Monday, 10 January 2022

වෙල්ගමගේ නිදහස් පක්ෂය මැතිවරණ කොමිසම පිළිගනී.

 


ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුල නව මානයක් ඇතිකරමින් ඊයේ දිනයේදී මැතිවරණ කොමිසම විසින් නව දේශපාලන පක්ෂයක් පිළිගනු ලැබුවා.

එය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂයයි.

මෙහි විශේෂත්වය වනුයේ මෙම පක්ෂය බොහෝ තනතුරු වල සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තනතුරු හෙබ වූ ජෙෂ්ටයන් වන අතර ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල එහෙත් වත්මන් දේශපාලන භූමිකාව තුල නොමැති පක්ෂ ජෙෂ්ටයන් රැසක් නව ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධ වනු ඇති බවට වාර්තා සැලවෙනවා.

පක්ෂයේ නම "නව ලංකා නිදහස් පක්ෂය" ලෙස ලියාපදිංචිය ලබා දීමේදී ඒ සදහා කිසිවකු හෝ විරුද්ද නොවී තිබුනේ එය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් භාවිත නොකරන නමක් හේතුවෙනි.

මේ පිලිබදව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමා සම්බන්ධ කර ගැනීමට අප උත්සහා කලත් එය සාර්ථක වුයේ නැත.එහෙත් පක්ෂය හා සම්බන්ධ තරුණ නායකයකු ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මැතිතුමා හා එහි නිලධරීන් විශේෂ මාධ්‍ය සාකච්චාවක් පවත්වා මේ පිලිබදව රටටම අදහස් දක්වනු ඇති බවය.

Tuesday, 21 December 2021

මෛත්‍රිපාල සිරිසේනගේ සම්බන්ධිකරණ ලේකම් මුදල් වංචාවක

 මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්  හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා  කියන ප්‍රියන්ත හේරත් නැමති පුද්ගලයා මුදල් වංචා සිද්ධියකට ගලගෙදර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩි භාරයට පත්කරනු ලැබූ අයෙකි.

මේ වන විට මොහු විසින් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්  හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා  කියමින්  මුදල් එක්රැස් කිරීමේ ජාවාරමක් සිදුකරන බව අප වෙත තොරතුරු ලැබෙමින් පවතී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජ මාධ්‍ය  ජාලයේ වියදම් සඳහා යැයි පවසමින් විදේස්ගත කාන්තාවන්ගෙන් මුදල් ගෙන එම මුදල් වංචා කිරීමේ සිද්ධි කිහිපයක් දිගින් දිගටම වාර්තා වේ.

මොහුගේ මෙම සංවිධානාත්මක මුදල් වංචාව සඳහා කාන්තාවන් කිහිප දෙනෙකුම සම්බන්ද කරගෙන ඇති බවත්, එම කාන්තාවන් මාර්ගයෙන් විදෙස්ගත කාන්තාවන් ඔවුන්ගේ උගුලට හසුකරගෙන මූල්‍ය වංචා සිදුකරන බව දැනගන්නට ඇත. මැදපෙරදිග සේවය කරන කාන්තාවන් බහුලව මොවුන්ගේ මෙම උගුලට හසුව ඇති බව අප වෙත ලැබුනු තොරතුරු අනුව දැනගන්නට ඇත.

තවද, විවිධ ප්‍රභූ පුද්ගලයන් හමුවීමට බව පවසමින් ඔහුගේ මෙම කූට ක්‍රියාවන්ට හවුල් විවාහක කාන්තාවන් රැගෙන ගොස් හෝටල් කාමරවල දවස ගත කරන බවද දැනගන්නට ඇත. ඔහුගේ මෙම ලිංගික ක්‍රියාවටද හවුල් කාන්තාවන් කිහිප දෙනෙක් විවාහක කාන්තාවන්ගේ සැමියන් හට අසත්‍ය පවසමින් එම කාන්තාවන් රැගෙන යනු ලබන බව අපට තොරතුරු වාර්තා වේ.

