Monday, 8 July 2013

පැරණි පෙම්වතියට පහරදී දූෂණය කරලා

තරුණියකට අතින් පයින් පහර දී පසුව ඇයව බලහත්කාරයෙන් ලැගුම්හළකට කැඳවාගෙන ගොස් දුෂණය කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
අතවරයට ලක්ව ඇත්තේ දංකොටුව - ගෝනාවිල පදිංචි 28 හැවිරිදි තරුණියකි.
අතවරයට පත් තරුණිය සැකකරු සමග කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර පසුව මෙම සම්බන්ධය තරුණිය විසින්ම අතර මග නවතා දමා ඇත.
පසුගිය 07 වැනිදා තරුණිය බස් රථයකින් ගමන් කරමින් සිටින විට වෙන්නප්පුව - තෝප්පුව ප්‍රදේශයේදී සැකකරු විසින් ඇයව ඉන් බිමට බස්සවා ගෙන ඇති බවත්, එම අවස්ථාවේදී දෙදෙනා අතර ඇතිවු බහින් බස් වීමකින් පසුව සැකකරු විසින් තරුණියට අතින් පයින් පහර දී ඇති බවත් පොලීසිය පවසයි.
අනතුරුව තෝප්පුව ප්‍රදේශයේ පිහිටි ලැගුම්හළකට තමන්ව බලහත්කාරයෙන් කැඳවා ගෙන ගිය සැකකරු එහිදී තමන්ට අතවර කළ බව සිද්ධියට මුහුණ දුන් තරුණිය පොලීසියට පවසා ඇත.
තරුණියගේ පැමිණිල්ලට අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාදම්පේ - පට්ටියගම පදිංචි ඔහු ත්‍රී රෝද රථ රියදුරෙකි.
අතවරයට පත් තරුණිය ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බවත්,සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.
වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.


ආදරය, වෛරයට පොඩ්ඩක් මෙහා පැත්තේ තියෙන්නේ..

කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇති මේ ආදරය කියන්නේ මොකක්ද..

මේ ආදරය කෑදර කම , ඉරිසියාව , නොහැකියාව... අතර කැරකැවෙන දෙයක් ද..?

පිරිමින්ට පෞර්ෂයක් නැද්ද? 
මේ විදිහට නිවට වැඩ කරන්නේ.

No comments:

Post a Comment