Showing posts with label බූල් හරක්. Show all posts
Showing posts with label බූල් හරක්. Show all posts

Tuesday, 9 July 2013

බූල් හරක්

විවිධ කාල වලදී අන්තර්ජාලයේ විවිධාකාරයේ රසවත්, හාස්‍යජනක වීඩියෝ පට හා ඡායාරූප රැල්ලක් සේ පැතිර යයි.
කුඩා ළමුන් හා සතුන් පාදක වූ පුවත් මින් ප්‍රධාන තැනක් ගනියි.
අන්තර්ජාලයේ මේ දිනවල පැතිර යන නවතම රැල්ල “බූල් හරක්“ ය.
ඇමෙරිකාවේ ඉයෝවා ප්‍රාන්තයේ ගොවිපළක වෙසෙන මෙම හරකුන් ගේ ඡායාරූප මුලින්ම අන්තර්ජාලයට එක්වූයේ සමාජීය හා විනෝදාත්මක පුවත් වෙබ් අඩවියක් වන රෙඩිට් ඔස්සේය.
කුඩා බලු පැටවෙකු හෝ ටෙඩී බෙයාර් කෙනෙකු ගෙන් දිස් වන හුරුබුහු‍ටි, හුරතල් පෙනුමක් දිස් වන මොවුන් ගේ ඡායාරූප අන්තර්ජාලය පුරා මේ වන විට පැතිර යන්නේ ලැව්ගින්නක් ලෙසිනි.
කෙසේ වෙතත්, මොවුන් සුවිශේෂී හරක් විශේෂයක් නම් නොවේ. මොවුන් ප්‍රදර්ශනය කිරීම සඳහා ෂැම්පු, කන්ඩිෂනර්, තෙල් යොදාගෙන රූපලාවන්‍ය සත්කාරයක් ලබාදී බ්ලෝ ඩ්‍රයි කරන ලද සාමාන්‍ය හරකුන් ය.
එක් හරකෙකු මේ අයුරින් සැරසීමට පැය 2ක් පමණ ගත වන බවත් පැවසේ.
මෙම හරකුන් ගේ අයිතිකරු වන ෆිල් ලෝට්නර් පවසා ඇත්තේ සිය සතුන්ගේ ඡායාරූප වලට ලැබූ ප්‍රතිචාර පිළිබඳව පුදුම වන බවයි.
හීලෑ, බූල් පිරුනු මෙම සතුන් ටෙඩි බෙයාර් කෙනෙකු මෙන් වැළඳගැනීමට බොරෝ අයට සිතෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.