ප්‍රියන්ත හේරත් නැමැත්තාට ගලගෙදර පොලිස් ස්ථානයේ ඇති

මූල්‍ය වංචා සිද්ධියේ පැමිණිල්ලේ විස්තර ඕනෑම අයෙකුට දැනගත හැක. ඊ නිවුස් අපි විසින්ද ගලගෙදර පොලිස් ස්ථානයේ 081 2461222 දරණ දුරකථන අංකය අමතා ඉහත විස්තර තහවුරු කරගතිමු. එසේම ඔහුට එරෙහිව තවත් පැමිණිලි ඇත්නම් දන්වන ලෙසද ගලගෙදර පොලිස් ස්ථානය වෙතින් අප දැනුවත් කරන ලදී.


ඔබත් මෙම සංවිධානයේ මූල්‍ය වංචාවකට හසුව ඇත්නම් අප දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිමු. මොහු පිලිබඳව විමසීමට අප විසින් කුමාර වෙල්ගම සම්බන්ද කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය. නමුත් අප විසින් දිගින් දිගටම ප්‍රියන්ත හේරත් නැමති මූල්‍ය වංචාකරුවාගේ තොරතුරු විපරම් කරන්නෙමු.


- ලංකා ඊ නිවුස් -

උපුටාගැනීම ලංකා ඊ නිවුස්

Monday, 6 December 2021

කොටපොල සමුපකාර චන්දය සමගි ජන බල වේගය ඇතුළු සන්ධානයට ජය හිමි වෙයි

 


සාමාජිකයන් 50,000ක ගෙන් පමණ සමන්විත කොටපොල විවිධ සේවා සමුපාකාර සමිතියේ බලය හිමිව තිබූ පොහොට්ටු පක්ෂයේ කණ්ඩායම පරාජයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. කොටපොල විවිධ සේවා සමුපාකාර සමිතිය සැලකෙන්නේ ශ්රී ලංකාවේ විශාලතම සමුපකාර සමිතියක් ලෙසයි.

රී ලංකා පොදුජන පෙරමුණ මෙම සමිතියේ බලය පසුගිය නිලවරණයේදී 90%ක පමණ විශාල පරතරයකින් ජයග්රහණය කරන ලද්දක්.
දෙනියාය, කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායම විසින් සහාය දුන් පිරිස ජයගරහණයක් ලබාගෙන තිබෙනවා.ශරී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද පාර්ශ්වය ඉන් විශාල වශයෙන් පසුබෑමකට ලක්ව නියෝජිත ධුර 35ක් පමණයි තනිව ලබාගෙන ඇත්තේ. නියෝජිත ආසන 100කින් සමන්විත කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවේ ඉතිරි නියෝජිත ආසන 65ක් ම දිනාගෙන ඇත්තේ පොහොට්ටුව නොවන කණ්ඩායම් විසින්.
ඉන් වැඩිම කොටසක් (ආසන 48ක්)සමගි ජන බල වේගය සහාය දුන් ‘කොටපොල සමුපාකාරය සුරැකීමේ එකමුතුව’ නම් වූ සංවිධානය විසින් දිනාගෙන ඇති අතර එය ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය ඇතුලත්ව නිර්මාණය වුවකි.මෙම කණ්ඩායමට සභාවේ සභාපති ධුරය ඇතුළු බලය පිහිටුවීම ඔවුනට පහසුවෙන්ම හැකිව තිබෙන බවයි කියන්නේ. එහෙත් අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය වන කුමන පරමාණයෙන්දැයි මෙතෙක් අවසන් ගණනය කිරීමක් සිදුව නැහැ.

Saturday, 20 November 2021

දෙනියායේ රෝහලේ ශල්‍යාගාරයේ ඇත්තම කථාව

 


දෙනියාය රෝහලේ දැඩි සත්කාර ඒකකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පැතිරයන පුවත සම්බන්ධයෙන් විමසීමේදී රෝහල් වෛද්‍ය අධිකාරිවරයා පැහැදිළි කිරීමක් සිදුකලේය.

