Tuesday, 1 October 2013

'අගවිනිසුරු ධුරයේ හිටපු මැඩම්ව නෙවේ මම එදා දැක්කේ. මරාගෙන මැරෙන සටනකට වුණත් යන්න ලෑස්ති දිරිය කාන්තාවක් තමයි මම එදා දැක්කේ.- නීතිඥයන්



'ශිරාණි එනවලු අද උසාවියට...'
මේ මිනිස්සු එකිනෙකා අතර පැතිර ගිය කතාවය.
'අද මැඩම් එනවලු නේද...?'
මේ නීතිඥයන් සහ උසාවි සේවකයන් අතර වෙඩිල්ලක් වගේ ගිය කතාවය.
මේ හැමෝම අලුත්කඩේ කොළඹ මහෙස්ත්‍රාත් උසාවිය අවට එක්රොක් වූයේ ශිරාණි බණ්ඩාරනායක නොහොත් 43 වැනි අගවිනිසුරුවරිය දැක බලා ගන්නය.
කළු පැහැති සාරියක් හැඳ සිටි ඇය වට කර ගෙන සියයකට අධික නීතිඥ හමුදාවක් උසාවි භූමියට ආහ.
'තවමත් ඉස්සර තිබුණ එඩිතර පෙනුම එහෙමම තියෙනවා.'
 'වැටුණ පාටක්වත් පේන්න නැහැ...'
මේ නීතිඥයෝ උසාවි සේවකයන් සහ මහජනතාව කන්වලට කොඳුරමින් කී කතාය.

