Monday, 2 September 2013

සිසුවියන් වැසිකිළියට යන අවස්ථාවන් රූගත කර තිබේ.

අනුරාධපුර නව නගරයේ උපකාරක පන්ති සඳහා සහභාගී වන බාලවයස්කාර සිසුවියන් වැසිකිළියට යන අවස්ථාවන් සූක්ෂම ලෙස රූගත කළ බවට චෝදනා මත උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
අදාළ සැකකරු විසින් රූගත කළ දර්ශන සිසුවියන්ට පෙන්වූ බවට ද අනාවරණය වී ඇති අතර සැකකරු අනුරාධපුර නගරයේ උපකාරක පන්ති මෙහෙයවන රත්ගම, ඉඟුරන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාලිංග නිලන්ත නැමැත්තෙකි.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  ඔහු සතුව රූගත කළ දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් තිබී ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු විසින් එම දුරකථනයේ මතකය ගබඩා කරන කොටස සපා විනාශ කර ඇති බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී ඇත.
සැකකරු ගුරුවරයෙකු බවට සනාථ කළ හැකි කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට අපහොසත් වූ බවද අනාවරණය වේ.

නි. පොලිස්පති, කොස්තාපල්වරියකට අසභ්‍ය ඡයාරූප පෙන්වලා


නි. පොලිස්පති, කොස්තාපල්වරියකට XXX පෙන්වලා උතුරේ කොට්ඨාසයක නියෝජ්‍ය පොලිස්පතිවරයකු පොලිස් කොස්තාපල් වරියක් සිය කාර්යාලයට ගෙන්වාගෙන ඇයට අසභ්‍ය ඡයාරූප පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ලැප්ටොප් පරිගණකයක තිබී මෙම ඡයාරූප පෙන්වා ඇති බවට කොස්තාපල්වරිය මේ පිළිබඳව උසස් පොලිස් නිලධාරියකුට කළ පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම සිද්ධියෙන් පසුව එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ සේවය කරන සියලූ කොස්තාපල්වරියන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට කොස්තාපල්වරුන් අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ කොස්තාපල්වරියට වෙනත් කොට්ඨාසයකට මාරුවීම් ලබාදී ඇති බවද පැවසේ.

පිල්ලේට දුන්නු ‘‘කේලාම් වාර්තාව’’


පිල්ලේට දුන්නු ‘‘කේලාම් වාර්තාව’’
"ශ‍්‍රී ලංකාවේ ජීවත්වන මුස්ලිම් ප‍්‍රජාව වර්තමානයේ මුහුණ දී සිටින ප‍්‍රශ්න සම්බන්ධයෙන් සකස් කෙරුණු වාර්තාවක්’’ බව පවසමින් පසුගියදා මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට ‘‘කේලාම් වාර්තාවක්’’ සැපයූ ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්‍ෂයක් ලෙස කටයුතු කරන මුස්ලිම් කොංග‍්‍රසයේ නායකත්වය අවර ගණයේ ක‍්‍රියාවක් සිදු කර තිබෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පෙරමුණ පවසන්නේ එම ක‍්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවයි.
එම පක්‍ෂය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ මුස්ලිම් කොංග‍්‍රස් නායක, රාවුෆ් හකීම් මහතා රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස නවනීදන් පිල්ලේ මහත්මිය සමග රාජතාන්ත‍්‍රික සාකච්ඡාවලට සහභාගී වෙමින්, එක් අතකින් තමන් වත්මන් රජයේ ප‍්‍රබල භූමිකාවක් ඉටු කරන බව පෙන්වමින් අනෙක් අතින් දෙමළ ඩයස්පෝරාවේ උවමනාව ඉටු කරමින්, ඇයට මෙසේ ‘‘කේලාම් වාර්තා’’ සැපයීම මගින් පෙනී යන්නේ ඔහුගේ දෙබිඩි පිළිවෙත බවයි.

