ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Thursday, 22 July 2021
විනෝද වු දයාසිරි රිය අනතුරක
ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා 21/7/2021 දින උදේ සිය දෛනික ව්‍යායාම සඳහා පාපැදියේ නැඟී ගමන් කරද්දි අධික වේගයෙන් පැමිණි යතුරු පැදි කරුවකු ගැටී ඇත.කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී මෙම අනතුර සිදුවී තිබිණි .එහිදී දයාසිරි ජයසේකර මහතා තුවාල ලබා තිබිණි . තුවාල ලැබූ ජයසේකර මහතා බාහිර ප්‍රතිකාර ලබාගෙන නිවස බලා පැමිණ තිබිණි .
Saturday, 17 July 2021
මොකද්ද මේ කොතලාවල පනත - සුද්ද සිංහලේන්
මොකක්ද මේ කොතලාවල පනත ....
🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎
කන්නන්ගර චින්තනයෙන් පෝෂිතව ගොඩනැගුණු නිදහස් අධ්‍යාපනයෙන් බිහි වු පරම්පරාවේ එක් අයෙකු වශයෙන් මාගේ යුතුකම වන්නේ මතු පරපුරට තව දුරටත් නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර දීමය. ඒ වෙනුවෙන් අද දින අභියෝගයක් ව පවතින "කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල " පනත පිළිබඳ දැනුවත් කිරීම පියවරෙන් පියවර මෙතැන් පටන් මෙසේ ජන හිතසුව පිණිස ඉදිරිපත් කරමි.
( මහජන හිතසුව පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පනත් මෙයට වඩා ප්‍රබලව හා ප්‍රගතිශීලී ලෙස ජනතා දැනුම්වත් කිරීමේ ක්‍රමවේදයකින් පසුව ඉදිරිපත් කෙරෙන්නේ නම් අගයමි. පාර්ලිමේන්තුවෙි සිටින මන්ත්‍රීවරුන් 225 සිය වගකීම පැහැර හැර අතිබවක් ද පෙනෙයි .)
*මෙම පනත මගින් 1978 අංක 16 , දරන විශ්වවිද්‍යාල පනත බැහැර කරයි. ඉන් අදහස් කරන්නේ කුමක් ද?.රටේ දැනට තිබෙන සියලු ජාතික විශ්වවිද්‍යාල පාලනය වන්නේ "විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව" මගිනි. එහිදි විශ්වවිද්‍යාල පද්ධතියට කොතෙක් ළමුන් ප්‍රමාණයක් ඇතුළත් කරගන්නේ ද ? ආචාර්යවරුන් බඳවාගැනීම ,ඒ ඒ විෂයයන් සඳහා ඇතුළත් කරගැනීමේ ශිෂ්‍ය ප්‍රමාණය ,එ සඳහා උසස් පෙළ ලකුණුවල Z අගය, අධ්‍යාපන ගුණාත්මක තත්ත්වය ,පරිපාලන ක්‍රමවේදය , විශ්වවිද්‍යාලයන් හි ගුණාත්මක තත්ත්වය ආදී සියල්ලේ තීරක බලය ඇත. උසස් පෙළ අසමතුන්ට ,ඥාතීන්ට ,බලවතුන් , ධනවතුන්ට උපාධි ලබාදීමක් දැනට තිබෙන ක්‍රමවේදය යටතේ නොහැකිය .
විශ්වවිද්‍යාල පරිපාලනය හා අධ්‍යාපනය මෙ වු තත්ත්වයක පවතින හෙයින් දේශපාලඥයන්ට අභිමත පරිදි ආචාර්යවරුන් ,සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කළ නොහැකිය. ගුරු- ශිෂ්‍ය අයිතිවාසිකම්වලට දේශපාලඥයන්ට ඇගිලි ගැසීමට ඉඩක් නැත. එහෙයින් දේශපාලන පත්වීම් කළ නොහැකි ය. මෙවු තත්ත්වය ට " විශ්වවිද්‍යාල " යන නාමය හිමිකම් කියයි. එ වු හිමි කම ,අයිතිය අහිමිකර විශ්වවිද්‍යාල තත්ත්වය උදුරා ගනි. මෙය කොතෙක් දුරට සාධාරණ ද ?. " පනතේ කුමක් සඳහන් වුවත් " යනුවෙන් දරදඬු වචන භාවිත කරමින් මෙ කරන්න යන්නේ "බයිනෙත්තුවට ,කුවක්කු කටට බයවෙයන් " යන අදහසක් නොවේ ද?. මෙයට වඩා කරුණු ඇතත් මෙය තරමකට ප්‍රමාණවත් යැයි හඟිමි. තම තම නැණ පමණින් කියවා තේරුම් ගනත්වා !
🔴🔴මෙහි හමුදා නිල ඇඳුමට යටත්ව සුපුරුදු උසස් පෙළ Z අධ්‍යාපන සුදුසුකම් අමතක කොට වරප්‍රසාදිතව උපාධි ,ඩිප්ලෝමා ප්‍රදානය කරන්නට කටයුතු කිරීම.
🔴🔴රාජ්‍ය සේවකයන්ට අමතරව " වෙනත් තැනත්තන් " යනුවෙන් අදහස් කරන්නේ කවුරුන් ද ?. මුදලට හෝ දේශපාලන නිර්දේශිත හෝ විදේශික හෝ විකිණෙන අය ද ?.ප්‍රශ්නයකි.
ඇතුළත් කරගැනීමේ සාම්ප්‍රදායික පටිපාටියෙන් බැහැරව ඔවුන් විසින් ම අධ්‍යාපන ප්‍රවීණත්වය සොයා බැලීමේ ක්‍රමවේදයක් අනුගමනය කරයි. මෙයයි කුරුබිලිය.සැබෑ දක්ෂයන් පගා දමා දුර්වලයන් දක්ෂයන් ලෙස බවුතිස්ම කිරීමේ ක්‍රම වේදයට ඉඩ සලා ගෙන ඇත. තරග කාරී උසස් පෙළින් අසමතුන් ඔසවා තබන්නට කෙරෙන විජ්ජාවක් නොවේ ද?.
දැනටමත් මෙ හා සමාන දුර්වලතා නැතුවා නොවේ. එය පළමු උපාධියට නොවුවත් පශ්චාත් උපාධි සඳහා ක්‍රියාත්මක කරයි. මෙය දක්ෂයන්ට කෙරෙන විශාල අසාධාරණයකි. එසේ මෙසේ නොව සහගහන අපරාධයකි.