ඔහුගේ පැහැදිළි කිරීම අනුව,

දැනට දෙනියාය මූලික රෝහලේ ශල්‍යාගාරය සහ ලේ බැංකුව ක්‍රියාත්මක වන්නේ දින දෙකකි.මුලික වශයෙන් එය සතියේ දින හතම පැය විසි හතරම ක්‍රියාත්මක කර දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යායුතු බව ඔහුගේ අදහසයි.ශල්‍යාගාරය සහ ලේ බැංකුව කාර්‍ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය සතියේ දින දෙකක් පමණක් ක්‍රියාත්මක වන්නේද අපහසුතා රැසක්  මධ්‍යයේය.

සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන එක් රෝගියෙකු සඳහා වෛද්‍යවරුන් හතර දෙනෙකු,හෙද හෙදියන් හය දෙනෙකු සහ කණිශ්ඨ කාර්‍ය මණ්ඩලයේ හතරදෙනෙකු සේවයේ යෙදවීම සාමාන්‍ය පිලිවෙතයි.දැනට රෝහලේ අවශ්‍යතාවය අනුව නිර්වින්දන වෛද්‍යවරුන් හතරදෙනෙකු අවශ්‍ය වුවත් සේවය සඳහා සිටින්නේ එක් වෛද්‍යවරයෙකු පමණකි.රෝහලේ කාර්‍ය මණ්ඩලය ප්‍රමාණවත් පිරිසකගෙන් සමන්විත විය යුතු බව ඔහුගේ අදහසයි.අවශ්‍ය තරම් වෛද්‍යවරු,හෙද කාර්‍ය මණ්ඩල සහ කණිශ්ඨ කාර්‍ය මණ්ඩලයක් නොමැතිව දැඩි සත්කාර ඒකකයක් පවත්වාගෙන යා නොහැක.මෙම තත්වය යටතේ දැඩි සත්කාර ඒකකයේ කටයුතු ආරම්භ කර ප්‍රායෝගිකව පැන නැගෙන ගැටළු හමුවේ අතරමග නතරකර දැමීමට සිදුවීම ජාතික අපරාධයකි.


දින දෙකක් පමණක් ක්‍රියාත්මක ශල්‍යාගාරය සහ ලේ බැංකුව සතියේ දින හතම පැය විසි හතරම පවත්වාගෙන යාම සඳහා වටපිටාව සකස් කර  දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්‍ය මණ්ඩලයකින් සමන්විතව ක්‍රියාත්මක කිරීම ඉතා  වැදගත් කොට සලකයි.දැනට අවශ්‍ය තරම් කාර්‍ය මණ්ඩලයක් රෝහල සතුව නැත.එහෙයින් දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ශවරයාටද මේ බව දැනුම්දී ඇත.දැඩි සත්කාර ඒකකය සමඟ අවශ්‍යතරම් රෝහල් කාර්‍ය මණ්ඩලයක් ලබාදීමට පියවර ගන්නේනම් දෙනියාය රෝහලේ දැඩි සත්කාර ඒකකයක් පවත්වාගෙන යා හැක.නැතිනම් එය පවත්වාගෙන යාහැකි වෙනත් රෝහලක් සඳහා යොමු කිරීම සුදුසුයැයි හැඟේ..

Tuesday, 16 November 2021

අම්පාර පොදුජන පෙරමුණේ මැර මන්ත්‍රීගෙන් නීතිඥයාට ප්‍රහාරයක් ampara Attorney attacked by thugs of the People's Front அம்பாறை மக்கள் முன்னணியின் குண்டர்களால் சட்டத்தரணி தாக்கப்பட்டுள்ளார்


පසුගිය 2021 නොවැම්බර් 7 දී අම්පාර ඉරක්කාමන් ප්‍රදේශයේදී නීතිඥ එස් .එල් ෆාරුක් මැතිතුමාට මැර පිරිසක් විසින් පහර දී තිබේ. 

