Wednesday, 14 February 2018

(46(3) වගන්තිය-ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇමති නිමල් සිරිපාල මන්ත්‍රී නිමල් සිරිපාල වෙයි


අගමැතිකමට නිමල් එන්නට රනිල් ඉන් යන්නට ඕනැය
රනිල් තබා ඔය කියන නිමල් වත් තවම අමාත්‍ය ධුරයෙන් ඉවත් වී නැත
මේ පුවත් වලට කලින් ආ යුතු පුවත නම් රනිල්ට විරුද්ධ ඇමතිවරු ජනාධිපතිට ලිපියක් ලියා ඉල්ලා අස්වීමයි (46(3) වගන්තිය-ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව)
අළුත් ආණ්ඩු හදන්න කතා කරන එක ඇමතියෙක් අදටත් සිය ඉල්ලා අස්වීම් ලිපි බාර දී නැත
ඒ ඔවුන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හොදින් දන්නා නිසාය
ජනමාධ්‍යෙවේදීන් ඇන්දවිය හැකි බව දන්නා දේශපාලනඥයා ජනමාධ්‍ය හරහා ජනතාවට ත්‍රිල සපයයි..

යහපාලනය ස්ථිර වේ.


යහපාලන ආණ්ඩුව තව දුරටත් වසර 2ක් සදහා රජය පාලනය කරන බව ප්‍රකාශ කරන අතර අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව විශේෂ ප්‍රක්ෂ්කයෙක් පැවසිය.ඇමතිධුර වෙනස්වීම් කිහිපයක් සිදුවන අතර නිතිය හා සාමය හෙළ උරුමය පක්ෂය වෙත ලබා දීමට නියමිත බව ආරංචි වේ.

Tuesday, 13 February 2018

මීලග ජනාධිපතිවරණය මහින්ද පරදින හැටි


මෙවර චන්ද ප්‍රතිපලය                       4,941,952      
ශ්‍රී.පො.පෙ සහය දෙන වෙනත් චන්ද      300,000
රැල්ලේ චන්ද                                      200,000
මුළු චන්ද එකතුව                             5,441,952
ආණ්ඩුව ගැන පැහැදුණු චන්ද                500,000
ආණ්ඩුවේ ප්‍රතිලාභින්ගේ චන්ද              300,000
සත්‍ය අවබෝධ කරගත්  චන්ද               300,000                           අඩුවන චන්ද එකතුව                        1,000,000
මුළු චන්ද එකතුව                             5,441,952
අඩුවන චන්ද එකතුව                        1,000,000
මහින්ද රාජපක්ෂ මහතා සහය                                                    
දෙන ජනධිපතිවරණ අපේක්ෂය           4,414,952                               ලබා ගන්න චන්ද ප්‍රමාණය

එක්සත් ජාතිකපක්ෂය                    3,612,259                                          එක්සත් ජනතා නිදහස් සන්ධානය        989,821                                          ශ්‍රී ලංකා නිදහස් පක්ෂය                        491,835                                          ඉලගෙයි තමිල් අරසු කච්චි                   339,675                                          ජනතා විමුක්ති පෙරමුණ                      693,875


මහින්ද රාජපක්ෂ මහතා                                              
 විරෝධී  පෙරමුණේ චන්ද                6,127,465                        
ප්‍රමානය

ආණ්ඩුව ගැන පැහැදුණු චන්ද            500,000
ආණ්ඩුවේ ප්‍රතිලාභින්ගේ චන්ද           300,000
සත්‍ය අවබෝධ කරගත්  චන්ද            300,000
වැඩි වන චන්ද ප්‍රමානය                      1,000,000

මහින්ද රාජපක්ෂ මහතා
විරෝධී පෙරමුණේ
ජනාධිපති අපේක්ෂකයා            7,127,465
ලබා ගන්නා චන්ද ප්‍රමානය 

මීලග ජනාධිපති වරණය                                                                              මහින්ද
රාජපක්ෂ
 විරෝධී අපේක්ෂකයා
 වැඩි චන්ද
2,712,513
ජය ගනු ඇත.

