ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Tuesday, 18 October 2022
මෛත්‍රීපාල සිරිසේන ගෙදර යන දවස
1
මොන්ටේගු සරච්චන්ද්‍ර 7711ඩී, සිල්වා මාවත,
තලංගම උතුර,
මාලබේ 2022.10.12
ශ්‍රීලනිප සභාපති, විශ්‍රාමික ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රීලනිප මූලස්ථානය, 301. ටී. බී. ජයා මාවත, කොළඹ 10.
මහත්මයාණෙනි.
පක්ෂය වැනසුවා හොඳටම ඇති, දැන් යන්න.
(01) 2019 ජනාධිපතිවරණය ආසන්නයේ සිටම පක්‍ෂයට සහ පාක්ෂිකයාට වැදගත් විවිධ කරුණු පිළිබඳව ඔබටත්, පක්‍ෂයේ ලේකම්වරයාටත් ලිපි මගින් දැනුම් දුන්නද, අඩුම තරමින් එකී ලිපි " ලද බව දැන්වීමට '' හෝ ඔබවත්, පක්‍ෂයේ ලේකම්වරයාවත් කටයුතු නොකිරීම පිළිබඳව මගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය ඔබ වෙත පළ කරමි. එහෙයින්ම විවෘත සංදේශයක් ලෙස මෙහි පිටපත් පක්ෂයේ ක්‍රියාධරයන් වෙත යවන බවද කරුණිකව දන්වමි.
(02) ඉතා දිගු කලක් ඔබ පිළිබඳවත්, අපේ ආදරණීය පක්‍ෂය පිළිබඳවත් බොහෝ අත්දැකීම් ඇති අයෙකු ලෙස අමුතුවෙන් අටුවා ටීකා ලිවීමට මම කාලය නොගනිමි. කෙසේ වෙතත්, 2015 දී ඔබ රටේ ජනාධිපතිවරයාත්, පක්ෂයේ සභාපතිවරයාත් ලෙස පත්වීමෙන් රටටත්, පක්‍ෂයටත් යහපත් කාලයක් උදාවනු ඇති බව මම විශ්වාස කළෙමි.
(03) ලෝක ඉතිහාසයේ පළමු වතාවට කිසියම් රටක් පාලනය කරන ලද ප්‍රධාන පක්ෂ දෙකම එකතු වී 2015 දී පිහිටුවන ලද ශක්තිමත් ආණ්ඩුවක නායකයා මෙන්ම, එදා මෙදා තුර වැඩිම කාලයක් අපේ රට පාලනය කළ අපේ ආදරණිය පක්‍ෂයේද, නායකයා වූ ඔබ අප පාක්ෂිකයින් පමණක් නොව රටේ සමස්ත ජනතාවම බලාපොරොත්තු වූ පරිදි ජනතාවට වැදගත් ක්‍ෂේත්‍ර පිළිබඳව ජාතික ප්‍රතිපත්ති සම්මත කරවමින් ශ්‍රී ලංකා කාරයෙකු ලෙස අපේ පක්‍ෂයේත්, රටේත් අභිමානය ලොව පුරා පතුරවනු ඇති බව මම විශ්වාස කළෙමි.
(04) රාජ්‍ය නායකයා ලෙසත්, අප පක්‍ෂයේ නායකයා ලෙසත් ඔබ විසින් ගනු ලැබූ ප්‍රදර්ශනාත්මක මෝඩ තීරණ පිළිබදව පක්ෂයේත්, රටේත් බොහෝ දෙනා අප්‍රසාදය පළ කරන විට, යම් අඩු පාඩු තිබුණද ඔබ අපේ රටට නොබෙල් සාම ත්‍යාගයද ගෙනෙන්නට හැකි අයෙකු බව පෙන්වමින් ඔවුන් සමග තර්ක කළෙමි. ඊට එරෙහිව පෙනී සිටියෙමි.
