පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයෙහි
ප්‍රධාන අපේක්ෂකයා ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා ඉදිරිපත්
කිරීමට ඉලන්කයි තමිලරසු පක්ෂය තීරණය කර තිබේ. පසුගියදා රැස්වූ පක්ෂයෙහි
යාපනය දිස්ත්‍රික්ක ප්‍රධානීන්ගේ ඒකමතික තීරණයට අනුව මාවයි සේනාදිරාජා
මහතාව ඉදිරිපත් කිරීමට තීරණය කළ බවට පක්ෂයෙහි නියෝජ්‍ය මහ ලේකම් සි වි කේ
සිවඥානම් මහතා පවසා තිබේ.
තවද මෙම මැතිවරණය දිස්ත්‍රික්ක පහක් ඇතුලත්ව පැවැත්වන හෙයින් අපේක්ෂකයන්ව තෝරාගැනීම අදාල දිස්ත්‍රික්ක කාර්යාල හරහා සිඳුකළ යුතු බවට තීරණය කර ඇතයිද හෙතෙම පවසා තිබේ. තවද එම දිස්ත්‍රික්කවල ස්ථීර පදිංචිකරුවන්ට අපේක්ෂකයන්වීමේ අවස්ථාව ලබාදිය යුතු බවද තීරණය කර තිබේ.
ඉහත සඳහන් තීරණ තුන සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා හා මහ ලේකම්වරයාටද අද දින දැනුම්දුන් බවට සිවඥානම් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

No comments:
Post a Comment