Friday, 14 August 2015

ආණ්ඩුව යු,එන්.පි වෙයි.

පසුගිය ජනධිපතිවරණයේදී  චන්ද 58 ලක්ෂයක් ලබා ගෙන පරාජයට පත් වූ හිටපු ජනදිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන බව වරත වේ.ඔහු ලබා ගත් මෙම චන්ද 58 ලක්ෂය ජාතීන්ගේ චන්ද පමණක් නොව ,ශ්‍රීලනිප ,ජානිපෙ,ශ්‍රී ලං කෝ ,සමසමාජ ,යන දේශපාලන පක්ෂ වලට අයත් පිරිසේ චන්ද වුහ.එහෙත් වාර්තා මානයේ කිහිපදෙනෙක් පමණක් එම චන්ද 58 ලක්ෂයට උරුම කම් කියන ආකාරයක් පෙන්නුම් කරයි. අප සැම මැතිවරණයකදීම  ''ශ්‍රී ලංකා පුවත්පත් සංසදය '' හා එක්ව එහි ප්‍රතිපලයට පෙර ,එහි ප්‍රතිපලය ලැබෙන ආකාරය ගැන සමීක්ෂණ සිදු කරන ලදී.මෙවර අප පරීක්ෂණයට භාජනය කරන ලද්දේ පසුගිය ජනධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත චන්ද 58 ලක්ෂය මෙවර ලැබෙන්නේ කාටද කියාය.අප ප්‍රාදේශිය ලේකම් කාර්යාල ගණන 313 ක්ද, උප දිසාපති කාර්යාල ගණන 16 ක්ද, උප කාර්යාල ගණන 3 සදහා ,ඉහත එක කොට්ටාශයකින්  ගත් 250ක් ගෙන මෙම සමීක්ෂණය සිදු කරන ලදී.
                                                   
 මැතිවරණයකදී ප්‍රතිපල ලබා දිම්ට් ප්‍රථම සමීක්ෂණයක් කොට ප්‍රතිපල ලබා දීම ඉදුරාම පහසු කටයුත්තක් නොවේ.එහෙත් අපගේ ආදරණිය පේක්ෂක ජනතාව උදෙසා අප විද්වත් මණ්ඩලය විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ ජයග්‍රහණය පිලිබදව යම් ඉගියක් ලබා දීමට විශ්ලේෂණයක් කරන්නෙමු.
මෙහිදී අප තෝරාගත් නිර්නායකයන් වුයේ
01.ශ්‍රී ලංකාවේ මෑතකදී පැවැත්වූ ආසන්නම මැතිවරණයේ ප්‍රතිපලය ලබා ගැනීම.
02.එක් දිස්ත්‍රික්කයක් එක් මැතිවරණ කොට්ටාශයක් ලෙස ගැනීම.
03.එම දිස්ත්‍රික්කයේ චන්ද පදනම අනුව නව චන්ද එම අපේක්ෂකයන් වෙත එකතු කිරීම.
04.එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂය සන්ධාන ගත වීම,ජාතික නිදහස් පෙරමුණ ,පිවිතුරු හෙළ උරුමය, ලංකා සමසමාජ පක්ෂය,කොමිනිස්ට් පක්ෂය,වාමාංශික පෙරමුණ යන දේශපාලන ධාරාවන් ඇතුලත් වේ.
06.එක්සත් ජාතික පක්ෂය තුල හෙළ උරුමය,මනෝ ගනේෂන් මහතාගේ  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ,පි .දිගම්බරම් මහතාගේ එක්ෂත් වතු කම්කරු පක්ෂයඇතුලත් වේ.තවද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය එක්සත් ජාතික පක්ෂය නම තරග කරයි.

මෙම ප්‍රතිපලය තුල එක් දේශපාලන පක්ෂයකටවත් තනි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි අතර එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රිපාල සිරිසේන ජන්ධිපතිතුමට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සන්ධානයෙන් 25ක් පමණ එක වී  ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි අනුමාන කල හැකිය.

Wednesday, 5 August 2015

චන්දෙට කොන්ඩේ දුන් කොල්ලා...

මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයකුගේ නම සහ අංකය ද කතිරය  කොණ්ඩ මෝස්තරයක් ලෙසා කපා ගත් තරුණයෙක් දෙවිනුවරින් වාර්තා විය.

ඔහු නමින් ජී තරංගය. වයස අවුරුදු 33කි. කොණ්ඩා මෝස්තරය කැපීමට රුපියල් 800ක් වැය වූ බව ඔහු කියයි.ඔහු  තම පක්ෂ්පතිත්වය් දක්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙවිනුවර ආසන සංවිධයක නිලංග හෙන්දවිතාරණ මහතා වෙනුවෙනි.අප මේ පිලිබදව මැතිවරණ ලේකම් කාර්යාලයෙන් විමසු විට එහි ප්‍රකාශකයකු සදහන් කර සිටියේ දේශපාලන පක්ෂයක ලකුණක් නොමැති හෙයින් එය ගැටළුවක් නොවන බවය.අප මේ පිළිබධව විමසීමට අද උදැසන නිලංග හෙන්දවිතාරණ මහතා ඇමතීමට උත්සහ කල අවස්ථාවේ එතුමාගේ ජංගම දුරකතනය විසන්ධි කොට තිබිණි

Friday, 31 July 2015

දකුණේ චන්දේ ඉල්ලන එකම පවුලේ තුන්දෙනා

 පාර්ලිමේන්තු මැතිවරනයේදී පවුල් දේශපාලනය මනාවට දකින්නට පුළුවන් වී තිබෙනවා රාජපක්ෂ පවුල එකම පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපති සිටින ප්‍රධාන පවුල වේ.ඊට අමතරව රණතුංග පවුල දේශපාලන මතව්දයන් කිහිපයක් පෙරටු කොට ගෙන මැතිවරණයට ඉදිරිපත් වී සිටිති.එසේම දකුණු පළාතෙන්ද තවත් එක පවුලක් පක්ෂ දෙකකින් ඉදිරිපති සිටිති.ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාත්,මාතර දිස්ත්‍රික්කයෙන් එතුමාගේ බාල සොහොයුරා නිල් උපුල් වෙදආරච්චි  විශාමික හමුදා නිලධාරි වාරයත්, එසේම දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ නැන්දනිය වන ප්‍රේම වෙදආරච්චි මැතිනියගේ පුත්‍රයා වන නිලංග හෙන්දවිතාරන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී සිටිති.

කවුද මේ '''පොඩි ෆොන්සේකා '''