🔴⚫කෙනකු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියට සුදුසු කම් ලැබීමේ දී පළමු උපාධි ලෙස එම විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත්‍රවේදී විශේෂ (සිංහල ) ගෞරව උපාධියක් ලබා තිබුණි. එහෙත් ඔහු සමග ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමට පළමු උපාධියක් නැති නීති විද්‍යාලයෙන් " නීතීඥ " කමක් පමණක් තිබූවෙකු ට ශාස්ත්‍රපති උපාධිය ලබා දුණි.මෙය කොතෙක් දුරට සාධාරණ ද?.වරෙක ඔහු තරගකාරීව මහත් සේ කැප වී උසස් පෙළ සමත් වුයේ කුමකට දැයි වරෙක සිතෙයි.මෙය ක්‍රමයෙන් කෙදිනක හෝ සමස්ත දරු පරපුරට ම හැඟි ගියහොත් කෙතරම් අභාග්‍යසම්පන්න තත්ත්වයක් රටකට උදාවේ ද?.
⚫🔴⚫🔴👉වැදගත් කමින් විමසිය යුතුම වගන්ති කීපයකි.මෙම ආයතනයට එනම් විශ්වවිද්‍යාලයට ඇති බලතල යි.
🔴🔴 අධ්‍යයන හා උපදෙස් පාඨමාලා හැදෑරීමට අවස්ථාව දෙන බව පළමුව කියයි.
🔴🔴 තව දුරටත් පවසන්නේ යම් විෂයයන් සම්බන්ධව ශාස්ත්‍රීය අධ්‍යයනයන් සඳහා පහසුකම් හා උපදෙස් ලබා දීම ලෙස නම් කරයි. මෙහි "පහසුකම් හා උපදෙස් " යන දෙවදන තුළ සට කපට කම් වංචනික අවශ්‍යතා සඳහා ඉඩ සලසා ඇත.
🔴🔴 තව දුරටත් "උපාධි ,ඩිප්ලෝමා ,සහතික පත්‍ර සහ වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ටතා... . . ......" මෙලෙස ලබා දෙන්නේ 19 (1)(ආ ) වගන්තිය යටතේ යැයි පවසයි. එහි සඳහන් වන්නේ.." විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම සඳහා වන නිර්ණායක කලින් කල නිශ්චය කිරීම " යන්නයි . පොදු විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයට පරිබාහිරව සිදුකරන බව පවසයි.
🔴🔴මෙ පනත යටතේ මෙකී විශ්වවිද්‍යාලය මගින් පිළිගන්නා හමුදා පුහුණු ආයතන,වෙනත් ශාස්ත්‍රීය ආයතන පිළිගැනීම හා උපාධි ප්‍රදායට අවස්ථාව දෙයි. අධ්‍යාපනය මෙතරම් බාල්දු කිරීමට අවස්ථාව ලබා දි ඇත.
🔴🔴 කාර්මික හා වෘත්තීය ආයතන මෙන් ම දේශීය හා විදේශීය ආයතන සමග අනුබද්ධ වීමට ඉඩ දි ඇත. මේ තරමට අධ්‍යාපනය සැහැල්ලු වුයේ ඇයි.එසේ නම් තරගකාරී උසස් පෙළ විභාග කුමට ද?. විභාග දෙපාර්තමේන්තු මගින් අපක්ෂපාති විභාග පවත්වන්නේ ඇයි ?.
🔴🔴උපාධි පාඨමාලා සඳහා මුදල් අය කිරීමට අවසර දී ඇත. මෙ මගින් ධනපතියන්ට ප්‍රවේශයට පාර කපාගෙන ඇත්තේ ය. සැබෑ දක්ෂ දුප්පත් දරුවන්ට අධ්‍යාපනයේ දොරටු වැසි යන්නේ මෙලෙසිනි.
🔴🔴1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 128 ට පටහැනිව මෙන් ම " තත්කාර්ය සඳහා සාධන ලද යම් ප්‍රඥප්තීන්ට අනුකූලව එම විභාග සමත් වි ඇති........" මෙයින් සිදු කර ඇත්තේ කුරුබිලියෙන් ඇතුළත් වුවත් අදක්ෂයන් තව දුරටත් අදක්ෂයන් වුවහොත් සමත් කරවීමේ බලය ක්‍රියාත්මක කිරීම.
🔴🔴ව්‍යාජ උගතුන් සමාජ ගතකිරීමට දරන උත්සහයකි. මෙය සැබෑ දක්ෂ උගතුන්ට කරනා අසාධාරණයකි.
🔴🔴මෙ තවත් අරුම පුදුම බලයකි. ඒ ඒ කාලයට අනුමත කරන නීති අනුව පාලක මණ්ඩලය අනුමත කරනු ලබන අයට " ගෞරව උපාධි හා ශාස්ත්‍රීය විශිෂ්ටතා " පිරිනැමීමේ බලය ඇත. අධ්‍යාපනය මුදලාලි කෙනෙකු සතු මෙ තවත් අරුම පුදුම බලයකි. ඒ ඒ කාලයට අනුමත කරන නීති අනුව පාලක මණ්ඩලය අනුමත කරනු ලබන අයට " ගෞරව උපාධි හා ශාස්ත්‍රීය විශිෂ්ටතා " පිරිනැමීමේ බලය ඇත. අධ්‍යාපනය මුදලාලි කෙනෙකු සතු භාණ්ඩයක් බවට පත් කර ඇත.
🔴🔴ශීක්ෂණ රෝහල් ,පුස්තකාල ,වෛද්‍ය හා රසායනාගාර පවත්වාගෙන යෑමටත් අභිමත පරිදි ගොඩනගා ගැනීමටත් බලය දි ඇත. සයිටම් මුදලාලිගේ වැනි තවත් ක්‍රියාවලියකි.
🔴🔴අවශ්‍ය පරිදි මැෂිමකින් පොම්ප කරන්නා සේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ,මහාචාර්ය ,සහය මහාචාර්ය , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , කථිකාචාර්ය වැනි අධ්‍යයන හා අනධ්‍යයන තනතුරු බිහි කිරීමේ බලයත් දී ඇත. උගතුන්ට යන කල මින් හොඳින් පැහැදිළි ය.
🔴🔴විශ්වවිද්‍යාලයට අවශ්‍ය පීඨ ,මණ්ඩප, විද්‍යාල ,අධ්‍යයනාංශ ,මධ්‍යස්ථාන ආදී ආයතන ද අභිමත පරිදි පිහිටු වීමේ බලයක් දි ඇත.
🔴🔴දේශීය - විදේශීය විශ්වවිද්‍යාල සමග ශිෂ්‍යන් ,කථිකාචාර්යවරුන් ,ශාස්ත්‍රධරයන් හුවමාරු කර ගන්නට ද බලය දි ඇත. තවත් ටියුෂන් විශ්වවිද්‍යාලයක් කර ඇත.
