Showing posts with label කොල්ලකරුවන් ඇල්බඩෝ නෞකාව මුහුදේ ගිල්වයි. Show all posts
Showing posts with label කොල්ලකරුවන් ඇල්බඩෝ නෞකාව මුහුදේ ගිල්වයි. Show all posts

Tuesday, 9 July 2013

කොල්ලකරුවන් ඇල්බඩෝ නෞකාව මුහුදේ ගිල්වයි


භාණ්ඩ ප්‍රවාහන කරමින් තිබියදී  2010 වසරේ නොවැම්බර් මස 26 වනදා සෝමාලියානු මුහුදු සීමාවේදී කොල්ල කරුවන් විසින්  අත් අඩංගුවට ගත් මැලේසියානු MV ඇල්බඩෝ නෞකාව ඔවුන් විසින් මුහුදේ ගිල්වා ඇතැයි වාර්තාවේ.
මෙම නැවෙහි ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙකු හෝ 06 දෙනෙකු සිටින්නට ඇතැයි වාර්තා වන නමුත් ඔවුන් මෙහිදී ජිවිතක්ෂයට පත්වීද නැද්ද යන්න පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත. තවද මෙහි පකිස්ථාන්, ඉන්දියන්, බංගලාදේශ සහ ඉරාන ජාතිකයින්ද සේවයකරමින් සිට ඇත.
රොයිටර්ස් පුවත් සේවය පවසන පරිදි මෙම නෞකාවේ සිටි විදේශිකයින් 4 දෙනෙක් සහ කොල්ල කණ්ඩායම් සාමාජිකයින් හත් දෙනෙකු මෙහිදී මිය ගොස් ඇති බව සෝමාලියානු කොල්ල කණ්ඩායම් නායකයකු එම පුවත් සේවයට දුරකතනයෙන් ප්‍රකාශ කර ඇත.

නමුත් මිය ගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයින් සිටිතියි නිශ්චිත නොවන අතර තවත් 13 දෙනෙකු අතුරුදහන් වී ඇත. නැවෙහි පුද්ගලයින් 23 දෙනෙක් සිට ඇත