Tuesday, 8 April 2014

කැබිනට් මණ්ඩලයෙන් ලගදීම එළියට යන ඇමතිවරු

තම ආණ්ඩුව පෙරලීම සදහා ඇමරිකාවට තොරතුරු සපයන ඇමැතිවරු තිදෙනෙක් තම කැබිනට් මණ්ඩලයේ සිටින බවත් ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු හඳුනාගෙන ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා පැවැති කැබිනට් මණ්ඩලයේදී පවසා ඇති බවට තොරතුරු වාර්තාවේ.

එහිදි වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ මොවුන් තිදෙනා සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම අධික්ෂණයක සිටින බවත් ඔවුන් ඇමරිකන් තානාපති කර්යාලයට ආණ්ඩුව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන බවත්ය.

එසේම තමන්ගේ කැබිනට් මණ්ඩලයෙහි සිටින මොවුන් තිදෙනාගෙන් මේ වන විටත් හඳුනාගෙන ඇති එක් අයෙකුට නොදුරේදීම දඩුවම් ලබා දෙන බවද සදහන් කර ඇත.

එ.ජා.ප යේ මියැදුණු ටි.මහේෂ්වරන් ගේ බලය වැඩිවෙයි...

ඝාතනයට ලක්වූ එක්සත් ජාතික පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන්ගේ සොහොයුරෙකු වන තුවාරගේෂ්වරන්ට යාපනය කොළඹ පෞද්ගලික මගී ප්‍රවාහන දුම්රියක් සදහා අවසර ලබාදී ඇතැයි වාර්තාවේ.

මේ වන විට කොළඹ සිට පලෙයි දක්වා දුම්රිය ධාවනය වන අතර එය අප්‍රේල් මස අවසානයේදී යාපනය දක්වා දීර්ග කරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම විසින් ප්‍රකාශයක්ද නිකුත් කරන ලදී. ඒ අනුව අදාළ දුම්රිය තුවාරගේෂ්වරන් 2015 වර්ෂයේ සිට මෙම පෞද්ගලික දුම්රිය යාපනය ධාවනය කිරීමට නියමිත අතර මේ වන විටත් අදාළ අවසර ලබාදීම දුම්රිය ප්‍රවාහන කොමිසම හා ආරක්ෂක අමාත්‍යංශය එකතුව කටයුතු යොදා ඇති බවද වාර්තාවේ.

ඉහළ පෙලේ ව්‍යාපාරිකයකු වන තුවාරගේෂ්වරන් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ යාපනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරයි.

ටී. මහේෂ්වරම් 2001 වර්ෂයේදී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග වැද ජයග්‍රහණය කොට එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙහි හින්දු කටයුතු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේය. අනතුරුව ඔහු 2004 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදී මනාප හැටදසකට අධික සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඔහු 2008 වසරේ ජනවාරි පළමු දින එල්ටීටීඊ සංවිධානය වෙතින් ඝාතනයට ලක්විය. නමුත් එම දින කිහිපයේදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරීන් 19 දෙනා ඉවත් කර දෙදෙනකු පමණක් යොදවා තිබිණි.


මහේෂ්වරම් පවුල ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් වන අතර යුද්ධය පැවති කාලයේ ඔවුන්ට අයත් නැව් කිහිපයක් මගින් උතුරට භාණ්ඩ හා මගීන් ප්‍රවාහනයද සිදුකළේය.

Monday, 7 April 2014

සියල්ල බොරු වෙයි....අතුරුදහන් යානයේ අතුරු කතාව මෙන්න.........

අතුරුදහන් ගුවන් යානයේ මගියා විසින් ගත් පින්තුරය IPHONE 5 වර්ගයේ දුරකතනයකින් අරගත් එකක් බවත් එම පින්තුරය අරගෙන ඇත්තේ  දියාගෝ ගාර්සියා වලදී බවත් EXIF පරීක්ෂණ තොරතුරුඅනාවරණය කරයි. ”මාව රඳවා සිටින්නේ වෙනම සිර කුඩුවක…බෙහෙතකින් මාව මත් කරලා” තව දුරටත් එම SMS පණිවිඩයේ ඔහු මෙසේද සඳහන් කර ඇත:
“I have been held hostage by unknown military personal after my flight was hijacked (blindfolded). I work for IBM and I have managed to hide my cellphone in my ass during the hijack. I have been separated from the rest of the passengers and I am in a cell. My name is Philip Wood. I think I have been drugged as well and cannot think clearly.”