🔴🔴දේශීය - විදේශීය ත්‍යාග, මුදල් , දීමනා හා පරිත්‍යාග ලබා ගැනීමට ද අවස්ථාව දි ඇත. මෙ මගින් මුදල් රැස්කර ගැනීමට ණය ගැනීම ද බලයක් දෙයි. විශ්වවිද්‍යාල මුදල් ආයෝජනය කරන්න ද ඉඩ දී ඇත. එක එල්ලේ ම පෞද්ගලික බැංකුවක් ,සමාගමක් බඳු ව්‍යාපාරයක් බවට පත් කර ඇත. කොටින් ම කිව හොත් අධ්‍යාපනය විකුණන්නට මුළුමනින් ම ඉඩ දී ඇත. මේ සියල්ල සිදු කර අපට බලා සිටින්න යැයි පවසයි.
🔴🔴අධ්‍යාපන ඇමතිට ම අයත් යැයි කිව නොහැකිය.
🔴🔴ඇමතිවරයාට අවශ්‍යයැයි සිතෙන කරුණු ඉටු කර ගැනීමට ලිඛිත විධානයකින් පාලක මණ්ඩලයට බලපෑම් කළ හැකිය.
🔴🔴මෙහිදි දේශපාලනීකරණය වු ගුරු - සිසු ඇතුළත් කිරීම් පමණක් නොව උපාධි තත්ත්වයන් හා ආචාර්ය ,මහාචාර්ය ,කථිකාචාර්ය තත්ත්වයන් ලබාදීම සම්බන්ධව ද බලපෑම් කළ නොහැකි යැයි කාට කිව හැකි ද?.
🔴🔴 විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතන තීරණය කිරීමේ බලයක් ද නැතුවා නොවේ.
🔴🔴ඇමතිවරයා ගන්නා තිරණ මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමක් මිසක් අනුමත කරගැනීමක් අවශ්‍ය වන්නේ නැත.
🔴🔴දුර්දාන්ත පාලකයෙකුගේ තත්ත්වය ද ගොඩනගා ඇත. විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ලැබූවෙකුගෙන් කිසිදා යෝජනා නොකෙරෙන යෝජනාවක් ද පවති.එනම් සිසු මර්දන යැයි. විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයක් කිසි දින නොලබපු අයෙකුට විශ්වවිද්‍යාල අධ්‍යාපනය කෙරෙහි පවතින ඓන්ද්‍රීය බද්ධ වෛරයක් පෙන්නුම් කරයි.
🔴🔴 සිසු මර්දනයට අමාත්‍යවරයාට දි ඇති බලය දක්වා ඇති අයුරු. " තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය විය හැකි යැයි ඔහු විසින් සලකනු ලබන සියලු පියවර......"
🔴🔴කුලපති පත්කිරීම් හා නිලධරයන් ගැන ගැන සඳහන් කරයි.
🔴🔴වසර 5 සඳහා ජනාධිපති පත්කරයි. අනිකුත් නිලධරයන් ... *උප කුලපති
🔴🔴මණ්ඩපවල ප්‍රදානීන් ,
🔴🔴නියෝජ්‍ය උප කුලපතිවරයා ( ආරක්ෂක හා පරිපාලන ) *නියෝජ්‍ය උප කුලපතිවරයා ,( ශාස්ත්‍රීය )
🔴🔴සෑම පීඨයකට ම පීඨාධිපතිවරුන්, *මූලස්ථාන බල ඇණියේ සේනාංකයේ අණ දෙන නිලධාරියා,
🔴🔴සහයක නිලධරයා , *ලේඛකාධිකාරීවරයා , *පුස්තකාලයාධිපතිවරයා,
🔴🔴මූල්‍යාධිකාරීවරයා.
🔴🔴මෙහි වැදගත් කරුණ වන්නේ ජනාධිපති පත් කරන උප කුලපති සන්නද්ධ හමුදා නිලධාරියෙකු ම විය යුතුය .
🔴🔴අධ්‍යාපනයක් ලබා දෙන තැනක පාලනය කළ යුතු වන්නේ ආධ්‍යාපනික වශයෙන් ශික්ෂණයක් ලැබූවන් ය. එසේ නොවේ නම් පාසල් වලට ද හමුදා නිලධාරින් පත් කළ හැකිය. හමුදා විනය බෙහෙවින් කායික ශික්ෂණයට ප්‍රමුඛතාව ලබන්නකි. ආධ්‍යාපනික ශික්ෂණය මාසිකව හා චෛතසිකව ලබන්නකි. මෙය නිවැරදි ව හඳුනා ගත යුතුය .
🔴🔴මෙය ද ත්‍රිවිධ හමුදාවට පිළිවෙළින් ලබා දෙන්නකි.
🔴🔴ජනාධිපති හට උප කුලපති ඉවත් කළ හැකිය . ඒ අන්තර් කාලය තුළ නියෝජ්‍ය උප කුලපතිවරයා වැඩ බැලිය යුතු වෙයි.
( මෙහි සිංහල ද සදොස් ය. කුලපතිට උප කුලපතිවරයකු සිටි විට නැවත නියොජ්‍ය උප කුලපතිවරයෙකු සිටිය නොහැකිය . මන්ද. උප සහ නියෝජ්‍ය හෙළ හා මිශ්‍ර භාෂා වෙනස මිස අරුත එකක් ම ය.)
🔴🔴සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද උසස් තනතුරු ලාභිහු ම ය.
🔴🔴සහයක නිලධාරීහු ද යුද හමුදා නිලධාරීහු ම වෙති.විශ්වවිද්‍යාලයේ විනය පාලනය සම්බන්ධව මොහු වග කියති.
🔴🔴 මුළුමනින් ම මිලිටරිකරණයක් ම බැව් පහැදිළිය. හමුදා කඳවුරක් තුළ මෙම වෘත්තීය පුහුණුව ප්‍රගුණ කර ගත්තේ නම් කෙතරම් නම් අගේ ද .
✒️ බෝසෙත් කළහේපතිරණ මහතා ලියු ලිපි පෙළක් ඇසුරෙන් නිර්මාණාත්මකව සකස් කරන ලදි.
Thursday, 8 July 2021
නිරෝධානය නිතියේ ආණ්ඩුකරණය
නිරෝධායන නීති යොදාගනිමින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සිදුකරන විරෝධතා මර්දනය කිරීම බරපතළ තත්ත්වයක් බව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන 45ක් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ශ්‍රී ලංකා පොලීසිය විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිරෝධායන මාර්ගෝපදේශ බරපතළ ලෙස උල්ලංඝනය කරනු ලබන බවත් මේ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ කටයුතුවලදී හා ආණ්ඩුවට සමීප පාර්ශ්වවල පෞද්ගලික කටයුතුවලදී දැකගත නොහැකි වීම ද බරපතළ ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් බවත් එම සංවිධාන පෙන්වා දෙනවා. නීතිය ක්‍රියාවේ යෙදවීම අත්තනෝමතික සහ පක්ෂපාතී ලෙස සිදුකරන බව තහවුරු කෙරෙන මෙවැනි උදාහරණ රැසක් පසුගිය කාලයේ දැකිය හැකි වූ බවද එම සංවිධාන සඳහන් කරන්නේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය සඳහා නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයක් පැවතියද, එම නීතිය යොදාගනිමින් මේ වන විට ආණ්ඩුව විසින් ජනතාවගේ අදහස් පළකිරීමේ අයිතිය සහ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමට ශ්‍රී ලංකා පොලීසිය යොදාගෙන කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක රටක කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් බව මෙම නිවේදනය පෙන්වා දෙනවා. වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහාත්, සමස්ත ජනතාවගේ අදහස් ප්‍රකාශනයේ සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැකගැනීම සඳහාත් ජනතාව පෙළගැස්විය යුතු බවද ඒ වෙනුවෙන් වෙනස්කම් නොසලකා සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන එක් පෙරමුණකට පැමිණ කඩිනම් විරෝධයක් පළකිරීම සඳහා පෙරමුණ ගත යුතු බව ද එම සංවිධාන යෝජනා කරනවා.
එම සංවිධාන නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වෙයි.
‘2020 මාර්තු මාසයේදී වසංගත තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු නිරෝධායන නීතිය මර්දන නීතියක් ලෙස යොදාගනිමින් ජනතාවගේ ප්‍රතිවිරුද්ධ අදහස් යටපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ අතර, මේ යටතේ එක් දිනකදී සිදු කළ බරපතළම මර්දනය ඊයේ (2021 ජූලි 07) දිනයේදී අපි දුටුවෙමු. ගොවි ජනතාව මුහුණ දෙන පොහොර ප්‍රශ්නය පිළිබඳ බදුල්ල, බොරලන්දේ පැවති විරෝධතාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට වැටුප් නොගෙවීමට එරෙහිව කොළඹ, කොම්පඤ්ඤවීදියේ පැවති විරෝධතාව ආදිය සංවිධානාත්මකව පොලීසිය යොදා මර්දනය කිරීම සිදුවූ අතර, කොම්පඤ්ඤවීදියේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු නීතියට අනුව අනිවාර්යයෙන්ම සිටිය යුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු හෝ නොමැතිව පොලිසිය විසින් ඔවුන් බලහත්කාරයෙන් පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට පවා කටයුතු කර තිබිණි. මුතුරාජවෙල තෙත්බිම් විනාශයට එරෙහිව ජා-ඇල, බෝපිටිය මංසන්ධියේ පැවති විරෝධතාව සහ තෙල් මිල හා බඩු මිල අඩු කරන ලෙස ආණ්ඩුවට බලකරමින් කළුතර නගරයේදී පැවති විරෝධතාව සංවිධානය කළ පාර්ශ්ව නිරෝධායන නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම ද ඊයේ සිදු විය. එසේම ජුනි 21 වන දින රාජ්‍ය ඇමැති සතාසිවම් වියලේන්ද්‍රන්ගේ ආරක්ෂක නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද මහාලිංගම් බාලසුන්දරම්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා මඩකලපුව, ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණය කළ විරෝධතාකරුවන් පිරිසක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. දිනක් තුළ මෙවැනි මර්දනකාරී සිදුවීම් රැසක් රට පුරා ක්‍රියාත්මක වීම බරපතළ තත්ත්වයක් බව යළිත් අවධාරණය කළ යුතුය.
මේ සියලු විරෝධතාවල අරමුණ වූයේ ජනතාවට බලපාන ගැටළුවලට ආණ්ඩුව මැදිහත් නොවීම හා එම ගැටළු උත්සන්න කිරීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලබන තීරණවලට විරෝධය පළකිරීම ය.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතියක් ලෙස පිළිගෙන ඇති අතර, ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය ද පුරවැසියන්ට ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවකින් ද තහවුරු කර තිබේ.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත.
‘සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.
‘ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබූ නඩු තීන්දු රැසක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර ඇත. වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87) නඩු තීන්දුවේ දක්වා ඇත්තේ දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස යටතට ගැනෙන බවයි. විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93) නඩු තීන්දුවේ දක්වා ඇත්තේ රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බවයි. එම තීන්දුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා මෙසේ සඳහන් කොට ඇත.
‘Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsory unification of opinion achieves only the unanimity of grave yard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginnings.’
විනිසුරුවරයා සඳහන් කර ඇති ආකාරයට ප්‍රතිවාදී අදහස් බලහත්කාරයෙන් මර්දනය කිරීමට උත්සාහ ගතහොත්, එම ක්‍රියාවලිය අවසන් වන්නේ බරපතළ ජීවිත හානි මගින් ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවැති 2005 – 2015 පාලන කාලය තුළදී මෙසේ ප්‍රතිවිරුද්ධ අදහස් මර්දනය කිරීමට යෑමේදී ආරක්ෂක අංශ අතින් සාමාන්‍ය ජනතාව මියගිය අවස්ථා රැසක් තිබිණි. එම සිදුවීම්වලට වගකිවයුත්තන්ට දණ්ඩ මුක්තිය ලැබී ඇති තත්ත්වයක් තුළ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පනත යොදාගනිමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමත්, ජනතාව බියවැද්දීම සඳහා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමත් පසුගිය කාලය තුළ අපි දුටුවෙමු.
මේ වන විට වසංගත තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන නීතියට අනුකූලව නිකුත් කළ මාර්ගෝපදේශ යොදාගනිමින්, ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සිදුකරන විරෝධතා මර්දනය කිරීම බරපතළ තත්ත්වයකි. එහිදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිරෝධායන මාර්ගෝපදේශ බරපතළ ලෙස උල්ලංඝනය කරනු ලබයි. මේ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ කටයුතුවලදී හා ආණ්ඩුවට සමීප පාර්ශ්වවල පෞද්ගලික කටයුතුවලදී දැකගත නොහැකි වීම ද බරපතළ ලෙස අවධානය යොමු කළ යුතු කරුණකි. නීතිය ක්‍රියාවේ යෙදවීම අත්තනෝමතික සහ පක්ෂපාතී ලෙස සිදුකරන බව තහවුරු කෙරෙන මෙවැනි උදාහරණ රැසක් පසුගිය කාලයේ දැකිය හැකි විය.
වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහාත්, සමස්ත ජනතාවගේ අදහස් ප්‍රකාශනයේ සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැකගැනීම සඳහාත් ජනතාව පෙළගැස්විය යුතුව තිබෙන බව පහත අත්සන් කරන අපි විශ්වාස කරමු. ඒ වෙනුවෙන් වෙනස්කම් නොසලකා සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන එක් පෙරමුණකට පැමිණ කඩිනම් විරෝධයක් පළකිරීම සඳහා පෙරමුණ ගත යුතු බව අපි වැඩිදුරටත් යෝජනා කර සිටිමු.’
