ධනවාදී ආර්ථික-ක්‍රමය ( හුවමාරු වටිනාකම් වලින් සියල්ල අර්ථවිනිශ්චය වීම) සමාජයේ සහ පුද්ගලයාගේ සංස්කෘතික ජීවිතය තුළට ඇති තරම් ඇතුළු වීම. මේ ක්‍රියාවලිය නිසා ආර්ථිකය සහ සංස්කෘතිය අතර බෙදුම අහෝසි වෙලා තියෙනවා. සංස්කෘතියට මෙතෙක් පැවති සංකල්පීයභාවය අහිමි වෙලා එය හුවමාරු වටිනාකමක් වෙලා තියෙනවා. මේ ක්‍රියාවලිය සිදු වන්නේ කෙසේද යන්න ගැන ප්‍රවාද ගොඩ නැංවීමට තමයි අපි කියන්නේ පශ්චාත්-නූතනවාදය කියලා.
පහත සබැදියාව හරහා ඔබට පුලුවන් මහාචාර්ය නදීෂා හේමමාලි දවස ගත කරන හැටි දැක ගන්න. ඇගේ ජීවිතයේ සංස්කෘතික තර්කණයක් හැටියට ගත්තම එය ආර්ථික සන්දර්භයක්. ඇයව ආවරණය කරන මාධ්‍යකරුවා සමකාලීන වසගකාරී පශ්චාත්-නූතන කසළ ගොඩක්. ඔහුම එය අපට කියනවා. ඇය කුමන ස්ත්‍රියක් ද? පිරිමන් ගේ බෙල්ලට දම්වැල් දමා ඇති ඇය සත්රීවාදිනියක් ද? ඇගේ පීඩිතභාවය ( ලිංගය) ලංකාව නම් දූපත තුළ වටහා ගත හැකිද? සල්මන් ඛාන් යේල් විශ්ව විද්‍යාලයේ දේශණ කරන යුගයක නදීෂා හේමමාලි නූතන නව ලිබරල්වාදයේ සංකේතයක් වන අයුරු වටහා ගමුද? සිංහල බෟද්ධ මූලධාර්මිකයන්ට ඇයව නොපෙනීම අහම්බයක් ද? ඇගේ ජීවිතයට කලුපාට පැත්තක් නැත. ඇගේ ජීවිතයම කලු පැහැතිය.
No comments:
Post a Comment