Tuesday, 1 April 2014

සන්ධානය ප්‍රසාද ආසන චන්ද අනුව නම් කරයි..

මාර්තු 29 වැනි දා බස්නාහිර හා දකුණ පළාත් සභා ඡන්දයෙන් ජයගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රසාද මන්ත්‍රීධුර සඳහා බස්නාහිරට නවුසර් ෆවුසි හා ලලන්ත ගුණසේකර ද, දකුණු පළාතට දුල්ෂාන් කාරියවසම් හා ආනන්ද පතිරණගේ පත් කළ බව සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.

Monday, 31 March 2014

පළාත් දෙකේ ජනතාව පරාද කරපු ලැයිස්තුව මෙන්න...

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රතිපලවලට අනුව හිටපු මන්ත්‍රීවරුන් 43 දෙනකු මෙවර පරාජයට පත්ව ඇත.
ඒ අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බස්‌නාහිර පළාත් සභාව නියෝජනය කළ නවුසර් ෆවුසි, සරත් සුමනසේකර, ලයනල් කාරියවසම්
ගාමිණී සිල්වා, දයාකාන්ත පෙරේරා, අශෝකා ලංකාතිලක, කීර්ති උඩවත්ත, තිලකරත්න රාජපක්‍ෂ, මහින්ද කුරුවිට, රේණුක පෙරේරා, සුමිත් සොයිසා, මොරිස්‌ ජයරත්න, ජානක සූරියබණ්‌ඩාර, රෙහෙන්සිරි වරාගොඩ, දර්ශන මල්ලව, තුෂාර පෙරේරා, ගොඩ්ෆ්‍රි කුරේ, විකුම් ගුණසේකර යන අයට මන්ත්‍රීධුර අහිමි විය.

එමෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ටී. එම්. යුසුප්, රන්දිර් රොද්‍රිගු, සිරිකමල් ෆලිෂියස්‌, චන්ද්‍රසෝම සරණලාල්, කිත්සිරි මංචනායක යන අයටද මන්ත්‍රී ධුර අහිමි විය.

මෙයට අමතරව එජනිසයෙන් නවකයන් ලෙස සෙනල් වෙල්ගම, රෝහණ අබේගුණවර්ධන, සුනෙත්‍ර ලාල් ප්‍රනාන්දු, ප්‍රසන්න සංජීව, සහන් ප්‍රදීප්, සමන්මලී සකලසූරිය, සුසාර දිනාල්, නිරෝෂ් දිල්ෂාන්, උපුල් රාජිත, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මල්ෂා කුමාරතුංග, මංජුල බුද්ධදාස, ප්‍රදීප් රූපසිංහගේ, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, තුෂාර වජිර පෙරේරා යන අය පළාත් සභාවට තේරී පත්වූහ.

එමෙන්ම ජගත් විතාන, ප්‍රියන්ත සිල්වා, ප්‍රේමශාන්ත පෙරේරා, කාවින්ද ජයවර්ධන, රොයිස්‌ ප්‍රනාන්දු, පුෂ්පකුමාර ද සිල්වා, එස්‌. එම්. මරික්‌කාර්, උදාර රත්නායක, රොඩ්නි ප්‍රෙෂර් යන අය එජාපයෙන් නවකයන් ලෙස තේරී පත්වූහ.

මීට අමතරව රවීන්ද්‍ර යසස්‌, අරුණ දීපාල්, රාජිත රංග හපුආරච්චි, අනුරුද්ධ ලේකම්ගේ අශෝක දයාරත්න, ඉන්දික මනීෂ බණ්‌ඩාර, සුසිල් කිඳෙල්පිටිය, නලින් ප්‍රදීප් උඩවෙල යන අය ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන්ද කේ. ඩී, ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, යන අය ජවිපෙන්ද එස්‌. කැනවර්සන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ද නවකයන් ලෙස තේරී පත්ව සිටිති.

