Wednesday, 12 February 2014

ජේ.වී.පි යෙන් සැම ගෙදරකටම ෆේස්බුක් නොමිලේ

ජනතා විමුක්ති පෙරමුණේ 07 වන මහ සමුළුව පසුගියදා පැවැත්වූ අතර එහිදී අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ නව නායකයා ලෙස පත්විය.

එදින අනාගත ශ්‍රී ලංකාව දියුණු විය යුත්තේ කෙසේද යන්න පිලිබඳ ජනතා විමුක්ති පෙරමුණ විසින් සකස් කරන යෝජනාවලිය එළි දැක්වුනේ "අපේ දැක්ම" ලෙසිනි.

එය ඉදිරි කාලයේ ජනතා විමුක්ති පෙරමුණ යටතේ ආණ්ඩුවක් බිහිවුවහොත් ඔවුන් විසින් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිමාලාවයි. 


එම ප්‍රකාශනයේ 12 වන පිටුවෙහි දක්වා ඇත්තේ සියලු පුරවැසියන්ට අන්තර්ජාල පහසුකම නොමිලේ ලබා දෙන බවකි. අන්තර්ජාලය සම්බන්ධව එම ප්‍රකාශනයේ ඇති වගන්ති දෙක පහතින් වේ. 

විද්‍යා හා තාක්ෂණ 
  • තොරතුරු තාක‍ෂණය හා අන්තර් ජාලය පිළිබඳ අවබෝධය ලබාගැනීම හා ඒවා භාවිතය පුරවැසියාගේ අයිතියක් ලෙස පිළිගනු ලැබේ. 
  • සියළු පුරවැසියන්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයනු ලැබේ 

මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ගැටළු තිබිය හැකිවුවත් අනෙකුත් දේශපාලන පක්ෂද සිය ප්‍රතිපත්ති මාලාවන් සකස් කිරීමේදී එවන් යෝජනා සම්බන්ධව අවධානය යොමුකරන්නේ නම් තරුණ පරපුරේ ප්‍රසාදය දිනාගත හැකිවග පැහැදිලි කරුණකි.

මාතරදී අනර්කලී අකාර්ෂා මංගල සමරවීර ඉදිරිපිට වැද වැටෙයි...

රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය සහ ආශිර්වාදය ලබන අපේක්ෂකයා පහත හෙලමින් සම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ අපේක්ෂකයා මුල්තැනට ගෙනඒමවයඹ දේශපාලන පූර්වාදර්ශය' හෙවත් 'දයාසිරි තියරිය' මේ වන විට තදබල ලෙස මාතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.

මාතර දිස්ත්‍රික්කයේදී මෙසේ සම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ විරෝධතාවයට ලක්වී සිටින්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීපතම දේශපාලන හිතවතිය වන අනර්කලී ආකර්ශා මෙනවියයි. රාජපක්ෂවරුන්ගේ බලපෑම මත මාතර දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ නායක ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා අනර්කලී මෙනවිය මාතරට රැගෙන ගොස් ඇති අතර මේ වන විට ඔහු පවා ඇගෙන් දුරස් වෙමින් සිටී.

