Thursday, 9 January 2014

සරත් ෆොන්සේකා ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ඇත්ත හෙළි කරයි..මම නිර්දෝශියි,කෙරෙවුවේ.............

අද උදෑසන බොරැල්ල කනත්ත සුසාන භූමියේ පැවති ලසන්ත වික්‍රමතුංග පස් වැනි අනුස්මරණ ගුණ සමරුවේදී ප්‍රකාශයක් කළ ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග, ඝාතනයට සරත් ෆොන්සේකා සම්බන්ධ බවට "ජනාධිපතිවරයා තුන් වරක්ම" පැවසූ බව කියා සිටියේය.

"ජනාධිපතිතුමා මට තුන් සැරයක් කිව්වා, ජෙනරාල් සරත් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියල," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සංදේශය එම ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ.

"එතකොට මම ඔහුගෙන් ඇහුව ඇයි ඔහුට විරුද්ධව නඩු පවරන්නේ නැත්තේ කියලා. සාක්ෂි ගැන කියල යම් පිළිතුරක් දුන්න මිසක් සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් දුන්නේ නැහැ." ලාල් වික්‍රමතුංග තව දුරටත් කියා සිටියේය.

'යුද හමුදාවේ උවමනාවට'
රටේ නායකයා සහ රටේ ආරක්ෂක අංශවල සේනාධිනායකයාද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන ප්‍රකාශ තමන් බැරෑරුම් ලෙස සලකන බවද ලාල් වික්‍රමතුංග සංදේශයට කියා සිටියේය.

"මේක යුද හමුදාවෙත් දේශපාලන ලොකු මහත්තුරුන්ගෙත් උවමනාවට වෙච්ච් වැඩක්. ජනරාල් ෆොන්සේකා ඔහුම කියල මේක කළාද, අනිත් අයත් එකතුවෙලා තවම දන්නේ නැහැ," යන්න එම ප්‍රශ්නයට ඔහුගේ ප්‍රතිචාරයයි.

චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය පළ කරන හිටපු හමුදාපතිවරයා, ජනාධිපතිවරයාගෙන් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ඝාතනයට තමන් සම්බන්ධ යයි දිගින් දිගටම චෝදනා කරන බවට ලාල් වික්‍රමතුංගට චෝදනා කරයි.

"තුන් පාරක් මහින්ද රාජපක්ෂ කිව්වා කියල මෙයා ඒක පිළිගන්නවා නම්, මටත් පුළුවන් ඕනේ නම් දහ පාරක් හරි කියන්න මම නෙමෙයි ඒක කළේ මහින්ද රාජපක්ෂ හරි ගෝඨාභය රාජපක්ෂ කියලා. එයා ඒකත් පිළිගන්නවද?" යනුවෙන් ඔහු පෙරළා ප්‍රශ්න කළේ සංදේශය ඒ පිළිබඳව විමසූ අවස්ථාවේදී.

සුදු කොඩි නඩුව
මින් පෙරද තමා සිර ගත කිරීමේ රජයේ අවශ්‍යතාව ඉටු කිරීමට ලාල් වික්‍රමතුංග සහ ඔහුගේ පුවත්පතේ කතුවරිය සුදු කොඩි නඩුවට අදාලව බොරු සාක්ෂි ලබා දුන් බවටද සරත් ෆොන්සේකා චෝදනා කරයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම පොද්දල ජයන්ත සහ උපාලි තෙන්නකෝන් මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය සිදු වූයේ ජනතිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයාගේ ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ කල්ලියකින් බව තමා හමුදාපතිවරයාව සිටි අවදියේ සිට විශ්වාස කළ බවද සරත් ෆොන්සේකා පවසයි.

එහෙත් එම චෝදනා චෝදනා ආණ්ඩුව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

"හැකියාව තිබියදී මේ කල්ලිය ඇල්ලීමට අවශ්‍ය පියවර ජනාධිපතිවරයා හෝ මේ ආරක්ෂක ලේකම්වරයා ගත්තේ නැහැ," යනුවෙන්ද සරත් ෆොන්සේකා සංදේශයට කියා සිටියේය.