(05) 2015 ජනවාරි 09 දින ජනාධිපති පදවියේ දිවුරුම් දී ජාතිය ඇමතු පළමු අවස්ථාවේම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවටත්, එතෙක් එහි බලතල කප්පාදු කර දමා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බවටත්, පදවියෙන් විශ්‍රාම ගිය පසු නිල නිවාස හා අනෙකුත් වරප්‍රසාද සියල්ල අතහැර දමා පොළොන්නරුවට ගොස් විවේකීව ජීවවන බවටත්. ඔබ කළ ප්‍රකාශය ගැන මම ආඩම්බර වුයෙමි. ඒ එම ප්‍රකාශය සැබෑ ශ්‍රී ලංකා කාරයෙකුගේ ප්‍රකාශයක් බව සිහිපත් කරමිනි.
(06) එහෙත් මේ සියල්ල හීන බවට පමණක් පත් කරමින් ඔබ එම තනතුරු වල කටයුතු කළ ආකාරය නින්දනීයය. උභතෝකෝටිකය. ජුගුප්සාජනකය. පක්‍ෂයත්, රටත් ගොඩනගනු වෙනුවට ඒවා වැනසීමට ඔබ සැදී පැහැදී සිටියේය. රටේ නායකත්වය හෝ පක්ෂයේ නායකත්වය ඔබට බොහෝ බර වැඩි බව ගත වූ වසර කිහිපය තුළ ඔබ ප්‍රායෝගිකව පෙන්වා හමාරය. කවුරුන් කෙසේ කීවද ඔබ ලස්සන සුරංගනා කතන්දර කරුවෙකු පමණක් බව රටටත්, ජනතාවටත් ඔප්පු කර අවසානය.
(07) 2015 ජනවාරි වන විට හොරෙකු දුෂකයෙකු, වංචාකාරයෙකු ලෙස හංවඩු ගසමින් ජනාධිපතිවරණයේදී පරාජය කළ මහින්ද රාජපක්‍ෂ මහතාට ඉන් මාස 06 ක් ගතවන්නටත් පෙර පැවති මහා මැතිවරණය සදහා හොර රහසේම පක්ෂයේ නාම යෝජනා ලබාදුන්නේ ඔබය, රටේ නායකත්වයේත්, පක්‍ෂ නායකත්වයේත් සිටියත්, මහින්ද රාජප්පක්‍ෂ මහතා ඉදිරියේ ඔබේ දෙපා පණ නැති වන බව ඔබ මුළු රටටම පෙන්වූයේය.
(08) ඉන් නොනැවතුණු ඔබ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 50කට වැඩි ප්‍රමාණයකට අපේම රජයට එරෙහිව විපක්‍ෂ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දුන්නේය. පක්ෂයේ ගම් මට්ටම නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුනට අද වන විට විවිධ බොරු චෝදනා දමමින් විනය පියවර ගන්නා ඔබ එදා පක්‍ෂයට විරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ මහින්ද මහතා ඇතුළු කණ්ඩායමෙන් අඩුම තරමින් නිදහසට කරුණු විමසීමක්වත් කරන්නට ඔබට කොන්දක් නොතිබුණි.
(C9) පක්‍ෂ ව්‍යවස්ථාවට සහ චන්ද්‍රිකා මැතිනියට පින් සිදුවන්නට 2015 දී නිල බලයෙන් පක්‍ෂයේ සභාපති ලෙස පත්වූ ඔබට එයද දරාගත නොහැකි වගකීමක් බව පෙනුණි. එහෙයින්ම ඉන් වසර තුනක් ගත වීමටත් පෙර පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරගත් ඔබ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට උඩින් ඔබ විසින්ම පත්කර ගන්නා දේශපාලන මණ්ඩලයක් පක්‍ෂයේ උත්තර්තර මණ්ඩලය කරමින් වක්‍රව සභාපති බලතල වැඩිකර ගත්තේය.