අනර්කලී ආකර්ශා මෙනවිය සහභාගිවන සෑම රැස්වීමක්ම කඩා කප්පල් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් කටයුතු කරමින් සිටින අතර ඇය රැස්වීම් ඇමතීමට නැගී සිටින වාරයක් පාසාම එක දිගට හූ කීමට මෙකී පිරිස් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ හේතුවෙන් අනර්කලී ආකර්ශා මෙනවිය බලවත් අපහසුතාවයකට පත්වී ඒ පිළිබඳව ජනාධිපතිවරයාට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පවා පැමිණිලි කොට ඇත. ජනාධිපතිවරයා අනර්කලීට පවසා ඇත්තේ දේශපාලනයෙදි ඔල්වරසන් වගේම හූවටත් පුරුදුවිය යුතු බවයි'. නමුත් ඒ පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අනර්කලී තමන්ගේ හිතවතියක් නිසා ඩලස් තමාගෙන් පලි ගැනීමට ඔහුගේ හෙංචයියන් ලවා ඇයට හූ කියවන බවයි. මේ තත්වය යටතේ ජනාධිපතිවරයාට අනර්කලී මෙන්ම තම පුත් නාමල්වද අස්වැසීමට සිදු වී ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කතාව ඇත්තක් බව මේ වන විට ඔප්පු වී ඇත. අනර්කලීට විරෝධය දක්වන පිරිස් හමුවේ ඩලස් අමාත්‍යවරයා පවසා ඇත්තේ ඡන්දය කියන්නේ ජනතාවගේ කැමැත්ත. ජනතාවට කැමති දේ කිරීමට නිදහසක් තිබිය යුතුයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ලක්ෂණයක්' කියාය. තමන් මාතරට කැන්දාගෙන ආ ඩලස් මන්ත්‍රීවරයා මෙසේ තමාට අකාරුණික ආකාරයෙන් සැලකීම පිළිබඳව කම්පාවට හා කළකිරීමට පත් වී සිටින පොදු පෙරමුණේ මැතිවරණ අපේක්ෂිකා අනර්කලී ආකර්ශා මේ පිළිබඳව ඊළඟට පැමිණිලි කොට ඇත්තේ ඇයගේ පලමුවෙනි දේශපාලන ගුරුවරයා වන හිටපු විදේශ අමාත්‍ය මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා වෙතටය. බලන්න සර්.... මේ මිනිස්සු මට රැස්වීමක කතා කරන්නවත් දෙන්නෑ. මගේ පෝසටර් ඉරනව. මගේ වාහනවල හුළං අරිනවා. මම මාතරට ඇවිල්ලා හරි මෝඩ කමක් කර ගත්තෙ. ඩලස් තමයි මේ සේරම කරන්නෙ. අනේ සර් මගේ කැම්පේන් එකට උදව් කරන්න. මට මේ දවස් ටිකේ ඉන්න තැනක් හොයල දෙන්න.' යනුවෙන් අනර්කලී ආකර්ශා මංගල අමතා පවසා ඇත.

Tuesday, 11 February 2014

මාතර එක්සත ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක අරුණ ගුණරත්නගේ වාහනය කහ ඉර මත අහින්සකය්කු යට කරයි

මනාප අංක ලබා ගැනීමෙන් පසුව මාතර දී අධික වේගයෙන් ධාවනය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක අරුණ ගුණරත්න මහතා ගේ මැතිවරණ කටයුතු සදහා යොදා තිබූ වාහනයක් මාතර ආසිරි රෝහල ඉදිරිපිට මගී පාර මාරුවන ස්ථානයේ දී අනතුරට පත් විය. කහ ඉර මත සිදු වූ මෙම අනතුරින් පසුව අංක පීසී 7956 දරණ ජීප් රථය මාතර පොලීසිය වෙත රියදුරා විසින් පදවාගෙන ගොස් ඇත. තුවාලකරු බරපතල තත්වයෙන් මාතර මහ රෝහලේ 4 වන වාට්ටුවට ඇතුලත් කොට ඇත. 

අරලියගහ මැදුරට රහසිගත 10 දෙනෙක් කැදවයි..

මෙම මැතිවරණයෙන් ආණ්ඩුව වැට්ටවීමේ කුමන්ත්‍රණයක් විපක්ෂය ක්‍රියාත්මක කර ඇතැයිද ඊට ඉඩ දිය නොහැකි යයි  ජනාධිපතිතුමා අරලියගහ මන්දිරයේ පැවැති රහසිගත සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

මෙම විශේෂ රහසිගත සාකච්ඡාව පසුගිය 09 වෙනිදා සවස 7.30ට පවත්වා ඇති අතර ඒ සඳහා ඡන්දය පවත්වන කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක හයේ දිසා ලේකම්වරුන් හය දෙනා සමග පොලිස්පති ඉලංගකෝන් මහතා ,හමුදාපති දයා රත්නායක මහතා  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂමහතා   ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක හිටපු මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ මහතා  ආදී සීමිත පිරිසක් කැඳවා තිබිණ. 

