මිනිසා
යනු වානරයකුව සිට පරිණාමනය වූ සත්වයකු බවයි සාමාන්‍ය පිළිගැනීම. වසර ලක්ෂ
ගණනක සිට සිදු වෙමින් පවතින මේ පරිණාමන ක්‍රියාවලිය තවමත් නැවැතී නැහැ. ඔබ
මෙය කියවන මේ මොහොතේදීත් එය සිදුවෙමින් පවතිනවා මෙයට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ අපේ මුතුන් මිත්තන්ට තිබුණේ අපට දැන් තිබෙන මොළයේ ප්‍රමාණයෙන් තුනෙන් එකක් තරම් වූ මොළයක්. පෙර කී වසර දහස් ගණන ඇවෑමෙන් අද එය තුන් ගුණයකින් විශාල වී තිබෙනවා. අපේ මොළය විශාල වීමේ ප්‍රතිඵලය වුණේ හිස්කබල විශාල වීමයි. වසර දහස් ගණනකට පෙර ඉදිරියට නෙරා ගිය මුහුණක් තිබූ අපට යම් ප්‍රමාණයකට සමතුලිත මුහුණක් අද ලැබී තිබෙන්නේ. හිස්කබල විශාල වනු පිණිස මුහුණේ නෙරාගිය කොටස් පරිණාමයේ ක්‍රියාවලියට පුද කරන්නට අපට සිදුවූ නිසයි. මේ අතර මනුෂ්‍යයාගේ පරිණාමය අත්හරින්නට අකමැති විද්‍යාඥයන් අදටත් ඒ ගැන පර්යේෂණ කරනවා. මේ දිනවල ඔවුන් වැඩි වශයෙන්ම උනන්දු වන්නේ තවත් වසර 20000 කින් 60000 කින් සහ ලක්ෂයකින් මනුෂ්‍ය මුහුණේ ස්වභාවය කෙබඳු විය හැකිද යන්නයි. මෙහි පළවන ඡායාරූප සමූහයෙන් පළමුවැන්න (වසර 2013 දී තරුණයකු සහ තරුණියකගේ ස්වරූපය හැර) අන් සියල්ලම පරිගණකය මගින් ගොඩ නංවන ලද ත්‍රිමාණ ඡායාරූප බව සඳහන් කළ යුතුයි. මේවා සකස් කළේ MyVoucherCodes.co.lk නමැති වෙබ් අඩවියේ පර්යේෂකයකු සහ චිත්‍ර ශිල්පියකු ලෙස සේවය කරන නිකොල් ලෑම් විසින්. ඉදිරි කාලය තුළදී අපගේ මොළය තවදුරටත් විශාල වීමට ඉඩ තිබෙන නිසා එයට ඉඩදෙනු පිණිස අපේ නළල් තලයත් ක්‍රමයෙන් විශාල විය හැකියි. මේ පිළිබඳ පර්යේෂණ කරන විද්වතෙක් ඇමරිකාවේ සිටිනවා. ඔහුගේ නම ආචාර්ය ඇලන් ක්වාන්. ජාන සිතියම් පරිගණක ගත කිරීම සම්බන්ධයෙන් Phd උපාධියක් ඔහුට තිබෙනවා. මතු අනාගතයේදී මිනිසා සෞරග්‍රහ මණ්ඩලයේ ඈත ග්‍රහලෝකවල පදිංචියට යාමට ඉඩ තිබෙන බවත් එම ග්‍රහලෝක සූර්යයාට ඈතින් පිහිටීම නිසා සූර්යාලෝකය පතිත වීම අඩු බවත් ඒ අනුව වඩා හොඳින් පෙනීම පිණිස විශාල ඇස් මිනිසාට අවශ්‍ය බවත් කියන ආචාර්ය ක්වාන් තව වසර ලක්ෂයකට පසු දැන් තිබෙන ඇස් මෙන් තුන් ගුණයක් විශාල ඇස් අපට ඇතිවිය හැකි බව පෙන්වා දෙනවා. තව වසර ලක්ෂයකින් අප වටා තිබෙන ඕසෝන් ස්ථරය සෑහෙන්නට විනාශ වෙලා. විශ්වයෙන් එන පාරජම්බුල කිරණවලට ඔරොත්තු දීමට තරම් අපේ සම ශක්තිමත් විය යුතු වනවා. මේ නිසා හම මත ඝන පැල්ලම් රැසක් හට ගැනීමට නියමිතය. මිනිසා විශ්වයේ ඈත ග්‍රහලෝකවල පදිංචියට ගියොත් සමහර විට එම ග්‍රහලෝක අඩු ගුරුත්ත්වයක් සහිත තැන් විය හැකියි. එකී අඩු ගුරුත්වය සමග ගනුදෙනු කළ හැකි ආකාරයට අපේ ශරීරය සකස් විය යුතුමයි. නැත්නම් වැඩි පීඩනයක සිට අඩු පීඩනයකට යන අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් පුපුරා යැමට ඉඩ තිබෙනවා. මෙයට අනුකූල ලෙස ශරීරය වර්ධනය විය හැකි බව ආචාර්ය ක්වාන් කියනවා. ඉතා ඝන ඇසිපිය, විශාල ඇස් කුටීර යනාදිය එවිට අපට ලැබේවි. වෙනත් ග්‍රහලෝකවල තිබෙන අඩු ඔක්සිජන් ප්‍රමාණයක් වැඩිපුර ප්රාශ්වාස කිරීම සඳහා විශාල නාස් පුඩුද අපට ලැබෙනු ඇති. ඒ අතර හිසේ උණුසුම රැකදී මොළය ආරක්ෂා කර ගැනීම සඳහා ඝන කෙස් තට්ටුවකුත් අපේ හිසට ලැබේවි. තව වසර ලක්ෂයකින් ඇතිවිය හැකි විශාලතම විපර්යාසය වන්නේ තම දරුවන්ගේ පෙනුම සහ හමේ වර්ගය (රූපය සහ පැහැය) කල් තබාම තීරණය කිරීමට මව්පියන්ට අවකාශ ලැබීමයි. දරුවන්ගේ ඇස්වල ඉංගිරියාව අභිමත ඕනෑම වර්ණයකින් තෝරා ගැනීමටත් දරුවාගේ ස්වරූපය තමන්ට අභිමත ඕනෑම ආකාරයකින් සකසා ගන්නත් නවීන විද්‍යාවේ සහ ජාන තාක්ෂණයේ ආධාරයෙන් මවුපියන්ට හැකිවනවා. මේ කාලයේදී ජනප්‍රිය නළු නිළියන්ගේ පෙනුම අනාගතයේදී ලබා ගැනීමට සමත් දරුවන් සැලසුම් කර ගැනීමටත් හැකියි. මේ දරුවන් උපදින්නෙම සිරුර තුළ තැන්පත් කෙරුණ විවිධ පරිගණක චිප් සහ නැනෝ තාක්ෂණික උපකරණ සහිතවයි. මේ දරුවන් බොහෝවිට අර්ධ මනුෂ්‍ය අර්ධ යාන්ත්‍රික දරුවන්. ඔවුන්ගේ ආයුකාලය පවා වසර දහස් ගණනක් වීමට ඉඩ තිබෙනවා. |
ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Monday, 1 July 2013
තව අවුරුදු ලක්ෂයකින් මිනිස් මුහුණේ ස්වරූපය මෙන්න!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment