Saturday, 12 March 2022

වාහන ගෙන්වන්න පුළුවන් මේ අයට

වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා කොන්දේසියක්ද පනවා තිබෙනවා. ඒ වාහන ගෙන්වීමට අවසර දෙන්නේ ඩොලර්වලින් තීරු බදු ගෙවීමෙන් අනතුරුවයි. ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළෙඳපොළට වේගයෙන් ගලා ඒමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියා. එසේම විදේශ රැකියාවන්හි යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා ගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ නිලධාරින් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවද ශ්‍රී ලංකා මහබැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. මේ අතර විදේශයෙන් ආනයනය කෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම නතර කිරීම වෙනුවට ඒවායින් වැඩි බදු මුදලක් අය කිරීම මේ අවස්ථාවේදී වඩා ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාදාමය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට කරුණු පෙන්වා දී තිබෙනවා.

රන්ජන්ට ලැබුණු තෑග්ග

අධිකරණයට අපහාස කිරීමේ චෝදාන මත දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් හා සිවිල් සංවිධාන සාමාජාකයෝ පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී කේක් කපා සැමැරීමක් සිදු කළා. සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකයෙකු වන හිටපු මන්ත්‍රීවරයාගේ රසික රසිකාවියන් විසින් මෙම සැමරුම සංවිධානය කර සිදු කර තිබෙනවා. වසර හතරක සිරදඬුවමක් විඳිමින් සිටින රාමනායක මහතාගේ විශාල කාඩ්බෝඩ් කටවුට් එකක් සමඟ කේක් කපන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වෙනවා. අනතුරුව ඔවුන් හිටපු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්වුවා. රාමනායක මහතාගේ 59 වැනි උපන්දිනය නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර, පසුගිය වසර 2ක කාලය තුළ සිර දඬුවම් විඳිමින් සිටි රාමනායක මහතා සිරගතව සිටි දෙවැනි උපන්දිනය මෙය වෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායක මහතා නිදහස් කිරීමට ජනාධිපති සමාව ලබා දෙන ලෙස විපක්ෂය විසින් කරන ලද ඉල්ලීම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

දිවිනසා ගත් ගුරුවරියගේ පලහිලවුව

මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය පුරා බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු ඡායාරූප වල සිටින සුරූපී තරුණිය වෘත්තියෙන් ගුරුවරියක් ඇගේ නම සංජීවනී චන්ද්‍රසේකර ඇය කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියක් ලෙස සේවය කරන්නීයක්. ඇය කෙරෙහි බොහෝ දෙනාගේ කතාබහට මීට දින කිහිපයකට පෙර ලක් වන්නට හේතු වූයේ ඇයගේ වියෝවත් සමඟයි. ඇය කිසි යම් සිත් තැවුලක් හේතුවෙන් දුම්රියකට පැන සිය දිවි නසා ගැනීමක් සිදු කරගත් බව සමාජ මාධ්‍ය සඳහන්. කෙසේ වුවත් සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගලයින් විවිධ දේ පැවසුවත් නිශ්චිත හේතුවක් සඳහන් කිරිමක් නොවිය. ඇයට මෙවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වන්නේ විවාහයේ ඇති වුණු ප්‍රශ්න නිසාවෙන් බවයි වාර්තා වෙන්නේ. ආදරය සහ විවාහය ගැන කතා කළොත් සංජිවනි ආදරය කරන්නට පටන් ගත්තේ 8 වන ශ්‍රේණියේ සිටයි. වසර 13කට වඩා පැරණි ඇයගේ ප්‍රේමවන්තයාම ඇය තමන්ගේ සැමියා බවට පත් කර ගන්නවා. සංජිවනි විවාහ වන ඇයගේ සහකරු වෛද්‍යවරයෙක්. අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම සිදුවිමට ඇයට මුහුණ දෙන්නට සිදු වූ බව සමාජ මාධ්‍ය වල සඳහන් වෙනවා. නමුත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වන විට වාර්තා වී නොමැත. පැරසිටමෝල් පානය කර සියදිවි හානි කර ගන්නට ඇය මීට පෙර උත්සාහ කර තිබූ බවටද ආරංචි පවතී. පසුගිය සතියේ ඇය දුම්රියට පැන දිවිනසාගන්නේ අසල්වාසීන්ට හිතමිතුරන්ට මෙන්ම ඇය උගන්වමින් සිටින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව දරුවන්ට කම්පනයක් ඇතිකරවමිනි. ගල්ගමුව ප්‍රදේශයේ සුන්දර පාසල් ගුරුවරියගේ අකල් සමුගැනීම ගැන සමාජ මාධ්‍ය ඇවිළෙන්නේ මින් පසුවය.
කෙසේ වෙතත් කුමන හේතුවක් මත තමන් ලැබු ජිවිතය විනාශ කරගැනීම කිසිවෙකුට සාධාරණිය කල නොහැක.

වෙල්ගමගේ නඩුව ඉල්ලා අස්කර ගන්නවාද? නැද්ද?

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා ගමනාග මන්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33පාඩුවක් සිදු කල බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව පවරා ඇති නඩුව, ඉල්ලා අස්කරගන්නවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ලබන මැයි මස 6 වැනිදා දැනුම් දෙන බව අල්ලස් කොමිසම අද (11) අධිකරණයට දැනුම් දුන්නේය. කුමාර වෙල්ගම මහතා ගේ නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙසට සැකකාර පාර්ශවයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා කාලය ලබා දෙන ලෙසත් මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලිය. මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි චුදිත, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අද (11) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය .

Friday, 11 March 2022

ශ්‍රී ලංකාවේ දැන් ආර්ථික සුද්ධ සිංහලෙන් -චාමික රොෂාන්

යුද හමුදාව හැදු පාලම රතු පලස් උඩ

මාතර පරෙය්දූව පාලම කඩා වැටී දින හතක් තුල ඊට ප්‍රවේශ වීමට තාවකාලික පාලමක් යුධ හමුදා සෙබලුන් විසින් ඉදිකරනු ලැබීය... අද(මාර්තු 12) පෙරවරුවේ එම පාලම උත්සවාකාරයෙන් ජනතා අයිතිය ට පැවරීමට සියල්ල සූදානමිනි...හමුදා සොල්දාදුවන් 200 කට ආසන්න පිරිසක්...මේ කාර්‍ය් වෙනුවෙන් දින හතක් පුරා දිවා රෑ වෙහෙසිනි.....!රතු පලස්. එලා..වේදිකා තනවා ආසන පැනවූයේද ඔවුන් මය....! හමුදා ප්‍රධානීන්ට රාජකාරී මය අයිතිය ක් ඇතත් මේ පනවා ඇති ආසන වල ඉද ගැනීමට හෝ මේ රතු පලස පෑගීමට මාතර දිස්ත්‍රික්කයේ හෝ ඉන් පිට දේශපාලකයින්ට නම් අයිතියක් නැත.ඔවුන් එසේ කරන්නේ නම්...පලමුව ඔවුන් ලජජා වියයුතු ය.....! සටහන :- දයා නෙත්තිසිංහ

වෙල්ගම නැවතත් රටපුරා පක්ෂ සංවිධාන කටයුතු වල

නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමා පසුගිය දිනවල කොරෝනා රෝගය අසාදනය වි සිටි අතර, මේ දිනවල ඉතාමත් හොඳ ශරීර සෞඛ්‍ය තත්වයෙන් තම පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු වල නිරත වන බව දේශපාලන ආරංචි වාර්තා කරයි. එහිදී නව ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්වීම් ලැබූ හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග මැතිතුමා පක්ෂයේ නායකයා සමග ඉතාමත් සහයෝගයෙන් සංවිධාන කටයුතු වල නිරත වන බව ආරංචි වේ. ඉදිරි සතිය තුලදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරු දරමින් කටයුතු ප්‍රබලයන් කිහිපදෙනකු නව ලංකා නිදහස් පක්ෂය සමග එකතු වන බව ආරංචි වේ.

සිපෙට්කෝත් තෙල් මිල වැඩි කරයි

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 76කින්, සුපර් ඩිසල් ලීටරයක් රු. 95කින් සහ ඔටෝ ඩිසල් ලීටරයක් රු. 55 කින් මිල ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.254ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 283ක්, සුපර් ඩිසල් ලීටරයක මිල රු. 254ක් සහ ඔටෝ ඩිසල් ලීටරයක මිල රු. 176ක් වනු ඇති.