Tuesday, 26 September 2017

දෙනියායේ මුස්ලිම් අන්තවාදීන් මග තරුණ බෞද්ධයෝ අහුරයි.

දෙනියාය නගරයේ මෑතක දී බේරුවල මුස්ලිම් පිරිසක් විසින් විවෘත කරනලද asian lover වෙළද ආයතනයේ අද දින විකිනීමට තිබු මුදල් පසුම්බි වල සටහන් ව තිබු අපේ බෞද්ධ ලාංචනයට සමාන විකෘති කරන ලද මෙම ලාංචනය බැලු බැල්මට කෙනෙකුගේ ඔලුවට යන්නේ ධර්ම චක්‍රයයි,මෙය හුදෙක් උපක්‍රම ශීලිව වෙළද පොලට යොමු කර ඇත.
මේ පිලිබදව අප තොරතුරු සොයා බලා දෙනියාය තරුණ බෞද්ධ සංගමයේ අප විසින් ,දෙනියාය වෙළද සංගමයද දැනුවත් කර , පරිවේනාධිපති පුජ්‍ය උරුබෝක්කේ උපනන්ද ස්වාමින්වහන්සේගේ අනුදැනුම මත , එම කඩයේ තිබු සියලුම මුදල් පසුම්බි අප දෙනියාය පොලිසියට භාරදෙන ලදි ..දැනට එම ආයතනය වාසා තබා ඇත, මේ පිළිබඳව දෙනියාය වෙළද සංගමය එම බදු මුදලකට අයත්ව ලබාදුන් කඩය අයිති පුදගලයා සමග මේ කඩය පිළිබද සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බවද අපට දැනුවත් කර ඇත
මේ පිලිබදව දැනුවත් වී අවට ප්‍රදේශයෙන් පැමිණි සිංහල බෞද්ධ පිරිස් වල විරෝධය මත දැනට එම කඩය වසා තැබීමටද කටුයුතු කෙරිණි..

Thursday, 16 March 2017

සෝමාලියානු මුහුදේදී නැව පහර ගත්තේ ගෝඨාභයගේ කුලී හේවායන්

පසුගිය දින සෝමාලියානු මුහුදේදී පැහැර ගත් ශ්‍රී ලංකා කොඩිය සහිත නැව නිදහස් කොට තිබෙන අතර , එය නිදහස් කොට තිබෙනුයේ ජාත්‍යන්තර සංවිධාන හා වෙනත් විදේශීය රාජ්‍යන් මේ පිළිබධව සොයා බැලීම හේතු කොට ගෙන වේ.
තවද මෙය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් කරුවන්ගේ ක්‍රියාවක් නොවන බවට තහවුරු වෙමින් පවතින අතර මෙය ශ්‍රී ලංකා රජය අපහසු තාවයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ හිටපු දේශපාලන නායකත්වයක් විසින් ක්‍රියාත්මක කරන ලද තවත් මෙහෙයුමක් බවට අනාවරණය වමින් පවතී.එබැවින් එය නිදහස් කොට තිබෙනුයේ ජාත්‍යන්තර සංවිධාන හා වෙනත් විදේශීය රාජ්‍යන් මේ පිළිබධව සොයා බැලීම හේතු කොට ගෙන වන අතර සත්‍ය තත්වය වසන් කිරීමට මෙම නව මුදා හැර ඇති බව වාර්තා වේ.

