Thursday, 10 March 2022

එජාපයේ සෙල්ලම

රනිල් සහ සාගල යුගලගේ අලුත්ම බිස්නස් එක එක්සත් ජාතික පක්ෂයේ තීන්දු තීරණ ගන්නා මණ්ඩලය එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. රනිල් වික්‍රමසිංහ මහතා පුරා වසර 27 ක් පක්ෂ නායකත්වය රැකගෙන සිටින්නේත් ඔහු විසින් බහුතරයක් පත් කරන මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පින්සිදුවන්නට. සාමාජිකත්වය විකිණීම සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකත්වයන්ද දැන් මුදලට විකිණෙන බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂය ගැන හෝ දේශපාලනය පිළිබඳව අවබෝධයක් නොමැති කිෂාන් තියඩෝර් නැමැත්තෙකු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට වික්‍රමසිංහ මහතා පත් කර තිබෙන්නේ මුදල් පදනම මත බවටයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. තියඩෝර් නැමැත්තාට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා මෙතෙක් කල් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය දැරූ එ.ජා.ප ප්‍රබල සාමාජිකයෙකුව වික්‍රමසි
ංහ මහතා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර තිබෙනවා. සිංහල බෞද්ධ පදනම ඒ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ නීතිඥ කස්තුරි අනුරාධනායක මහතායි. එ.ජා.පය තුළින් දිනෙන් ගිලිහී යන සිංහල - බෞද්ධ පදනමක් ඇති දේශපාලඥයකු ලෙසයි ඔහුව හැඳින්වෙන්නේ. තියඩෝර් නැමැත්තා පුද්ගලිකව වික්‍රමසිංහ මහතාට සහ වික්‍රමසිංහ මහතාගේ ඉතාමත්ම කිට්ටු සමීපතයා වන සාගල රත්නායක මහතාට දක්වන මූල්‍ය අනුග්‍රහය පදනම් කොටගෙන ඔහුට කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ලබාදුන් බවටයි පක්ෂය තුලින්ම තොරතුරු හෙළිදරව් වෙන්නේ. මේ වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙම නව සාමාජිකයන් පක්ෂයේ සියලු තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරනවා

Wednesday, 9 March 2022

රන්ජන්ට නිදහස

රන්ජන් රාමනායක මහතා ඉතා නුදුර
ේම නිදහස් වන බවට විශේෂ ඉඟියක් ඊයේ (9) පළවුණා. ඒ තමන් අතින් සිදු වූ වැරැද්ද සම්බන්ධයෙන් අධිකරණයට කණගාටුව ප්‍රකාශ කිරීමට රාමනායක මහතා කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ වීම. එකම මාර්ගය රන්ජන් රාමනායක මහතා මේ අවස්ථාවේ සිර දඬුවමක් විදිමින් සිටින නිසා ඔහුට නිදහස ලබා ගත හැකි එකම මාර්ගය ජනපති සමාව ලබා ගැනීම පමණයි. ඒ සඳහා විවිධ පාර්ශව වලින් ජනපතිවරයාට ඉල්ලීම් සිදු කළා. එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව රාමනායක මහතා සිරගත කිරීමට බලපෑ හේතුව වන අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතාගේ පැත්තෙන් අධිකරණයෙන් සමාව ගැනීම හෝ කණගාටුව ප්‍රකාශ කිරීම සිදු විය යුතු බවට ජනපති පාර්ශවයෙන් කොන්දේසියක් ඉදිරිපත්ව තිබුණා. මෙතෙක් දැරූ ස්ථාවරය එහෙත් මෙතෙක් ඊට රාමනායක මහතා එකඟ නොවූයේ තමා අතින් වැරැද්දක් සිදු වූ බව ප්‍රකාශ කරමින්. එහෙත් ඊයේ (9) අපි කර්මයට කැඳවූ අවස්ථාවේ රාමනායක මහතා සඳහන් කර තිබෙන්නේ තමන් සිතා මතා එවැනි වැරැද්දක් නොකළ බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කණගාටුව ප්‍රකාශ කිරීමට සූදානම් බවත්. ඉන් පැහැදිලි වන්නේ රාමනායක මහතාට ජනපති සමාව ලබා දී නිදහස් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් අතර යම් එකඟතාවයක් තිබෙන බවයි. ජිනීවා ගිය ප්‍රශ්නය රාමනායක මහතාට නිදහස ලබා ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමට මේ දිනවල ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද ගියා. ඒ හරින් ප්‍රනාන්දු හා මනුෂ නානයක්කාර යන මන්ත්‍රීවරුන්.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නිවැරදියි - රනිල් වික්‍රමසිංහ

පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම සිදු නොවිය යුතු දෙයක් බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් උපක්‍රමයක් ලෙස පුටින් කළ දේ නිවැරදි බවද වික්‍රමසිංහ මහතා පවසනවා. මෙය බටහිර රටවල් සහ රුසියාව අතර ගැටුමක් ලෙස හැඳින්විය හැකි බවත්, යුක්රේනය ඊට මැදි වී සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. බටහිර රටවල් යුක්රේනය නේටෝ සංවිධානයට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, යුක්රේනය නේටෝව හා සම්බන්ධ වීම රුසියාවට තර්ජනයක් ලෙස පුටින් සිතන බවත් පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ යුක්රේනය ආක්‍රමණය කිරීමට එය ප්‍රධාන හේතුවක් බවයි. ඒ නිසා හමුදාමය උපක්‍රමයක් ලෙස රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නිවැරදි
බවත්, කෙසේ නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් යුක්රේනය ආක්‍රමණය කිරීමට එකඟ විය නොහැකි බවත් එජාප නායකයා සඳහන් කරනවා. බටහිර රටවල් විසින් පනවා ඇති සම්බාධක හමුවේ රුසියාවට යම් ගැටලුවක් ඇතිවිය හැකි නමුත් චීනය ඔවුන්ගේ සාහයට සිටින ඇති බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

විරවංශ අසනීප වේ.

දැන් සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් බවට පත්ව සිටින විමල් වීරවංශ මහතා කථානායකවරයාගේ අද (9) විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා තිබුණා. එහෙත් එවැනි විශේෂ ප්‍රකාශයක් අද (9) දවස පුරාවටම විරවංශ කෙරුනේ නැහැ. හදිසි අසනීපය ඊට හේතුව ලෙස දැනගන්නට ලැබෙන්නේ වීරවංශ මන්ත්‍රීවරයා හිටි හැටියේම අසනීප වීම. ඊයේ (8) නම් වීරවංශ මන්ත්‍රීවරයාට රෝගී තත්ත්වයක් පෙන්නුම් කර නැහැ. ඊයේ (8) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉහළ පෙළේ නියෝජිත පිරිස ජනපතිවරයා සමග කළ සාකච්ඡාවේන් පසුව විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර පාර්ශව සමග සාකච්ඡාවක් කර තිබෙනවා. ඒ ටිරාන් අලස් මන්ත්‍රීවරයා ගේ බොරැල්ලේ පිහිටි කාර්යාලය තුළ. සාකච්ඡාවට සහභාගි වීම ඊට හිටපු ජනපති ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වී ඇති අතර අද (9)හිටි හැටියේම අසනීප වුණ වීරවංශ මහතාද එම සාකච්ඡාවේ සිටි බවයි දැනගන්නට තිබෙන්නේ. වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කිරීමට බලාපොරොත්තු වූ විශේෂ ප්‍රකාශයට ජනපතිවරයා තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හා ඊට බලපෑ කරුණු අනාවරණය කිරිම ඇතුලත්ව තිබූ බවයි ප්‍රකාශ වන්නේ. ජනපතිවරයා විසින් වීරවංශ මහතා සමඟ කැබිනට් ඇමති ධූරයෙන් ඉවත් කළ අනිත් ඇමතිවරයා වන උදය ගම්මන්පිල මහතා හෙට (10) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පසුගිය දිනවල මාධ්‍ය වල පළ වී තිබුණා.

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් අද සිට බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල්