ඡන්දයකදී විපක්ෂය ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුව වැට්ටවීමට මිස ආණ්ඩුවේ ජය වෙනුවෙන් නොවන බවත්මෙහිදී සන්ධානය පරාජය කර එය රටේ ආණ්ඩුව වෙනස් කිරීමක් දක්වා ගෙනියන ලොකු කුමන්ත්‍රණයක් ඇතැයි පැවසූ 
ජනාධිපතිතුමා, ඊට ඉඩ තබන්නට එපා යැයි දිසා ලේකම්වරුනට පැවසීය.

තමා විසින් ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා එවන එජනිස මහජන සම්බන්ධතා නිලධාරීන් (පී.ආර්.ඕ) සමග එක්වී සියල්ල සංවිධානය කරන්නැයිද ඒ සඳහා මාර්තු 06 වෙනිදා යොදා ගන්නැයි මැදමූලන මරා සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවකට දිසා ලේකම්වරුන්ට උපදෙස් දුන්නේ ය. එම කටයුතු දිසා ලේකම්වරුන් පුද්ගලිකව සොයා බැලිය යුතු යැයිද පැවසීය. 
මෙහිදී පිටු 9 ක රහසිගත ලියැවිල්ලක් ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක හෙන්දාවිතාරණ 
මහතා විසින්  ජනාධිපතිතුමා වෙත යොමු කළේය. එහි සඳහන්ව තිබුනේ කුමක්දැයි රැස්වීමේදී හෙළි නොවුනි. 

"
අපේ මිනිස්සුන්ව හරස් කරන්න එපා. ආයිත් මට කියන්න ඉඩ තියන්න එපා"යි 
 ජනාධිපතිතුමා ලිස්පතිවරයාට පවසද්දී "මම ඒවාට "ඩී.ආර්.එෆ්.සී" ටීම් වෙන්කරලා තියෙනවා" යි ගෝඨාභය පැවසීය. ගෝඨා එම ටීම් පුද්ගලිකව සොයා බලනවා යයිද පැවසීය. කෙසේ නමුත් එකී "ඩී.ආර්.එෆ්.සී" ටීම් යනු මොනවාදැයි යන්න එතැන සිටි දිසා ලේකම්වරුන්ට තේරුම් ගොස් නැත.

සරන්ශගත උපුටා ගැනීම :- ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය  

Monday, 10 February 2014

ඇමති බැසිල් රාජපක්ෂගේ පම්පොරිය බොරු වෙයි.


ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසු ගිය දිනකදී කරන ලද ප්‍රකාශයක් වුයේ විරුද්ද පක්ෂයේ කිසිවකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ සන්ධාන රජයට නොගන්න බවය.එහෙත් ඒ කීම පැය 24 ක් ඉක්ම යන්නටත් මත්තෙන් බොරුවක් වී තිබේ.ඊට හේතුව වී තිබෙන්නේ මාතර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සංවිධායක කමක් හා ජනාධිපති සම්බන්ධිකරන ලේකම් කමක් ලබා දී ඇත. එමගින් බැසිල් රාජපක්ෂ් මැතිතුමාගේ ප්‍රකාශය බොරුවක් වී තිබේ.තවද ප්‍රේම සිරි මානගේ මහතාට මේම  තනතුරු දිම සම්බන්ධව දෙවිනුවර ආසනයේ පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජෙශ්ට්ට්යෝ රැසක් කලකිරී ඊයේ දින එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා හමුවී මෙමෙ පළාත් සභා මැතිවරණයේදී  එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීමට එකතුවන් බව ප්‍රකාශ කළහ .මේහිදී දෙවිනුවර දික්වැල්ල ප්‍රාදේශීය සභා වල ජෙෂ්ටටම මන්තිවරු 4 ක් සිටින බව වාර්තා වේ.මෙමෙ සිදුවීමෙන් දැඩි ලෙස කලබලයට පත් වී සිටින දෙවිනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රදාන සංවිධායක කාංචන විජේසේකර මැතිතුමා දික්වැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ට මරණ තර්ජන එල්ල කරන බවද වාර්තා වේ 