Thursday, 19 January 2017

නියගය හේතුවෙන් ණය මුදල් කපා හැරේ


මෙදින වල ශ්‍රී ලංකාවට බල පා තිබෙන නියගය හේතුවෙන් කුෂි කර්මාන්තය යටතේ වී ගොවිතැන ,ඉරිගු වගාව ,තේ වගාව ,යන කුර්ෂි කර්මාන්තය යටත්ර් ලියාපදිංචි වී තිබෙන වගාවන් සදහා දැනට රාජ්‍ය හා පුද්ගලික බැංකු හා ආයතන වලින් ලබා ගෙන තිබෙන කපා හැරීමට,පොලි රහිතව ගෙවීමට හා කාලය දීර්ග කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.දැනට එම කටුම්පතක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් යන අතර අගමැතිතුමාගේ විදේශ සංචාර අවසන් වී පැමිණි වහාම මෙය සාකච්චාවට ගෙන කැබිනට් අනුමැතිය ලබා ගැනීමට තීරණය වී තිබේ.
තවද රුපියල් 100,000.00 අඩු  ණය මුදල් සදහා ණය කාලය දීර්ග කිරීමට ද ,රුපියල් 50,000.00 අඩු  ණය මුදල් සදහා පොලි රහිතව ණය මුදල ගෙවීමට ද 25,000.00 අඩු නය මුදල් වලින් අඩක් කපා හැරීමටත් දැනට විශේෂ සාකච්චාවක් කර ගෙන යනු ලබන බවට ආරංචිය පැතිර යයි.
තවද මෙම කාලය තුල මෙම කුර්ශි කර්මාන්ත සදහා ණය උපරිමය රුපියල් 15,000.00 යටත්ව ණය මුදල් ලබා දිය යුතු බවත් ඒ වෙනි නය නිකුත් කිරීමේදී වෙනත් අදායම් මත ණය නිකුත් කල යුතු බවද වාර්තා වේ.
මේ සදහා අගමැති තුමා විදේශ සංචාරය නිමවා පැමිණි විගස ගරු ජනාධිපති තුමා සමග එක්වී ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කෙරෙයි.

