Thursday, 28 August 2014

මහින්ද,නාමල් ,බැසිල්,ගෝඨභයට,අමතරව ලෝකයේ නරකම් මිනිසුන් අතර පළමු 50 ඉන්න ලංකිකය කවුද

විවිධ ක්ෂේත‍්‍ර යටතේ ඕනෑම පුද්ගලයෙක් මහජන කැමැත්ත අනුව ශ්‍රේණිගත කරන ලෝකයේ ‘ද රැන්කර්’ නම් සංවිධානය විසින් කරන ලද ශ්‍රේණිගත කිරීමක් අනුව පසුගිය දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ නරකම මිනිසුන් යන ක්ෂේත‍්‍රය යටතේ නමවෙනි ස්ථානයට ශ්‍රේණිගත සිටි නමුත් මේ වන විට රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමිව ඇත්තේ එම ශ්‍රේණියේ 19 වන ස්ථානයයි.නමුත් මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 11වෙනි ස්ථානයටත්, බැසිල් රාජපක්ෂ මහතා 14වන ස්ථානයටත් නාමල් රාජපක්ෂ මහතා  24වෙනි ස්ථානයටත් පත්ව ඇත.මේ  හැරුණු කොට පළමු 50 දෙනා අතර සිටින අනෙක් ශ්‍රී ලාංකිකයා වන්නේ LTTE නැගෙනහිර පළාතේ නායක වූ වාර්තමාන එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණ අම්මාන්ය  (2014.08.29 දින පෙරවරු 11.44 වන විට)

                                                                     තවමත් මෙකී ශ්‍රේණියේ පළමු තැන දිනාගෙන ඇත්තේ රුසියාවේ සිටි ඒකාධිපති පාලකයා වූ ජෝෂප් ස්ටාලින් වන අතර එහි දෙවැනි තැන දිනාගෙන ඇත්තේ ජර්මනියේ හිටපු කුප‍්‍රකට ඒකාධිපතියා වූ ඇඩොලොෆ් හිට්ලර් ය.

මොවුන්ට අමතරව පොල්පොට්, ඉඩි අමීන්, මා ඕ සේතුං, ඔසාමා බින් ලාඩන්, කිම් ජොන් ඉල්, හෙන්රිච් හිම්ලර්, සදාම් හුසේන් හා ජෝශප් ගොබල්ස් යන අය පළමු 10 දෙනා අතරට පත්ව ඇත.

Wednesday, 27 August 2014

ඌවෙ ජය විපක්ෂයට මහා ඇමති හරින් ප්‍රනාන්දු ජේ.වී.පි ට .ෆොන්සේකාට ඇමති කම්

                                             
''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හා ගොසිප් සවුත් ලංකා නිවුස්''    2014  ඌව පළාත් සභා මැතිවරණයේ  බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබූ පළමු වටයේ  සමීක්ෂණ තොරතුරු එලි දක්වා තිබේ.මෙහිදී එක් ග්‍රාම නිලධාරී වසමකින් අහබු ලෙස තෝරාගත් අවුරුදු 18 -30 / 30-50 / 50-70 /70+ / පුජ්‍ය හා රාජ්‍ය සේවක ලෙස කාණ්ඩ 5කට ගැහැණු 5 හා පිරිමි 5ක් ලෙස හැම කාණ්ඩයෙන්ම තෝරාගෙන සමීක්ෂණය සිදු කරන ලදී.මොනරාගල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 319 හා බදුල්ල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 567 තුල නිලධාරී 1800 කට වැඩි ප්‍රමානයක් යොදවා දින 3ක් තුල කරන ලද සමීක්ෂණයක ප්‍රතිපල පහත දැක්වේ.                                                                                                                                                 කෙසේ වෙතත් අවුරුදු 15 පසුව ඌව පළාත් සභාව තුල වෙනසක් සිදු වෙමින් මන්ත්‍රී ආසන 14 බැගින්(බෝනස් අසනද ඇතුළුව ) ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය සම තත්වයට පත් පත් වුවද ජනතා විමුක්ති පෙරමුණට හිමි ආසන 3ත් ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂයට හිමි අසන 2ත් සමග විපක්ෂය මන්ත්‍රී ආසන 19 දක්වා ඉහලට ඇදී යනු ඇත.එවිට මහා ඇමති පත්වනුයේ ඒකාබද්ද විපක්ෂය මුලික කර ගනිමිනිඑය එසේ සිදු වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධනයේ අවුරුදු 20ක් පමණ ශ්‍රී ලංකාවේ තිබුණු බලය උතුරු පළාතෙන් පසුව වෙනත් පළාතකින් පළමු වරට ගිලිහි යනු ඇත.මෙය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය හෝ ජනාධිපතිවරනයටද දැඩි ලෙස බලපානු නියතය.කෙසේ වෙතත් මෙය හුදෙක් සමික්ෂනයක් පමණක් වන හෙයින් සැප්තැම්බර් 20 දින සැබෑ ලෙසම දැක ගනු නියතය  