එදා රනිල් වික‍්‍රමසිංහ මහතා වේළුපිල්ලේ පිරිබාහරන් සමග සටන් විරාම ගිවිසුම් ගැසූ අවස්ථාවේදී රාවුෆ් හකීම් මහතාද වේළුපිල්ලේ පිරිබාහරන් සමග අවබෝධතා ගිවිසුම් ගැසූ අයුරු මෙරට මුස්ලිම් ජනතාවට අමතක නැත. නැෙ`ගනහිර මුස්ලිම් ජනයා සිය දහස් ගණනින් ඝාතනය කරමින්, වේළුපිල්ලේ පිරිබාහරන් වාර්ගික ශුද්ධයක නිරතව සිටින විට රාවුෆ් හකිම් මහතා සිදු කළේ එසේ පිරිබාහරන් ඉදිරියේ දණින් වැටීමය. එතැනින් නොනැවතී තම ‘‘කොටි මිතුදම’’ තහවුරු කරගනු වස් එම සංවිධානයේ දේශපාලන අංශ නායකයා වූ තමිල් සෙල්වම්ගේ අවම`ගුලට පවා සහභාගී වීමය.

උතුරු - නැගෙනහිර මුස්ලිම් ප‍්‍රජාව අද සැනසුම් සුසුම් හෙළන්නේ මානුෂික මෙහෙයුම මගින් ඔවුන් මිනීමරු කොටි ත‍්‍රස්තවාදයේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ නිසාය. එහෙත් මේ මානුෂික මෙහෙයුම දියත් වූ අවස්ථාවේදීද හකීම් මහතා කටයුතු කළේ ඊනියා යුද විරෝධියකු ලෙසය.

සෑම විටම තමන් සිට ගන්නේ දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේගයන්ගේ පැත්තේ මිස මුස්ලිම් ප‍්‍රජාවගේ පැත්තේ නොවන බව මෙසේ නවනීදන් පිල්ලේ ඉදිරියේ දණින් වැටී ‘‘කේලාම් වාර්තාවක්’’ ලබා දුන් රාවුෆ් හකිම්ලා නැවත වතාවක් අප ඉදිරියේ සනාථ කර තිබේ. මෙම රටට සතුරු ක‍්‍රියාව කෙරෙහි රටට හිතැති සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනයාගේ අවධානය යොමු විය යුතු බව එම නිවේදනයේ සඳහන් කර තිබේ

නාමල් ලක්ෂ 4000 ක් කොමිස් කෑ බැංකු ලදුපත ලඟදීම පාර්ලිමේන්තුවට: - ලංකා ඊ නිව්ස්


මෙම රහසිගත ගනුදෙනුව නම් ගෝඨාභය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුවේ ගාලූමුව දොර අසල භූමියක ඉන්දියානු ක්‍රිෂ් සමාගම විසින් ඉදිකිරීමට යන හෝටල් සාප්පු සංකීර්ණ සුපිරි නිවාස සහිත ව්‍යාපෘතියේ කොමිස් මුදලක් ලෙස රුපියල් ලක්ෂ 4000 ක් නාමල් රාජපක්ෂට ගෙවීමේ ගනුදෙනුවයි. එම කොමිස් මුදල සිංගප්පූරුවේ එච්එස්බීසී බැංකුවේ ඇති නාමල් රාජපක්ෂගේ ගිණුමකට ක්‍රිෂ් සමාගම විසින් බැර කර තිබේ. කොමිස් මුදල බැර කරන ලද බැංකු ලදුපතේ පිටපතක් මාධ්‍යවේදිනී මන්දනා සතුව ඇතැයි කියා නාමල් රාජපක්ෂට ලැබුනු තොරතුරක් මත එම පිටපත සොයා ඇයගේ නිවසට පසුගිය සෙනසුරාදා හමුදා සෙබලූන් යැවුවේ ය. පිටපත නොලැබුනහොත් ඇයව පැහැරගෙන එන ලෙසද උපදෙස් දී තිබිණ. නමුත් සත්‍ය ලෙසම එවැනි පිටපතක් මන්දනා ලඟ තිබී නොමැති අතර මේ වන විට එම ලදු පතේ පිටපතක් විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයා වෙත ලැබී තිබේ. ඔහු නුදුරු දිනයේම එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට යයි.