නම :-හේනේගම ගමගේ සුමිත්‍ර පාල
පදිංචිය:- 137/2,පැනිල් කන්දගම උල්ලුදුවාව
පාසැල:- දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය
ඇයි  ඔබ දේශපාලනයට පැමිණයේ:- ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිදුන් සමග තිබු සමීප සම්බ්ධතාවය
 ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග සමීපව කටයුතු කල අයට පසුගිය වකවානුවේ යම් යම් කරදර විදින්න සිදු වුනා ඔබට එසේ කරදර විදින්න සිදු වුනේ නැද්ද ?යම් යම් කරදර විදින්න සිදුවුණා එත් රට ජාතිය බේරගත්ත ජාතික වීරයා සැපේදීත්  වගේම දුකේදීත් අප සිටියා.
ඔබගේ හමුදා ජීවිතය :- 1982 ශ්‍රී ලංකා හමුදාවේ ගැමුණු සේවා බල ඇණියට එක වෙලා 2009 දී හමුදා සේවයෙන් සමු ගත්තා
ඔබ හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මා අතර රුපය එක හා සමානයි,එක ඔබට පසුගිය කාලයේ බලපෑවේ කොහොමද? ඔවු එක ඇත්ත හුහාක් දෙනා කතා කරන්නේ ''පොඩි ෆොන්සේකා'' කියල මොකද සර් හා මගේ රුපය බොහෝ විට එක හා සමාන නිසා.මට පසුගිය 2010 ජනධිපතිවරණ කාලයේ එවකට ඉදපු ඇමතිවරු කිහිප දෙනෙක් ඇවිත් කතා කළා සර් (ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා) වගේ පෙනී ඉන්න රාජපක්ෂ රෙජීමයේ දේශපාලනයට එකතු වෙන්න කියලා.එත් මම කවදවත් මගේ ප්‍රතිපත්තිය පාවලා දුන්නේ නැ.මම හිතුවා කවදා හරි සත්‍ය ජය ගන්නනවා කියලා.එක අද වන විට සිදුවෙලා තියනවා.
රුපවාහිනියට එහෙම කතා කලේ නැද්ද?මොකද නැත්තේ මට එක රුපවාහිනී වැඩසටහනකට කතා කලා ලක්ෂ 70 දෙන්නම් එවකට ඉදපු ජෙනරාල් ෆොන්සේකා විදියට රගපාන්න කියලා.මම සල්ලි වලට මගේ හර්ද සාක්ෂිය පාවලා දුන්නේ නැ.
දේශපාලනයෙන් ඔබ බල පොරොත්තු වෙන්නේ මොනවද?මගේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට තිබෙන විශාල ගැටළුවක් තමයි මේ ලයිම් කාමර හා වතුවල තිබෙන සෞඛ්‍ය ගැටලුව එඅකට අපි ඉක්මනින් විසදුම් ලබා දෙන්න ඕන.අනිත් කරණය තමයි මත්පැන් හා මත්ද්‍යවය සමාජයෙන් තුරන් කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕන.
අවසාන වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය විශ්වාසද? අනිවාර්යෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් දරන ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂයට මන්ත්‍රී ආසන දෙකක් එනවා.එක අපට පැහැදිලිව පෙනෙනවා මේ මැතිවරණ ව්‍යාපාරය තුල එම ආසන දෙකෙන් මගේ ජයග්‍රහනය අනිවාර්යෙන්ම තහවුරු වෙනවා කියලත් මම කියනවා.


ඩලස් ගෙන් කැත වැඩක්


මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක හිටපු ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් නොහොබිනා ක්‍රියාවක් සිදු කොට තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු තනතුරක් නොදරන ,එහෙත් මාතර දිස්ත්‍රික් ඒ.ජ.නි.ස නායකත්වය පමණක් ඔහු දරනු ලබයි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චන්ද පොළ නියෝජිතයන් පත් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක වරුන් එම ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයා පත් කිරීම සම්ප්‍රධායික ක්‍රියාවලිය වෙයි.එහෙත් මාතර දිස්ත්‍රික්කයේ හක්මන,කබුරුපිටිය ,දෙනියාය ,වෙලිගම,අකුරැස්ස යන ආසන සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරුන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයා ලෙස පත් කර ඇති අතර දෙවිනුවර ආසන සංවිධායක නිලංග හෙන්දවිතාරණ මහතා හා මාතර වැඩ බලන සංවිධායක ලක්‍ෂමන් යාපා අබේවර්ධන යන මහත්වරුන් වෙනුවට ,දෙවිනුවර ආසනය සදහා ඩලස් අලහප්පෙරුම මහතාත් ,මාතර ආසනය සදහා කාංචන විජේසේකර මහතාත් ඩලස් අලහප්පෙරුම මහතා විසින්ම පත් පත්කර ගෙන ඇතෙයි වාර්තා වේ.
                                                             ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය වර අප කල නිරික්ෂන්යේදී මාතර දිස්ත්‍රික්කයෙන් 7 වන ස්ථානය ලබා පරාජය වන බවට මහජනතාවගේ අප්‍රසාදයට පත් වී ඇති බැවින් ඔහු කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට යම් යම් උපක්‍රමයන් යොදන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් ජෙෂ්ට්ටයෙක් අප වෙත ප්‍රකශ කළහ

Wednesday, 22 July 2015

ඇමති ඩලස් පරාදයි



එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙවර මහා මැතිවරණයෙන් පරාජය වන බව අප කල සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.මෙවර ඩලස් අලහප්පෙරුම මහතාට මාතර එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ 7 වන ස්ථානය හිමි වන බව එහිදී වාර්තා වෙයි.ඩලස් අලහප්පෙරුම මහතා 1993 දී දකුණු පළත් සභාවට තරග කොට ජයග්‍රහණය කොට 1994 දී  මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මනාප 76,678 තේරී පත් විය.1999 මහා මැතිවරණයේදී මනාප 58,634 ලබා ගනිමින් පාර්ලිමේන්තුවට පත් වුවද පසුව ජාතික ලැයිස්තුවෙන් පමණක් පාර්ලිමේන්තුව නියෝජනය කල බැවින් දිස්ත්‍රික්කය තුල ජනතා බලයක් ඩලස් අලහප්පෙරුම මහතාට නොමැති බව වාර්තා වේ.