පළමු සමීක්ෂණ ප්‍රතිපල ආවා..මොනරාගල ආණ්ඩුව දින්නත් දරුණු පසු බෑමක්

''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හා ගොසිප් සවුත් ලංකා නිවුස්''    2014  ඌව පළාත් සභා මැතිවරණයේ  බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබූ පළමු වටයේ  සමීක්ෂණ තොරතුරු එලි දක්වා තිබේ.මෙහිදී එක් ග්‍රාම නිලධාරී වසමකින් අහබු ලෙස තෝරාගත් අවුරුදු 18 -30 / 30-50 / 50-70 /70+ / පුජ්‍ය හා රාජ්‍ය සේවක ලෙස කාණ්ඩ 5කට ගැහැණු 5 හා පිරිමි 5ක් ලෙස හැම කාණ්ඩයෙන්ම තෝරාගෙන සමීක්ෂණය සිදු කරන ලදී.මොනරාගල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 319 හා බදුල්ල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 567 තුල නිලධාරී 1800 කට වැඩි ප්‍රමානයක් යොදවා දින 3ක් තුල කරන ලද සමීක්ෂණයක ප්‍රතිපල පහත දැක්වේ.
                                                                   මොණරාගල දිස්ත්‍රික්කයේදී වැඩි වාසියක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබුනද එහි පැහැදිලි පසු බෑමක් දක්නට ලැබේ.ගියවර මන්ත්‍රී අසන 9ක් දිනා ගත එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මන්ත්‍රී ආසන 6 (ප්‍රසාද ආසනය හැර )දිනා ගන්නා බවත් ගියවර මන්ත්‍රී ආසන 2ක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂය මෙවර මන්ත්‍රී ආසන 4ක් දිනා ගන්න බවත්.ජනතා විමුක්ති පෙරමුණ හා සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂය මන්ත්‍රී ආසන එක බැගින් දින ගන්නා බවට සමීක්ෂණයේදී හෙළි වී තිබේ.                                                                                                                                                                            කෙසේ වෙතත් මොනරාගල දිස්ත්‍රික්කයේ සමසත් ජයග්‍රහනය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන බව ප්‍රකශ වේ.මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබීමට සිටි ජාතික නිදහස් පෙරමුණේ හිටපු මොනරාගල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී උදය කුමාර මහතා මුස්ලිම් සන්ධානයටද මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකි වී තිබේ.මෙම කරුණු සමීක්ෂණයේදී අපට හෙළි වන ප්‍රධාන කරුණ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඌව පළාත් සභාවේ ජය තහවුරු කර ගැනීමට නම් මොනරාගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන ප්‍රමානය ප්‍රමාණවත් නොවන බවය. 

විනු උදාරි රැවටු ඇමති පුතා කවුද ?


විනූ උදානිගේ මීට පෙර තිබූ පෙම් සබඳතාවය බිඳී ගොස් ඇති බවයි. නමුත් ඒ කවුරුන් සමඟ තිබූ සම්බන්ධතාවයක්දැයි ඇය කිසිවිටකත් හෙළි කර නොතිබුණි.