මෙම පහරදීමේ  ප්‍රධාන සැකකරු වන්නේ කලීලුල් රහ්මාන් යන ඉරක්කාමම් ප්‍රාදේශීය  සභාවේ හිටපු සභාපතිවරයා වන අතර ඔහු දැනට ඉරක්කාමම් ප්‍රාදේශීය  සභාවේ පොදුජන පෙරමුණු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්  ලෙස කටයුතු කරනු ලබයි.

මේ පිලිබදව අම්පාර පොලිසිය විසින් පරීක්ෂණ මෙහෙයවන බව වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------

Attorney-at-Law SL Farook was assaulted by a group of thugs on November 7, 2021 in Irakkaman, Ampara.

The main suspect in the attack is Khalilul Rahman, a former chairman of the Irakkamam Pradeshiya Sabha who is currently a member of the Irakkamam Pradeshiya Sabha.

It is reported that the Ampara Police are conducting investigations.

-----------------------------------------------------------------------------------------------

ேம ் ப் பி ் தவ ா அம்பா ர் ப் பொ லீ ஸ் வி ரு ப் பத் து ச் சி யி க் கப் பட் டு ள் ளது.

2021 ஆம் ஆண்டு நவம்பர் மாதம் 7 ஆம் திகதி அம்பாறை இறக்காமனில் வைத்து சட்டத்தரணி எஸ்.எல்.பாரூக் குண்டர்கள் குழுவினால் தாக்கப்பட்டார்.

தற்போது இறக்காமம் பிரதேச சபையின் உறுப்பினராக உள்ள இறக்காமம் பிரதேச சபையின் முன்னாள் தவிசாளரான கலீலுல் ரஹ்மான் தாக்குதலின் பிரதான சந்தேக நபர் ஆவார்.


அம்பாறை பொலிஸார் விசாரணைகளை மேற்கொண்டு வருவதாக தெரிவிக்கப்படுகிறது.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පලුවක් කුමාර වෙල්ගම ලගට


 "රටට අවශ්‍ය ප්‍රගතශීලි බලවේගයක්" මෙම අදහස පල කරනු ලැබුවේ උතුරුමැද පළාතේ හිටපු මහා ඇමති හා හිටපු ආණ්ඩුකාරවරයා වන පේෂල ජයරත්න මැතිතුමා විසින් ඇහැලියගොඩ ප්‍රදේශයේ අපි  ශ්‍රී ලංකා ජාතික සන්ධානය විසින් සංවිධානය කර තිබු  ජන හමුවකදීය.

මෙහිදී ඇහැලියගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  ආසන සංවිධායක සරත් සන්දනායක මැතිතුමා  කුමාර වෙල්ගම  මැතිතුමාගේ නායකත්වයෙන් යුත් අපි  ශ්‍රී ලංකා ජාතික සන්ධානය සමග එක් වීම හා උතුරුමැද පළාතේ හිටපු මහා ඇමති හා හිටපු ආණ්ඩුකාරවරයා වන පේෂල ජයරත්න මැතිතුමා ද එදිනම අපි  ශ්‍රී ලංකා ජාතික සන්ධානය එක් වීම වැදගත්   සුදුවිමක් විය.

තවද කුමාර වෙල්ගම මැතිතුමා ප්‍රකාශ කර සිටියේ තනි පුද්ගලයකුට  බලය දුන්නම පිස්සු කෙලින බවය .

මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු කොලොන්න ආසනයේ ප්‍රධාන  සංවිධායක ශාන්ත රත්නායක , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු කැළණිය ආසනයේ ප්‍රධාන සංවිධායක තිලක් වරාගොඩ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක, අපි ශ්‍රී ජාතික සන්ධානයේ ජාතික සංවිධායක උපුලාංගනී මාලගමුව ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මධ්‍යම කාරක සභික,අපි ශ්‍රී ජාතික සන්ධානයේ ලේකම්  මොන්ටෙන්ගු සරත්චන්ද්‍ර හා  ජගත් ප්‍රසන්න ගමගේ  යන මහත්ම මහත්මීන් සහභාගී විය.