ලිපියට අත්සන් තබා ඇති වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන
1. ලංකා ගුරු සංගමය
2. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
3. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
4. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
5. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
6. තරුණ නීතිඥ සංගමය
7. ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
8. අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
9. ලංකා ගුරු සේවා සංගමය
10. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
11. ලංකා බැංකු සේවක සංගමය
12. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
13. ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය
14. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
15. ජනතා නීතීඥයෝ
16. අලුත් පියාපත් සංවිධානය
17. ඩාබිඳු සාමූහිකය
18. කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය
19. රෙඩ් සංවිධානය
20. ස්ටෑන්ඩ්අප් ව්‍යපාරය
21. මහා ශිෂ්‍ය සංගමය – කොළඹ විශ්වවිද්‍යාලය
22. ජන බල පවුර
23. රයිට්ස් නව් – ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමූහිකය
24. කිතුසර කණ්ඩායම
25. සමාජ හා සාමයික කේන්ද්‍රය
26. ශ්‍රමාභිමානී
27. ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
28. ලංකා වතු සේවා සංගමය
29. එක්සත් කම්කරු සම්මේලනය
30. වතු කම්කරු මධ්‍යස්ථානය
31. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
32. එක්සත් පොදු සේවා සංගමය
33. වාණිජ හා කාර්මික සේවක සංගමය
34. රක්ෂණ සේවක සංගමය
35. තොරතුරු හා විදුලි සංදේශ සේවක සංගමය
36. සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
37. දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව
38. ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය
39. ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය
40. ඒකාබද්ධ වරාය සේවක සංගමය
41. ස්වාධීන තටාක සේවක සංගමය
42. ජාතික නිදහස් වෘත්තීය සමිතිය
43. ලංකා වැවිලි සේවා සංගමය
44. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
45. PROTECT සංගමය
Wednesday, 7 July 2021
"අපි ශ්‍රී ලංකා" නමේ ගැටලුව අවසන්.මම අයිතිය තහවුරු කලා- කුමාර වෙල්ගම
මම කිව්වා ගෝඨාභයට බැහැ කියල. ප්‍රාදේශීය සභාවකවත් හිටියේ නැහැනේ. මම කියපුවා දැන් හරි ගිහින්නෙ තියෙන්නේ - කුමාර වෙල්ගම
කුමන බාධාව පැමිණියද දැනටමත් නව පක්ෂයක් ගොඩනගා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ජූලි (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම අවභාවිතා කරන බවට ශ්‍රීලනිපය වෙනුවෙන් දයාසිරි ජයසේකර මහතා ඇතුළු කණ්ඩායම මැතිවරණ කොමිසමට අද දින භාරදුන් පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමිනි.
සැබෑ ශ්‍රී ලංකා කාරයෙක් ලෙස අතරමං වී සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්,පොහොට්ටුවේ අය සහ වමේ අදහස් ඇති අය වෙනුවෙන් තමන්ගේ නායකත්වයෙන් නව පක්ෂයක් ගොඩනගන බවත් කිසිදු බාධා කිරීමක් තමන්ට අදාළ නොවන බවත් වෙල්ගම මහතා සඳහන් කරන ලදී. .
එමෙන්ම තමන් තවදුරටත් සමඟි ජන බලවේගයේ සන්ධානයේද රැඳී සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
''පොහොට්ටුවට අකමැති,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න නිලධාරීන්ට අකමැති අය ඉන්නවා නම් එන්න කුමාර වෙල්ගම එක්ක. මම ඔයගොල්ලන්ව ආරක්ෂා කරන්නම්. මම කෙළින් වැඩකරන මිනිහෙක්. මම කාටවත් බය නැහැ. අනිත් එක මම කෙළින් හැමදේම කරලා කිව්වා. ඇමැතිකම්වලට පයින් ගැහුවා. කෙළින් හිටගත්තා. ඒ නිසා මම කියපු දේවල් අද හරිගිහිල්ලා තියෙනවා. මම කිව්වා ගෝඨාභය මහත්තයට බැහැ,ප්‍රාදේශීය සභාවකවත් හිටියේ නැහැ. ඒ හැම දෙයක්ම මම බය නැතුව කියල තියෙනවා. ඒ නිසා මම කියනවා එන්න මා එක්ක. මම හරිමාර්ගයේ ගෙන යනවා.'' යනුවෙන් වැඩිදුරටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
සටහන -ජගත් ප්‍රසන්න ගමගේ
Wednesday, 30 June 2021
සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ කාප්පාදු කෙරේ
පසුගිය යහපාලන රජය මගින් ආරම්භ කර තිබු සුරක්ෂා රක්ෂණය යටතේ මෙතෙක්
සිසු මරණයකදී ලබා දුන් ලක්ෂ 2ක රක්ෂණාවරණය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම දෙමාපිය මරණයකදී මෙතෙක් පැවැති රුපියල් දෙලක්ෂයක ප්‍රතිලාභ හිමිකමද ‘අඩු ආදායම්ලාභී පවුල් සදහා පමණක්’ යනුවෙන් සංශෝධනය වී තිබේ.
මුලින් පෞද්ගලික රක්ෂණ ආයතනයක් යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මේ වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ක්‍රියාත්මක වේ.
ජනපති ලේකම් ඇමතිවරුන්ට තරවටු කරයි.
සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ලිඛිත නියෝගයක් නිකුත් කොට ඇත.
ශ්‍රී ලං .නි. පය නැවතත් දෙදරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල පසුගිය කාලය පුරාවටම අළුයට ගිනි මෙන් ගැටුම් උත්සන්න වෙමින් තිබුණි.
එහි අලුත්ම තත්වය වන්නේ පක්ෂය තුල සිටින ප්‍රබල මධ්‍යම කාරක සභිකයන් පස් දෙනකු සදහා විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වීමයි.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙදෙනෙක් හා කළුතර ,මහනුවර ,පොලොන්නරුව යන දිස්ත්‍රික්කයන්හී මධ්‍යම කාරක සභාව නියෝජනය එක් සාමාජිකයන් බැගින් සාමාජිකයන් පස් දෙනකුට මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්වන බව දේශපාලන ආරංචි වාර්තා කරයි.
මෙම සාමාජිකයන් පසුගිය දිනකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෙෂ්ට්ට නායකයකු වෙනුවෙන් හඬ අවධි කිරීමක් හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇත.
මෙහිදී ආණ්ඩුවේ වරදාන වරප්‍රසාද භුක්ති විදින පිරිස වෙනම කදවුරක් ලෙසද ,පක්ෂයේ ජෙෂ්ට්ටතත්වයෙන් වැඩි හා පක්ෂ ප්‍රතිසංවිධාන හි වෙනසක් ඉල්ලන පිරිස වෙනම කඳවුරක් ලෙසද ක්‍රියා කරන බව පෙනෙන බව වාර්තා වේ.