හමුදාපතිවරයා ලෙසින් ඒ ගැන සොයා බැලීමට තමන්ට කිසිදු අයිතියක් හෝ වගකීමක් නොතිබූ බව අවධාරණය කළ හිටපු හමුදාපතිවරයා, ඉතා නිර්භීත, විප්ලවකාරී හා අභියෝග හමුවේ තම මත ප්‍රකාශ කළ මාධ්‍යවේදියකු ලෙසිනුයි, ලසන්ත වික්‍රමතුංග හඳුන්වා දුන්නේ.

තම සොහොයුරා ඝාතනය කොට වසර පහක් ගත වුවත් තවමත් වැරදිකරුවන්ට දඩුවම් දීමට අපොහොසත් වී ඇති බවට මේ අතර ලාල් වික්‍රමතුංග ආණ්ඩුවට චෝදනා කරයි.

"කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කිව්ව මාස තුනෙන් නඩුව ඉවර කරනව කියල. හැබැයි අද වෙන තුරු ඒ කිසිවක් වෙලා නැහැ. මට තේරෙනව හමුදාවේ මොරාල් එක වැටෙයි කියල බයක් තියනවා; නැත්නම් මේ නිලධාරීන්ට අණ දුන් අය අපහසුවට ලක් වේවි කියලයි මේ නඩුව ඉදිරියට ගෙනි යන්නේ නැත්තේ," යනුවෙන්ද ඔහු පැවසීය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බවට එල්ල වන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

ශිරාල් ලක්තිලක ,මෙත්‍රී ගුණරත්න රනිල් වික්‍රමසිංහට වැද සමව ගනී ..?

පක්ෂයෙන් නෙරපනු ලැබ සිටින පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්තිලක සහ මෛත්‍රි ගුණරත්න යන මහත්වරුන්හට ඉදිරියේදි යළි කිසිදු මැතිවරණයකට නාම යෝජනා ලබා නොදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

පක්ෂයෙන් නාම යෝජනා දෙන ලෙස ලිඛිතව ඉල්ලා සිටියදිත් මන්ත්‍රීවරු දෙදෙනා පක්ෂයේ විනය නීති උල්ලංඝනය කරමින් දිගින් දිගටම කටයුතු කිරිම සැලකිල්ලට ගෙන එක්සත් ජාතික පක්ෂය විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඉදිරියේදි පැවැත්විමට නියමිත බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ වෙනුවෙන් නාම යෝජනා ලබා දෙන ලෙස පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් පක්ෂයෙන් ලිඛිත ඉල්ලිම් කරන ලදී.

එම කරුණ පිළිබඳව වැඩිදුරටත් කරුණු විමර්ශනය සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති කබිර් හෂිම් සහ එක්සත් නායකත්ව මණ්ඩල සභික නිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් වෙත එක්සත් නායකත්ව මණ්ඩල සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පවරනු ලැබිය.

මෙහිදි පළමුව ශිරාල් ලක්තිලක මහතාද දෙවනුව මෛත්‍රී ගුණරත්න මහතාද එක්සත් නායකත්ව මණ්ඩලික සභික නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හමුවි සාකච්ඡා කළහ.

එසේ පක්ෂයත් සමඟ සාකච්ඡා කරනා අතරේදි පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඔහුගේ අත්සනින් යුතුව ගාල්ල දිස්ත්‍රික් පාක්ෂිකයන් වෙත යවනු ලැබු ලිපිය මඟින් පක්ෂයට බලවත් හානියක්ව ඇතැයි එක්සත් නායකත්ව මණ්ඩලය කරුණු අනාවරණය කරගනු ලැබිය.

එසේම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක මහතා විසින් පක්ෂයට එරෙහිව කරනු ලැබු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද නායකත්ව මණ්ඩලය දීර්ඝ වශයෙන් කරුණු අධ්‍යයනය කර ඇත.

ඒ අනුව පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන්ට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු මැතිවරණයකට නාම යෝජනා නොදීමට තීරණය කළ බව නායකත්ව මණ්ඩලයේ ප්‍රකාශකයෙකු කීවේය.

අගමැතිකමට මහා පොරයක්...දී.මු ට වටකර පහර දෙයි..