ජීවන් වැඩ අල්ලයි

නව ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරෙන් පිදුම් ලැබූ ජීවන් කුමාරතුංග මැතිතුමා, නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක කටයුතු සදහා මඩකලපුව ප්‍රදේශයේදී සහබාගි විය. නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මැතිතුමා මේ දින වල විවේක සුවයෙන් ගත කරන ගත කරන බැවින් පක්ෂයේ බර තම කරට ගෙන කටයුතු කරන බව දේශපාලන ආරංචි සදහන් කරයි.

ආර්ථික බංකොලොත් බවට හේතුව 2005 - 2014 කාලෙ වෙච්ච බරපතල හොරකම්! : චන්ද්‍රිකා මැතිණිය රාජපක්ෂලාගේ පතුරු අරියි

ආර්ථික බංකොලොත් බවට හේතුව 2005 - 2014 කාලෙ වෙච්ච බරපතල හොරකම්! : චන්ද්‍රිකා රාජපක්ෂලාගේ පතුරු අරියි _________________ රටේ වත්මන් ආර්ථික බංකොලොත්භාවයට ප්‍රධානතම හේතුව 2005 සිට 2014 දක්වා ආණ්ඩු නායකයින් විසින් සිදු කර ඇති බරපතළ මූල්‍ය වංචා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. අඟහරුවාදා (8) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙසේ චෝදනා කළාය: “අද අප අත්විඳිමින් සිටින ආර්ථික බංකොලොත්භාවයට ප්‍රධාන හේතුව 2005 සිට 2014 දක්වා එක් ආණ්ඩුවක නායකයන් විසින් සිදු කරන ලද බරපතල මූල්‍ය වංචාවන්. ඔවුන් ට්‍රිලියන ගණනක් මහජනතාව හොරකම් කළා. ඒ හොරකම් කරපු සල්ලි තමයි තවමත් වෙනත් රටවලට ණය වාරික වශයෙන් ගෙවන්නේ.” එම කාලය තුළ ජනාධිපතිවරයා වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. දිළිඳු රටවල් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර පෞද්ගලික බැංකුවලින් ණය ලබා නොගන්නා බවත්, කෙසේ වෙතත්, 2005 සිට 2014 දක්වා පරිපාලනය 9% වැනි ඉතා ඉහළ පොලී අනුපාතයකට ණය ලබාගෙන විවිධ අනවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන මුවාවෙන් බොහෝ මුදල් සොරකම් කළ බවත් ඇය සඳහන් කළාය. . “සාමාන්‍යයෙන් දුප්පත් රටවල රජයන් ණය සඳහා ජාත්‍යන්තර පෞද්ගලික බැංකුවලට යන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් සහ ඊට අනුබද්ධ රටවල්වලින් ණය ලබාගෙන 1%ක් වැනි අඩු පොලී අනුපාතයකට ණය ගන්නවා. මේ සියලු භාවිතයන් නොසලකා හරිමින් 2005-2014 පාලනාධිකාරිය 9% පොලියට ණය ගත්තා.” තම පාලන කාලය තුළ දී නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඩොලර් මිලියන 280 කට චීන සමාගමක් සමඟ අත්සන් කළ නමුත් 2005 බලයට පත් රජය එම ගිවිසුමම ඩොලර් මිලියන 520 කට වෙනත් චීන සමාගමක් සමඟ අත්සන් කළ බව කුමාරතුංග මහත්මිය පවසයි. ඩොලර් මිලියන 280කට කළ හැකිව තිබූ දේට ඩොලර් මිලියන 520ක් ගෙවා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කෙසේද? "මේ හේතු නිසා තමයි දැන් රට විශාල වශයෙන් ණය වෙලා තියෙන්නේ. ජනතාවට දැන් ඉන්ධන, විදුලිය, ආහාර නැහැ. මෙයට ප්‍රධාන හේතුව මුල්‍ය වංචාව සහ වත්මන් රජයට කිසිදු සැලසුමක් නොමැති වීමයි.” තමන් බලයට පත්වන විට ශ්‍රී ලංකාව ලෝකයේ දුප්පත්ම රටවල් 25 න් එකක් වූ නමුත් තම ජනාධිපති ධුර කාලය අවසන් වන විට ලෝකයේ ධනවත්ම රටවල් 72 අතරට පැමිණීමට හැකි වූයේ ශ්‍රී ලංකාව පැහැදිලි වැඩපිළිවෙලක් සහ ප්‍රගතිශීලී ආර්ථික ප්‍රතිපත්ති යටතේ පැවති පාලනය නිසා බව ඇය වැඩිදුරටත් පැවසුවාය. සටහන :- බුද්ධික සමරවීර