Monday, 12 August 2013

බුදු සසුන අනතුරේ - බෞද්ධ ප්‍රකාශන නියාමන පනත වහා බලාත්මක කරනු!


බුදු දහමට වැරදි අර්ථකථන සපයමින් දහම විකෘති කළ පොත්පත් හා සඟරා දහසක් පමණ දැනට වෙළඳපොළේ ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලය කළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ. වැරදි අර්ථකථන දෙන මෙම ග්‍රන්ථ සමාජගත කිරීම හරහා බුදු දහමට එරෙහිව විශාල කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි එම පර්යේෂණාලය පවසයි. විශේෂයෙන් මහරහත් හා සෝවාන් යැයි කියාගන්නා උදවිය ලියූ ග්‍රන්ථවලින් එම ධර්ම විරෝධී සංකල්ප සමාජගත කර ඇතැයි හෙළි වී තිබේ. සංයුක්ත නිකායේ පාෂාණ සූත්‍රය එක් ග්‍රන්ථයක හඳුන්වා ඇත්තේ ගල්ගෙඩි පෙරළෙන සූත්‍රය ලෙසින් බවත්, තවත් තැනෙක පටිච්ච සමුප්පාදය යනු ඉනේ බඳින පටියක් යැයි අර්ථ විග්‍රහ කර ඇති බවත්, ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. තමන්ට රාත්‍රියේදී බුදුරජාණන් වහන්සේ කතා කරන බව සඳහන් කරන අයෙකු බුදුරජාණන් වහන්සේ හා කතා කළා යැයි කියන දේවල් අඩංගු කර ග්‍රන්ථයක් ලියා වෙළඳපොළට නිකුත් කර ඇතැයි පර්යේෂණාලය පවසයි.

No comments:

Post a Comment