පොල් වැවීම සඳහා වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉඩම් ලබාදෙන බව පවසමින් ගැනුම් කරුවන් විශාල පිරිසක් රැවටීමට ලක්කරමින් ඉඩම් ජාවාරමේ නියුතුව සිටි රොෂාන් සමන් රත්නායක නොහොත් හෙල්ගසන් නැමැති නොර්වේජියා ජාතිකයා දෙමටගොඩW.G. වික්‍රමසේන මහතාට අක්කර පහක් විකිණිමට පොරොන්දු වී රුපියල් විසිනව ලක්ෂයක් වංචා කර ඇතැයි ලැබුණු පැමින්ල් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහු යළි රිමාන්ඩ් භාරයට පත් කළේය.
කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ ග්‍රීන් ෆීල්ඩ් ප්ලාන්ටේෂන් නම සමාගම පවත්වාගෙන ගිය ඔහු එහි අධ්‍යක්ෂවරයා ලෙස පෙනීසිටියේ අගමැතිවරයාපොල් සංවර්ධන ඇමතිවරයා ආදීන්ගේ පැසසුම් මධ්‍යයේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජේ. ආර්. පී. සූරිප්පෙරුම මහතා ගැනුම්කරුවන් හමුවේ පවසා ඇත්තේ මොහු දෙවිනි බුදුන් ලෙස සැලකිය හැකි පුද්ගලයෙකු බවයි.
සමන් රත්නායකට  එරෙහි තවත් පැමිණිලි ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශය අධිකරනයට දන්වා තිබේ.
ආශ්‍රිත පුවත්

පළාත් සභා මැතිවරණයට ජේ.වි .පි යෙන් ලංකාවේ සරගිම නැවක් නිළිය කරලියට

ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා මේ වන විට නළු නිළියන් ඇතුළු ජනප්‍රිය චරිත ගනනාවක් ඉදිරිපත් වීමට නියමිතය. ඒ අතරින් සරාගී නිළියන්ට වැඩි ප්‍රමුඛතාවයක්ද ලැබී තිබේ. පබාලා අනර්කලීලා පෙන්වූ පසුගිය මැතිවරණවලදී පෙන්වූ සාර්ථකත්වය නිසා මෙවර අඩනිරුවත් ‍රැඟුම් පෑ නිළියන්ට ලොකු ඉල්ලුමක්  ඇතිවී ඇත.
මෙලෙස නළු නිළියන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත් පතක් ජවිපේ ප්‍රචාරක්ක ලේකම් විජිත හේරත් ගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ නළු නිළියන් මැතිවරණවලට ඉදිරිපත් කිරීම ගැන තම පක්ෂයේ විරෝධයක් නැති බවත් තම පක්ෂයෙන් එසේ ඉදිරිපත්වන්නේ නම් ඔහු හෝ ඇය තම පක්ෂයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළයුතු බවත්ය.
කෙසේ නමුත් මේ වන තුරුත් ජවිපෙට ජවිපෙ ප්‍රතිපත්ති පිළිගන්නා ජනප්‍රිය සරාගී නිළියක හමුවී නැත. ජවිපේ සමඟ දේශපාලනය කිරීමට කැමැති සරාගිනියක් සිටීනම් දැන්ම ඉල්ලුම් පත්‍රයක් දැමිය හැක. බඩු ෂුවර්ය.ජවිපෙත් ගොඩය.

Wednesday, 8 January 2014

මල්ෂා කුමාරතුංගගේ මැෂිම මුළු කොලබටම චන්ද වැඩට

තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ වැඩිමහල් දියණිය වන මල්ෂා කුමාරතුංග මහත්මිය මෙවර බස්නාහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරඟ කිරීමට තීරණය කර තිබේ.
උපන් දා පටන් සිය පියාගේ දේශපාලන ගමන් මගේ දී ලැබූ අත්දැකීම් සහ අධ්‍යාපනික පසුබිම යටතේ දේශපාලනයට එක්වීමට තමන් තීරණය කළ බව මල්ෂා කුමාරතුංග පවසයි.