"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටි දෙන" ජනාධිපතිවරයා සමාව අයැදීම

රජයේ ඇමතිවරුන් තිදෙනකු විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ තමාට කරන ලද පෞද්ගලික අපහාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමාව ඉල්ලා සිටි බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය හෙළිදරව් කළාය.
ඇය ඒ බව කියා සිටියේ බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දීයි.
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය විවාහ කර ගැනීමට කැමති බව මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා ප්‍රකාශ කර තිබුණි.
ශ්‍රී ලංකා රජයේ ඇමතිවරුන් තිදෙනකු විසින් ‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටි දෙන’ වශයෙන් තමා හඳුන්වා දෙමින් අපහාස කරනු ලැබීම ඉතා අප්‍රසන්න බවයි, නවී පිල්ලේ කියා සිටියේ.
‘මගේ ඉන්දීය සම්භවය පාදක කර ගනිමින් මෙවැනි ප්‍රකාශ කිරීම සාවද්‍ය මෙන්ම අපහාසාත්මකයි... ඇතැම් පිළිකුල් සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමාව අයැදීම මම අගේ කොට සලකනවා’යි නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය කීවා

දයාසිරි පාර්ලිමේන්තුවට… නාවින්න මහ ඇමතිකමට…

දයාට දෙන මනාප ඵලක් වෙයිද.?
එළැඹෙන පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සැලසුමක් ක‍්‍රියාත්මක වන්නේ යයි වාර්තා වේ.
ඊට බාධාවක්ව පවතින නීති වෙනස් කර ගැනීම සඳහා විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටද ආණ්ඩුවේ සැලසුමක් ඇතැයිද සඳහන් වේ.
ඩග්ලස් දේවානන්දා ඇමතිවරයා විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ගෙන ඒමට සැලසම් කර ඇති මෙම පනත තුලින් මැතිවරණයට ඉදිරිපත් නොවී වුවද පළාත් සභාවට පත් කිරීමේ මුක්තිය රාජ්‍ය නායකයාට හිමිවන බවද දැනගන්නට ඇත.
ඉන් පසු වයඹ පළාත් මහ ඇමති ධුරය සඳහා එස්බී නාවින්න මහතා පත් කෙරනු ඇති බවද ආරංචි මාර්ග කියයි.
දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මන්ත‍්‍රී රජීවු විජේසිංහ පාර්ලිමේන්තුවෙන් ඉවත් වනු ඇතැයිද වාර්තා වේ.

නීතිඥ ගෝමින් දයාසිරිගේ තර්ජනය...?