පක්ෂයේ ජෙෂ්ට්ටතත්වයෙන් වැඩි හා පක්ෂ ප්‍රතිසංවිධාන හි වෙනසක් ඉල්ලන පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජෙෂ්ට්ට සාමාජිකයකු ,ක්‍රියාකාරී දේශපලනයේ නිරත වන වර්තමානයේ නිතර කතාබහ වන නායකයකු සමගද රහසි ගත සාකච්චාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
මේ වන විට පක්ෂ සභාපති සහ ලේකම් අතරද ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර ලේකම්වරයාට අවස්ථා කීපයකදීම ලේක්ම් ධුරයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියත් සභාපතිගේ වචන කනට නොගෙන හිතුවක් කාරී ලෙස ඔහු රැඳී සිටින්නේ වෙනත් ප්‍රබල හස්තයක බලපෑමක් නිසාදැයි සැක කරයි.
ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල විශාල දෙදරීමක් සහිත සිදුවීමක් බලාපොරොත්තු විය හැකි බව දේශපාලන වාර්තා උපුටා දක්වයි.
Monday, 28 June 2021
චන්ද්‍රිකාගේ උපන් දිනයට අද අලුයම කරපු දේ
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හතර වන විධායක ජනධිපති ලෙස කටයුතු කල ගරු චන්ද්‍රිකා බණඩාරනායක කුමාරතුංග මැතිනියගේ 76 වන ජන්ම දිනය අද දිනට දී ඇත. එතුමියගේ ජන්ම දිනයට සුබ පැතුම් එක කරමින් විශාල පිරිසක් තම සුබ පැතුම් පණිවිඩය මාධ්‍යට මුදා හැර තිබෙන අතර විපක්‍ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ,හිටපු අමාත්‍ය ,කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර කුමාර වෙල්ගම මැතිතුමාද තම සුබ පැතුම් එතුමියට එක් කර තිබේ.
තවද එතුමියට දිර්ගයුෂ හා සෙත් ප්‍රර්ථනා කරමින් අද දින අලුයම කාලයේදී දෙනියාය පත්තිනි කෝවිලේ විශේෂ දේව පුජාවක් සිදු කල අතර මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ හිටපු ලේඛම් වරයකු වන සුරේන් සාගර එදිරිවීර මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට හිතවත් පිරිසක් නිරෝධායන නීති අනුගමනය කරමින් එකතු වී සිටියහ.
Monday, 15 February 2021
රජ ඔටුනු නොපලන් - ජන ඔටුනු පැලදු මානව හිතවාදියා - විජය
______________________________________
ශ්‍රී ලාංකිය සිනමා අම්භරයේ පෑයු පහන් තාරකාව
______________________________________
🔴🔴විජය කුමාරණතුංග🔴🔴
කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග. මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර, ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබුවා.
විජයගේ මුල් නාමය විජය කුමාරණතුංග වුවත් පසුකලෙක තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගත්තා. විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලබා ඇත. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග, රූපා කුමාරණතුංග වන අතර සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක(එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ එක් පුතෙකු(විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4,පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර ‘සිතිජය’ නම් ගීත නාට්‍යයක රඟපා ඇත
🔴සිනමා දිවිය –
විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත ( “සහරාවේ සිහිනය”(1990) චිත්‍රපටයට – “වළාකුළක් ගෙන මුවා කරමු හිරු” & “දොළොස් මහේ පහන” චිතපටයට – “සාරා ගුවන විද නැගුන”). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී “ගොඩ් කින්ග්” නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම “නැංගුරම්” නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය “වරදට දඬුවම්”(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය “ඇය ඔබට බාරයි” එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.
🔴දේශපාලන දිවිය –
විජය සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කරන ලදි. 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී.ල.නි.ප. යෙන් තරඟ වැදී මනාප 19738ක් ලබා ගැනීය. ඔහු ක්‍රියාකාරී ලෙස 1982දී හෙක්ටර් කොබ්බෑකඩුව දිනවීම සඳහා සටන් වැදින. මැතිවරණයයෙන් පසුව ඔහුව නැක්සලයිට් චෝදනා මත 1982 නොවැම්බර් 19 දා හිර ගෙදරට නියම වූවා. 1983 ජනවාරි 18 දින ඔහුව නිදහස් කරන ලදි. ක්‍රියාකාරී දේශපාලනයට එක්වීම – 1977 ශ්‍රීලනිප ට එක්වීමෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම. 1983 අතුරු මැතිවරණය මහර ආසනයෙන් මනප 24899ක් ලබා ගැනීය. 1984 අතුරු මැතිවරණය මින්නේරිය ආසනයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තරඟ වැදී මනාප 10568 ක් ලබා ගැනීය.
🔴🔴1986දී යාපනයට යාම
1986දී විජය කුමාරණතුංග ‘එල්.ටී.ටී කඳවුරු ප්‍රදේශයට ගොස් නල්ලූර් මුරුගන් කෝවිල වැඳ, දමිල ජනයන් හමුවීමෙන් පසු එල්.ටී.ටීය තරුණ නායකයින් හමු විය. පසුව ඔවුන් විසින් ආපිට ශ්‍රී ලංකා හමුදා කඳවුරු වෙත එවන ලදි.
🔴🔴😢ඝාතනය –
විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීයය හඳුනාගත නොහැකි වන පරිධි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.
🔴😢😢😢අවමංගල්‍ය උත්සවය හා පසුව
විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16), “භයානක අඟහරුවාදා” නැතහොත් “අඳුරු අඟහරුවාදා” යනුවෙන් හැඳින්වේ.