ශ්‍රී ලංකාවේ විචලි ජාත්‍යන්තර පාසලේ ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය නිමා කළ මල්ෂා කුමාරතුංග පසුව එංගලන්තයට ගොස් එහි රෙඩින්ග්ස් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී නීතිය පිළිබඳ උපාධිය දිනා ගෙන පෙරළා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

දී ගෘහ නිර්මාණ ශිල්පී හර්ෂමාන පණ්ඩිතරත්න මහතා සමග විවාහ වූ මල්ෂාගේ මාමා කෙනෙකු වන්නේ ජනප්‍රිය නළු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතායි. අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර විජය කුමාරතුංග මහතා මල්ෂාගේ සීයා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වුනු ප්රවබලයන්ට සිදුවන දේ

පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් දොළොස් දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂය අද තීරණය කළා. ඒ. අද පස්වරුවේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදියි. මේ අනුව පසුගියදා ආණ්ඩුවට එක්වූ දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිශාන්ත පුෂ්පකුමාරගේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිමල් ආර්. පීරිස් ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වනු ඇති.

සජිත්,තලතා ,මද්දුම බණ්ඩාර එ .ජා.ප.යෙන් එලියට දන්නා තීරණය කරයිද ?

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස කබීර් හෂීම් මන්ත්‍රීවරයා පත් කිරීම ඇතුළුව නව තනතුරු ප්‍රදානය කිරීම් කිහිපයක් අද (8 ) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදු කෙරෙත්දී ඊට සහභාගිවූ සජිත් හිතවාදීන් වන රන්ජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල මන්ත්‍රීවරිය සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ගැන වචනයක් හෝ කතා නොකළහ.
රන්ජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල මන්ත්‍රීවරිය එ. ජා. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මෙවර සහභාගී වුයේ කලකට පසුවය. විශේෂයෙන් එ. ජා. පක්ෂයේ නායකත්ව මණ්ඩලය පත කිරීමෙන් පසු ඔව්හු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් වර්ජනය කල අතර මෙවර රන්ජිත් හා තලතා ඊට සහභාගී කරවූ සජිත් සුපුරුදු පරිද්දෙන් මෙවර ද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මග හැර සිටියේය.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රවී සමරවීර මහතා සහ අමරා පියසීලි රත්නායක එ. ජා. ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ උපදේශකවරුන් සේ පත්කරනු ලැබිණි.රේණුකා හේරත් මහත්මිය පක්ෂයේ උප සභාපති වරියක ලෙස පත්කිරීම ඇතුළුව නිල බලයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට කරනු ලබන සාමාජිකයන් ගේ නම් අනුමත කිරීමද සිදු කෙරිණි.

ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා ,ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග විදේශ නිල සංචාරයකට සහභාගී වීම ගැන ද මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරී ඇති අතර ඊට පැහැදිලි කිරීමක් කල පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුනේ ජනාධිපතිවරයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබූ ස්ථනයේ ආගමික උත්සවයකට සහභාගී වන බැවින් ඊට ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා සහභාගී කරවා ගත හැකිදැයි ඇමති මහාචාර්ය ජි.එල් .පීරිස් විමසු බවය .

“ ආගමික උත්සවයකට ජෝන්ව සහභාගී කරවා ගත්තට කමක් නැහැයි කියා මා කියුවා .එහෙත් මේ සංචාරය අතරවාරයේ ජෝන් ගැන වාර්තාවන තොරතුරු ගැන ලංකාවට පැමිණි වහාම ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තබා කරුණු පැහැදිලි කරන්න යයි මම ජෝන්ට උපදෙස් දුන්නා” යි වික්‍රමසිංහ මහතා කියා තිබුනි.

මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ බලය පුපුරා යයි.හිටපු ඇමති පුතා එළිපිටම වැඩ අරබයි