 වත්කම් හෙළි නොකිරීමේ චෝදනාව මත පවරපු නඩුව විභාගයට ගන්න නඩු අංකය කියවන විටදීම 43 වැනි අගවිනිසුරුවරිය විත්ති කූඩුවට නැග්ගේ හැමෝම පුදුමයට පත් කරමිනි. ඇය විත්ති කූඩුවට කැමැත්තෙන්ම ගොස් නැග්ගේ එන ඕනෑම අභියෝගයකට වුවද එඩිතරව මුහුණදීමට තමාට හැකි බව පෙන්වන්න විය යුතුය.
                                        ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අගවිනිසුරුවරියට අගවිනිසුරු ධුරය අහිමි කිරීමෙන් පසු පළමුවරට උසාවියට ආවේ එදිනය. අගවිනිසුරු ධුරය අහිමි කිරීමෙන් පසු ඇයට සිය කාර්යාලයට ගොස් සේවකයන්ගෙන් සමුගන්නවත් අවස්ථාවක් දුන්නේ නැත. ඇයගේ පෞද්ගලික බඩු බාහිරාදිය අගවිනිසුරු කාර්යාලයෙන් ගන්නවත් අවස්ථාවක් දුන්නේ නැත. ඇයව අගවිනිසුරු ධුරයෙන් ඉවත්කොට නිල නිවෙසෙන් එළියට ඇද දමන තත්ත්වයේ පහත් නින්දිත තත්ත්වයකට මේ ආණ්ඩුව පත්වී තිබිණි. ඇයට හිමි විශ්‍රාම වැටුප් පවා අහිමි කොට නඩු පිට නඩු දමා ඇය පසු පස පන්නන්නේ පළිගැනීමේ දුෂ්ට චේතනාව මත මිස අන් දෙයක් නිසා නොවේ. වරක් අල්ලස් හෝ දූෂණ කොමිසම ප්‍රශ්න කිරීම සඳහා ඇයව කැඳවන්නේ ඇගේ පුතුගේ විභාග දිනයේය. පුතෙක් විභාගයට යන දිනය මවකට උතුම් දිනයකි. එදින කිරිබත් පිස පුතාට කන්න දී ඔහුට ආශීර්වාද කිරීම මෙරට චාරිත්‍රයකි. ඇයව අල්ලස් කොමිසමට කැඳවා තිබුණේ එවැනි දිනකය.
                                                වරක් චන්ද්‍රිකා කීවේ තමාගේ උපන් දිනය දවසේ මේ ආණ්ඩුව ඇයව පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන ලිපිය ලැබෙන්නට සැලැස් වූ බවය. එසේම ඇගේ දියණියගේ විවාහ මංගල්‍යය උත්සවය පවත්වන දිනයේ ඇයට නිල නිවෙසින් පිටව යන ලෙසට නියෝග කොට ඇගේ නිල නිවෙසේ භාණ්ඩ බලෙන් රැගෙන ගිය බවය.
                                                                 70 - 77 ශ්‍රී ල.නි.ප. ප්‍රමුඛ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේ මෙවැනි අමානුෂික සහ පහත් ලෙස විරුද්ධවාදීන්ගෙන් පළිගත් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකව විපක්ෂය හැඳින්වූයේ 'සාතන්' කියාය. ඔහුට මෙම 'සාතන්' කියන නම පටබැන්දේ ලංකා සමසමාජ පක්ෂයේ නායක ඇන්. ඇම්. පෙරේරා සහ කොල්වින් ආර්. ද. සිල්වාය. ඔහුට සාතන් කියා අමතන්න හේතුව ඔහු විපක්ෂ ක්‍රියාකාරීන්ගෙන් අමානුෂික ලෙස පහත් ලෙස පළිගත් නිසාය. ලලිත් ඇතුලත්මුදලි එ.ජා.ප. රත්මලාන ආසන සංවිධායක ලෙස පත්වීමෙන් පසු ෆීලික්ස් ඔහුට විවිධ චෝදනා ගොතා ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි. 71 කැරැල්ලට සම්බන්ධ යැයි කියා ජේ. ආර්.ගේ පුතාවද අත්අඩංගුවට ගනු ලැබීය. එසේම 1976දී ජේ.ආර්. වත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් විය. මෙලෙස එ.ජා.ප. නායකයාගේ සිට පහළ ක්‍රියාකාරිකයාටත් දස වධ දුන්නේය. මෙලෙස දස වධ දී පළිගත්තේ ආණ්ඩුවට විරුද්ධ වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව නීතිගත කරන්නටය. වරක් ලලිත් කීවේ අමනුෂ්‍යයකු වැනි සාතන් කෙනකුට මිස මනුෂ්‍යයකුට තවත් මනුෂ්‍යයෙක්ගෙන් මෙලෙස පළි ගත නොහැකි බවය.'සාතන්ට සාතන් කීවේ ඒ හින්දයි...ඔහු ෆීලික්ස් ඩයස්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන විවාදයට සහභාගි වෙමින් කීවේය. අධිකරණ ඇමැති ලෙස නීතිය සියතට ගෙන විනිසුරුවන් අල්ලේ නටවපු ඔහුට 1983 ජනමත විචාරණයට එරෙහි නඩුව කතා කරන්න නීතිඥයෙක් සොයා ගත නොහැකි විය. 1977 ආසනයත් අහිමි කර ගත් ඔහුට පක්ෂයෙන්ම විරෝධය එල්ල වීම නිසා ශ්‍රී ල.නි.ප. ක්‍රියාකාරී දේශපාලනයෙන් අෑත්ව සිටියේය. ගාමිණී ෆොන්සේකාගේ 'සාගරයක් මැද' චිත්‍රපටයෙන් ඔහුව උපහාසයට ලක් කරන විට ඔහු අසරණ විය. ෆීලික්ස් ඩයස් මියගියේ අවසාන කාලයේ දැඩි ලෙස වේදනා විඳිමින්ය.
                                                                        70 - 77 ආණ්ඩු කාලයේ ඔහුගේ සාතන් චරිතය විපක්ෂයට වීරයන් බිහි කරපු තිඹිරි ගෙයක් විය. ඔහු ලෙඩ ඇඳේ සිටියදී අපරාධකාරයකු ලෙස හංවඩු ගසා හිරේට දමපු ලලිත් ජාතික ආරක්ෂක ඇමැති විය.
                                                                  මේ ආණ්ඩුවත් සාතන් චරිතය රඟපාන්න ගිහින් බිහි කරන්නේ වීරයන්ය. ශිරාණි බණ්ඩාරනායකට විදේශ ගතවීමට අවස්ථාව දුන්නා නම් ඇය විදේශ රටවල විශ්වවිද්‍යාලවල සේවය කොට යමක් උපයා ගනී. එවිට ඇයට තමාව පන්නා ගත් ආණ්ඩුව පස්සේ පන්නන්න වෙලාවක් නැතිය. දැනටමත් ඇයට දේශන සඳහා විදේශ විශ්වවිද්‍යාලවලින් ඇරියුම් ලැබී ඇත. අපට එරෙහි වුණ නුඹට ශතයක් උපයන්න දෙන්නේ නැහැ ගෙදරටම වෙලා හිඟා කාපන් කියා දඬුවම් දීම ආණ්ඩුවේ යටි අරමුණය. මේ ආණ්ඩුවට විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීමේ ඉවරයක් නැති ‍ෙදාළ දුකක් තිබේ. එහෙම පළි ගන්න ගිහින් ශිරාණි බණ්ඩාරනායකව තල්ලු කරන්නේ මහ පාරේ සටනකටය. ඇය එදා උසාවියට ආවේ අගවිනිසුරු ධුරය අහිමි වූවකු ලෙස නොව වීරවරියක ලෙසිනි.
                                                                                                   'අගවිනිසුරු ධුරයේ හිටපු මැඩම්ව නෙවේ මම එදා දැක්කේ. මරාගෙන මැරෙන සටනකට වුණත් යන්න ලෑස්ති දිරිය කාන්තාවක් තමයි මම එදා දැක්කේ...'උසාවි භූමියෙන් එළියට ආ නීතිඥවරයෙක් කීවේ එහෙමය.