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් අද සිට බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල්
අමාත්‍යවරයා විසින් රෙගුලාසි පනවා තිබෙනවා. එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්, ජලය, විදෙස් මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද ඇතුළත්. මීට අමතරව පාවහන්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ ද සීමා පනවා තිබෙනවා. ආනයන අපනයන පාලකවරිය විසින් බලපත්‍ර නිකුත් කරන අතර ඊට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශය ද ලබා ගත යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෛත්‍රීපාලගේ ආරක්ෂකයන් ගුටි පුජාවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයන් සමග පුද්ගලයින් පිරිසක් ගැටුමක් ඇති කරගෙන තිබෙනවා. එම ගැටුම ඇති කර ගත් පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි තලංගම පොලිසිය පැවසූවේ. තුවාල ලද ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සඳහා තලංගම පැලවත්ත ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි වාර්තා වනවා. උපන්දින සාදයට ගොස් මත්පැන් පානය කර නැවත මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණයන් පස් දෙනාගෙන් අයෙකුට වමනය යාම සඳහා මෝටර් රථය නතර කළ අවස්ථාවේදී එහි සිටි තරුණයකු ඒ අසල නවතා තිබූ ඇමති ආරක්ෂක ජීප් රථයට අතින් තට්ටු කර තිබෙනවා. එම අවස්ථාවේදී ජීප් රථයේ සිටි සැරයන්වරයා සමග බහින් බස් වීමක් ඇති වීමෙන් අනතුරුව මෙම පහරදීම සිදුවී ඇතැයි පොලීසිය පැවසුවා. සැරයන්වරයාට පහර දුන් පිරිසෙන් දෙදෙනකු එම අවස්ථාවේදී සෙසු ඇමති ආරක්ෂකයන් විසින් අල්ලාගෙන තලංගම පොලිසියට භාරදී තිබෙනවා. පසුව පලාගිය පිරිස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ගත් සැකකාර තරුණයන් බත්තරමුල්ල, කොස්වත්ත, මරදාන ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු විසි 25 පසුවන්නන්.

ජාතික ආණ්ඩුව ස්ථිරයි

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුව සමඟ එකතු වන බවට රාවයන් පළ වනවා. විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් ඇමති ධුරවලින් ඉවත් කිරීම මුල් කොටගෙන ඇති වී තිබෙන අර්බුදකාරි වාතාවරණය තුළ යළිත් එම ජාතික ආණ්ඩු කතාව කරලියට පැමිණ තිබෙනවා. තරුණ ක්‍රියාකාරීන් ඒ සම්බන්ධයෙන් වූ ඉඟියක්ද වික්‍රමසිංහ මහතා පළ කර ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා. ඔහු එසේ ඉඟි පළ කොට තිබෙන්නේ එ.ජා.ප තරුණ ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවති හමුවකදී. එහිදී ඊට සහභාගි වූ තරුණ පිරිස ජාතික ආණ්ඩු කතාව ගැන වික්‍රමසිංහ මහතාගෙන් විමසා තිබෙනවා. ජාතික වැඩ පිළිවෙළ වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දීමේදී "ජාතික ආණ්ඩුව" යන වචනය වෙනුවට "ජාතික වැඩපිළිවෙල" යන වචනය පාවිච්චි කරමින් ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බවයි අනාවරණය කර තිබෙන්නේ. එසේ සියලු පක්ෂ එක්ව ඉදිරි දශක දෙක වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් එහිදී වික්‍රමසිංහ මහතා සඳහන් කොට තිබෙනවා. මැතිවරණයකට යා යුත්තේ ඉන් පසුව බවයි ඔහු තරුණ පිරිස අමතා සඳහන් කළේ. මේ අවස්ථාව මහ මැතිවරණයකට යාම සඳහා අවස්ථාවක් නොවන බව එහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙන්නේ තිබෙන ආර්ථික අර්බුදය ඉතා දරුණු බව සඳහන් කරමින්. අගමැති ප්‍රශ්නය ඔබ ජාතික ආණ්ඩුවක අගමැති වෙලා යනවා දැයි එහිදී ප්‍රශ්නයක් මතු වී තිබෙන අතර වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දී තිබෙන්නේ සිය සුපුරුදු ලිස්සා යෑමේ ප්‍රතිපත්තියෙන්. "මම අගමැති වුණාම ඔය කට්ටියටත් ඇමතිකම් දෙන්නම්." වික්‍රමසිංහ මහතා එම ප්‍රශ්නයට දී තිබෙන පිළිතුර එයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නියෝජ්‍ය සභාපති සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර මහත්මිය එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස් වී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නියෝජ්‍ය සභාපති සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර මහත්මිය එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස් වී
තිබෙන බව පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරනවා. එම තනතුරින් පමණක් නොව මතුගම ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායක ධුරයෙන්ද ඇය ඉල්ලා අස් වූ බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ. මුල් වරට පාර්ලිමේන්තුවට සිය පියාගේ ඝාතනයත් සමඟ දේශපාලනයට පිවිසි ඇය 1994 පොදු පෙරමුණ නියෝජනය කරමින් මුල්වරට කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ වූවා. එහිදී එම ආණ්ඩුවේ ජනපති ධූරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ඇයට නියෝජ්‍ය ඇමති ධූරයක්ද පිරිනැමුවා. වත්මන් බලශක්ති ඇමති පවිත්‍රා වන්නිආරච්චි , සුමේධා ජයසේන , නිරුපමා රාජපක්ෂ , අභාවප්‍රාප්ත ශ්‍රීමනි ඇතුලත්මුදලි , හේමා රත්නායක යන මහත්මියන් ඇයගේ සමකාලීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්. සභාපති හා මහ ලේකම් ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන හා ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් ශ්‍රී.ල.නි.ප යේ ප්‍රතිපත්තීන් කඩ කරන බවටයි ඇය චෝදනා කරන්නේ. 2019 දී ඔවුන් දෙපළ පොදුජන පෙරමුණ සමග එකතු වීමට ශ්‍රී.ල.නි.ප යට බලපෑම් කළ බව පෙන්වා දෙන අබේවීර මහත්මිය ඉකුත් මාර්තු 2 දා හිටපු ඇමතිවරුන් වන විමල් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ප්‍රමුඛ පිරිස සමඟ අත්වැල් බැඳ ගත් බවත් සඳහන් කරනවා. එම තීන්දුව නියම ශ්‍රී ලංකා කාරයෝ පිළි නොගන්නා බවයි ඇයගේ මතය වන්නේ. සිරිසේන හා ජයසේකර යන මහත්වරුන් ආණ්ඩුව විවේචනය කරන බව මේ අවස්ථාවේ පෙන්නුම් කලත් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී යළිත් පොදු ජන පෙරමුණටම සහය දෙන බවටත් ඇය චෝදනා කරනවා. නව ලංකා නිදහස් පක්ෂය දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව අබේවීර මහත්මිය මහත්මියද ජීවන් කුමාරතුංග මහතා මෙන් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමට නියමිතයි. එම පක්ෂයේ නායකයා කුමාර වෙල්ගම මැතිතුමාය ජීවන් කුමාරතුංග මහතාද මීට ටික දිනකට පෙර ශ්‍රීලනිපයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී නව ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධ වුණා.

