Showing posts with label කෝටි 400 යේ වැට් බදු වංචා නඩුවේ සාක්ෂි දීමට පී.බී. ජයසුන්දරට සිතාසී. Show all posts
Showing posts with label කෝටි 400 යේ වැට් බදු වංචා නඩුවේ සාක්ෂි දීමට පී.බී. ජයසුන්දරට සිතාසී. Show all posts

Tuesday, 2 July 2013

කෝටි 400 යේ වැට් බදු වංචා නඩුවේ සාක්ෂි දීමට පී.බී. ජයසුන්දරට සිතාසී

රුපියල් කෝටි 400 ට ආසන්න වැට් බදු වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා මේ මස 23 වැනිදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට කොළඹ මහාධිකරණය ඊයේ (01) සිතාසි නිකුත් කර තිබේ.
ඒ පිළිබඳ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහ අධිකරණ විනිසුරු කුමුදුණී වික්‍රමසිංහ මහත්මිය දැනුම් දුන්නේ ලබන 23 වැනි දින මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.