නමුත් මීට සතියකට පෙර රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ විනූ උදානි පවසා තිබුණේ තමාට මේ වනවිට පෙම්වතෙක් නොමැති බවත්, මෙච්චර කාලයක් පෙම්වතෙක් සිට නොමැති බවත්ය.

විනූ එලෙස බොරු කියූ නිසා ඇයට සිටි පෙම්වතාව පිළිබඳව සෙවීමට අපි උත්සාහ ගත් අතර අවසානයේ විනූ මෙතෙක් කලක් ලොවට වසන් කළ එම පෙම්වතා සොයාගැනීමට ගොසිප් බුක් අපට හැකිවුණා.

ඔහු වූ කලී පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායකගේ වැඩිමහල් පුත්‍රයාය. 28 හැවිරිදි ඔහු නමින් නුවන් හර්ෂ නිලුපුල් බණ්ඩාර රත්නායක වේ.


මීට වසර හයකට පමණ පෙර ඔහු ඇමරිකාවේ අධ්‍යාපනය හමාර කොට තිබේ.

අනතුරුව කැබිනට් පත්‍රිකාවක් මඟින් කෙහෙළිය රඹුක්වැල්ලගේ දුව ඇතුළු ඇමති දූ පුතුන් තානාපතිවරුන් ලෙස තනතුරු ලබාදුන් අවස්ථාවේ මොහුටද රුසියාවේ ශ්‍රී ලංකා උප තානාපතිකම ලැබී මොස්කව් නුවර තානාපති කාර්යාලයේ සේවයට ගොස් තිබේ.

මීට මාස දෙකකට පමණ පෙර රුසියාවේ ශ්‍රී ලංකා නිළධාරියෙකුට වෙඩි වැදී තිබූ අතර ඒ මෙම නුවන් රත්නායකයි.

ලංකාවෙන් පැමිණි නැටුම් කණ්ඩායමක් සමග රොස්ටොව් දොන්ඔන් නගරයට ගිය විට ඒ කණ්ඩායමේ බඩු බාහිරාදිය රැගෙන ගිය ට්‍රක්රථයේ රුසියානු ජාතික රියදුරා සමග මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් නිසා ඔහුට එලෙස වෙඩි වැදි තිබුණි.

මහින්ද රාජපක්ෂ නම් ලාංකිකයාට නඩු දමන නීතියේ ලොක්කා

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු නීත්‍යානුකූල හැකියාවක් නොමැති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.
දෙවරකට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරය දැරීම වළක්වාලමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබූ විධිවිධාන 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වරටත් තේරී පත්වී සිටි බැවින් තුන්වැනි වරට තරඟ කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවන බව හිටපු අගවිනිසුරුවරයා පැවසීය.
මෙතන නුසුදුසු කමක් තියෙන්නේ. නුසුදුසුකම පැවරෙන්නේ ඒ තැනැත්තා තෝරා පත්කරගත් දවසේ. රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනි වරට තෝරා පත්කරගත්තේ 2010යේ ජනවාරි 27 වැනිදා. ඒ අනුව එතුමා ජනවාරි 27වන දින නැවත වාරයක් ජනාධිපතිකමට ඉල්ලන්න නුසුදුස්සෙක් බවට පත්වුණා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
2010 සැප්තැම්බර් මාසයේ සිදු කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම නුසුදුසුකම අහෝසි නොවූ බව හිටපු අගවිනිසුරුවරයා අවධාරණය කරයි.
අපේ මතය නම් ඒ නුසුදුසුකම මේ ව්‍යවස්ථාවේ සීමාව ඉවත් කිරීමෙන් ඉවත්වෙලා නැහැ. අපේ නීතියේ මූලික සිද්ධාන්තයක් තමයි, නීතියෙන් යම් කිසි ඉවත් කිරීමක් කරනව නම් ඒක ක්‍රියාත්මක වන්නේ අනාගතයට; අතීතයට ක්‍රියාත්මක වන්නේ නැහැ විශේෂ විධි විධානයක් නැතුව. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තුන්වෙනි වතාවට ජනවරමක් පැතීමට හැකියාවක් නැහැ.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කිසිදු තැනක තුන් වරක් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හැකි බවට සඳහනක් නොවීම මෙවැනි තත්වයක් ඇතිවීමට හේතුව බව ඔහුගේ මතයයි.
අන්න එතනයි වැරදුනු තැන, තුන්වැනි වතාවට හෝ හතරවෙනි වතාවට තරග කරන්න පුළුවන් කියලා විධීවිධානයක් දැම්මේ නැහැ. ඒක දාන්න අමතක වුනා නැත්නම් ඒක දැම්මේ නැහැ මේක වසන් කරන්න. හැබැයි තුන්වැනි වතාවට ඉදිරිපත්වීමට සුදුස්සෙක් වන්නේය කියලා දාලා තිබුනොත් මම මේ කියන දේ වලංගු නැහැ.
ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන්වන 2016 නොවැම්බර් මස 19වනදාට මාස 3කට පෙර ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය තිබෙන බව පවසන සරත් එන් සිල්වා හිටපු අගවිනිසුරුවරයා ඊට කලින් ජනාධිපතිවරණයක් කැඳවුවහොත් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව නඩු පවරන බවද පවසයි.