Saturday, 8 February 2014

අනර්කලිඅට විරුද්ධ අපි නෙවි සන්ධාන පක්ෂිකයෝමයි--නදීෂා හේමමාලි


ඊයේ දින නාර්කලි ආකර්ෂ මෙනවියට දෙනියේ ජනතාව හු කීම සම්බන්ධව අපෙක්සත් ජාතික පක්ෂ මාතර දිස්තික් අපේක්ෂික ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි මෙනවියෙන් කරුණු විමසා සිටියා.එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ කලාකරුවන්ට ජනතාව ආදරෙයි එත් ජනතාව රවටපු කලාකරුවන්ට ජනතාව සලකන්නේ බොරුකාරයනට සලකන විදියට,ඒ දේම තමයි අන්නර්කලි අකාර්ශා මෙනවියටත් සිදු වී තිබෙන්නේ,ඇය අඩු වයසින්ම ජනතාව රවට්ටා ඇති නිසා ජනතාව ඇය හෙළ දකින බවයි.එම නිසා මෙමෙ මැතිවරණයේදී ඇයට මෙවෙනි අපහසුතාවලට මුහුණ දී පරාජයට ලක්වන බවයි.එහිදී අප විමසා සිටියේ ඔබ ජයග්‍රහණය කරනවාද කියාය,එහිදී ඇය ප්‍රකාශ කලේ මම ජනතව රවට්ට නොමැති නිසා ජනතාව මාව  දිනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවලිමට කටයුතු කරනු ඇති බවයි.

දෙනියායේ ජනතාව අනාර්කලිට හු කියා එලවා ගනියි.

අද දින දෙනියායේ සංචාරයක නිරත වූ හිටපු පළාත් සභා මන්ත්‍රී අනර්කලී අකාර්ෂා මෙනවියට දෙනියායේ පල්ලේගම පාරේ ,මහා විද්‍යාලය අසලදී දෙනියායේ ජනතාවගෙන් නොනවත්වාම හු සංග්‍රයක් ලැබුණි.ඊට හේතුව වුයේ හිටපු  එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් දකුණු පළාත් සභා මන්ත්‍රී නිලංග හෙන්දවිතාරණ මැතිතුමා සහභාගී වීමට තිබු රැස්වීමකට බලහත්කාරයෙන් පැමිණීමට උත්සහ කිරීමත් සමගය.එම අවස්ථාවේ අනාර්කලි අකාර්ෂ මෙනවිය රථයෙන් බැසීමට සැරසුනත් රැස්වීමට සහබගී වීමට පැමිණ සිටි 800 ක පමණ ජනතාවගේ අකණ්ඩ හු ප්‍රහාරයකට ලක් වූ අතර,පසුව ඇය හා ඇයගේ පසු පස පැමිණි රථය ඉතා වේගයෙන් එම ස්ථානයෙන් ඉවත් වී ගියේය.මේ පිලිබදව ඇයගෙන් විමසීමට අප අයගේ දුරකථන අංකයට ඇමතු අවස්ථාවේ,එතුමියගේ පුද්ගලික ලේකම් චන්න යන පුද්ගලයා අපගේ වාර්තා කරුට බැන වදිම්ක්ද සිදුකොට තිබේ.එබැවින් ඇයගේ මෙම පහත්  ක්‍රියාව අප තරයේ හෙලා දකිමු   

Thursday, 6 February 2014

''මම තරහා ගස්සන්න එපා දකුණේ මහා ඇමති ඔයා නෙවෙයි චන්දිම...ඒක තීරණය කරන්නේ පක්ෂය" ජනාධිපතිතුමා චන්දිම රසපුත්‍රම්ට දොස් කියයි..