උපුටා ගැනීම
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය

Tuesday, 23 August 2016

පෑන් ඒෂියා (pan asia) බැංකුව සහ LOLC වසා දමයි

පෑන් ඒෂියා (pan asia) බැංකුව සහ LOLC මුල්‍ය සමාගමේ තැන්පත් ධනය ඒවායේ හිමිකරුවන් අවදානමේ හෙලා ඇතිබව වාර්තා වීමත් සමඟ තැන්පත්කරුවන් එම සමාගම් වලින් මුදල් ඉවත්කර ගනිමින් සිටින බවත් ඒ නිසා එම සමාගම් දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් වාර්තා වෙයි.
අප වෙත වාර්තා වන අන්දමට පසුගිය දින කිහිපය තුල LOLC සමාගමේ පමණක් තැන්පත් කර තිබු රුපියල් මිලියන 800-1000 ත් අතර මුදලක් තැන්පත්කරුවන් විසින් ඉවත්කර ගන්නට කටයුතු කර ඇත.
දිගින් දිගටම මුල්‍ය තැම්පතු ඉවත් කර ගැනීම හේතුවෙන් සමගම අර්බුදයට යාම වලක්වා ගැනීම සඳහා LOLC පරිපාලනය සිය ඉහළ පෙලේ කළමනාකරුවන් කොළඹ හෝටලයට නිතිපතා කැඳවමින් සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇත. එහිදී ආයතනයේ මුල්‍ය සුරක්ෂිතතාව මෙන්ම තැම්පත්කරුවන්ගේ විශ්වාසය තහවුරුකර ගැනීම සම්බන්ධව බරපතල ලෙස සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි. එමෙන්ම සෑම තැන්පත් කරුවෙකුටම දුරකථන ඇමැතුම ලබා දී එම තැන්පතු ඉවත් කර නොගන්නා ලෙස ආයාචනයනය කර තිබෙන බවද දැන ගැනීමට තිබේ.
මේ අයුරින් එම මුල්‍ය සමාගම්වල ආයෝජනය කර සිටි තැම්පත්කරුවන් මුදල් යළිත් ගැනීමට කටයුතු කර ඇත්තේ CSN ආයතනයේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව මුල්‍ය අපරාධ කොට්ටාශය FCID)සිදුකළ විමර්ශන කටයුතු වලදී හෙළිවූ තොරතුරු පදනම් කරගෙනය.
එහිදී පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා සහ LOLC හී ඉෂාර නානායක්කාර තම මුල්‍ය සමාගම් සතු තැම්පත්මුදල් රාජපක්ෂ පුත්‍රයින්ගේ මෙන්ම සජින්ද වාස් වැනි හෙන්චයියන්ගේ වංචනික ගනුදෙනු වෙනුවෙන් අවදානම් සහගත ලෙස නිකුත්කර ඇති බව හෙළිවී ඇත. මේ සම්බන්ධව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉහල නිළධාරීන් මෙම ව්‍යාපාරිකයන් සමඟ ගොඩ නඟාගෙන ඇති අලුත් මිත්‍රකම් නිසා නිසිලෙස හෙළිකර නොතිබූ නමුත් මාධ්‍ය කිහිපයක් මේ සම්බන්ධව ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම සිදුකරනු ලැබීය.
ඊට පසුබිම් වුයේ මෙරට ඇතැම් මාධ්‍ය මෙන්ම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ද පොට වරද්දවා ගත් කාරණයක් වන යෝෂිතට අයත් රුපියල් මිලියන 157.5 මුදලක් රාජසන්තක කළ පුවත ය.
ඒ මත පදනම්ව මාධ්‍ය සිදුකළ හෙළිදරව්ව අනුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශය විසින් CSN ආයතන සම්බන්ධව සිදුකරණ පරීක්ෂණ වලදී සජින් වාස් ගේ ලිපිගොනු පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන 157.5ක ණයක් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගැනීම වෙනුවෙන් ඇම්ට්‍රැඩ් නම් සමාගමට බැංකු ඇපකරයක් දුන් මුල්‍ය ආයතනයක ලියවිල්ලක් හමුව ඇත. ඇම්ට්‍රැඩ් සමගම වෙනුවෙන් එම ඇපකරය තබා ඇත්තේ LOLC මුල්‍ය සමාගමය.
මේ පිලිබඳ පසුව සිදුකළ විමර්ශන වලදී හෙළිවී ඇත්තේ පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා විසින් රුපියල් මිලියන 157.5 මුදල තම බැංකුවෙන් ණයක් ලෙස ලබාගෙන පෙරලා එම මුදල තමන්ටම දෙන ලෙස ඇම්ට්‍රැඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රොහාන් ඊරියගොල්ල වෙත යෝජනා කර ඇති බවත් එම ණය මුදල පෙරලා පොලිය සමග නැවත බැංකුවට ගෙවීමටද නිමල් පෙරේරා පොරොන්දුවී ඇති බවත්ය.
