන්න ඕන. විඩියෝ කරලා බලන්න ඕන ඔයා ෆොටෝ ජෙනික් ද කියලා දවසක එන්නකෝ.... මෙසේ දැඩි හික්මීමකින් යුතුව අවශ්‍ය පණිවුඩය ලබා දෙන කපටි නිර්මාණකරුවා අවසානයේදී අදාළ ගැහැණු ළමයාගේ ඇඳුම් අදියරින් අදියර ඉවත් කරන්නේ ඇය සුරංගනා ලෝකයේ අතරමං කිරීමේන් පසුවය. ඉන් පසුව ටෙලි නාට්‍ය නිළියක් වන්නට ආ සුරූපිනියට බොහෝ විට සිදු වන්නේ අතින් අත මාරු වී යාමටය. ඒ වන විට ඇය ටෙලි නාට්‍ය නිලීයක් වී තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන.
මෙවැනි සිදුවීම් අහඹු ලෙස සිදුවන දේ නොවේ. ඒ සඳහාම සුදානම් වී සිටින පුද්ගලයන්ගේ සංවිධානාත්මක ක‍්‍රියාදාමයන් ද ඊට ඍජුව බලපායි. අනික් අතට හැම සල්ලාලයෙකුම තරුණියන් ගොදුරු කරගන්නේ මේ ආකාරයටම නොවේ. මේ අධ්‍යක්‍ෂ/ නිෂ්පාදක ‘මහත්වරුන්’ විවිධාකාර තිර පිටපත් ඒ වෙනුවෙන් සකස් කරන බැවිනි. ඒ තිර පිටපත් ඔවුන් ප‍්‍රසිද්ධියේ කරන නිර්මාණවලට වඩා විශිෂ්ටයි. ඒවාට හසුනොවි සිටිය හැක්කේ හිසත් නඳත් තරමටම මොළයක් ද ඇත්නම් පමණි.
No comments:
Post a Comment