අගෝස්තු 27දා විකාශය වූ දෙරණ වාදපිටිය වැඩසටහනට සහභාගී වූ නීතිඥ ගෝමින් දයාසිරි මහතා එම වැඩසටහනටම සහභාගී වූ නීතිඥ නිමල්කා ප්‍රනාන්දු මහත්මියට චෝදනා කළේ රටේ ඇති මානව හිමිකම් ප්‍රශ්න රට තුළ ඇති අධිකරණ ඇතුළු දේශීය යාන්ත්‍රණ වෙත ඉදිරිපත් කොට විසඳා ගන්නවා වෙනුවට රටට සතුරුකම් කරන බලවේග නියෝජනය කරන නවනීදම් පිල්ලේ වැනි අය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනි. එක් අවස්ථාවක නිමල්කා දෙසට දඹරැගිල්ල දිගු කළ ගෝමින් දයාසිරි නීතිඥ මහතා ‛පිල්ලේ හමුවී මොනවද කිව්වේ? මොනවද කිව්වේ?’ කියා තර්ජනාත්මකව විමසීය.
මෙවර සමබිම ඉරිදා සංග්‍රහය වෙන්වන්නේ නිමල්කා ඇතුළු සිවිල් සමාජයේ නියෝජිතයන් විසින් නවනීදන් පිල්ලේ මහත්මිය හමුවූයේ කුමන පදනමක් මතද යන්න සහ ඔවුන් ඇය හමුවී කිව්වේ මොනවාද යන්න සිංහල කියවන පාඨකයාට දැනුම් දීම වෙනුවෙනි.
ආචාර්ය නවනීදම් පිල්ලේ මහත්මිය සතියක නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණියාය. ඇය ලංකාවට පැමිණියේ ලංකා ආණ්ඩුවේ ආරාධනයෙනි. ඇගේ සංචාරයේදී ඈ සමඟ ගමන් කරන පරිවාර සේනාවෙහි ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ තානාපතිවරයාද එක්ව සිටින නිසා ඒ බව වඩා හොඳින් තේරුම් ගත හැකිය.
නවනීදම් පිල්ලේ මහත්මිය ලංකාවට පැමිණීමට හේතුව 2011 වසරේ ලංකා ආණ්ඩුව විසින් කරන ලද ආරාධනය බව සැබෑ වුවත් එම සංචාරය සමඟ ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය විසින් පිළිවෙළින් 2012 සහ 2013 වසරවලදී සම්මත කරගන්නා ලද ‛ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම’ පිළිබඳ යෝජනා සම්මතයන් දෙකද බලපායි. එම යෝජනා මගින් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රාජ්‍යයන් ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුව විසින්ම පත්කරන ලද දේශීය යාන්ත්‍රණයක් වන උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කාල රාමු සහිත ක්‍රියාකාරී සැලැස්මක් සාදා එය අනුගමනය කරන ලෙසය. මහ කොමසාරිස්වරිය ලංකාවට පැමිණ ඇත්තේ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ලංකා ආණ්ඩුව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමටය. ඇගේ සංචාරයේදී ඇය සොයා ගත් දේ ඇසුරෙන් ඇය විසින් කරුණු සහිත වාචික වාර්තාවක් 2013 සැප්තැම්බර් මාසයේදී සහ සවිස්තර ලිඛිත වාර්තාවක් 2014 මාර්තු මාසයේදීද මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ යුතුය.
එම වාර්තාව සඳහා කරුණු ලබා ගැනීමට ඇය විසින් මුණගැසීමට නියමිත පිරිස් අතර එක් වැදගත් පාර්ශ්වයක් වන්නේ සිවිල් සමාජ සංවිධාන හෙවත් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ය. මෙම සංවිධාන වනාහි එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයන් වෙත කේලාම් කියන පිරිසයක් වශයෙන් ලංකාවේ සිටින සමහර දේශපාලනඥයන් සහ ජනමාධ්‍යවේදීන් විසින් හඳුන්වනු ලැබේ.
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව තම අදහස් සහ නිර්දේශ ඇතුළත් ඒකාබද්ධ ලියැවිල්ලක් ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ක්‍රියාකරන රාජ්‍ය නොවන සංවිධාන එකතුවක් විසින් මහ කොමසාරිස්වරිය වෙත භාර දී ඇත. එම ලියවිල්ලේ අඩංගු කරුණු සනාථ කිරීම සඳහා කරුණු සහිත ඇමුණුම්ද ඒ සමඟ ඉදිරිපත් කොට ඇත.
මෙම ලියැවිල්ල සැකසීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරන ලද්දේ වෙනස්කොට සැලකීම්වලට සහ වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපරයේ ආසියානු කමිටුව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, රයිට්ස් නව් සාමුහිකය, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ ඉන්ෆෝම් මානව හිමිකම් දත්ත කේන්ද්‍රය විසිනි. 
සුදර්ශන ගුණවර්ධන

60 පැන්න අයෙක් මලක් තලලා

shockgraවයස අවුරුදු 12 ක් වන පාසල් සිසුවියකට වසර 02 ක කාලයක් තිස්සේ වරින්වර ලිංගික අතවර සිදු කළ බව කියන 62 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. අතවරයට පත්ව ඇති දැරිය වෙන්නප්පුව චාල්ස් විලියම් මාවතේ පිහිටි නිවසක තම මව සහ සහෝදරියන් දෙදෙනා සමග කුලී පදනම මත පදිංචිව සිට ඇත.එම නිවස අයත් වන්නේ සැකකරුට බව පොලීසිය කියයි.
2011 වසරේ ඔක්තොම්බර් මාසයේ දිනක සිට පසුගිය 29 වැනි දින දක්වා සැකකරු විසින් වරින් වර අවස්ථා කීපයකදීම මෙම දැරිවියට අතවර කර ඇත.මේ බව දැනගත් ඇයගේ මව විසින් සිද්ධිය වෙන්නප්පුව පොලීසියට දන්වා ඇත.ඒ අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට පත්වු බව කියන දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