🔴🔥🔥ඝාතනය පිළිබඳ පරීක්ෂණ
හොන්ඩා සීසී 200 වර්ගයේ, 90 ශ්‍රී 4320 යටතේ ලියාපදිංචිත ඝාතනය සඳහා යොදාගත් යතුරු පැදිය පසුව කළුබෝවිල රෝහල අසලින් සොයාගන්නා ලදී. යතුරු පැදියේ පසුපස පැමිණි, වෙනත් අනුවර්ත නාමයන්ගෙන් ද පෙනී සිටි ලයනල් රණසිංහ, වෙඩි තැබූ පුද්ගලයා බවටත් යතුරු පැදිය පැදවූයේ ටාසන් වීරසිංහ බවටත් පසුව හෙළි වූ අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී.එහි දී හෙළි වූ තොරතුරු අනුව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සන්නද්ධ අංශය වූ දේශප්‍ර්මී ජනතා ව්‍යාපාරය සඳහා වැඩ කළ අතර විජය ඝාතනය කෙරුණේ එම සංවිධානයෙන් ලද නියෝගයක් මතයි. ඔහු ඉන්දු ලංකා ගිවිසුමට සහාය දැක්වීම, බලය විමධ්‍යගත කරන පළාත් සභා ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම, සහ ජවිපෙට විරුද්ධව දමිළ බෙදුම්වාදී PLOTE හා EPRLF සංවිධාන සමඟ එක්ව ඔහුගේ පක්ෂයේ පිරිසකට අවි පුහුණුව ලබා දිම ඊට හේතු ලෙස කියැවුණි. ඝාතකයේ සැලසුම්කරු ජයන්ත හෙවත් ලලිත් විජේරත්න බවත් ඊට තොරතුරු රැස් කරන ලද්දේ කොලොන්නාවේ පියසිරි බවත් ඒ සඳහා පිළියන්දල සෙන්ට් මිචෙල් හෝටලයේ සාකච්ඡා පැවැත්වූ බවත් ඔවුන් විජය කුමාරතුංගව ඝාතනය කිරීමට 1980 පමණ සිට වෑයම් කර ඇති බව ද ලයනල් හෙවත් ගාමිණී ලබා දුන් පිටු 141ක කට උත්තරයේ සඳහන් විය.
මින් පසුව ජනතා විමුක්ති පෙරමුණ “විජය යැව්වේ ඇයි?” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කොට ඔහුගේ ඝාතනයේ වගකීම බාරගත් බව ද කියැවේ.එමෙන්ම මඳ කලකට පසුව බොරැල්ල ඇක්විනාස් විද්‍යාලයේ වැසිකිළියක විජයගේ මරණය සාධාරණීකරණය කරමින් එම පක්ෂයේ අයෙක් පහත කවිය ලියා තිබුණු බව ද කියැවේ;
“ටයරය තුළ දැවෙන සොයරන්නේ නුඹට
නැත පාවඩ මළබෙරද දුකට
දේශය යකුට දී වැනසී ගිය යකුට
කුමට ද වැළපෙන්නේ නැතිව ද මොළකට්ට”
එලෙස විවිධ අන්දමින් එම ඝාතනය සම්බන්ධව උදම් ඇනීම එකල සිදු වුවද පසුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයකට එක්විය.
ඔවුන් විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව වර්ථමාන ජවිපේ සාමාජිකයන්ගේ සම්බන්ධතාවයක් නොමැති බව ප්‍රකාෂ කරන අතර ඒ සිදුවීම් අනුමත නොකරන බවද කියා සිටියි.
පසුව විජය කුමාරතුංග මහතාගේ බිරිඳ වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1994 ජනාධිපති ධූරයට පත් වූ අතර ඉන් පසුව තම සැමියාගේ මරණය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16 වැනිදා පත් කළාය. කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14 වැනිදා ආරම්භ කරන ලද අතර එය විසින් 1995 දෙසැම්බර් 15 වැනිදා දක්වා මාස 08ක් සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයින් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය.
🔴සම්මාන
විජය කුමාරතුංග සම්මාන හා නිර්දේශ
සම්මාන සහ නිර්දේශයන්
සම්මානය ලබා ගැනීම් නිර්දේශිත
සරසවිය
11 1 1
ස්වර්ණ සංඛ
1 1
ජනාධිපති සම්මාන
1 1
OCIC
1 0
විචාරක සම්මාන
0 1
එකතුව
ලබා ගැනීම්
15
නිර්දේයන්
15
සරසවිය සම්මාන සංස්කරණය
වසර සම්මානය චිත්‍රපටිය වෙනත්
1983 ජනප්‍රියතම නළුවා –
රංග කුසලතා මහ ගෙදර
1984 ජනප්‍රියතම නළුවා –
1985 ජනප්‍රියතම නළුවා –
1986 ජනප්‍රියතම නළුවා –
1987 ජනප්‍රියතම නළුවා –
1988 ජනප්‍රියතම නළුවා –
රණ තිසර සම්මානය –
1989 හොඳම නළුවා කැඩපතක චායා මෙම සම්මාන හිමි වූයේ ඔහුගේ වියෝවෙන් පසුවයි
1990 හොඳම පසුබිම් ගායකයා සහරාවේ සිහිනය
1992 හොඳම පසුබිම් ගායකයා දොළොස් මහේ පහන
🔴🔴❤වෙනත් සම්මාන
1975 හත්වැනි විචාරක සම්මාන උලෙළ කුසලතා සහතික (‘අහස් ගව්ව’)
හොඳම සහාය නළුවා 1987 – ජනාධිපති සම්මාන (’දෙව්දුව’)
නිර්මාණශීලී රංග කුසලතා 1990 (‘කැඩපතක ඡායා’) – OCIC සම්මාන
හොඳම නළුවා (‘කැඩපතක ඡායා’) ස්වර්ණ සංඛ සම්මාන -1990
වෙනත්
ගීත ගැයූ මුල්ම චිත්‍රපටය – ‘පාරදිගේ’ (‘පාවෙලා යන පාර වටේ’ ගීතය)
නිෂ්පාදනය කළ චිත්‍රපට – ‘වරදට දඬුවම’ සහ ‘සමාව’
අවසන් වරට රඟපෑ චිත්‍රපටය – ‘මිහිදුම් සිහින’ – අංක 2 මිය යාමට දින දෙකට කලින් මස්කෙළියේ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි විය
දැරූ නිලතල – ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක
පාවිච්චි කළ වාහනය – ඩබල් කැබ්
සංචාරය කළ රටවල් – එංගලන්තය, නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, සිංගප්පූරුව, රුසියාව, ස්විට්සර්ලන්තය, පකිස්ථානය, ඉතාලිය, ක්වේට්, ඕලන්දය, බෙල්ජියම.
විජයගේ අවසාන පුවත්පත් සාකච්ඡාව – ප්‍රේම් දිසානායක සංස්කරණය කළ ‘කලා’ 1988 (සුනිල් මිහිකුල සමඟ)
විජය පුවත්පතකට ලියූ අවසාන ලිපිය – 1988
විජයට හිතැති මම,
සුරේන් සාගර එදිරිවීරජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීයය හඳුනාගත නොහැකි වන පරිධි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.
🔴😢😢😢අවමංගල්‍ය උත්සවය හා පසුව
විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16), “භයානක අඟහරුවාදා” නැතහොත් “අඳුරු අඟහරුවාදා” යනුවෙන් හැඳින්වේ.
