ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Monday, 15 September 2014
ඇමති නිමල් සිරිපාල අත්තඩන්ගුවට...?
ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ සම්බන්ධිකරණ ලේකම් වරයකුගේ අත්සනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති නිලධාරින්ට් යැවූ ලිපියක් පහත දැක්වේ.එමගින් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිළිබද තොරතු ලබා,ඔවුන්ට යම්කිසි අනතුරක් කිරීමේ සේයාවක් බදුල්ල දිස්ත්‍රික්කය තුලින් මතු වී තිබේ .මේ පිලිබදව මැතිවරණ කොමසාරිස් වරයා නිහඩ පිලිවතක් අනුගමනය කරන බව ද හට පෙනී යයි.
Wednesday, 10 September 2014
මෙන්න ඔබ නොදන්නා රිදමා කපුගේගෙ කෙරුවාව
විශාරද ගුණදාස කපුගේ නම් වූ ඒ විශිෂ්ට ගායකයා ඔබට කිසිසේත් අමතක නැතුව ඇති. ඔහු පිළිබදවත් ඔහුගේ ගායන හැකියාව පිළිබදවත් සමාජයේ කතාබහ වූවාට කපුගේ මහතාගේ පවුලේ තොරතුරු ඔහු මිය යනතුරුම සමාජයේ කතාබහ වූයේ නැහැ.
කපුගේ මහතාගේ ඇවෑමෙන් ඔහුගේ පුත් මිත‍්‍ර කපුගේ මහතා පියාගේ අඩිපාරේ යාම නිසා ඔහු පිළිබදව කතාබහ වූවාට කපුගේ මහතාගේ දියණිය පිළිබදව බොහෝ දෙනා දන්නේ නැහැ.
මේ වන විට විදෙස් ගතව සිටින ඇය නමින් රිද්මා කපුගේ වනවා.රූපලාවන්‍ය කටයුතුවලට වැඩි හැකියාවක් දක්වන රිද්මා මේ වන විට රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යයි.
හලාවත උප නගරාධිපති ඇමති රාජිත සේනාරත්නට හු කියයි
හලාවත
මෝය කට සකස් කිරීම සම්බන්ධයෙන් හලාවත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (09)
පැවති සාකච්ඡුාවකදී ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට ප‍්‍රදේශයේ
ධීවරයන්ගෙන් සහ ප‍්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවුණා. එම විරෝධය
හමුවේ සාකච්ඡාව අතරමග නවතා අමාත්‍ය රාජිත සේනාරත්න එම ස්ථානයෙන් පිටව ගොස්
තිබෙනවා.
හලාවත
මෝය කට සකස් කිරීම සහ ප‍්‍රදේශයේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් වන ගැටලූ පිළිබඳවයි
මෙම සාකච්ඡාව පැවැත්වුණේ. මෙම සාකච්ඡාවට ධීවර සමිති සාමාජිකයින්ට ආරාධනා කර තිබුණේ
නැහැ.
කෙසේ
වෙතත් සාකච්ඡාව අතරතුර ප‍්‍රදේශයේ ධීවර සමිති සාමාජිකයින් සහ ප‍්‍රාදේශීය
දේශපාලඥයින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුලූ වී සාකච්ඡාව පැවති ස්ථානයට
පැමිණියා. එහිදී ඔවුන් ප‍්‍රකාශ කළේ හලාවත මෝය කටේ වැලි පිිරීම හේතුවෙන් ධීවර යාත‍්‍රාවලට
සිදුවන අනතුරු වළක්වාගැනීමට හැකි ආකාරයෙන් මෝය කට සකස් කර දෙන ලෙසයි. එසේම හලාවත -
අඹකඳවිල ප‍්‍රදේශයේ තහනම් පන්න ක‍්‍රම භාවිතා කරමින් මසුන් ඇල්ලීම සිදුකරන බවත් එය
වළක්වා දෙන ලෙසත් ධීවරයන් ඉල්ලා සිටියා. එහෙත් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඒ
පිළිබඳව නිසි අවධානයක් යොමු කළේ නැහැ. එහිදී ධීවරයන් අමාත්‍යවරයාට දැඩි විරෝධයක්
පළ කළා.