ධීවර ඇමැති ,ධීවර කර්මාන්තයට විනකරයි


ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත් වීමෙන් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ චීනයේ පෞද්ගලික සමාගමක් මඟින් ආරම්භ කර ඇති මහා පරිමාණ මසුන් ඇල්ලීමේ ව්‍යාපෘතියක් නිසා මෙරට ධීවර කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතු වී ඇතැයි ධීවර වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මේ ව්‍යාපෘතිය සඳහා භාවිත කිරීමට නෞකා 20ක් බදු පදනම යටතේ ලබා ගැනීමට සැලැසුම් කර ඇති බවත් එයින් නෞකා 04ක් දැනටමත් මෙරටට ගෙනැවිත් ඇති බවත් පෙන්වා දෙන එම වෘත්තීය සමිති ඉදිරි සති දෙකේදී මොවුන් අදාළ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇතැයිද සඳහන් කරයි. මේ ව්‍යාපෘතිය යටතේ අල්ලනු ලබන මසුන්ගෙන් 10%ක් ධීවර සංස්ථාවට ලබා දීමට නියමිත අතර ඉතිරි 90% විවෘත වෙළෙඳපොළේ අලෙවි කිරීමට නියමිතය. 

මේ හරහා මෙරට ධීවරයන්ගේ මසුන් අලෙවියට ගැටලු මතුවන බවත් මහා පරිමාණයෙන් සිදුකරන මේ ව්‍යාපෘතියට තරගයක් දීමට ඔවුන්ට හැකියාවක් නැති බවත් අදාළ වෘත්තීය සමිති වැඩිදුරටත් පෙන්වා දෙයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වුවද, අදාළ සමාගම නිසි පරිදි ලියාපදිංචි කොට හෝ නොමැති බවද අදාළ වෘත්තීය සමිති අනාවරණය කරයි

හිටපු ඇමැතිගෙන් හිටපු මහ ඇමැතිට එරෙහිව ඡන්ද පෙත්සමක්


මධ්‍යම පළාත් සභා මැතිවරණයේ මනාප ඡන්ද ගණන් කිරීමේදී තමන්ට අසාධාරණයක් වූයේ යැයි සඳහන් කරමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයකු වන හිටපු ඇමැති එදිරිවීර වීරවර්ධන මහතා ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානම් වේ. 

මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද නැවත ගණන් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ ඡන්ද පෙත්සම ගොනු කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ඇමැතිවරයා පැවැසුවේ මනාප සටහනේ දෙවැනි ස්ථානයේ සිටි තමන්ගේ මනාප හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා විසින් සොරකම් කර ඇති බවයි. මේ නිසා තමන් මනාප සටහනේ සිවුවැනි ස්ථානයට වැටී ඇති බවත් මේ අසාධාරණය සම්බන්ධයෙන් තමන්ට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සාක්‍ෂි රැසක් ලැබී ඇති බවත් හිටපු ඇමැතිවරයා සඳහන් කෙළේය.

දේශගුණ වෙනස පිළිබඳ දැනුම ඉහළ නංවන පස්‌වැනි ඇගැයීම් වාර්තාව


දේශගුණ වෙනස්‌ වීම ලෝකයේ වඩාත් බරපතළ පාරිසරික ගැටලුව වන බවට විවාදයක්‌ නැත. මේ වන විට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන දත්තවලට අනුව දේශගුණ වෙනස්‌ වීම සත්‍යයක්‌ වන බවට සැකයක්‌ නොමැති තරම් ය. එහි ඇතැම් ප්‍රතිවිපාක බරපතළ වීමේ අවස්‌ථාවක්‌ ද තිබේ. අනෙක්‌ අතට මේ තත්ත්වය සඳහා මිනිසුන් සැලකිය යුතු තරම් වගකිවයුතු බවට ද විද්‍යාඥයන් අතර සැකයක්‌ නොමැත. ලෝකයේ සාමාන්‍ය වැසියන් අතරින් සැලකිය යුතු පිරිසක්‌ ද ඒ ආකාරයෙන් ම සිතන බවක්‌ පෙනේ.

කෙසේ වෙතත්, මෙහි ඇති ගැටලුසහගත තත්ත්වය වන්නේ පවත්නා අර්බුදයේ ඇති බරපතළ බව පැහැදිලිව පෙනෙන්නට තිබිය දී පවා ඒ පිළිබඳව පිළියම් සෙවීමේ ක්‍රියාවලියේ දැකිය හැකි කැපී පෙනෙන අලස ස්‌වභාවයයි. විශේෂයෙන් ලෝකයේ ප්‍රධාන පෙළේ දියුණු හා කාර්මික රටවල දේශපාලන නායකයන් මේ පිළිබඳව දක්‌වන උදාසීන බව සැලකිය යුතු තත්ත්වයකි. වර්තමාන දේශගුණ ගැටලුව සඳහා වඩාත් වගකිව යුත්තේ මේ දියුණු රටවල් වන නිසා මේ තත්ත්වය කණගාටුදායක ය. එසේ ම දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ විපාකවලින් වඩාත් පීඩා විඳින්නේ දියුණු වන රටවල් වීම මෙය අවාසනාවන්ත කරයි.

මේ වන විට දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අප සතු දැනුම වඩාත් නිවැරැදි කළ හැකි වාර්තාවක්‌ ප්‍රකාශයට පත් වීමට නියමිත ව තිබේ. ඒ පස්‌වැනි ඇගැයීම් වාර්තාවයි.

ගම්පොලින් තවත් ඡන්ද ප්‍රතිඵලයක්‌



මෙවර පළාත් සභා ඡන්දයට සියලු පක්‍ෂ හා අපේක්‍ෂකයන් මෙන්ම මැතිවරණ නිලධාරීන්ද යුහුසුලුව සූදානම් වෙද්දී මහනුවර දිස්‌ත්‍රික්‌කයට යාබද දිස්‌ත්‍රික්‌කයක මායිමේ පිහිටි ජනප්‍රිය පාසලක පෙම්වතුන් ජෝඩු 5 ක්‌ ද ඒ සඳහා කඩිනමින් සූදානම් වූවේ දින කිහිපයක්‌ ඡන්දයට පාසල වසා දැමීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහාය.