දකුණු පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක සිරි විඡේවික්‍රම මහතා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 18 දෙනකු පරාජයට පත්ව ඇත.

එ.ජ.නි. සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 13 දෙනකුද පරාජයට පත් වී ඇත. පළාත් සභාවේ විපක්‍ෂ නායකවරයා හා හිටපු එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු පරාජයට පත් වී තිබේ. ජ.වි.පෙ. හිටපු මන්ත්‍රීවරයකුද, මෙවර මැතිවරණයේදී පරාජයට පත් විය. එමෙන්ම සන්ධානයේ සිට එ.ජා.ප. යට එක්‌වූ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ආනන්ද පත්මසිරි කාරියවසම් මහතා ද පරාජය විය. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ එ.ජ.නි. සන්ධානයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සිසිර කුමාරරත්න ,ගා/දෙනෙත්ති, ලසන්ත විඡේනායක, එස්‌. එල්. ජයවීර, ඡේ. කේ. ඩී. ජයවික්‍රම, අජිත් ප්‍රසන්න යන මහත්වරු මෙසේ පරාජයට පත් වූහ.

මෙවර මාතර දිස්‌ත්‍රික්‌කයෙන් තරග කළ සන්ධානයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිනි අනර්කලී ආකර්ෂා මෙනවියද පරාජයට පත් වූවාය. මීට අමතරව මාතර දිස්‌ත්‍රික්‌කයේ සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිලංග හෙන්දාවිතාරණ, ජයන්ත කොඩිතුවක්‌කු, බන්දු රණවක යන මහත්වරුද පරාජයට පත් වූහ.

මාතර දිස්‌ත්‍රික්‌කයේ හිටපු එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වින්දන හපුතන්ත්‍රි මහතා ද මෙවර මැතිවරණයේදී පරාජයට පත් විය. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එ.ජ.නි. සන්ධානයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සිරිපාල ජයවීර, ගුණසෝම වික්‍රමසිංහ, එස්‌. වී. පී. ආනන්ද යන මහත්වරු ද පරාජයට පත් වූහ.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ හිටපු එ.ජා.ප. මන්ත්‍රී සෝමපාල ඒකනායක හා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රී සිසිර කුමාර වාහලතන්ත්‍රි මහතා ද මෙවර මැතිවරණයේදී පරාජයට පත්වූහ.

මේ අතර නවක මන්ත්‍රීවරු 16 දෙනකු දකුණු පළාත් සභාව සඳහා තේරී පත් වී ඇත.

එ.ජ.නි. සන්ධානයෙන් නවක මන්ත්‍රීවරු 09 දෙනකු තේරී පත්වී ඇති අතර එ.ජා.ප. යෙන් තේරීපත් වී ඇති නවක මන්ත්‍රීවරු සංඛ්‍යාව තිදෙනෙකි. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් නවක මන්ත්‍රීවරු තිදෙනකු තේරී පත් වී ඇත.

ජ.වි.පෙ.න් හිටපු නියෝජ්‍ය ඇමැති නිහාල් ගලප්පත්ති මහතා තේරී පත් වී ඇති අතර ඔහු පළාත් සභාවට නවකයෙකි.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් සන්ධානයෙන් නවක මන්ත්‍රීවරුන් ලෙස හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතාගේ පුත් ඉසුරු දොඩංගොඩ, ජනප්‍රිය සිනමා නිළි ගීතා කුමාරසිංහ, චානක සම්පත් මාදුගොඩ, ආරියවංශ සම්මු යන අය තේරී පත් වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් නවක මන්ත්‍රීවරුන් ලෙස අමරසිරි කුරුවගේ, පත්මසිරි ද සිල්වා යන මහත්වරුන් තේරී පත් වී ඇත.