දකුණු පළාතේ මහා ඇමති වරයා වීම සදහා තමා සුදුසු බැවින් තමා මහා ඇමති අපේක්ෂක ලෙස නම් කරන්නයැයි,හිටපු දකුණු පළාත් ඇමති චන්දිම රාසපුත්‍ර මහතා ජනාධිපතිවරයා හමුවී ඉල්ලා තිබේ.එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශකොට ඇත්තේ ''මම තරහා ගස්සන්න එපා දකුණේ මහා ඇමති ඔයා නෙවෙයි චන්දිම,තියෙන ඇමති කමත් ජෙෂ්ටයකුට දෙන්නයි වෙන්නේ ...මේ හෙමදේම තීරණය කරන්නේ ඔය නොවෙයි පක්ෂය,ඒ හින්ද පක්ෂයේ තීරණයට හිස නමන්න." යනුවෙනි.ඊට හේතුව වී තිබෙනුයේ , හිටපු දකුණු පළාත් ඇමති ඩි.වී උපුල් මහතා දැනට පළාත් සභාවේ සිටින ජෙෂ්ටතමයා බැවින් ,දකුණේ මහා ඇමති තනතුර එතුමාට ලබා දීමට බොහෝවිට ඉඩ හසර පවතින බැවිනි.

උපුටා ගැනීම :- sfdevinuwara/facebook.com පිටුවෙනි 

කබර හුනා අල්ලන ක්‍රමය මෙන්න

ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව වනජීවී වෙළෙඳාම නැවතත් ඉතාම විනාශකාරී ලෙස පැතිරී යමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ. ඇලි කැස්බෑවෙකු පදනම් කරගනිමින් නටන්නට වූ නාඩගම පසුගිය දිනවල ජනමාධ්‍යවල විවිධ කතා මැවීම එහි එක් පරිච්ජේදයක් ලෙස හැඳින්විය හැකිය.

කවුරුන් කෙසේ කීවද ඒ තුළ සැඟවී ඇත්තේ මහා පරිමාණ වනජීවී ජාවාරමක නිරුවත බව පැහැදිලිය. ඒ අතරතුර දිවයින පුරා වනාන්තරවල කිඹුල් හූනන් සහ කබර හූනන් එකතු කිරීමේ ජාවාරමක්ද ව්‍යාප්ත වෙමින් පවතින බවටද විවිධ තොරතුරු ලැබෙමින් පවතී.
කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව මුස්ලිම් මන්ත්‍රීවරයෙකුගේ ඥාති පුත්‍රයෙකු විසින්ද දෙනියාය ප්‍රදේශයේ ජනාධිපති සහකාර ‍ලේකම්වරයෙකුගේ ඥාතියෙකු විසින්ද මේ ආකාරයෙන් හූනන් මිලදී ගැනීමේ නිරතවී සිටින බව ඇසේ. නමුත් එය කුරුණෑගල හෝ දෙනියායට පමණක් සීමා වූ ජාවාරමක් නොවන බව හැඟෙන්නේ පසුගිය මාස කිහිපය ඇතුළත දිවයින පුරාම විවිධ ප්‍රදේශවලින් මෙම වනජීවී ජාවාරම පිළිබඳව කසුකුසුව ඇති වීමෙනි. 

මේ පසුපස සිටින දේශපාලන ශක්තිවන්තයින් නිසා මෙම ජාවාරම පිළිබඳව බලධාරීන්ටද නෑසුණු කන් ඇතිව සිටින්නට වී ඇතිද යන සැකයද මතුවන්නේ මෙවැනි ජාවාරමක් පිළිබඳව තවමත් වනජීවී සංරක්ෂණ, රේගු වැනි නියාමන ආයතනවලට කිසිදු ශක්තිමත් වැටලීමක් සිදුකිරීමට නොහැකි වී ඇති බැවිනි. 

