Showing posts with label සෝනියා බුද්ධගයා යයි. Show all posts
Showing posts with label සෝනියා බුද්ධගයා යයි. Show all posts

Wednesday, 10 July 2013

සෝනියා බුද්ධගයා යයි

ත්‍රස්ත ප‍්‍රහාරයකට ලක්වූ බුද්ධගයාවේ මහබෝධි විහාර පරිශ‍්‍රය කොංග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධි අද (10) නිරීක්ෂණය කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය සුෂිල් කුමාර් ෂින්ඬේද මේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙන බව පැවසේ.මේ අතර  තම ඊලඟ ප‍්‍රහාරය ඉන්දියාවේම මුම්බායි නගරය ඉලක්ක කරගනිමින් සිදුකරන බව බුද්ධගයා ප‍්‍රහාරය එල්ල කළ ඉන්දිය මුජහදීන් සංවිධානය ට්විටර් සමාජ වෙබ් අඩවිය හරහා පණිවිඩයක් යොමු කරමින් පවසා තිබේ.කෙසේ වෙතත් බුද්ධගයාවේ ප්‍රහාරයට සම්බන්ධ කිහිපදෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශ අල්ලාගෙන තිබේ.