පළාත් අමාත්‍ය නිමල් ලාංසා දොස්තර නෝනා කෙනෙක්ගෙන් ගුටි කැ හැටි

නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාව කටාන ආසනයෙන් එළවා දැමීමට ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ක්‍රියා කෙළේ යැයි පළාත් අමාත්‍ය නිමල් ලන්සා මහතා සිදුකළ ප්‍රකාශය මුලුමනින්ම සාවද්‍යයැයි ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිරිඳ වන පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසා සිටී.
                                                    සරත් ගුණරත්න මහතාට කටාන ආසනයෙන් දේශපාලනය කිරීමට නොදී එළවා දැමීමට ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ක්‍රියා කළ බව බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලාන්සා මහතා පසුගියදා (25දා) මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්බන්ධව දිනපතා පුවත්පතක් විසින් කළ විමසීමේදී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මේ බව පවසා තිබේ.
                                                          ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් සරත් ගුණරත්න මහතා කලක් සේවය කළ බවත් එවකට රටේ පැවැති තත්ත්වය නිසා හදිසියේ සරත් ගුණරත්න මහතාට විදේශ ගතවීමට සිදුවූ බවත් ඇය කියා තිබේ.
                                                          සරත් කුමාර ගුණරත්න මහතාට කටාන ආසනයෙන් දේශපාලනය කිරීම ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා විසින් තහනම් කරනු ලැබුවැයි යමකු පවසනවානම් එම ප්‍රකාශයට තමන් එකඟ නොවන බවත් එය වැරැදි අවබෝධයක් බවත් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වැඩිදුරටත් පවසා ඇත.

                                                             එමෙන්ම මීගමුව ප්‍රදේශයේ භීෂණ තත්ත්වයක් පවතින බවට නිමල් ලාන්සා මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධවද අදහස් දක්වමින් ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවැසුවේ එවැනි භීෂණයක් මීගමුව පමණක් නොව රටෙහිද නොපවතින බවයි.

මැතිවරණ කොමසාරිස් නිදි මෙන්න..ඇත්ත

ඌව පළාත් සභා මැතිවරණයේ විපක්ෂයේ පක්ෂයන්හි මැතිවරණ කාර්යාල හා පුද්ගලයින්ට පහරදීම සදහා ආණ්ඩුව විසින් සන්නද්ධ කල්ලියක් යොදවා ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාල චෝදනා කර සිටී.

මෙම කණ්ඩායම විසින් පෙරේදා දිනයේදී විපක්ෂයේ කාර්යාල 18ක්ද ඊයේ දිනයේ දී විපක්ෂයේ කාර්යාලය 10ක් ද විනාශ කොට ඇත. එසේම ගම්වැසියන් බිය වද්දමින් විපක්ෂයේ ක්‍රියාකාරිත්වය අඩාල කිරීම සදහා ස්වයංක්‍රීය ගිනි අවි යොදාගනිමින් පවතින බවද අදාළ නිරීක්ෂණ ජාල මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින් දන්වා සිටී.