එහිදී රොහාන් තම සමාගමේ ආදායම් අනුව එතරම් ණය මුදලක් බැංකුවකින් ලබාගැනීමට අවස්ථාවක් නොමැති බවත් ඒ වෙනුවෙන් ඇපකරයක් තැබීමට සිදුවනු ඇති බවත් පෙන්වා දී ඇත.
ඒ අනුව ඇම්ට්‍රැඩ් සමාගම වෙනුවෙන් ඇපකරයක් තැබීම සඳහා LOLC ආයතනය හඳුන්වාදීමට කටයුතු කර ඇත්තේද නිමල් පෙරේරා විසින්ය. LOLC සමාගම මෙම ඇපකරය තැබීම සඳහා ඉදිරිපත්ව තිබෙන්නේ සිංගප්පුරු සමාගමකින් ඇපකරයක් ගැනීමෙන් පසුවය.
ඒ අනුව අදාළ ණය මුදල ගැනීමට ඇම්ට්‍රැඩ් සමාගමට හැකිවී ඇති අතර පසුව එම මුදල නිමල් පෙරේරා විසින්ම ලබා ගෙන ඇත. නමුත් මාස කිහිපයක් යන විට නිමල් පෙරේරා ඇම්ට්‍රැඩ් සමාගම වෙනුවෙන් ණය වාරික සහ පොලී ගෙවීම පැහැර හැර ඇත. ඒ අවස්තාවේදී පෑන් ඒෂියා බැංකුව, LOLC ඇපකරය හරහා සිය පාඩුව පියවාගෙන ඇත.
ඒ අනුව මෙම ගනුදෙනුව වෙනුවෙන් නිමල් පෙරේරා මෙන්ම ඉෂාර නානායක්කාර යන අය මැදිහත්ව තිබෙන්නේ තම ආම්මා අප්පාගේ බූදල් වලින් ලද මුදල් රැගෙන නොවේය. ඔවුන් මේ සඳහා මැදිහත්ව තිබෙන්නේ සිය තැන්පත්කරුවන්ගේ මුදල් අවදානමේ හෙළමින්ය.
අනෙක් අතට අදටත් CSN ආයතනය විසින් මිලියන ගණනක ණයක් LOLC වෙත ගෙවීමට ඇති බවට මුල්‍ය වාර්තා සාක්ෂි දරයි. ඒ මුදල්ද තැන්පත්කරුවන්ගේ වත්කම් හරහා LOLC ය ණය ලෙස නිකුත් කල ඒවාය. ඒ අනුව ආරම්භයේ පටන්ම CSN වැනි දේශපාලන බලපුළුවන්කාරකම් යොදාගෙන ආරම්භ කල වංචනික ව්‍යාපාරයක් වෙනුවෙන් නිමල් මෙන්ම ඉෂාර සිය තැම්පත්කරුවන්ගේ මුදල් නිකුත් කර ඇත.
එපමණක් නොව නිමල් පෙරේරා රාජපක්ෂ පවුලේ මෙවැනිම සැක සහිත ගනුදෙනු වලට මැදිහත්ව ඇති බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන්ය. ඒ රගර් ක්‍රීඩාව නැංවීමට පවසා ක්‍රිෂ් සමාගම රුපියල් මිලියන ගණනක මුදලක් නාමල් රාජපක්ෂ වෙත එවීමට නිමල් පෙරේරාගේ ගිණුමට බැර කිරීමය.
එපමණක් නොව එක්සල් ප්‍රොපටි ඩිවෙලප්මන්ට් (Excel Property Development) සමාගම සමාගමක් ලෙස ලියාපදිංචි කර දිනකට පසුව පෑන් ඒෂියා බැංකුවෙන් රුපියල් මිලියන 175 ක ණයක් ලබා දීම සඳහා මැදිහත්ව ඇති බවටද නිමල් පෙරේරාට චෝදනා එල්ලවී ඇත.
අදාළ සමාගමේ හිමිකාරිණිය වන්නේ සජින් වාස් ගුණවර්ධන මහතාගේ බිරිය වන බවත් එම සමාගම මේ ණය මුදල ලබාගෙන ඇත්තේ ඇස්කොට් හෝල්ඩිංග්ස් සතුව තිබූ රත්මලානේ පිහිටි Asian Cotton Mills Ltd හි ඉඩමෙහි අක්කර එකයි තුන්කාලක් හා පර්චස් 29ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා බවත් එම චෝදනාවේ සඳහන්ව ඇත.
පැන් ඒෂියා බැංකුවේ සභාපතිවරයා වන නිමල් පෙරේරා මහතා රත්මලානේ පිහිටි Asian Cotton Mills Ltd හි ඉඩමෙහි හිමිකාරිත්වය ඇති ඇස්කොට් හෝල්ඩිංගස් සමාගමේ 15%ක කොටස් හිමිකරුවෙක් බවද මේ වන විට හෙළිව ඇත.
ඒ අනුව ඔප්පුවී තිබෙන්නේ රාජපක්ෂ වරුන්ගේ හොර ගනු දෙනු සඳාහා සෘජුවම සම්බන්ධව සිටි පැන් ඒෂියා බැංකුවේ සහ එල් ඕ එල් සී සමාගම් වල හිමිකරුවන් සිය මූල්‍ය තැන්පත් කරුවන්ගේ ධනයද පරදුවට තබා රාජපක්ෂවරුන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් නිර්ලජ්ජිත හා ජඩ ආකාරයෙන් කටයුතු කර තිබෙන සත්‍ය ය.
ඒ සත්‍ය හෙළිකිරීම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය දැනුවත්ව මඟහැර ඇති බවත් ඒ පිලිබඳ මේ වන විට ආණ්ඩුවේ ඉහළම තැන් වෙත පැමිණිලි කිරීමට LOLC සහ පෑන් ඒෂියා බැංකුවේ මුදල් තැන්පත්කරුවන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද අප වෙත වාර්තා වෙයි. තොරතුරු තහවුරු කරගත් සැනින් අප ඒ ගැනද සවිස්තරාත්මකව ඔබවෙත වාර්තා කිරීමට කටයුතු කරන්නෙමු.