(10) පක්ෂයේ මධ්‍යම කාරක සභා තීන්දු ගැන, පක්‍ෂ විනය හා ප්‍රතිපත්ති ගැන රටට පුරසාරම් කියන ඔබ, මධ්‍යම කාරක සභාව තබා ලේකම්වරයාවත් නොදැන හොර රහසේම මහින්ද මහතා අගමැති පදවියට පත් කරමින් පක්‍ෂ විනය හා ප්‍රතිපත්ති අමු අමුවේ කඩා දැමුවේය. ඉන් නොනැවතී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ පසු ජනාධිපතිවරයෙකුට තබා ග්‍රාම සේවකටරයෙකුටවත් තම තනතුරේ රැදී සිටීමට නීත්‍යානුකූල හෝ සදාචාරත්මක අයිතියක් නැත. එහෙත් ඔබ තවදුරටත් නිර්ලජ්ජිතව තනතුරෙහි රැඳී සිටියේය.
(11) නිදහසින් පසු මෙරට රාජ්‍ය නායකයෙකු යටතේ සිදුවූ දරුණුතම සහ සැලසුම් සහගතම ඛේදවාචකය වු පාස්කු ප්‍රහාරය පිළිබඳව අධිකරණමය කටයුතු සිදුවන නිසා මම ඒ ගැන කිසිවක් නොකියමි. එහෙත් ඒ ගැන සෙවීමට ඔබ විසින්ම පත් කළ ජනාධිපති කොමිසමකින් ඊට අදාළව ඔබට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට නිර්දේශ කර ඇති බවක්ද දැනගන්නට තිබේ.
(12) 2015 ජනාධිපතිවරණයේදීත්, 2020 මහ මැතිවරණයේදීත් පක්‍ෂයේ සියලු ව්‍යවස්ථාපිත සංවිධානවල තීරණ නොසළකා, ලේකම්වරයා සමඟ එක්ව ඔබ අපේ පක්ෂය පොහොට්ටුවට පාවා දුන්නේය. ඔබේ ඒ මෝඩ තකතීරු තීරණවලට අද වන විට වන්දි ගෙවන්නේ අපේ පාක්‍ෂිකයන් පමණක් නොව සමස්ත රට වැසියන්මය.
(13) 2015 දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ උත්තතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පනස් ගණනක් 2018 පිහිට වූ පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ගත් බව ඔවුන් විසින්ම පුන පුනා ප්‍රකාශ කරද්දි පක්ෂ ව්‍යවස්ථාව අනුව ඔවුන් සියලු දෙනාගේ මන්ත්‍රී පදවි අහිමිකර පක්ෂයේ වෙනත් පිරිසක් මන්ත්‍රී පදවිවලට පත්කර ගැනීමට හැකියාවක් තිබුණි. එහෙත් ගරු කතානායකතුමාගේ විමසීමකට පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත් නොදන්වා ඔබ, මහින්ද මහතා ඇතුළු මන්ත්‍රීවරුන් තවදුරටත් ශ්‍රී ලනිපයේ බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වනසා පොහොට්ටු පක්ෂය රැක දුන්නේය. අද වන විට පක්ෂයේ මන්ත්‍රී ධූරයක් දරන්නේ යාපනයේ රාම්නාදන් මන්ත්‍රීවරයා පමණි.
(14) පසුගිය සැප්තැම්බර් 02 දින නීත්‍යානුකූල නොවන ලෙස නැවත පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරගත් ඔබ පක්ෂයේ මෙතෙක් යම් පමණකට හෝ පැවති ප්‍රජාතන්ත්‍රවාදය ද මරා දැමුවේය. ඒ අනුව පක්ෂයේ විධායක සභාව විසින් පත්කරන ඕනෑම නිලයක් සිටින්නෙකු අවශ්‍ය ඕනෑම අවස්ථාවක කිසිදු කරුණු විමසීමකින් තොරව එම නිලයෙන් ඉවත් කිරීමට ඔබ බලය ලබාගත්තේය. මෙලෙස පාක්ෂිකයන්ගේ පරමාධිපත්‍ය බලය, මූලික අයිතිවාසිකම් අහිමි කර ඇති ඔබ ජනතාවගේ මේ අයිතීන් ගැන කතා කිර්මත් රටම රවටන ලොකුම විහිළුවක් බව නොකියාම බැරිය.