ඒ අනුව ඔවුන් පාසලේ ක්‍රීඩා කාමරයේ දොරට යතුරක්‌ සකසා ගත්තේ ඒ තුළ අවශ්‍ය නිදහස මෙන්ම ජූඩෝ පුහුණු මෙට්‌ට තිබෙන නිසාය. මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි මෙම පෙම්වතුන් ජෝඩු 5 මැතිවරණයට පෙර දින ක්‍රීඩා කාමරයට පැමිණ ඩෙස්‌වලින් වටකොට කුඩා කාමර සකස්‌ කොට ඔවුන්ට වෙන් වූ ලෝකයක සිටියේය.

ඡන්ද මධ්‍යස්‌ථානයක්‌ වූ මෙම පාසල ඒ සඳහා සකස්‌ කිරීමේ වගකීම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට පැවරි තිබුණෙන් මෙම ප්‍රදේශයේ සිsටි ග්‍රාම නිලධාරිවරියද පාසල වෙත ඒ සඳහා පැමිණ සිටියාය.

ඡන්දයට පෙරදින පැමිණෙන නිලධාරීන් හට රාත්‍රි නිදාගැනීමට මෙට්‌ට අවශ්‍ය හෙයින් ඒ සඳහා පාසලේ ඇති ජූඩෝ මෙට්‌ට ලබා දිය හැකි නිසා ඇය හා ඇගේ සහායකයන් ක්‍රීඩා කාමරය විවෘත කළේය.

පුදුමයකි, එහි ඇති පිටුපස දොරින් කීප දෙනකු පැන දිවූ අතර එක්‌ ගැහැනු ළමයකුට එසේ පැන ගැනීමට නොහැකි විය. පෙම්වතා පැන යන අයුරු බලාසිටි පෙම්වතිය තනිවෙද්දී පැමිණ සිටි පිරිසේ ප්‍රශ්න කිරීම්වලට ඇය ලක්‌විය. එහිදී සියල්ල හෙළිකිරීමට ඇයට සිදුවිය.

කෙසේ හෝ මෙම සිද්ධිය ගමට මෙන්ම විදුහල්පතිවරයාටද ආරංචි වූ අතර පාසල පටන් ගත් පසු එම පෙම්වතුන් ජෝඩු පහම පාසලෙන් අස්‌කර දැමීමටද සිදුවිය.

තවත් එක්‌ ඡන්ද ප්‍රතිඵලයක්‌ එසේ අවසන් වුවද එම ළමුන් දස දෙනා පාසලේ ඉතා දක්‍ෂ සිසුන් වන බවද මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයේ පාසලේ බලාපොරොත්තුව ඔවුන් බවද, සියලු දෙනා දැන සිටියෙන් මේ ලෙස ඔවුන් ඉවත් කිරීමට සිදුවීම පිළිබඳව බොහෝ දෙනා එතරම් කැමැත්තක්‌ නැති බවද ප්‍රකාශ කරති.

කළු දිවියෙක් දෙණියායෙන් සොයා ගැනේ


ශ‍්‍රී ලංකාවට ආවේණික යැයි සැලකෙන කළු දිවියෙකුගේ මළ සිරුරක් දෙණියාය - බෙරලපනාතර ප‍්‍රදේශයෙන් ඊයේ (30) සොයා ගෙන තිබෙනවා. සිංහරාජ රක්ෂිතයට ආසන්න ප‍්‍රදේශයේදී මෙම කළු දිවියා සොයාගත්තේ සතුන් ඝාතනය කිරීම සඳහා යොදා ගත් මන්දකට හසුවී සිටීමේදීයි. ශ‍්‍රී ලංකාවට ආවේණික මෙම කළුදිවි විශේෂයෙන් මෙරට මේ වනවිට දැක ගනු ලැබෙන්නේ කළු දිවියන් තුන් දෙනෙකු පමණක් බවයි පරිසරවේදීන් පවසන්නේ. කෙසේ වුවත් ඊයේ දිනයේ මරණයට පත් මෙම කළු දිවි සිරුර අද දිනයේ මොරවක මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ කළුදිවියාගේ ජාන පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහායි.                         