මාතර දිස්ත්‍රික්කයේ මුල් පස් දෙනා

2014  පළාත් සභා මැතිවරණයේ දකුණු පළාතේ අහබු ලෙස තොර ගත දිස්ත්‍රික්කයක සමීක්ෂණය කිරීමට අප ආයතනය තීරණය කළහ.එම අහබු ලෙස තොර ගත් දිස්ත්‍රික්කය වුයේ  මාතර දිස්ත්‍රික්කයයි.එම දිස්ත්‍රික්කයේ 2014 පළාත් සභා මැතිවරණයේ අවසන් ප්‍රතිපලයට සමාන වන ප්‍රතිපලයන් අප මිට පෙර දෙවතාවක් ඉදිරිපත් කරන ලදී.මෙම වතාවේදී ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශ 16 ආවරණය කරමින් එහි ග්‍රාම නිලධාරි වසම් 689 ක් තුල 1400 පමණ පිරිසක් යොදවා 2015 ජුලි  මස 21 වන දින සවස 5.00 වන විට අපට ලැබී තිබු ප්‍රතිපලය පහත දැක්වේ.මෙම ප්‍රතිපලය 2014 අගෝස්තු  17 දින ප්‍රතිපලය හා බෙහෙවින් සමාන කම් කීමට ඉඅද හසර ඇති බව නම් සැබෑය.
                                                                   
මාතර දිස්ත්‍රික්කයේ මුල් පස් දෙනා
එක්සත් ජාතික පක්ෂය 
01.සාගල රත්නායක
02.මංගල සමරවීර
03.බුද්ධක පතිරණ
04.නිල් උපුල් හෙන්දවිතාරණ
05.ගයන් සංජිව

එක්සත්ජනතා නිදහස් සන්ධානය
 01.චන්ද්‍රසිරි ගජධීර
02.මහින්ද යාපා අබේවර්ධන
 03.ලක්ෂමන් යාපා අබේවර්ධන
 04.නිලංග හෙන්දවිතාරණ
05.කාංචන විජේසේකර

ජනතා විමුක්ති පෙරමුණ 
01.ජිනදාස කිතුලේගොඩ
02.ලාල් ප්‍රේමනාත්
03.සුනිල් හදුන්නෙත්ති
04.ජයන්ත පතිරණ
05.තුෂාර රණතුංග

මෙහිදී මාතර දිස්තික් ජනතාව පක්ෂ මාරු කල අපේක්ෂකයන්ට මනාප ලබා දීම සිමා කොට තිබෙන අතර මුහුදු බඩ චන්ද ලබා ගැනීමේදී එම කුලයට අදාල අපේක්ෂකයන්ට මෙවර වැඩි මනාප ලබා දීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි  නිගමනය කල හැකිය

Tuesday, 7 July 2015

සන්ධානයෙන් නාම යෝජනා නොලබෙන්නන් කුමර වෙල්ගම

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති දූෂිත පුද්ගලයින් 23 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අපට ලැබී ඇත.
ඒ අනුව අද (08) රාත්‍රිය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට තීරණය වී ඇති පිරිස මෙසේය.