(15) ඔබට චීන පාක්ෂික විරෝධය මගහරවා ගැනීම සඳහා මේ වන විට ඔබ බණ්ඩාරනායකවරුන් විකිණීමේ අලුත් සෙල්ලමක්ද පටන්ගෙන ඇති බව පෙනෙයි. 2021 සැප්. 26 දින පැවති බණ්ඩාරනායක ගුණ සැමරුම දෙකට කඩමින් නිල ගුණ සැමරුමෙන් පසුව පක්ෂය වෙනුවෙන් සමාධියට වෙනම් පුපෝපහාරයක් පැවැත්වූ ඔබ 2022 ජනවාරි 08 වන දා ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අධ්යස පුපෝපහාරයට ද එයම කළේය. මෙවර සැප්තැම්බර් 26 පැවති බණ්ඩාරනායක ගුණ සමරුවට පාක්ෂිකයින් සහභාගිවීම වැළැක්වීමට ඉතිහාසයේ පළමු වරට ඔබ පක්ෂය මගින් කොළඹ BMICH හිදී පුපෝපහාරයක් පැවැත්වීය. මේලෙස පක්ෂයේ නිර්මාතෘවරයාගේ ගුණ සමරුවට පාක්ෂිකයන් සහභාගිවීම බෙදීමට කටයුතු කළ ඔබත්, ලේකම්වරයාත් මේ ආත්මයේදීම අතපය කැඩී ඒ පාපයට වන්දි ගෙවනු ඇති බව පාක්ෂිකයන්ගේ මතයයි.
(18) කිවයුතු තවත් බොහෝ දේ තිබුණ ද ලිපිය මීට වඩා දිගු කිරීමට අදහස් නොකරම්. ඔබ හා ලේකම්වරයා එක්ව අපේ ආදරණිය පක්ෂයට සිදුකර ඇති විනාශය හොඳටම ප්‍රමාණවත්ය. මෙලෙස වුව හොත් පාක්ෂිකයින් දහස් ගණනක් පක්ෂ මූලස්ථානය වටලා ඔබත්, ලේකම්වරයාත් නිරුවත් කර මූලස්ථානයෙන් එළියට ඇද දමන දිනය වැඩි ඈතක නැති බව සිතමි. එහෙයින් පක්ෂයට ආදරය කරන සමස්ත පාක්ෂිකයින් වෙනුවෙන් අවසාන වශයෙන් මම ඔබෙන් මෙලෙස ඉල්ලමි.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනසුවා හොඳටම ඇති, දැන් යන්න”
මොන්ටේගු සරත්චන්ද්‍ර
විධායක සභික
ශ්‍රීලංකා නිදහස් පක්ෂය
Friday, 17 June 2022
වෙල්ගම නැවත ක්‍රියාකාරී දේශපාලනයේ
මැයි 9 වැනිදා කලහාකාරී සිද්ධි අතරතුර ප්‍රහාරයට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සුවය ලබා ඇතැයි වාර්තා වනවා.
මේවන විට ඔහු නැවතත් දේශපාලන කටයුතු ආරම්භ කර තිබෙනවා.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පෙරේදා (15) පැවති රැස්වීමකට ද කුමාර වෙල්ගම මහතා සහභාගී වී තිබෙනවා.
එම රැස්වීමට සමගි ජනබලවේගය නියොජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් මහත්වරු ද සහභාගී වී සිටියා.
ප්‍රහාරයට ලක්වීමෙන් පසු අසනීප තත්ත්වය තත්වය උග්‍ර වීමෙන් කුමාර වෙල්ගම මහතා හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලැබුවා.