ශ්‍රී ලංකාව තුළ වනජීවී හා සත්ව කොටස් වෙළෙඳාම නීති විරෝධී ධනෝපායන මාර්ගයක් ලෙස පැතිරී යන්නේ අද ඊයේ සිට නොවන බව තතු දන්නෝ දනිති. සත්ව හා ශාක කොටස් මෙන්ම සජීවී සතුන්ට මේ ආකාරයෙන් ස්වභාවික පරිසරවලින් අල්ලා කූඨ ලෙස රට පැටවීමට කටයුතු කළ ආකාරය පිළිබඳව පසුගිය කාලයේ ද අසන්නට ලැබුණි. විශේෂයෙන් මෙරටට ආවේණික ඉතා අලංකාරවත් වර්ණ රටාවක් සහිත විසිතුරු මත්ස්‍ය විශේෂ විදෙස් වෙළෙඳ‍පොළවලට යැවීම එහි එක් කොටසක් ලෙස හැඳින්විය හැකිය. ස්වභාවික පරිසරයෙන් මහා පරිමාණයෙන් මෙවැනි දුර්ලභ ආවේණික මිරිදිය මසුන් ඇල්ලීම නිසා ඇතැම් වාසභූමි වලින් සදහටම එම මිරිදිය මසුන් වඳවී ගිය ආකාරය පිළිබඳවද ඕනෑතරම් තොරතුරු තිබේ. එතරම් මහාපරිමාණ විනාශයක් සිදුකරමින් ද අපනයනය කෙරුණු මිරිදිය මසුන්ගෙන් රටට හිමි වූයේ සොච්චම් විදේශ විනිමය ප්‍රමාණයක් වීම නිසා සිදුවූයේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නට බවද අවධාරණය කළ යුතුය. 

එසේම කෙටල, අතිඋඩයන් වැනි ජලජ ශාකද මේ ආකාරයෙන්ම විනාශකාරී ලෙස ස්වභාවික පරිසර පද්ධතිවලින් ඉවත් කර ගෙන ඇතැම් විට වගා කර අපනයනය කරන බවට ව්‍යාජ කරුණු හුවාදක්වමින් රට පැටවූයේ ඉතාම තුච්ච ආකාරයටය. 

අද වන විට හූනන් පාදක කරගනිමින් ද ගොඩනැගී ඇත්තේ එම ජාවාරමේම තවත් කොටසකි. ඖෂධීය සංයෝග සඳහා මෙම හූනන් අල්ලාගෙන අපනයනය කිරීමට කටයුතු කරන බව කීවද මෙවැනි විනාශකාරී ජාවාරම් නිසා ඉතා බරපතළ පාරිසරික විනාශයන් සිදුවන බව නොකිවමනාය. විශේෂයෙන්ම විශේෂිත සත්ව කොටසක් මිලදී ගැනීමට ජාවාරම්කරුවන් ඉදිරිපත් වුවද තමන්ට ලැබෙන මුදලට වහල් වී ජනතාව ඉවක් බවක් නොමැතිව තමන්ට හසුවන සියලු සතුන් එක් රැස් කර රැගෙන ඒමට පෙළඹෙයි. එමගින් එම පරිසර පද්ධතිවලින් සතුන් විශාල වශයෙන් ඉවත් වී එහි ෙජෙව සමතුලිතතාවය බිඳ වැටෙයි. 