🔴🔥🔥ඝාතනය පිළිබඳ පරීක්ෂණ
හොන්ඩා සීසී 200 වර්ගයේ, 90 ශ්‍රී 4320 යටතේ ලියාපදිංචිත ඝාතනය සඳහා යොදාගත් යතුරු පැදිය පසුව කළුබෝවිල රෝහල අසලින් සොයාගන්නා ලදී. යතුරු පැදියේ පසුපස පැමිණි, වෙනත් අනුවර්ත නාමයන්ගෙන් ද පෙනී සිටි ලයනල් රණසිංහ, වෙඩි තැබූ පුද්ගලයා බවටත් යතුරු පැදිය පැදවූයේ ටාසන් වීරසිංහ බවටත් පසුව හෙළි වූ අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී.එහි දී හෙළි වූ තොරතුරු අනුව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සන්නද්ධ අංශය වූ දේශප්‍ර්මී ජනතා ව්‍යාපාරය සඳහා වැඩ කළ අතර විජය ඝාතනය කෙරුණේ එම සංවිධානයෙන් ලද නියෝගයක් මතයි. ඔහු ඉන්දු ලංකා ගිවිසුමට සහාය දැක්වීම, බලය විමධ්‍යගත කරන පළාත් සභා ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම, සහ ජවිපෙට විරුද්ධව දමිළ බෙදුම්වාදී PLOTE හා EPRLF සංවිධාන සමඟ එක්ව ඔහුගේ පක්ෂයේ පිරිසකට අවි පුහුණුව ලබා දිම ඊට හේතු ලෙස කියැවුණි. ඝාතකයේ සැලසුම්කරු ජයන්ත හෙවත් ලලිත් විජේරත්න බවත් ඊට තොරතුරු රැස් කරන ලද්දේ කොලොන්නාවේ පියසිරි බවත් ඒ සඳහා පිළියන්දල සෙන්ට් මිචෙල් හෝටලයේ සාකච්ඡා පැවැත්වූ බවත් ඔවුන් විජය කුමාරතුංගව ඝාතනය කිරීමට 1980 පමණ සිට වෑයම් කර ඇති බව ද ලයනල් හෙවත් ගාමිණී ලබා දුන් පිටු 141ක කට උත්තරයේ සඳහන් විය.
මින් පසුව ජනතා විමුක්ති පෙරමුණ “විජය යැව්වේ ඇයි?” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කොට ඔහුගේ ඝාතනයේ වගකීම බාරගත් බව ද කියැවේ.එමෙන්ම මඳ කලකට පසුව බොරැල්ල ඇක්විනාස් විද්‍යාලයේ වැසිකිළියක විජයගේ මරණය සාධාරණීකරණය කරමින් එම පක්ෂයේ අයෙක් පහත කවිය ලියා තිබුණු බව ද කියැවේ;
“ටයරය තුළ දැවෙන සොයරන්නේ නුඹට
නැත පාවඩ මළබෙරද දුකට
දේශය යකුට දී වැනසී ගිය යකුට
කුමට ද වැළපෙන්නේ නැතිව ද මොළකට්ට”
එලෙස විවිධ අන්දමින් එම ඝාතනය සම්බන්ධව උදම් ඇනීම එකල සිදු වුවද පසුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයකට එක්විය.
ඔවුන් විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව වර්ථමාන ජවිපේ සාමාජිකයන්ගේ සම්බන්ධතාවයක් නොමැති බව ප්‍රකාෂ කරන අතර ඒ සිදුවීම් අනුමත නොකරන බවද කියා සිටියි.
පසුව විජය කුමාරතුංග මහතාගේ බිරිඳ වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1994 ජනාධිපති ධූරයට පත් වූ අතර ඉන් පසුව තම සැමියාගේ මරණය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16 වැනිදා පත් කළාය. කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14 වැනිදා ආරම්භ කරන ලද අතර එය විසින් 1995 දෙසැම්බර් 15 වැනිදා දක්වා මාස 08ක් සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයින් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය.
🔴සම්මාන
විජය කුමාරතුංග සම්මාන හා නිර්දේශ
සම්මාන සහ නිර්දේශයන්
සම්මානය ලබා ගැනීම් නිර්දේශිත
සරසවිය
11 1 1
ස්වර්ණ සංඛ
1 1
ජනාධිපති සම්මාන
1 1
OCIC
1 0
විචාරක සම්මාන
0 1
එකතුව
ලබා ගැනීම්
15
නිර්දේයන්
15
සරසවිය සම්මාන සංස්කරණය
වසර සම්මානය චිත්‍රපටිය වෙනත්
1983 ජනප්‍රියතම නළුවා –
රංග කුසලතා මහ ගෙදර
1984 ජනප්‍රියතම නළුවා –
1985 ජනප්‍රියතම නළුවා –
1986 ජනප්‍රියතම නළුවා –
1987 ජනප්‍රියතම නළුවා –
1988 ජනප්‍රියතම නළුවා –
රණ තිසර සම්මානය –
1989 හොඳම නළුවා කැඩපතක චායා මෙම සම්මාන හිමි වූයේ ඔහුගේ වියෝවෙන් පසුවයි
1990 හොඳම පසුබිම් ගායකයා සහරාවේ සිහිනය
1992 හොඳම පසුබිම් ගායකයා දොළොස් මහේ පහන
🔴🔴❤වෙනත් සම්මාන
1975 හත්වැනි විචාරක සම්මාන උලෙළ කුසලතා සහතික (‘අහස් ගව්ව’)
හොඳම සහාය නළුවා 1987 – ජනාධිපති සම්මාන (’දෙව්දුව’)
නිර්මාණශීලී රංග කුසලතා 1990 (‘කැඩපතක ඡායා’) – OCIC සම්මාන
හොඳම නළුවා (‘කැඩපතක ඡායා’) ස්වර්ණ සංඛ සම්මාන -1990
වෙනත්
ගීත ගැයූ මුල්ම චිත්‍රපටය – ‘පාරදිගේ’ (‘පාවෙලා යන පාර වටේ’ ගීතය)
නිෂ්පාදනය කළ චිත්‍රපට – ‘වරදට දඬුවම’ සහ ‘සමාව’
අවසන් වරට රඟපෑ චිත්‍රපටය – ‘මිහිදුම් සිහින’ – අංක 2 මිය යාමට දින දෙකට කලින් මස්කෙළියේ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි විය
දැරූ නිලතල – ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක
පාවිච්චි කළ වාහනය – ඩබල් කැබ්
සංචාරය කළ රටවල් – එංගලන්තය, නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, සිංගප්පූරුව, රුසියාව, ස්විට්සර්ලන්තය, පකිස්ථානය, ඉතාලිය, ක්වේට්, ඕලන්දය, බෙල්ජියම.
විජයගේ අවසාන පුවත්පත් සාකච්ඡාව – ප්‍රේම් දිසානායක සංස්කරණය කළ ‘කලා’ 1988 (සුනිල් මිහිකුල සමඟ)
විජය පුවත්පතකට ලියූ අවසාන ලිපිය – 1988
විජයට හිතැති මම,
සුරේන් සාගර එදිරිවීර
