නිරීක්ෂණ ජාල සදහන් කර සිටින්නේ මේ වන විට මෙසේ ගිනි තබා විනාශ කොට ඇති කාර්යාලය සංඛ්‍යාව 30ක් පමණ වන බවත් මැතිවරණය ආරම්භ වීමත් සමග මෙවැනි තත්වයක් පෙන්වන්නේ නම් ඉදිරියේදී මේ තත්වය උග්‍රවිය හැකි බවද අදාළ ලිපිය මගින් සදහන් කොට ඇත.

බදුල්ල UNP දිනනවා..සමික්ෂනයකින් හෙළි වේ.

  ''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හා ගොසිප් සවුත් ලංකා නිවුස්''  2014  ඌව පළාත් සභා මැතිවරණයේ  බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබූ පළමු වටයේ  සමීක්ෂණ තොරතුරු එලි දක්වා තිබේ.මෙහිදී එක් ග්‍රාම නිලධාරී වසමකින් අහබු ලෙස තෝරාගත් අවුරුදු 18 -30 / 30-50 / 50-70 /70+ / පුජ්‍ය හා රාජ්‍ය සේවක ලෙස කාණ්ඩ 5කට ගැහැණු 5 හා පිරිමි 5ක් ලෙස හැම කාණ්ඩයෙන්ම තෝරාගෙන සමීක්ෂණය සිදු කරන ලදී.මොනරාගල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 319 හා බදුල්ල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 567 තුල නිලධාරී 1800 කට වැඩි ප්‍රමානයක් යොදවා දින 3ක් තුල කරන ලද සමීක්ෂණයක ප්‍රතිපල පහත දැක්වේ.                                                                                                                                                 බදුල්ල දිස්ත්‍රික්කයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය අතර ඉතා දැඩි උණුසුම් කාරී චන්ද ව්‍යාපාරයක් පවතින අතර සන්ධානයේ ඇතැම් අපේක්ෂකයන් ගිනි අවි බාවිතා කරමින් බිය වැද්දීම් සිදු කරමින් පවතී.එහෙත් ජනතා මතය අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩි බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවන බව පෙනීයයි.එක්සත් ජාතික පක්ෂයට ආසන 9 හා එක්සත්  ජනතා නිදහස් සන්ධානයට ආසන 6 ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ආසන 2 ක්ද  සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂය මන්ත්‍රී ආසන එක බැගින් දින ගන්නා බවට සමීක්ෂණයේදී හෙළි වී තිබේ.   
                                                                                                            මෙහිදී පැහැදිලි වෙනසක් සිදු වී ඇති බව අපට පෙනී යයි.ගියවර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 14 හිමි තිබුනද මෙවර එය 6 දක්වා අවු තිබේ 2009 දී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 5ක් හිමිව තිබුනද එය 9 දක්වා වැඩි වී තිබෙන අතර ජනතා විමුක්ති පෙරමුණද එක් මන්ත්‍රී ධුරය 2 දක්වා වැඩි කරගෙන තිබේ මෙයට අමතරව ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතාන්ත්‍රි වාදී පක්ෂයට එක් මන්ත්‍රී ධුරයද හිමි තිබේ.ජාතික නිදහස් පෙරමුණ චන්ද 1500කට අඩු ප්‍රමානයක් ගනු ඇතයි බදුල්ල ජනතාවගේ මතය වී තිබේ.කෙසේ වෙතත් අවුරුදු  15 පසුව ඌව පළාත් සභාව තුල වෙනසක් සිදු වෙමින් මන්ත්‍රී ආසන 14 බැගින්(බෝනස් අසනද ඇතුළුව ) ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය සම තත්වයට පත් පත් වුවද ජනතා විමුක්ති පෙරමුණට හිමි ආසන 3ත් ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂයට හිමි අසන 2ත් සමග විපක්ෂය මන්ත්‍රී ආසන 19 දක්වා ඉහලට ඇදී යනු ඇත.එවිට මහා ඇමති පත්වනුයේ ඒකාබද්ද විපක්ෂය මුලික කර ගනිමිනිඑය එසේ සිදු වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධනයේ අවුරුදු 20ක් පමණ ශ්‍රී ලංකාවේ තිබුණු බලය උතුරු පළාතෙන් පසුව වෙනත් පළාතකින් පළමු වරට ගිලිහි යනු ඇත.මෙය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය හෝ ජනාධිපතිවරනයටද දැඩි ලෙස බලපානු නියතය.කෙසේ වෙතත් මෙය හුදෙක් සමික්ෂනයක් පමණක් වන හෙයින් සැප්තැම්බර් 20 දින සැබෑ ලෙසම දැක ගනු නියතය     