කෑම නෑ කියා පාර්ලිමේන්තු කැන්ටිමේ මන්ත්‍රීවරුන් යකා නටයි

මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තු ආපනශාලාවේදී නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වර්තා වනවා. එම නොසන්සුන්තාව ඇතිව තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේදීයි. දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී තිබෙනවා. මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද අද (8) පෙරවරුවේ ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ. සැපයුම්කරුවන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට දියර කිරි සපයාදී නැති බව පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මිල්කෝ ආයතනයට දිගින් දිගටම දැනුම් දුන්නද, ඔවුන් ප්‍රමාණවත් කිරි සපයා දීමක් නොකළ බව වාර්තා වනවා. මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ගවලද හිඟයක් ඇතැයි පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශය පෙන්වා දුන්නා. හිඟතාව ඇතුළු විවිධ ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවට ඇතැම් ආහාර වර්ග සැපයීමේ කටයුතුද යම් ආකාරයකින් අඩාළවී ඇතැයි වාර්තා වනවා.

Monday, 10 January 2022

වෙල්ගමගේ නිදහස් පක්ෂය මැතිවරණ කොමිසම පිළිගනී.

 


ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුල නව මානයක් ඇතිකරමින් ඊයේ දිනයේදී මැතිවරණ කොමිසම විසින් නව දේශපාලන පක්ෂයක් පිළිගනු ලැබුවා.

එය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂයයි.

මෙහි විශේෂත්වය වනුයේ මෙම පක්ෂය බොහෝ තනතුරු වල සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තනතුරු හෙබ වූ ජෙෂ්ටයන් වන අතර ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල එහෙත් වත්මන් දේශපාලන භූමිකාව තුල නොමැති පක්ෂ ජෙෂ්ටයන් රැසක් නව ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධ වනු ඇති බවට වාර්තා සැලවෙනවා.

පක්ෂයේ නම "නව ලංකා නිදහස් පක්ෂය" ලෙස ලියාපදිංචිය ලබා දීමේදී ඒ සදහා කිසිවකු හෝ විරුද්ද නොවී තිබුනේ එය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් භාවිත නොකරන නමක් හේතුවෙනි.

මේ පිලිබදව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමා සම්බන්ධ කර ගැනීමට අප උත්සහා කලත් එය සාර්ථක වුයේ නැත.එහෙත් පක්ෂය හා සම්බන්ධ තරුණ නායකයකු ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මැතිතුමා හා එහි නිලධරීන් විශේෂ මාධ්‍ය සාකච්චාවක් පවත්වා මේ පිලිබදව රටටම අදහස් දක්වනු ඇති බවය.