සනත් ගුණතිලක සිවුරු ඇරලා

santh-thero-allචිත්‍රපටයක රූගත කිරීම් සඳහා හඟුරන්කෙත විමලරතන නමින් සතිවක කාලයක් පැවිදි ජීවිතයට ඇතුලත් වුණු සිනමා නළු සනත් ගුණතිලක මහතා චාරිත්‍රානුකූලව සිවුරු හැර ගොස් තිබේ.
ඒ මහතා පැවිදිදම් පිරූ කාලය තුළ ධර්මානුකූලව ජීවත් වූ බවත් සිවුරට අගෞරවයක්‌ නොකළ බවත් පෙන්වා දෙන කීනියාවල පාලිත හිමියෝ මෙවැනි සිද්ධීන් පිටරටවල පවා සිදුවෙන බවත් සමහරු මෙම ක්‍රියාමාර්ගය සමච්චලයට ලක්‌කිරීම අසාධාරණ බවත් කියා සිටිති.
බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී සනත් ගුණතිලක මහතා තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී තිබුණේ  ‘සිනාව අතරින්’ නමැති චිත්‍රපටයේ රූගත කිරීම් කිහිපයකට සහභාගී වීමටය.

"සිරියාවට ගැහුවොත් සෞදි අරාබියට නැති වෙන්නම ගහනවා" - රුසියාව

putinangryසිරියාවට එරෙහිව බටහිර ජාතීන් විසින් ප‍්‍රහාරයක් එල්ල කළහොත් සවුදි අරාබියට මහා පරිමාණයේ ප‍්‍රහාරයක් එල්ල කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් රුසියානු සන්නද්ධ හමුදාවන් වෙත නියෝගයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මස මුලදී සවුදි අරාබියානු බුද්ධි අංශ ප‍්‍රධානි බන්ඩාර් බින් සුල්තාන් කුමරු විසින් සිරියාවට රුසියාව විසින් ලබාදෙන සහය අත්හිටුවන්නේ නම් මැදපෙරදිග රුසියාවේ තෙල් වෙළඳපොළ සුරක්‍ෂිත කරන බවට කළ යෝජනාව රුසියානු ජනාධිපතිවරයා නොපිළිගත් බව වාර්තා විය.
සවුදි අරාබියානු පාර්ශ්වය විසින් 2014දී සෝචි නගරයේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙල වෙත තමන් විසින් මෙහෙයවන ලබන චෙච්නියානු ගරිල්ලන් විසින් ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වනු ඇති බවට වක‍්‍ර තර්ජනයක් සිදුකිරීම පුටින්ගේ නියෝගයට හේතු වී ඇතැයි ක්‍රෙම්ලින ආරංචි මාර්ග පවසා තිබේ.
මේ වසර මුල් භාගයේදී බි‍්‍රතාන්‍යයේ සිට ක‍්‍රියාත්මක වන බිට්හැම් ආරක්‍ෂක සමාගමේ ප‍්‍රධානින් අතර සිදුවූ ඊ මේල් පණිවුඩ හුවමාරුවක් ප‍්‍රතිග‍්‍රහණය කළ රුසියානු චරපුරුෂ අංශ විසින් සිරියාවට පහරදීම සඳහා අවකාශ ලබාගැනීමට ව්‍යාජ රසායනික ප‍්‍රහාරයක් එල්ල කිරීමේ ඇමරිකානු සැලැස්මක් පිළිබඳව රුසියානු රජය දැනුවත් කර තිබූ බව කියවේ.
යුරෝපා සංගමයේ රටවල් වල රුසියානු තෙල් වෙළඳපොළ ආරක්‍ෂා කරගැනීම සඳහා සිරියාව හරහා තෙල් නළයක් ඉදිකිරීමේ රුසියානු සැලැස්ම මත මෙලෙස සිරියාවේ ස්වාධීනත්වය සඳහා රුසියාව මැදිහත්වන බව විචාරකයන් පවසති.