Thursday, 21 August 2014

බදුල්ලේ ඌව පරණගම දී බුද්ධ්දසලාගෙන් විපක්ෂයට හයිරම්

ඌව පරණගම ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලූයම 3 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. ගලහගම ධර්මරාජ විද්‍යාලය අසල පිහිටි මෙම කාර්යාලය ස්ථාපනය කොට ඇත්තේ ආර්.ඩී.ආරියදාස මහතා ට අයත් එළවළු වෙළදසලක කොටසකය. එජාප කාර්යාලයේ පරිහරණය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයකට ද මැර කණ්ඩායම විසින් ගිණි තබා ඇත. ප්‍රහාරයෙන් වෙළදසැල සහ යූපී ඩබ්ජී 4629 දරණ ත්‍රී රෝද රථය සහමුලින්ම විනාශ වී තිබේ

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජයන්ත කන්නංගර පවසන්නේ මෙම ප්‍රහාරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂ ඒ.එම්. බුද්ධදාස ග් ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවයි.

'එජාප ප්‍රධාන ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු ගේ සහභාගීත්වයෙන් අප මෙම ස්ථානයේ සාර්ථක රැස්වීමක් පැවැත්වූවා. එයින් පසුව එම රැස්වීම සංවිධානය කළ අයට රාත්‍රි කාලයේ ජීප් රථ වලින් පැමිණි කණ්ඩායම් තර්ජනය කරනවා' යැයි ද කන්නංගර පවසයි.

පළාත් සභා මැතිවරණය ආරම්භ වීමෙන් පසුව මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩක්‍රියා 4 ක් වාර්තා වී ඇත. හාලිඇල ප්‍රදේශයෙන් 2 ක්, මහියංගනය 1 ක් සහ ඌව පරණගම එකක් ලෙස මෙම සිදුවීම් වාර්තා වී ඇත. මොණරාගල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා දෙකක් වාර්තා වී ඇති අතර ඒ වැල්ලවාය හඳපානාගල එක් ප්‍රචණ්ඩක්‍රියාවක් සහ කතරගමින් එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස ප්‍රචණ්ඩත්වය වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

ජෙනරාල්ගේ අපේක්ෂකයන්ට මරණ වරෙන්තු..මතිවරණ කොමසාරිස් ගොළු වේ

මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඌව පළාත් සභාවට තරග කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක වැල්ලාන විතානගේ ප්‍රියන්ත කුමාර මහතාට අද (21දා)අලුයම 2.00 ට පමණ මැර කණ්ඩායමක් පහර දී ඇතැයි වාර්තා වේ.මේ හේතුවෙන් ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කර තිබෙන බවත් කැෆේ සංවිධානය පවසයි.
එසේම ඌව පරණගම ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලුයම 3 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය පවසයි. එම කාර්යාලයේ පරිහරණය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයක්ද මැර කණ්ඩායම විසින් ගිනි තබා ඇති බවද ඔවුහු කියති.
පළාත් සභා මැතිවරණය ආරම්භවීමෙන් පසුව මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩක්‍රියා 4 ක් වාර්තා වී ඇති බවත්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා දෙකක් වාර්තා වී ඇති බවත් කැෆේ සංවිධානය පවසයි.