ධීවරයින්ගේ
විරෝධතාව නිසා සාකච්ඡාව අතරමග නවතා දමා ධීවර අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටවූ අතර
ඉන් පසුව හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ප‍්‍රදේශයේ ධීවරයින් කිහිපදෙනෙක්
කියා සිටියේ ධීවර අමාත්‍යවරයා තම ගැටළුවලට කිසිදා ස්ථිර විසඳුමක් ලබා නොදුන් බවයි.
ඔහු තම වගකීම පැහැර හරිමින් විවිධ පාර්ශව වෙත ගැටළුව යොමු කරන බවට ඔවුන් චෝදනා
කළා.
ධීවරයින්
සමග එක්වී හලාවත නගර සභාවේ උප සභාපති සුසන්ත සංජය ද, ධීවර
අමාත්‍ය රාජිත සේනාරත්නට එහිදී විරෝධය පළ කිරීම විශේෂත්වයක්.
මහින්ද රාජපක්ෂ මහතා පුටුවෙන් බස්සන මන්ත්‍රය මෙන්න
ආදරය කම්හලක හදන්න බැහැ. දයාව කිරලා දෙන්න බෑ. පාරවල් හදන එක පහසු දෙයක්. පාරවල් කාපට් කරන එකත් පහසු දෙයක්. හැබැයි මිනිසුන්ගේ හිත්වල තියෙන කුහකකම් නැති කරන එක ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඒ තරමට අද වන විට මේ රටේ ආධ්‍යාත්මික සංවර්ධනය විනාශ වෙලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමැති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
පසුගියදා පස්සර නගරයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවකදී ඔහු එසේ පැවසීය.
පසුගියදා පස්සර නගරයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවකදී ඔහු එසේ පැවසීය.
සමන්ත විද්‍යාරත්න මහතා තවදුරටත් මෙසේ පැවසීය.
මේ ආණ්ඩුව අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපොළවල් හැදුවේ දකුණේ. ඇවිදින මන්තීරු හැදුවේ බස්නාහිර පළාතේ. ඌවට කරපු දෙයක් නැහැ. බදුල්ල - මඩකලපුව පාර ඒ - 5 මාර්ගයක්. ඒත් කාපට් කරලා නෑ. හැබැයි දකුණේ කැලෑ කාපට් කරනවා. පස්සර හෝ බදුල්‍ලේ එකම කර්මාන්ත පුරයක්වත් නෑ. දැන් ඌවේ ජනතාව මේ ආණ්ඩුව මට්ටු කරන්න සූදානම් වෙන්න ඕනි. දැන් ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එකිනෙකා බිලි බා ගන්නවා. මොකද ඌව පළාත් සභාව පැරදුණොත් ලබන වසරේදී එන ජනාධිපතිවරණයත් පරදින බව ආණ්ඩුව හොඳටම දන්නවා.
මේ ආණ්ඩුව අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපොළවල් හැදුවේ දකුණේ. ඇවිදින මන්තීරු හැදුවේ බස්නාහිර පළාතේ. ඌවට කරපු දෙයක් නැහැ. බදුල්ල - මඩකලපුව පාර ඒ - 5 මාර්ගයක්. ඒත් කාපට් කරලා නෑ. හැබැයි දකුණේ කැලෑ කාපට් කරනවා. පස්සර හෝ බදුල්‍ලේ එකම කර්මාන්ත පුරයක්වත් නෑ. දැන් ඌවේ ජනතාව මේ ආණ්ඩුව මට්ටු කරන්න සූදානම් වෙන්න ඕනි. දැන් ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එකිනෙකා බිලි බා ගන්නවා. මොකද ඌව පළාත් සභාව පැරදුණොත් ලබන වසරේදී එන ජනාධිපතිවරණයත් පරදින බව ආණ්ඩුව හොඳටම දන්නවා.
