ශ්රී ලංකාවේ විදේශ සේවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියක් බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු ඒ බව සඳහන් කළේ, විදේශ සේවය සඳහා අනුයුක්ත කර ඇති දේශපාලන ඥාති, හිතමිත්‍රාදීන්ගේ නම් ද හෙළි කරමිනි.
එම නම් පහත දැක්වේ.
1. සරත් කෝන්ගහගේ – තානාපති ජර්මනිය
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙස කලක් කටයුතු කළේ ය.
2. නාවලගේ බැනට් කුරේ – තානාපති ඉතාලිය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොලොන්නාව හිටපු සංවිධායකවරයෙකි.
4. ගාමිණී රාජපක්ෂ – තානාපති ජෝර්දානය
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.
5. එච්.ආර්. පියසිරි – තානාපති මියන්මාරය
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.
6. බුද්ධි ආතාවුද – තානාපති නෙදර්ලන්තය
ඇමති ආතාවුද සෙනෙවිරත්නගේ පුතා
7. උදයංග වීරතුංග – තානාපති රුසියාව
??ගේ ඥාතියෙකි.
8. ජාලිය වික්‍රමසූරිය – තානාපති අමෙරිකා එක්සත් ජනපදය
??ගේ ඥාතියෙකි.
9. ඩික්සන් දෑළ – මහ කොමසාරිස් මාලදිවයින
දළදා මලිගාවේ බස්නායක නිලමේ ප්‍රදීප් නිලංග දෑළගේ පියා
10. A.S.P. ලියනගේ – තානාපති නයිජීරියාව
දේපොළ වෙළඳාම්කරුවෙකි.
11. ඕෂධී අලහප්පෙරුම – තානාපති ස්වීඩනය
ඇමති ඩලස් අලහප්පෙරුමගේ බාල සොහොයුරා
12. භාරතී විජේරත්න – තානාපතිනි තුර්කිය
හිටපු ඇමති මනෝ විජේරත්නගේ බිරිඳ
13. ආචාර්ය ඉවෝන් අමරසිංහ – තානාපති වියට්නාමය
??ගේ සමීපතම මිතුරෙකි.
14. ශ්‍රීමාල් වික්‍රමසිංහ – නියෝජ්‍ය ප්‍රධානී වියානා
?? මැතිතුමියගේ සොහොයුරා
15. වරුණ ඈපාසිංහ – වොෂිංටන් තානාපති කාර්යාලය
රජයේ උපදේශකවරයෙකුගේ පුතෙකි.
16. කරුණාරත්න පරණවිතාන – කොන්සල් ජනරල් කැනඩාව
රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකි. මැතිවරණයකට ඉදිරිපත් වී පරාජයට පත්වූවෙකි.
17. ඩබ්ලිව්.කේ.එස්. දිසානායක – පළමු ලේකම් අබුඩාබි
?? ඥාතියෙකි.
18. ලලිත් යූ. ගමගේ – ඉන්දුනීසියානු තානාපති කාර්යාලය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයෙකි.
19. එච්.එන්.බී. රත්නායක – දෙවන ලේකම් රුසියාව
අමාත්‍ය සී.බී. රත්නායකගේ පුතා
20. ලයනල් ප්‍රේමසිරි – නියෝජ්‍ය මහ ලේකම් කැනඩාව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිටපු සංවිධායකවරයෙකි.
21. හර්ෂණ හේරත් – දෙවන ලේකම් සිංගප්පූරුව
සබරගමුව මහ ඇමති මහීපාල හේරත්ගේ පුතා
22. චමිත්‍රි රඹුක්වැල්ල – දෙවන ලේකම් නිව්යෝර්ක්
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය
23. මුතූ පද්මකුමාර – දෙවන ලේකම් ලන්ඩන්
ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාරගේ දියණිය
24. වෛද්‍ය කෝටින් වෛද්‍යරත්න – ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය
?ගේ බිරිඳ
25. ජේ.එම්. බණ්ඩාර – දෙවන ලේකම් කුවේට්
26. ඩික්සන් ජේ. පෙරේරා – කොන්සල් ජනරල් නේපාලය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්
27. එම්.අයි. කුඩුකේවත්ත – පළමු ලේකම් බීජිං
ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ දියණිය
28. රත්න රණවීර – දෙවන ලේකම් කැන්බරා
ජනාධිපති අතිරේක ලේකම්වරයාගේ දියණිය