Wednesday, 1 June 2016

රත්නපුර ප්‍රාදේශීය ලේකම්ගේ නොදත් වැඩ කිඩ මෙන්න

රාජ්‍ය සේවය යනු පැය 8 සේවය් වේ.ජනතව රාජ්‍ය සේවය ගැන තිබුන්නේද කලකිරීමකි.එහෙත් පැය 8 සේවයක් නොව එය වගකීමක් කොට ගෙන කටයුතු කල රත්නපුර ප්‍රාදේශීය ලේකම් මානෙල් කෝට්ටවත්ත මහත්මිය පිලිබදව ප්‍රසසනාත්මක විද්‍යුත් ලිපියක් අපට ලැබී තිබේ.
2016 වර්ෂයේ බක් මාසයෙන් පසුව ශ්‍රී ලංකාවට බල පෑ අයහපත් කාලගුණ තත්වය හේතුවේ රටේ ලක්ෂ ගණනක් පවුල් අවතැන් විය.එහෙත් රත්නපුර දිස්ත්‍රික්කය අඩු අවදානම් කලාපයක් විය.වෙනදා මෙන් විශාල ගං වතුරක් නොවිය.එහෙත් අපදා තත්වය පහව නොගියේය.ගං වතුර ගැලුවේය,නාය ගියේය.
එහෙත් අද කතා කිරීමට සුදානම් වන්නේ රත්නපුර රාජ්‍ය සේවකයා ගැනය.
පසුගිය දිනක දෙනියයෙන් ආධාර රැගෙන පැමිණි කණ්ඩායමක් සමග රත්නපුර ප්‍රාදේශීය ලේකම් මානෙල් කෝට්ටවත්ත මහත්මිය සවස 4.00සිට රාත්‍රි 7.00 පමණ වන තෙක් කැටලියන් පල්ල ග්‍රාම නිලධාරී වසමේ භාණ්ඩ බෙදා දීමසදහා විශාල කැපකිරීමක් සිදු කොට තිබේ.
මෙවැනි රාජ්‍ය සේවකයන් පිිලි බදව ජනතව ආඩම්බර වන අතර මෙය ආදර්ශයට ගෙන කටයුතු කරන්නේ නම් ජනතාවට වැඩත් පලදායි සේවයක් සැපයීමට රජය සේවකයාට හැකි වනු ඇත