එක්සත් ජාතික පක්ෂයේ දිනනවා යැයි හැඟෙන මන්ත්‍රීවරු අරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න මේ අය දැන් ගිවිසුම් ගහනවා. එක්සත් ජාතික පක්ෂයේ 67ක් එකවර ආණ්ඩුවට පැන්නා. විජමු පැන්නා. ඊට පස්සේ පුතා පාර්ලිමේන්තු ගියා. ලක්ෂ්මන් සෙනෙවිරත්න පක්ෂයෙන් පනියි කියලා මම මීට පෙර පස්සර රැස්වීමකදී කිව්වා. එයාට ඡන්දය දෙන්න එපා කියලත් කිව්වා. මොකද වුණේ ? යූ.එන්.පී. පිරිස් ලක්ෂ්මන් පාර්ලිමේන්තු යැව්වා. දැන් එයා මහින්දගේ ළඟ.
මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕන. ඔබලාගේ හැඟීම වැරදි තැනකට යවන්න එපා. මහින්ද මහතා එජාපයේ ලොක්කන්ට හොඳට සලකනවා. නිදහස් පාක්ෂිකයෝ තළ තළා හිටිය ලක්ෂ්මන්ට ඇමැතිකමකුත් දුන්නා. විමල් වීරවංශ කිව්වා. අපි ආණ්ඩුවෙන් ඉවත්වී ඌවට තරග කරනවා කියලා. බදුල්‍ලේදී වෙන්වුණා. මොනරාගලදී එක්වුණා. බදුල්‍ලේදී මහින්ද මහතා නරකයිලු. මොනරාගලදී මහින්ද හොඳයිලු.
මුස්ලිම් ඡන්ද ගලවලා සන්ධානයට වාසි ගන්න මහින්ද මහතා හකීම්ටත් කොන්ත්‍රාත් දීලා. හකීම් ආණ්ඩුවට විරුද්ධ නම් ඇමැතිකම් දාලා එළියට බහින්න ඕන. මේ සත්‍ය තේරුම් ගන්න ඕන. දැන් සන්ධානයේ පළු එකින්නෙක ගැළවෙනවා. හෙළ උරුමයත් වෙන් වෙලා. රට අඳුරට. අගාධයට ගෙන යන මේ ආණ්ඩුව ගේම් ගහලා දිනන්න උත්සාහ කරනවා. මේක නවත්තන්න බැරි වුණොත් මේ රටට අනාගතයක් නැහැ. ඒ නිසා දැන් මහින්ද මහතා ආසනයෙන් බස්සන්න ඕනෑ. ලංකාවේ දේශපාලන කුණු ඔක්කොම එකතු වෙන්නේ සන්ධානෙට. හැබැයි මේ ආණ්ඩුවට ජවිපෙ කාරයෝ නම් බිලි බා ගන්න වෙන්නේ නෑ. අපේ පක්ෂය ප්‍රතිපත්තිගරුකයි. විනය ගරුකයි. ඕනෑම ආයතනයක හෝ ගෙදරක අපද්‍රව්‍ය බැහැර කරනවා. අපේ පක්ෂයේ විමල් වීරවංශටත් අපි ඒ දේ කළා.
68 වෙනි සංවත්සරයෙන් පසු සජිත් ප්‍රේමදාස කරන අරුම පුදුම කතාව
තමනට
තනතුරු සම්බන්ධයෙන් හෝ පුහු ආටෝපයන් ගැන ප‍්‍රශ්ණයක් නැතැයි එජාප හම්බන්තොට දිස්ත‍්‍රික්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදසා මහතා පවසයි.