Wednesday, 10 November 2021

ගුරු උද්ගෝෂණයෙදී මියගිය ගුරුවරියගේ දේහයට අවසන් දැක්වීමට පැමිණි නායකයෝ

 කාලයේ නිවී ගිය ගුරු තරුව

ගුරු උද්ගෝෂණයෙදී මියගිය ගුරුවරියගේ සත්ය කතාව.,
සාධාරණ සමාජයක් බිහි කිරීමට වෙරදරන පියෙකුගේ දියණියක වන වරුණී අසංකා ගුරු සොයුරිය ශ්රීපාද විද්යාපීඨයේ ගුරු සිසුවියක ලෙස පුහුණුව ලැබූවාය.ඈ දෙනියාය මධ්ය විද්යාලයේ ප්රාථමික අංශයට එකතු වී දැනට වසරකි.කුඩාකළ සිටම හෘද රෝගයකින් පෙලෙමින් බයි පාස් සැත්කමකට ලක් වී සිටියද ඒ බව කිසිවකුටත් ඒත්තු නොගැන්වෙන සේ ඈ ඉගැන්වීම් කටයුතුවල නිරත වූවාය.අනෙක් ගුරුවරුන් සේම පවරන ඕනෑම රාජකාරියක් අකුරටම ඉටු කළාය.දරුවන් සමග ක්රියාකාරීව අකුරු කළ නිසාම ඇය රෝගාතුරව සිටි බවවත් කිසිවකු නොදනී.ඒ තරමටම ඈ සෙසු අය සේම ක්රියාකාරී වූවාය.
2021.11.09 දින පැවති කලාප උද්ඝෝෂණය සඳහාද ස්ව කැමැත්තෙන්ම යායුතුමය යන අදහසින්
ගමනට එක් වූවාය.ඇතැම් අතලොස්සක් දෙනා හැකියාව තිබියදී පවා මගහැර අනුන්ගේ කර මතින් වැටුප දිනා ගැනීමට උත්සාහ දරන යුගයක මෙම නවක ගුරු සොයුරිය ගුරු පරපුරටම ආදර්ශයකි .
වරුණී සොයුරියට වයස අවු. 27 කි. ඈ ඉපදී
වසර 3 කින් ඇති වූ මෙම වැටුප් විෂමතා අර්බුදය
ඈ ගුරුවරියක වී ඒ අරගලයට දායක වෙමින්
මහපාරේ මියැදෙන තුරුත් තාම පවතී.
පාලකවරුනි,
නූපන් පරපුරටත් මෙවැනි ශෝචනීය අවස්ථාවලට මුහුණ පෑමට මෙය තව දුරටත් දික් නොගසනු මැනවි.
දැන්වත් ගුරුපරපුර ගැන සිතාමේ ගැටලුව විසදීම
සතුටු දායක නොවේද....?
සොයුරිය ඔබට නිවන් සුව ලැබේවා......!!!
💐💐💐
දයාබර වීරවරිය, සොයුරිය , ඔබට අපගේ උත්තමාචාරය!!!
ගුරු අරගලයේ සිටි ප්‍රධාන නායකයින් අසංකා ගුරුතුමියට අවසන් ගෞරව දැක්වීම සදහා ඊයේ දිනයේදී අයගේ දේහය තැම්පත් කර තිබෙන දෙනියාය මිරිස්වත්ත නිවසට පැමිණ සිටියහ.






Tuesday, 31 August 2021

මහනුවර පදිකයන් වෙනුවෙන් කෑම දුන්න වෙළද සංගමය

 රට නිරෝධායන නිති මත වසා තිබෙන අවස්ථාවක මහනුවර දිස්ත්‍රික්කයේ ,මහනුවර නගරය පුරා සිටින පදිකයන් වෙනුවෙන් ආහාර හා බීමට ජලය ලබා දුන් පුවතක් වාර්තා වෙනවා.