සමූහ දූෂණයේ සැකකරුවකු දිවි නසා ගනී

 

                              මොරවක, ඇතාමලඇල්ල ප‍්‍රදේශයේදී කාන්තාවක් සමූහ දුෂණයකට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයෙකු ඊයේ රාත‍්‍රියේ ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

                         සියඹලාගොඩ පරගල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ මියගොස් ඇතැයි පොලීසිය පවසයි. මෙම සැකකරු මෙම කාන්තාව දුෂණය කරන ආකාරය ජංගම දුරකතනයකින් වීඩියෝ කර ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

             සමූහ දූෂණයට සම්බන්ධ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පලා ගිය අනෙක් තරුණයා අත්අඩංගුවට ගැනීමට මොරවක පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

                 සමූහ දූෂණයට ලක්වූ කාන්තාව 38 හැවිරිදි තිදරු මවක් වන අතර ඇය සැමියාගෙන් වෙන්ව සිටි බවට තොරතුරු අනාවරණය වී තිබේ. එම කාන්තාව අවුරුදු 20ක පමණ තරුණයකු සමඟ අනියම් සබඳතාවක් පවත්වා ඇති බව ද එම තරුණයා ද මෙම සමූහ දූෂණයට සහභාගි වී ඇතැයි අනාවරණය වී ඇත. 


"ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි" -කොළඹ මහ නගර සභා මන්ත‍්‍රී නදිල් මාලෙගොඩ

prostituteකොළඹ මහ නගර සභා එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත‍්‍රී නදිල් මාලෙගොඩ මහතා ගණිකා වෘත්තිය නීතිගත කරන ලෙස මහසභා රැස්වීමේදී ඉදිරිපත් කළ අදහසක් නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.
එ.ජා.ප නාගරික මන්ත‍්‍රීවරයා කියා සිටියේ සංචාරක ක්ෂේත‍්‍රයේ වැඩි දියුණුව සදහා කැසිනෝ මෙන්ම ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවත් ඒ තුළින් සංචාරකයන් රට තුළ රදවා ගැනීමටත් දියුණු ආර්ථික රටාවක් ගොඩනගා ගැනීමටත් හැකිවන බවත්ය.
ඉදිරි වසර 10කට පසු එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීම තුළින් කොළඹ නගරයෙහි ගණිකා වෘත්තිය ඇතුළු සියලූ පහසුකම් සහිත සංචාරක පුරවරයක් ඇති කරන බවද මාලෙගොඩ මහතා සදහන් කළේය.
මෙහිදී නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා කීවේ එවැනි පහත් ආකාරයෙන් රට දියුණු කිරීමට තමන්ට අවශ්‍යතාවක් හෝ ඊට තම එකගතාවක් නැති බවත් තමන් නගරාධිපතිවරයා ලෙස එවැනි යෝජනාවක් ක‍්‍රියාත්මක නොකරන බවත්ය.
ශ‍්‍රී ලංකාව යනු බෞද්ධ රටක්. මෙවැනි රටක එවැනි අශීලාචාර කටයුතු වලට ඉඩ තබන්නේ නැති බවද නගරාධිපතිවරයා කීවේය.

ශ්‍රී ලංකාවේ දිනකට අනාරක්ෂිත ලිංගික හැසිරීම් එක්ලක්ෂ හතලිස් දාහක්


condum-11013ශ්‍රි ලංකාවේ දිනකට අනාරක්ෂිත ලිංගික හැසිරීම් එක්ලක්ෂ හතලිස්දහසක් පමණ සිදුවන බව අණාවරණය වෙයි.
මේ හේතුවෙන් මෙරට තුළ එච් අයි වී වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එච් අයි ඪී සහ ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සදහන් කර ඇත්තේ 2011 වසර වනවිට මෙරට එච් අයි වී ආසාධිතයින් 146ක් පිළිබද වාර්තා වු බවයි.2012 වසර වන විට මෙම සංඛ්‍යාව 186 ක් වු බවයි.ඒ අනුව මේවන විට මෙරට තුළ වාර්තා වී ඇති එච් අයි වී ආසාධිතයින් සංඛ්‍යාව 4500 කට අධික බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.මේ අතරින් සියයට 65%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මෙම එච් අයි වී ආසාධිතයින්ගෙන් 80%ක් අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා එම ආසාධනයට ගොදුරු වී ඇති බවද අණාවරණය වී තිබේ.
එච් අයි වී ආසාධිතයින් 1739 ක් මේ වන විට වාර්තාවී ඇත.