හම්බන්තොට
ප‍්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
පක්ෂයේ
හැටඅට වැනි සංවත්සරයෙන් පසුව පාක්ෂිකයන්ගේ විශාල ප‍්‍රබෝධයක් ඇතිව තිබෙන බවත් පටු
වාද භේද පිටුදැක සියලූදෙනා අත්වැල් බැදගෙන ඉදිරියට යා යුතු කාලය පැමිණ ඇති බවත්
වත්මන් ආණ්ඩුව පලවාහැර වඩාත් ජනතා හිතවාදී නව පාලනයක් ගොඩනගාගැනීමට රට පුරා සැබෑ
උනන්දුවක් ඇතිවෙමින් තිබෙන බවත් ඒ බව එක්සත් ජාතික පාක්ෂිකයා තුළ ගොඩනැගී ඇති
උනන්දුවෙන් පෙනී යන බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඌව නි.පොලිස්පතිට අසුචි ප්‍රහාරයක්...,කැෆේ මුලික වෙයි
ඌව
පළාත් මැතිවරණයට අංක තහඩු රහිත වාහන හෝ ගරාජ් අංක සහිත වාහන යොදා නොගන්නා බවට ඌව
නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ඊයේ (9දා)
මොනරාගලදී පැවැති මාධ්‍ය සකච්ඡාවකදී ප්‍රකාශ කළ අතර, එයට
පිළිතුරු දෙමින් එවැනි වාහන කිහිපයක ඡායාරූප කැෆේ සංවිධානය විසින්මාධ්‍ය වෙත
නිකුත් කර තිබේ.
‘කළු
පාට, සුදු පාට ඩිෆෙන්ඩර් මොනරාගල නෑ’ යනුවෙන්
නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවත්, ඊයේ (9දා)
ලුනුගල - පස්සර පාර, පස්සර ක්‍රීඩාංගනය සහ බදුල්ල නගරයේදී මෙම
ගරාජ් අංක සහිත රථයක් දක්නට ලැබුණ බව
කැෆේ සංවිධානය කියයි.
එසේම
සැප්. 8 වැනිදා සී 2014-2015 දරණ
නිසාන් වර්ගයක් මොනරාගල පොලිස් ස්ථානය ඉදිරිපිට තිබුණ බවත් කැෆේ සංවිධානය පවසයි.
මුස්ලිම් අන්තවාදය එපා,අපි අරාබියේ ඉස්ලාම් කාරයෝ නෙවි.---මොහොමඩ් මුසම්මිල් - ජාතික නිදහස් පෙරමුණ
මුස්ලීම් ගෑණු ළමයින් රජරට විශ්ව විද්‍යාලය තුළදී මූණ වහගන්න එක අනිවාරය
කරමින් මුස්ලීම් අන්තවාදීන් විසින් සිදුකරන අරාබිකරනයට එරෙහිව ජාතික
නිදහස් පෙරමුණේ (විමල් වීරවංශගේ පක්ෂය) මොහොමඩ් මුසම්මිල් විසින් සිදුකරන
ලද ප්‍රකාශය මෙන්න.
"අපේ රටට ඉස්ලාම් ආගම ආවේ අරාබිකරයෙන් නෙමෙයි. අපේ රටට ඉස්ලාම් ආගම පැමිණියේ ඉන්දියාව හරහායි.... අපිට කළින් පරම්පරාවේ අය මුහුණ වහගෙන හිටියෙ නෑ. ඒ කාලේ සිංහල මිහිහයි ඉස්ලාම් මිනිහයි වෙන් කිරීමේ සාධකයක් විදිහට ඇඳුම පත් වුණේ නෑ. එනිසා මැදපෙරදිගකරනය කරන්න උත්සාහ දරන අන්තවාදීන් නිසා අමාරුවේ වැටෙන්නෙත් සාධාරණ මුස්ලීම් මිනිස්සුමයි. අද බලහත්කාරයෙන් මැදපෙරදිගකරනයක් කිරීමට සමහර කුඩා කල්ලි කණ්ඩායම් උත්සාහ දරනවා. මේකට සමහර මෝඩ, බුද්ධිමත් භාවයකින් තොරව කල්පනා කරන සමහර අය මේ ක්‍රියාවලට හසු වෙනවා." - මොහොමඩ් මුසම්මිල් - ජාතික නිදහස් පෙරමුණ