දෙනියායේ හාස්කම

දෙනියාය යනු ශ්‍රී ලංකවේ දකුනු පළාතේ මාතර දිස්ත්‍රිකයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි නගරයකි,එසේත් නැත්නම් ලෝකයේ ස්වභාවික වනාන්තරයක් අසල පිහිටි සුන්දර අර්ධ නාගරීකරණය වූ සුන්දර නගරයකි.එහි හාස්කම් රාශියක් තිබේ.මේ අපි කියන්නට යන්නේ විශේෂිත වූ මිනිස් හාස්කමකි.
                                                                    2016 වර්ෂයේ බක් මාසයෙන් පසුව ශ්‍රී ලංකාවට බල පෑ අයහපත් කාලගුණ තත්වය හේතුවේ රටේ ලක්ෂ ගණනක් පවුල් අවතැන් විය.එහෙත් දෙනියායට පෙර මෙන් ආපදාවක් නොවුයේ ගැටබරු දේව කරුණාවෙන් බව මිනිසුන්ගේ මතය විය.
                                                                   එහේත් අසරණ වූ මිනිසුන් වෙත පිළිසරණක් වීමට දෙනියායේ බොහෝ පිරිස් එකතු වුහ.ඒ අතරින් විශේෂිත වූ පිරිසක් එකතුවිය. දෙනියාය සේවා කමිනියුටි ක්‍රෙඩිට් ආයතනයේ දෙනියාය ශාකව ,ජනතා ජාතික පදනම හා සිංහරාජ සේවා සංවිධානය එක්වී ''' සහන ''' වැඩසටහන ආරම්භ කළහ.එය සාර්ථක විය.
අවසානයේ කිසිවකු නොයන රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටශයන්හි අවතැන් වූ පවුල් 400 පමණ ඔවුන් ආධාර බෙදුහ.
                                                                            '''සහන '' වැඩසටහනේ සම කැදවුම් කරුවකු සුරේන් සාගර මහතා ප්‍රකාශ කලේ ''රුපියල් 1200ක් පමණ භාණ්ඩ කට්ටලයක් එක් අයකුට ලබා දීමට හැකි බවත් තවත් රුපියල් 40000/- පමණ අලුත්ම නිමි ඇදුම් ලබා දීමට හැකි වූ බවත්මේ සියලුම දේ කිරීමට හැකි වුයේ දෙනියාය ජනතාවගේ පරිත්‍යාගශීලි හා මනුසත් බව ඉහලින් තිබු නිසවෙන් බවය. තවද පානිය ජලය ලබා ගැනීමට දෙනියායේ ව්‍යාපාරික ප්‍රජාව උදවු කල බවත් ,ප්‍රවාහන පහසුකම් සදහා සේවා කමිනියුටි ක්‍රෙඩිට් ආයතනය උදවු කල බවත් මේ සියලුම දේ සාර්ථක වීම පිටුපස තිබුනුයේ එකමුතු කම බවත්,එය දෙනියායේ හාස්කම් බවත් ප්‍රකාශ කළහ.''
Like
Comment

Tuesday, 10 November 2015

මහින්දගේ මැරයෝ යලිත්

හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් රත්නපුර දිස්ත්‍රික්කයේ අබිලිපිටිය හා කොලොන්න ප්‍රදේශයන්හි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගෙන් සමන්විත මැර කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට හිතවත් කෝමාරිකා ග්‍රාමයෙහි අහිංසක ගම්මුන් කිහිප දෙනෙකුට අතින් පතින් හා කඩුවකින් පහර දී ඝාතනය කිරීමට උත්සාහ කරතිබේ.මේ සදහා ප්‍රදේශයේ නමගිය '''කසිප්පු බන්දු"' ,හා '''වැලි සුදු''' නමින් ප්‍රචලිත පතල මැරයන් සම්බන්ද වී ඇති බවට කරුණු වාර්තා වී තිබේ,මෙහිදී තුවාල කරුවන් අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරීක්ද සිටින බවත් වාර්තා වේ.ඔවුන් දැනට අබිලිපිටිය මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වන අතර මෙය දේශපාලන පලිගැනීමක් ලෙස වූ සිදුවීමක් බව කෝමාරිකා ගම්වැසියන් ප්‍රකාශ කරයි.