මාතර දිස්‌ත්‍රික්‌කයේ සන්ධානයෙන් නවක මන්ත්‍රීවරුන් ලෙස අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා හා සරත් අල්විස්‌ යන මහත්වරුන් තේරීපත් වී තිබේ. එ.ජා.ප. යෙන් චතුර ගලප්පත්ති මහතා නවක මන්ත්‍රීවරයකු ලෙස තෙරී පත් වී ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් රංජිත් මුණසිංහ මහතා නවක මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී තිබේ.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන් සන්ධානයේ නවක මන්ත්‍රීවරු ලෙස තේරීපත් වී ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ එම්. කේ. රංජිත් (චන්ඩි මල්ලී) මහතාගේ පුත් එම්. කේ. කසුන් හා සුජිත් මුතුකුමාරණ, සිරිල් සමන් කුමාර යන මහත්වරුන්ය.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එ.ජා.ප.) දිලිප් වෙදආරච්චි මහතාගේ සහෝදරයකු වන නිහාල් වෙදආරච්චි හා ටී. වී. කේ. ගාමිණී යන මහත්වරු එ.ජා.ප. යෙන් නවක මන්ත්‍රීවරු ලෙස තේරී පත් වී ඇත.


සන්ධානයේ බලවතුන්ගේ මනාප මංකොල්ලය

2014 පළාත් සභා ප්‍රතිපලය නිකුත් වී දැනට පැය 48ක් පමණ ඉක්ම ගොස්ය.කෙනෙක් ජයග්‍රහණය කර ඇත .තවකෙක් පරාජයට ඇත.ඒ දේශපාලන පක්ෂ ප්‍රතිපලයයි.එම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන්ගේ මනාප ප්‍රතිපලය නිකුත් වී නම් 48 ක් නම් ගත වී නොමෙත.දැන් සියලු දෙනාටම නැතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර අපේක්ෂකයන්ට තිබෙන ප්‍රශනය නම් මනාප ගණන් කරනු ලබන ස්ථානයේ තිබු මනාප සංඛාව අවසාන ප්‍රතිපලයේදී නොමැති වීමයි.හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතාගේ හා  අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති අරුණ මනිමේල්වඩු මහතාගේ මනාප සම්බන්ධව ගැටළුවක් මතු වී තිබේ.ගියවර නිශාන්ත මුතු හෙට්ටිගම මහතා හා මනාප සම්බන්ධව අමනාප වූ කෙනකු හා මහත් ආන්දෝලනයකට ලක් වූ ශ්‍රී .ලං.නි.ප ආසන සංවිධායක කෙනකුගේ නම්  මේ සදහා එකතු ඇති බව පට වාර්තා වී තිබේ.මේ පිළිබධව අප අම්බලන්ගොඩ නගරාධිපතිවරයාගෙන් විමසීමට උත්සහ කල අවස්ථාවේ එතුමාගේ ජංගම දුරකතනයට පිළිතුරු දුන් පුද්ගලයා ප්‍රකාශ කර සිටියේ ''නඩුත් හමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ නම් වෙන මොන කතා ද''' කියාය.මාතර දිස්ත්‍රික්කයේද මෙම සිදුවීම සිදු වී තිබේ. මාතර දිස්ත්‍රික්කයේ රණවිරු අපේක්ෂක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ජයන්ත කොඩිතුවක්කු මහතාගේ ,හිටපු දකුණු පළාත සභා මන්ත්‍රී බන්දු රණවක මහතාගේ,හා දෙවිනුවර  අසන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නිලංග හෙන්දවිතාරණ මහතාගේ මනාප සම්බන්ධව විශාල ගැටළුවක් මතුවී තිබේ .මේ පිළිබඳව චෝදනා එල්ල වන්නේ ඇමතිවරුන් දෙපලකට හා වෙනත් දිස්ත්‍රික්කයක ඉහල පුටුවක සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුටය.ඔවුන් එම ඥාතිවරයා හා ලේකම් වරයා දිනවීමට මෙම අනිසි කටයුත්ත සිදුකර ඇති බව ආරංචි වන අතර,අනෙක් ඇමති වරයා බලයෙන් උන්මාද වී සිටින හෙයින් දිස්ත්‍රික්කයේ පළමු තැන ලබා ගැනීමට මෙය සුදු කල බව වාර්තා වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම අසාධාරණයට ලක් වූ සන්ධාන අපේක්ෂකයන් වුයේ හිටපු මන්ත්‍රීවරුන් වන අජිත් රාජපක්ෂ ,සිරිපාල ජයවීර ,එස්.වී.පි ආනන්ද.,ගුණසෝම වික්‍රමසිංහ ,මදුලාල් වීරසිංහ යන අයගේ මනාප ,සන්ධානයේ ප්‍රබලයන් දෙදෙනෙකුට එකතු කර ඇති බවද අපට වාර්තා වී ඇත. මේ සියලුම තොරතුරු වලින් අපට ගම්‍ය වන්නේ චන්ද ගණන් කිරීම හෝ මනාප ගණන් කිරීමේදී ගැටළුවක් මතු නොවුනද ,එම මනාප අපේක්ෂකයනට එකතු කිරීමේදී ගැටළු ඇති වී තිබෙන බවය.මෙහිදී අප නම් සදහන් කිරීමට අකමැති එක අපේක්ෂකයකු අදහස් දැක්වුයේ මෙම අඩුපාඩුව පෙන්වා දීමට උත්සහ කල අවස්ථවේ එම නිලධාරීන් ප්‍රකාශ කලේ '''කම්පියුටර් එකේ තියෙන ඒවා තමයි දෙන්නේ  '''කියාය.මේ තත්වයේ සැබැව කුමක්ද?ඉදිරිදී එයද හෙළි කරන්නෙමු  