මහනුවර වෙළද සංගමය විසින් මෙම සත් ක්‍රියාව සිදු කොට තිබෙන බව වාර්තා වෙනවා.

මුදල් සොයන ලෝකයේ මෙවැනි උතුම් දේ සිදු කරන මිනිසුන් තවමත් සමාජයේ ඉතිරි වි සිටිම සාමාජය සුභදායක පුවතකි. 



මංගලගේ මතක බණට ලක්ශ ගණනක් online

 කොරොනා වයිරසය අසාදනය වීමෙන් අභාවප්‍රාප්ත  හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා වෙනුවෙන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය විසින් zoom තක්ෂණය මගින් සංවිධානය කර තිබු මතක බණ සදහා සමිපතමයන් පමණක් සහභාගි වී සිටි අතර  සාමාජ මාධ්යය ඔස්සේ එම මතක බණ සිවිල් විකාශනය කල අතර ඒ සදහා ලක්ශ ගණකම පිරිසක් නොයෙකුත් සාමාජ මාධ්‍ය පිටු මගින් එකතු වි සිටි බව දැකගන්නට ලැබුනි.

මෙහිදී විශාල පිරිසක් කිය සිටියේ " මිතුරු තෝමෝ දුක සැප දෙකෙහිම සිටිති" යනුවෙන් හිටපු ජනාධිපතිනියට ප්‍රසාන්සා කිරිමෙනි.

(ඡායාරූප සමාජ මාධ්‍ය උපුටා ගන්නා ලදි)





Saturday, 24 July 2021

කවුද මේ ජෝසප් ස්ටාලින්

 ජෝසප් ගැන නොදන්නා අයට.......