සතුන් ගහනය ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් ගහනය පවත්වා ගෙන යාමට සිටිය යුතු අවම සංඛ්‍යාව හෝ නොමැති වීමෙන් ඉතා කෙටි කලක් ඇතුළත සත්ව විශේෂ වඳ වී යාමටද පටන් ගනී. තවද විශේෂයෙන් ජාවාරම්කරුවන්ගේ ආකර්ෂණය දිනාගනු ලබන්නේ ප්‍රමුඛව වර්ණ රටා සහිත, විශාල, නිරෝගී වනජීවීන් වන බැවින් ඔවුන් ගහනයෙන් ඉවත් වී යාම අදාළ ජීවී විශේෂයේ පැවැත්මට ඉතා බරපතළ ලෙස බලපායි. 

තමන්ගේ මව හෝ විකුණා මඩිය තරකර ගැනීමට තරම් සමහර ශ්‍රී ලාංකිකයින් පත්ව තිබිම ඉතාම කනගාටුදායක තත්ත්වයකි. අතීතයේ සමාජ ආර්ථික මිණුම් දඬු අනුව දරිද්‍රතාවයේ පහළ මට්ටමක සිටි ජාතියක් ලෙස හෝ මෙතරම් අවිනීත ආකාරයෙන් මුදල් පසුපස හඹා යන්නට ජනතාව පෙළඹුණේ නැත. නමුත් අද වන විට ආර්ථික සංවර්ධන නිර්නායකවල ඉහළට පැමිණ සිටින තත්ත්වයක් තුළ බළලුන් මරා හෝ මුදල් ඉපයීමට ඇතැම් පුද්ගලයින් නිර්ලජ්ජිත වී තිබිම පිළිකුල් සහගතය.

සජීවී සතුන් හා එම සතුන්ගේ කොටස් හා ශාක කොටස් අපනයනය කිරීම ලෝකයේ මහා පරිමාණ නීති විරෝධී ජාවාරමක් බව කිව යුතු නොවේ. එමගින් වාර්ෂිකව ජනනය කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන ගණනකි. ජාන සම්පත් මංකොල්ලයද ඒ අතර වෙයි. මහාපරිමාණ බහුජාතික සමාගම් අප වැනි අධික ෙජෙව විවිධත්වයක් සහිත දුප්පත් රටවලට ඉව අල්ලන්නේ එකී ජාන සම්පත් කොල්ලකා ගැනීමටය. දේශීය බුද්ධිමත් ප්‍රජාවද එකී ජාවාරම්කරුවන්ගේ අතකොළු බවට පත්වී මෙරටට අනන්‍ය ෙජෙව සම්පත් බහුජාතික සමාගම්වලට ලබාගැනීමට මග පාදන බව නොකිවමනාය. එවැනි ජාන සම්පත්වලට අයත් පේටන්ට් බලපත්‍ර මගින් එකී බහුජාතික සමාගම් උපයන වාර්ෂික ආදායමට අපගේ රටවල දළ ජාතික නිෂ්පාදිතයෙන් ලබන ආදායම වඩා කිහිප ගුණයක් විශාලය. නමුත් මෙම ලෝක පරිමාණ ජාවාරමට මුහුණදීමට අපට තවමත් නොහැකි වී ඇත.

ශ්‍රී ලංකාවේ උරග සම්පත් අයථා ආකාරයෙන් විදේශගත කර තම මඩිය තරකර ගැනීමටද පටු අවස්ථාවාදීන් කටයුතු කළ ප්‍රථම හෝ අවසාන අවස්ථාවද මෙය නොවන බව කිව යුතුය.
වරක් හිතවත් පරිසර සංරක්ෂණවේදියෙකු ප්‍රකාශ කළේ ලොව විශාලතම උරග අලෙවි ‍පොළක් වන ජර්මනියේ ඩ්චථථ ජ්චඪප හිදීද ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ කටුසු විශේෂ තුනක සජීවී සතුන් අලෙවිය පිණිස තබා තිබූ බවය. ගැටහොඩු කටුස්සන් කිහිප දෙනෙකු , කුරු බෝදිලිමුන් කිහිප දෙනෙකු සහ කඟමුව අං කටුසු පැටවෙකු ඒ අතර වූ බව කියවුණි. ඒ අතරින් ගැටහොඩු කටුස්සන් කුමන හෝ ආකාරයකින් විදෙස් රටවලට ගෙන ගොස් කෘත්‍රිමව දෘෂ්‍යාජනනය කර සුරතල් සතුන් ලෙස අලෙවි කරන බව ප්‍රසිද්ධ රහසක් බවට පත් වී ඇත.