1.මහින්ද රාජපක්ෂ, (මහ පරිමාණ දූෂණ, අපරාධ )
2.
බැසිල් රාජපක්ෂ, (දිවි නැගුම මුදල් වංචා, කොමිස් අල්ලස්)
3.
මහින්දානන්ද අලූත්ගමගේ,(මුල්‍ය අක්‍රමිකතා, දූෂණ වංචා)
4.
රෝහිත අබේගුණවර්ධන (දූෂණ වංචා, අල්ලස්)
5.
දුමින්ද සිල්වා (මත්ද්‍රව්‍ය හා දූෂණ චෝදනා)
6.
ඩිලාන් පෙරේරා (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
7.
එස්. එම්. චන්ද්‍රසේන (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
8.
මනූෂ නානායක්කාර (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
9.
මර්වින් සිල්වා (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
10.
බන්දුල ගුණවර්ධන (දූෂණ අක්‍රමිකතා, අල්ලස්, පරිගණක මිලදී ගැනීම් වංචා)
11.
විමල් වීරවංශ (දූෂණ අක්‍රමිකතා, අල්ලස්, ව්‍යාජ ලේඛණ)
12.
සජින් වාස් ගුණවර්ධන (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
13.
සරණ ගුණවර්ධන (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
14.
ප්‍රේමලාල් ජයසේකර (මිනිීමැරුම් චෝදනා)
15.
ලක්ෂ්මන් වසන්ත පෙරේරා (එතනෝල්,දූෂණ අක්‍රමිකතා)
16.
ජොන්ස්ටන් ප්‍රනාන්දු (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
17.
ඩලස් අලහප්පෙරුම (ලිංගික අල්ලස්, දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
18.
නිශාන්ත මුතුහෙට්ටිගම(දූෂණ අක්‍රමිකතා)
19.
වාසුදේව නානායක්කාර( ලිංගික අල්ලස්)
20.
කෙහෙළිය රඹුක්වැල්ල (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
21.
සරත් කුමාර ගුණරත්න(දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
22.
උදය ගම්මන්පිල ( ලිංගික අල්ලස්,දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
23.
කුමාර වෙල්ගම (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)


Wednesday, 1 July 2015

ශ්‍රී ලංකාවේ ඉන්න ජාතිවාදීන් 1450ක ලැයිස්තුව..

'''අද ශ්‍රී ලංකාවේ ජාතිවාදීන් කියා කොටසක් නැ කවුරු හෝ පුද්ගලයෙක් දෙමල කොළනියකට හරි ගමකට හරි ගියාම ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ වැඩ ,මුස්ලිම් විදියකට ගියාම එත් එහෙමයි සිංහල ගමකට ගියත් එහෙමයි .එහෙනම් ජාතින් අතර වර්ගවාදයක් නැ.වර්ගවාදය තියෙන්නේ මේ දේශපාලන කරන පිරිස් අතර ඔක්කොම 1500 හෝ 1600 විතරයි ,අන්න ඒ මිනිස්සු මේ චන්දෙන් ගෙදර යවලා රටේ ජාතිවාදය තුරන් කරන්න අවස්ථාව ඇවිත් තියෙන්නේ''' යැයි ජනතා ජාතික සංගමයේ සභාපති සුරේන් එදිරිවීර මහතා මාතරදී ප්‍රකාශ කළහ.

Tuesday, 16 June 2015

.''මහින්ද අගමැති කරනවා කිවුවේ නැ ඔහුගේ සහයෝගය පක්ෂයට දෙන්න එකග වුනා .එත් අගමැති අපේක්ෂක එය නෙවි'' ශ්‍රී.ලං.නි.ප.මහා ලේකම් අනුර ප්‍රියදර්ශන

2015-06-16 දින අන්තර්ජාලය පුරා පැය 2කට ආසන්න කාලයක්  විහිදී ගිය  කතිකාව වුයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා කල බවය එහෙත් එහි වැරදි හා මහින්ද රාජපක්ෂගේ ගෝලයන් විසින් ගෙතු බොරුවක් බව අවධාරනය වුයේ ශ්‍රී.ලං.නි.ප මහා ලේකම්තුමාගේ ප්‍රකාශයත් සමගය .''මහින්ද අගමැති කරනවා කිවුවේ නැ ඔහුගේ සහයෝගය පක්ෂයට දෙන්න එකග වුනා .එත් අගමැති අපේක්ෂක එය නෙවි'' ශ්‍රී.ලං.නි.ප.මහා ලේකම්  අනුර ප්‍රියදර්ශන