Wednesday, 26 March 2014

සරත් යාපා අබේවර්ධන මාතරින් මනාප 50000 ක් ලබා පලවෙනි තැනට..

2014  පළාත් සභා මැතිවරණයේ දකුණු පළාතේ අහබු ලෙස තොර ගත දිස්ත්‍රික්කයක සමීක්ෂණය කිරීමට අප ආයතනය තීරණය කළහ.එම අහබු ලෙස තොර ගත් දිස්ත්‍රික්කය වුයේ  මාතර දිස්ත්‍රික්කයයි.එම දිස්ත්‍රික්කයේ 2014 පළාත් සභා මැතිවරණයේ අවසන් ප්‍රතිපලයට සමාන වන ප්‍රතිපලයන් අප මිට පෙර දෙවතාවක් ඉදිරිපත් කරන ලදී.මෙම වතාවේදී ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශ 16 ආවරණය කරමින් එහි ග්‍රාම නිලධාරි වසම් 689 ක් තුල 1400 පමණ පිරිසක් යොදවා 2014 මාර්තු මස 26 වන දින සවස 5.00 වන විට අපට ලැබී තිබු ප්‍රතිපලය පහත දැක්වේ.මෙම ප්‍රතිපලය 2014 මාර්තු 29 දින ප්‍රතිපලය හා බෙහෙවින් සමාන කම් කීමට ඉඅද හසර ඇති බව නම් සැබෑය.
                                                                  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ස්ථානය කිසිසේත්ම මුල වට වල පටන්ම වෙනස් නොවී පැවතුන අතර මෙහි පළමු ස්ථානයට පත් වී තිබෙනුයේ මහින්ද යාපා අබේවර්දන කැබිනට් ඇමතිවරයාගේ සොහොයුරා වන සරත් යප අබේවර්ධන මහතාය.දෙවන ස්ථානය හිටපු පළාත් ඇමති චන්දිම රාසපුත්‍ර මහතාය.කැබිනට් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසද යාපා  3 වන ස්ථානයද,පිලිවෙලින් 4,5,6,7,වීරසුමන වීරසිංහ ,බින්දු වීරසිංහ ,කාංචන විජේසේකර,මනෝජ් සිරිසේන යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු පත් වී තිබෙන අතර 8වැනි ස්ථානය සරත් ද අල්විස් මහතාද ,9 ස්ථනය අරුණ ගුණරත්න පත් වි තිබේ.පිලිවෙලින් 10,11,12,13,14,,15 පුෂ්පකුමාර බැට්ටගේ ,ජයන්ත කොඩිතුවක්කු, අනර්කලී ආකාර්ෂා මෙනවිය,නිලංග හෙන්දවිතාරණ,එච්.ඒ.පියසේන,අනිල් වීරමන් යන මහත්වරුන් පත් වි ඇත.මෙහි විශේෂ සිදුවීම වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජයන්ත කොඩිතුවක්කු ,නිලංග හෙන්දවිතාරණ,එච්.ඒ.පියසේන යන මහත්වරුන් පරාජය වීමත් ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ පළමු තැන ලබා ගත් නි.අමාත්‍ය සනත් ජයසුරිය මහතාගේ නියෝජිතයා වූ රාජ් චන්ද්‍රලාල් මහතා පරාජය වීමත්ය.