"අපේ රටට ඉස්ලාම් ආගම ආවේ අරාබිකරයෙන් නෙමෙයි. අපේ රටට ඉස්ලාම් ආගම පැමිණියේ ඉන්දියාව හරහායි.... අපිට කළින් පරම්පරාවේ අය මුහුණ වහගෙන හිටියෙ නෑ. ඒ කාලේ සිංහල මිහිහයි ඉස්ලාම් මිනිහයි වෙන් කිරීමේ සාධකයක් විදිහට ඇඳුම පත් වුණේ නෑ. එනිසා මැදපෙරදිගකරනය කරන්න උත්සාහ දරන අන්තවාදීන් නිසා අමාරුවේ වැටෙන්නෙත් සාධාරණ මුස්ලීම් මිනිස්සුමයි. අද බලහත්කාරයෙන් මැදපෙරදිගකරනයක් කිරීමට සමහර කුඩා කල්ලි කණ්ඩායම් උත්සාහ දරනවා. මේකට සමහර මෝඩ, බුද්ධිමත් භාවයකින් තොරව කල්පනා කරන සමහර අය මේ ක්‍රියාවලට හසු වෙනවා." - මොහොමඩ් මුසම්මිල් - ජාතික නිදහස් පෙරමුණ
සමහර දේශපාලඥයින් මෙන්ම සමහර චීවරධාරීන් පවා තවමත් මුස්ලීම්
අන්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින බව ඔබට මතක ඇති. එහෙත් මේ වන විට සමහර මුස්ලීම්
දේශපාලඥයින් පවා මුස්ලීම් අන්තවාදය විවේචනය කරන තැනට පැමිණ තිබීම ඔබ අප මෙතුවක් කල් ගෙන ගිය අරගලයේ ඓතිහාසික ජයග්‍රහණයකි.
සුපිරි බංගලාවේදී නදීෂා හේමමාලිට ලැබුණු සුවිශේෂී සැප
පසුගිය සතියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝසි සේනානායක මහත්මිය ඌව මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ දැඩි ඉල්ලීම මත ඔහුගේ ඡන්ද කටයුතු සඳහා බදුල්ලේ නතර විය.
ඒ වෙනුවෙන් හරීන් ප්රනාන්දු මහතා තමන්ට අයත් සුඛෝපභෝගී බංගලාවක විශේෂ පහසුකම් රැසක් රෝසි මහත්මියට සලසා තිබුණද ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මේ සතිය වනවිට ඌවෙන් වාර්තාවන්නේ දකුණු පළාත් සභාවට තරඟ වැදුණු රංගන ශිල්පිණී නදීෂා හේමමාලි මෙනවිය බදුල්ලේ හරීන් වෙනුවෙන් මැතිවරණ කටයුතුවල යෙදෙන බවයි.
හරීන් විසින් සිය විශේෂ බංගලාවද නදීෂා වෙනුවෙන් වෙන්කොට ඇත.
ඇය නිරන්තරයෙන්ම හරීන් ප්රනාන්දු මහතා රැඳී සිටින ස්ථානවල රැඳී සිටින බවද ඇය වෙනුවෙන් තව තවත් විශේෂ පහසුකම් සලසා ඇතැයිද වාර්තා වේ .
ඒ වෙනුවෙන් හරීන් ප්රනාන්දු මහතා තමන්ට අයත් සුඛෝපභෝගී බංගලාවක විශේෂ පහසුකම් රැසක් රෝසි මහත්මියට සලසා තිබුණද ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මේ සතිය වනවිට ඌවෙන් වාර්තාවන්නේ දකුණු පළාත් සභාවට තරඟ වැදුණු රංගන ශිල්පිණී නදීෂා හේමමාලි මෙනවිය බදුල්ලේ හරීන් වෙනුවෙන් මැතිවරණ කටයුතුවල යෙදෙන බවයි.
හරීන් විසින් සිය විශේෂ බංගලාවද නදීෂා වෙනුවෙන් වෙන්කොට ඇත.
ඇය නිරන්තරයෙන්ම හරීන් ප්රනාන්දු මහතා රැඳී සිටින ස්ථානවල රැඳී සිටින බවද ඇය වෙනුවෙන් තව තවත් විශේෂ පහසුකම් සලසා ඇතැයිද වාර්තා වේ .