අග්‍රාමාත්‍ය ධුරය ගම්‍පොළට ලැබුණා සේම මහාමාත්‍ය ධුරය ගම්‍පොළට මෙවරත් ලැබෙයි. - එ.ජා.ප

මෙවර මධ්‍යම පළාත් සභාවට ඉදිරිපත් වී වැඩිම මනාප ගත් නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතාට පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය ලැබිය යුතු යැයි ගම්‍පොළ නගර සභා මාසික රැස්වීමේදී නාගරික මන්ත්‍රී ගො.වි. ජයසේන (එ.ජ.නි.ස.)කළ යෝජනාවට එජාප නාගරික මන්ත්‍රී වරුන්ගේ සහයෝගය හිමිවී තිබේ.

ගම්‍පොළ නගර සභා සභාපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි. මෙම අවස්ථවකට එක් වූ ගො.වි.ජයසේන මහතා තව දුරටත් සඳහන් කළේ පළාත් සභා ඡන්දය අවසන් වීමෙන් පසු වයඹට හා උතුරටත් වැඩිම මනාප ගත් දෙදෙනා මහ ඇමැති තනතුරු වලටද නම් වී සිටියත් මධ්‍යම පළාතට මේ වනතුරුත් ඒ පිළිබඳව නිශ්චිත අදහසක් නොමැති බවයි.

කෙසේ වුවත් පෙර පැවැති ඡන්ද වල පුර්වාදර්ශය රැගෙන මෙම තනතුරට අනුරාධ ලංකා ජයරත්න මහතා පත් කිරීම එක් අතකින් තරුණ පිරිස රටේ අනාගතය සඳහා සුදානම් කිරීමක් බවද හේ පෙන්වා දුන්නේය.

මෙහිදි මෙවර මධ්‍යම පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ගම්‍පොළ නාගරික මන්ත්‍රී සමන්ත අරුණ කුමාර මහතාද අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ අනුරාධ ලංකා ජයරත්න මහතාට මහාමාත්‍යධුරය ලැබෙන්නේ නම් එයින් ගම්‍පොළ ජනතාවට යහපතක් සිදුවන්නේ යැයි තමා සිතන බවය.

කෙසේ වෙතත් මෙවර මැතිවරණය සමස්තයක් ලෙස ගත් කළ ඉතා සාධාරණ මැතිවරණයක් වුවත් මහනුවර මහා දිසාපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව දැඩි අප්‍රසාදය පළකරන බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ දිනයේදී දිසාපතිවරයා තෝරාගත් අපේක්ෂකයන් පිරිසකට වැඩි සැලකිල්ලක් දැක් වූ බවත් සමහර අපේක්ෂකයන්ට කච්ච්ෙරිය තුළට යෑමට ඉඩනුදුන් බවත් පවසන මන්ත්‍රීවරයා මේ තත්ත්වය ඡන්දයේ අවසන් ප්‍රතිඵලයට බලපෑ බවද සඳහන් කළේය. ඒ අනුව මහනුවර මහ දිසාපති ඇතුළු කාර්ය මණ්ඩලය පක්ෂග්‍රාහීව වැඩ කිරීම පිළිබඳව කනගාටුව පළකරන බවද ප්‍රකාශ කළේය. පක්ෂයේ තීරණය මත ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇති බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ ඉරුක වීරරත්න (එ.ජා.ප.) මහතා අග්‍රාමාත්‍ය ධුරය ගම්‍පොළට ලැබුණා සේම පළාත් සභා ක්‍රමය ආරම්භයේදී ප්‍රථම මහාමාත්‍ය ධුරය ගම්‍පොළට ලැබුණාසේ මෙවරත් මහාමාත්‍ය ධුරය ගම්‍පොළට ලැබෙයි කියා සිතන බව පැවැසීය.