Monday, 1 July 2013

වර්තමානයේ දිනකට ළමා හා ස්ත්‍රී දූෂන 15 ක් ලංකාවේ සිදුවේ.

වර්තමානයේ දිනකට ළමා හා ස්ත්‍රී දූෂන 15 ක් ලංකාවේ සිදුවේ. එම වාර්තා ප්‍රසිද්ධ නොකර සිටිමින් සුදනන් වීමට තැත් කරති.

මේවා සිදුවෙද්දී නීතිය ක්‍රියාත්මක නොකරන මරාණ්ඩුව පච්චයක් අතේ කොටා ගෙන එන සංචාරකයෙක් පවා රටින් පිටුවහල් කරන්නේ ය.

ඇමරිකානු සංචාරක අනතුරු ඇඟවීම අනෙකුත් රටවලටද දැඩි සේ බලපාන්නකි. සංචාරක කර්මාන්තයෙන් රට සංවර්ධනය කිරීමට නම් පළමුවෙන් නීතියක් ඇති රටක්, ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක්, මෙන්ම අනෙකාට ගරු කරන රටක් ගොඩ නැගිය යුතුය. නමුත් මැදමූලන ගං කබරයන් රට ගෙනියන්නේ හොඳ අතට නොව අගාධය කරාය.
 
                                            බි්‍රතාන්‍ය ජාතික සංචාරකයෙක් වූ කුරාම් ෂේක් ඝාතන කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂනයකට ලක් කළද ලංකාවේ ආණ්ඩුව ඝාතනය ගැන මිස පෙම්වතිය දූෂනය කිරීම වසන් කෙළේය. ආරක්ෂක ලේකම් ගෝඨාභය සභාපතිත්වය දරණ රෝහලකට රැගෙන ආ ඇයව හොර රහසේම ප්‍රතිකාර කර රටින් පිට කෙළේය. කුරාම් ෂේක් ඝාතක පිරිස ද ඇප මත නිදහස් කළේය. වරක් දකුණු වෙරළේ සංචාරක හෝටලයකදී කාන්තාවක් දූෂනය කෙළේ එම හෝටලයේ අයිතිකරුවාම ය. තවත් වරක් දකුණු වෙරළේ සංචාරක හෝටලයකදී සංචාරක දැරියක් දූෂනය කෙළේ සංචාරක හෝටලයේ සේවකයෙකි. මිහින්තලේදී ගයිඩ්ලා පිරිසක් සංචාරක ජෝඩුවක සිටි කාන්තාව පැහැරගෙන දූෂනය කෙළේය.ඇමරිකාව සංචාරකයන්ට අනතුරු ඇෙඟව්වාට ස්වාසිලන්තය ටැන්සානියාව උගන්ඩාව අනතුරු අඟවා නැත

No comments:

Post a Comment