2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත අනුව නීතිමය ආරක්ෂාව ලබා ඇති මෙම කටුසු විශේෂවල පැවැත්මට බාධා එල්ල වන කුමන ආකාරයේ හෝ අකටයුත්තක් සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වුවද මේ ආකාරයෙන් එම සතුන් හොර රහසේ රට පැටවීම විමතියට කරුණකි. අප ඉහත සඳහන් කළ කටුසු විශේෂවලට අමතරව තවත් බොහෝ දේශීය හා ආවේණික වනජීවීන් අප නොදැනුවත්වම විදෙස් රටවලට රැගෙන යාමට විවිධ පාර්ශ්ව කටයුතු කරන බව පරිසර ක්ෂේත්‍රය ගැන උනන්දුවක් ඇති බොහෝ දෙනෙකුට රහසක් නොවන බව අපි සිතමු. මෙරට රේගු දෙපාර්තමේන්තුවේ ෙජෙව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ ඉතා කාර්යශූර නිලධාරීන් සිටින බවද පැහැදිලි කරුණක් නමුත් මේ ආකාරයෙන් අපේ ෙජෙව සම්පත් ඒ සියල්ලන්ටම හොරා රට පැටවීමට හැකි වී ඇත්තේ මෙම යාන්ත්‍රණයේ ඇති යම් කිසි අඩු පාඩුවක් නිසාද යන්න සොයා බැලීම ඒ සෑම සියලු දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය.


එසේම මෙරට සංචාරක කර්මාන්තයේ නියැළී සිටින මාර්ගෝපදේශකයින් හා ස්වභාවවේදීන්ද මෙම කරුණ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව අපි සිතමු. තමන් සමග සංචාරය කරන සංචාරක නඩය විසින් කරන කියන දෑ පිළිබඳව මනා සිහිනුවණින් යුතුව සිටීම හා අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම ඔවුන්ගේ වගකීමකි. එසේ නොකරන විදේශිකයින්ගේ මුදල් හෝ වෙනත් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් අපට ආවේණික ෙජෙව උරුමයන් ඔවුන්ට බිලිදී මල්ල පුරවා ගැනීමට ඔවුන් කටයුතු කළහොත් එය සැබැවින්ම ඔවුන් ස්වකීය විනාශය තමන් විසින්ම සිදුකර ගන්නෝ බව අවධාරණය කළ යුතුය. ඒ මන්ද යත් ඔවුන්ගේ රැකියාව මෙන්ම අනාගතයද රැඳී ඇත්තේ මෙම ආකර්ෂණීය වනාන්තර හා වනජීවී සම්පත් වල සුරක්ෂිත බව මත වන බැවිනි. මේ සම්බන්ධ සියලු වගකිව යුතු පාර්ශ්ව තම වගකීම් හා යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීමට වගබලා නොගතහොත් නොබෝ දිනකදීම මෙම දුර්ලභ හා ආවේණික වනජීවී සම්පත් අධික මිලට පිටරටවල සිට මව් රටට ආනයනය කිරීමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ. 

සුපුන් ළහිරු ප්‍රකාශ්

Monday, 3 February 2014

ආයුර්වේද ලොක්කෝ දෙන්නෙක් බස්නාහිර එකට පොර කති.

රජයේ ආයුර්වේද වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන නිලධාරින් දෙදෙනාම මෙවර පළත් සභා මැතිවරණයට,ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් ඉදිරිපත් වන බව මේ වනවිට තොරතුරු වාර්තා වේ.මේ පිලිබදව තව දුරටත් විස්තර ඉදිරියේදී ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.