ලෝකයේ නරකම පුද්ගලයා තෝරන්න ඔබත් චන්දය දෙන්න,එන්න.
විවිධ ක්ෂේත‍්‍ර යටතේ ඕනෑම පුද්ගලයෙක් මහජන කැමැත්ත අනුව ශ්‍රේණිගත කරන
ලෝකයේ ‘ද රැන්කර්’ නම් සංවිධානය විසින් කරන ලද ශ්‍රේණිගත
කිරීමක් අනුව පසුගිය දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ නරකම මිනිසුන් යන
ක්ෂේත‍්‍රය යටතේ නමවෙනි ස්ථානයට ශ්‍රේණිගත සිටි නමුත් මේ වන විට රාජපක්ෂ
ජනාධිපතිවරයාට හිමිව ඇත්තේ එම ශ්‍රේණියේ 19 වන ස්ථානයයි.නමුත්
මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 11වෙනි ස්ථානයටත්, බැසිල්
රාජපක්ෂ මහතා 14වන ස්ථානයටත් නාමල් රාජපක්ෂ මහතා 24වෙනි
ස්ථානයටත් පත්ව ඇත.මේ හැරුණු කොට පළමු 50 දෙනා අතර
සිටින අනෙක් ශ්‍රී ලාංකිකයා වන්නේ LTTE නැගෙනහිර පළාතේ
නායක වූ වාර්තමාන එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජය
අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණ අම්මාන්ය
(2014.08.29 දින පෙරවරු 11.44 වන විට)
තවමත් මෙකී ශ්‍රේණියේ පළමු තැන
දිනාගෙන ඇත්තේ රුසියාවේ සිටි ඒකාධිපති පාලකයා වූ ජෝෂප් ස්ටාලින් වන අතර එහි දෙවැනි
තැන දිනාගෙන ඇත්තේ ජර්මනියේ හිටපු කුප‍්‍රකට ඒකාධිපතියා වූ ඇඩොලොෆ් හිට්ලර් ය.
මොවුන්ට අමතරව පොල්පොට්, ඉඩි අමීන්, මා ඕ
සේතුං, ඔසාමා බින් ලාඩන්, කිම්
ජොන් ඉල්, හෙන්රිච් හිම්ලර්, සදාම්
හුසේන් හා ජෝශප් ගොබල්ස් යන අය පළමු 10 දෙනා අතරට පත්ව
ඇත.
පහල තිබෙන ලින්ක් එකට ගොස් ලෝකයේ නරකම
පුද්ගලයා විය යුත්තේ කවරෙකුද යැයි ඔබගේ මනාපය පල
කරන්න.
ශෂේන්ද්‍රගෙන් මැතිවරණ කොමසාරිස්ට කනේ පහරක්
මැතිවරණයක් පවතින වටපිටාවක රජයේ නිලධාරීන් මාරුකර යැවීම
නීති විරෝධි බව මැතිවරණ නීතියේ පැවැතියත් මැතිවරණ කොමසාරිස් මැතිවරණ නීති උල්ලංඝණය
පිළිබද ඌව පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදීම මොණරාගල පොලීසියේ
ස්ථානාධිපතිවරයා මාරුකොට යවා ඇති බව වාර්තාවේ.
පසුගියදා සිදුවූ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයේ සෘජු
තීරණ ගත් නිලධාරියෙකු වශයෙන් සදහන් වන මෙම ස්ථානාධිපතිවරයා ආණ්ඩුව මගින් යොදවන ලද
මැර කණ්ඩායම් සම්බන්ධනේ තදින් ක්‍රියාත්මක විය.
අදාළ හේතුන් මත එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමැති
අපේක්ෂක ශෂේන්ද්‍ර රාජපක්ෂගේ බලපෑමෙන් මෙම ස්ථානාධිපතිවරයා දඹගල්ල වෙත මාරුකොට යවා
ඇති බව සදහන් වේ.
Subscribe to:
Comments (Atom)