01.සරත් යාපා අබේවර්ධන     45000-47000
02.චන්දිම රාසපුත්‍ර                  42000-45000
03.පසඳ යාපා                        38000-40000
04.වීරසුමන වීරසිංහ               35000-36000
05.බින්දු වීරසිංහ                    35000-36000
06.කාංචන විජේසේකර          34000-35000
07.මනෝජ් සිරිසේන             34000-35000
08.සරත් ද අල්විස්                  32000-33000
09.අරුණ ගුණරත්න               32000-33000
10.පුෂ්පකුමාර බැට්ටගේ         30000-32000
11.ජයන්ත කොදිතුවක්කු       30000-32000
12.අනාර්කලී ආකාර්ෂා           29000-30000
13.නිලංග හෙන්දාවිතාරණ     29000-30000
14.එච්.ඒ පියසේන                 26000-28000
15.අනිල් වීරමන්                   25000-26000

මාතර දිස්ත්‍රික් අන්තිම ප්‍රතිපලය එළියට

2014  පළාත් සභා මැතිවරණයේ දකුණු පළාතේ අහබු ලෙස තොර ගත දිස්ත්‍රික්කයක සමීක්ෂණය කිරීමට අප ආයතනය තීරණය කළහ.එම අහබු ලෙස තොර ගත් දිස්ත්‍රික්කය වුයේ  මාතර දිස්ත්‍රික්කයයි.එම දිස්ත්‍රික්කයේ 2014 පළාත් සභා මැතිවරණයේ අවසන් ප්‍රතිපලයට සමාන වන ප්‍රතිපලයන් අප මිට පෙර දෙවතාවක් ඉදිරිපත් කරන ලදී.මෙම වතාවේදී ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශ 16 ආවරණය කරමින් එහි ග්‍රාම නිලධාරි වසම් 689 ක් තුල 1400 පමණ පිරිසක් යොදවා 2014 මාර්තු මස 26 වන දින සවස 5.00 වන විට අපට ලැබී තිබු ප්‍රතිපලය පහත දැක්වේ.මෙම ප්‍රතිපලය 2014 මාර්තු 29 දින ප්‍රතිපලය හා බෙහෙවින් සමාන කම් කීමට ඉඅද හසර ඇති බව නම් සැබෑය.

එක්සත් ජනතා නිදහස් නිදහස් සන්ධානය    9   (51.90%)
එක්සත් ජාතික පක්ෂය                                5   (35.69%)
ජනතා විමුක්ති පෙරමුණ                             1   (6.78%)
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය                                 1    (5.63%)

වශයෙනි.

Tuesday, 25 March 2014

සුමිතිපාල මානවඩු මරණය අභිරහස් ඝාතනයක්ද ?

මස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුමතිපාල මානවඩු මහතා ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අද (25) රාත්‍රියේ 8. 20ට පමණ සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණේ 7වන ජාතික මහා සමුළුවේදී එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වූ අතර බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජවිපෙ අපේක්ෂකයෙකුද වේ.

මේ වනවිට ඔහුගේ මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති බවත් අනතුර සිදුවූ ටිපර් රථය පළා ගිය බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලැබුණු බවත් පොලීසිය සඳහන් කරයි.

Friday, 21 March 2014

අතුරුදහන් වූ යානය පැසිපික් සයුර පතුලටම...

පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන්  රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ කරුණු  පෙන්වා දී ඇත.ඔහු මතකයන් තුළට  යාමට හැකි  ප්‍රවීනයෙකු ලෙස සැලකේ .
ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.
යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවාය . යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුළට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.

පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාළ ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුළට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.