මම ගුරුවරයෙකු ලෙස පත්වීම භාරගත්තේ 1993දීය.  ඒ  අනුරාධපුර දිස්ත්‍රික්කයේ එවකට මායිම් ගම්මානයක් වන සියඹලාගස්වැව අශෝක විදුහලයි. පළමු දවසේ රුපියල් දහයක් දී විලච්චිය බසයෙන් බැස තන්තිරිමලේ හන්දියෙන් තොරතුරු විමසන විට කෙනෙකු කීවේ මේ විදුහල තවත් කැලෑව ඇතුළත කොටි ත්‍රස්තයන් ඇති මායිම් ගම්මානයේ ආසන්නයේ ඇති බවයි. එතනදී මට අපූරු මිනිසකු හමුවිය ඔහු ස්ටාලින්ය. ඔහු ගුරුවරයකු බව මම නොදනිමි .මා සමග සුහදව කථා කළේය. තන්තිරිමලය දෙසට යාමට වාහන නැත.ට්‍රේලරයක් නැති ට්‍රැක්ටරයක් ආවේය. ජෝසා මට "වරෙන් මේකෙ නැගපන් "කීවේය. මඩ් ගාඩ් එක අල්ලාගෙන අපි දෙන්නා කිලෝ මීටර් දෙකක් ඉදිරියට ගොස් "දැන් බැහැපන්" ජෝසා කීවේ වන්නිහැලඹ  විදුහල ටයි .ඊළඟට "උබ කාලද" ඉන්නේ කියා මාගෙන් ඇසුවේය .ඔහු තම දිවා ආහාරය මට ලබා දී මේක කාපං කීවේ ය.ත්‍රස්ත බියෙන් වෙළුණ නොදන්නා පළාතක ඔහු මට දෙවිකෙනෙක් වීය .මේ පෙරවදන මා ප්‍රකාශ කළේ මේ දිනවල නොදරුවන් පිරිසක් ඔහු ගැන කතා කරන නිසාය .ජෝසා මා සමග වෘත්තීය සමිතියෙ නායකයෙකුට වඩා වසර 27 කට වැඩි මිත්‍රත්වයක් ඇත. ඔහු අමුතු මිනිසෙකි. නිතරම කළේ අන් අයගේ ප්‍රශ්න තමන්ගේ කර ගැනීමයි .හවසට මම විදුහල ලගින් යන විට ජෝසාගේ කටහඩ මහ ඉහළින් ඇසේ.ඒ හඬ ගමේ අහිංසක දරුවන්ට අකුරු ඉගැන්වීමයි.  ඔහු හවසට දරුවන්ගේ ගෙවල් වලට ගියා. දුෂ්කරතා ඇති දරුවන්ට අවශ්‍ය දේ තමන්ගේ වියදමින් අරන් දුන්නා .ජෝසාගේ කටහඩ ඇහෙන විට දරුවන් පැල්පත් නිවාස වල සිට ඔහුට ඇසෙන ලෙස පෙළ පොත මහ හයියෙන් කියවන්න ගන්නවා .ඔහුට උස් පහත් භේදයක් නැත හැම ගුරුවරයකුට උදව් කලා මුදල් නැති බව දැන ගත්තොත් ඔහුගේ කාඩ් එකයි අංකය යි දෙනවා ගිහින් ඒකෙ තියන සල්ලි ටික ගනින් කියනවා. දවසක් සවස හතට පමණ ජෝසා මට පණිවුඩයක් එවා තිබුනා ඒ භීෂණ සමයයි රාත්‍රියේ තන්තිරිමලය විදුහලේ ගුරුවරුන් ට ඉන්ට අපහසු ප්‍රශ්නයක් ගැන කතා කිරීමටයි.බිල්ලෑව ප්‍රදේශයෙන් මාගේ චැලි බයිසිකල් ඔහු සමග යන විට රාත්‍රී 10 පමණ වුණා .හමුදාවෙන් අප දෙදෙනා නතර කළා අපි කිව්වා තන්තිරිමලේ විමඤ්ඤාන විදුහලට යන්න ඕනෑ කියාය. හමුදාවෙන් කීවා මෙතනින් එහාට ගියොත් දෙන්නගේ ජීවිතයේ පිළිබඳව වගකීම භාර ගැනීමට නොහැකියි කියාය. ජෝසා ගේ පිළිතුර වූයේ කමක් නැහැ අපිට යන්ඩ ඕනෑ කියා ය. ජෝසා අන් අයගේ ප්‍රශ්න දෙස බැලුවේ  ජිවිතේ දෙවැනි කොටය.තවත් දවසක මා වන්නිහැලඹෑව විදුහලට  යනවිට විදුහලේ ප්‍රධාන ශාලාවෙහි නිවාඩු දිනයෙක ළමා ඩෙස් අතුරා ජෝසා නිදාගෙන පොතක් කියවනවා මා දුටුවා. මා විදුහලට ගොඩ වී ඇයි මේ එළියෙ නිදාගෙන කියා අසන විට ඔහු මට කීවේ "මචං අලුතෙන් ගුරුවරියන් දෙදෙනෙක් ආවා .උන්ට ඉන්න තැනක් නෑ ඒ නිසා මාගේ කාමරය උන්ට දීලා මම මේ එළියට ආවා" කියාය .මේ උතුම් පුද්ගලයා මට දුන්න පිළිතුර වුයේ එයයි .මට ඔහු ගැන පොතක් ලිවිය හැකිය.ඒ ඔහු සද්භාවයෙන් කළ උතුම් ක්‍රියා ගැන ය. ඔහුට මුදල් අවශ්‍ය නැත .ඔහුට යාන වාහන අවශ්‍ය නැත. ලොකු මන්දිර අවශ්‍ය නැත. ඔහුට ඕනෑ වූ යේ අසාධාරණයන්ට වංචාවට උත්තර දීම පමණි. මේ සටහන පළ කළේ මේ දිනවල ජෝසාගේ ඉතිහාසය ගැන කතා කියන නො දරුවන්ගේ දැනගැනීම සඳහාය .

        -මම අජිත් හේරත් මහනුවරින්