දකුණු පළාත් සභා අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන් එකතු වී පරද කරන බව මාතර දිස්ත්‍රික්කයේ ලොකු දේවාලයකට ශ්‍රී ලංකාව පුරාම ප්‍රසිද්ධ නගරයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරයකුගේ පළාත් සභා මන්ත්‍රී පුතෙක් තමාට අයත් රටබිම හලකදී බමන මතින් කෑ ගසා අඑති බව වාර්තා වේ.ඊට හේතුව වී තිබෙනුයේ අධ්‍යාපන ඇමතිවරයා විසින් මැතකදී ලබා දුන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ රැකියා කිහිපයෙන් තමාගේ ගෝලයන්ට  ලබා දී ඇත්තේ කම්කරු පත්වීම් බවත් ඔවුන් එම පත්වීම් බරනොගෙන තමාට දෝෂාරෝපණය කරන බවත්ය.එම නිසා අනිත් මන්ත්‍රී වරුන් සමග එකතු වී අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා පරද කරන බවත් දිවුර දිවුරා ප්‍රකාශ කොට තිබේ.මෙමගින් පෙනී යන්නේ සන්ධානය ඇතුළතින්ම පිපිරිම අරම්බ  වී ඇති ,එය උඩු දුවා ඇති බවයයි ,ඒ ආසන්නයේ සිටි පිරිස් වල මතය විය.
ස්තුතියි :- sfdevinuwara/facebook.com 

Monday, 6 January 2014

අයිතීන් ඉල්ලා වෙද්‍යවරු යලි සටනට...........

දේශීය වෙද්‍යවරු තමන්ට තිබෙන ගැටළු වලට නිසි පිළියමක් නොලැබුනොත් ඊට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජයේ ආයුර්වේද වේද්‍ය නිලධාරීන්ගේ සංගමය සුදානම් වන බව ගොසිප් සවුත් ලංකා නිවුස් වෙත වාර්තා වී ඇත.රජයේ බටහිර වෙද්‍යවරුන්ට ලබා දෙන රැපියල් 70000 ක් පමණ වන දීමන කිසිවක්‌  දේශීය වෙද්‍ය වරුන්ට නොලැබෙන අතර වෙද්‍ය වරුන් සියලු දෙනාටම සමානව සැලකීමේ  ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩුව මේ වන විට කටයුතු කරමින් සිටින බව එම සංගමය අදහස වී තිබෙන බව  අපට දැන  ගන්නට ලැබී තිබේ.ඒ හේතුවෙන්  දේශීය වෙද්‍ය සේවාව සම්පුර්ණයෙන්ම බිද  වැටි ඇති බවද එම නිසා දේශීය වේදය සේවාව ආරක්ෂා කර ගනිමින්,ජනතාවට ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි වන අයුරින් රජයේ ආයුර්වේද වේද්‍ය නිලධාරීන්ගේ ගැටලුව විසදා දිය යුතු බව ඔහුන්ගේ අදහස වී ඇති බව වාර්තා වේ .

108 කාමරයේ රහස හෙළි වන ලකුණු

 මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභාව නියෝජනය කරන ඇමැතිවරයකුගේ කාර්ය  මණ්ඩලයේ සේවය කරන පුද්ගලයකු ඉදිරි පළාත් සභා  මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදීමට,මාතර නුපෙ හන්දියට නුදුරු ස්ථානයක තිබෙන ''තරු'' තුනක හෝටලයක 108 වෙනි කාමරයේදී රාහස්‍ය සාකච්චාවක් පැවැත්ව ඇති බවට වාර්තා වී ඇත.එහිදී එම පක්ෂ මාරු කරන නිලධාරියා හිටපු ශ්‍රී.ලං.නි.ප  ඇමැතිවරයකුගේ ලගම හිතවතෙකු වී සිට ඇති අතර ,එම ඇමතිවරයා පක්ෂ මාරු කල පසු ඔහු පළාත් ඇමතිවරයාට කිට්ටු වී ,හිටපු ඇමතිවරයාගේ දේශපාලන හිතවතුන් බිලි බා ගන්නට ක්‍රියා කල බවද පැවසේ. මෙම නිලධාරිය පළාත් ඇමතිවරයා සමග උරණ වී තිබෙනුයේ ,නුදුරු දිනයකදී ඇමතිවරයාගේ පළාත් සභා විෂයකට අයත් අමාත්‍යන්ෂයක ලබා දුන් පත්වීම මෙම නිලධාරියාගේ දෙනියාය,අකුරැස්ස බල ප්‍රදේශවල තමන් හා සම්බන්ධ ඥාතීන් වෙත ලබා නොදීම හේතුවෙන් බව පැවසේ .එබෙවින් ඔහු නැවතත් පරණ ස්වාමිය ලග කීකරු වී ඇති බව වාර්තා වේ.

ස්තුතියි :- SFDEVINUWARA/FACE BOOKපිටුවට