Tuesday, 31 May 2022
දුමින්ද..
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබාදුන් ජනාධිපති සමාව අත් හිටූවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ජනාධිපති සමාව ලැබූ දුමින්ද සිල්වා යන අය මීට මාස කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයද ලබා දුන්නා.
කෙසේවෙතත් ඔහු මේ වන විට විදෙස්ගත වී ඇති බවයි වාර්තා වන්නේ
Monday, 30 May 2022
ලංකාවට උපදෙස් දෙන්න මිලියන 5.6 ගෙවීමක්
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙනවා.
අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙන ආකාරයට එම ආයතනය විසින් පසුගිය වසර හතක කාලය තුළ (2015 මැයි – 2022 මැයි) එහි ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව හත් වතාවක් පහළට හෙළා ඇති බවයි.
මෙහි ඇති විශේෂත්වය නම් එලෙස පහත වැටුණු අවස්ථාවලින් 5ක්ම 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිදු කර තිබීමයි.
කෙසේවෙතත් කලාපයේ ශ්‍රී ලංකාවට සමාන්තර ණය ශ්‍රේණි මට්ටම්වල පසුවූ සෙසු රටවල් සියල්ලම ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් යහපත් මට්ටමින් පවත්වාගෙන යාමට සමත් වී තිබෙනවා.
නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින මෙම බරපතල ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව හැර මෙරට පිහිටට සිටින එකම පාර්ශවය බවට පත්ව ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලයි.
IMF සමග අවසාන වශයෙන් පසුගිය මැයි 12 වැනිදා නව මුදල් ඇමතිවරයා ලෙස පත් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා මේසයට වාඩි වූ අතර ඊට පසු දින එහි ප්‍රගති වාර්තාව කරමින් ඒ මහතා බ්ලුම්බර්ග් පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සදහන් කළේ කරන ලද්දේ එළඹෙන ජූනි මාසය මැද වන විට IMF වෙතින් ණයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඊට හේතුව එදිනම ඉන්දියාවේ NDTV ආයතනයට අදහස් දක්වමින් IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝරිජියෝවා පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් පිලිබදව පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු පමණක් ශ්‍රී ලංකාවට සහය ලබා දීමට සූදානම් බවයි.
ශ්‍රී ලංකාව පසුගිය අප්‍රේල් මාසයේ IMF සමග නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කරන අවස්ථාවේදී ද බලාපොරොත්තු වූයේ පවතින ආර්ථික අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස ඉතාම කෙටි කාලයක් ඇතුළත IMF විසින් ඩොලර් මිලියන 1000කට ආසන්න ‘වේගවත් ණය පහසුකමක්’ (RCF) මෙරටට ලබාගත හැකි වනු ඇති බවයි.
එහෙත් IMF කොන්දේසි විසින් ආරම්භයේ දී ම එම අපේක්ෂාව බිද දමනු ලැබුවා. ඇත්තෙන්ම ඊට බලපා ඇති ප්‍රධානම කරුණ වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානම විදේශීය පාර්ශවය විසින් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අනුමැතිය ලබා නොදීමයි.
ශ්‍රී ලංකාවේ සමස්ත විදේශීය ණය ප්‍රමාණයෙන් 12%කට වඩා වැඩි කොටසකට හිමිකම් කියන්නේ චීනයයි. මෙහිදී සිය ණය ගෙවීම් කල් දමමින් ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය අනිවාර්යයෙන් එකග විය යුතු බවයි.
මෙලෙස චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර දෙන ලෙස මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍යවරයාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළ නමුත් හෙතෙම ඊට එකගතාවයක් දක්වනු ලැබුවේ නැහැ.
කෙසේවෙතත් ශ්‍ර්‍රී ලංකාව අපේක්ෂා කරන තරම් ඉක්මණින් IMF වෙතින් සහය නොලැබෙන බව නොරහසක්.
මේ වන විට IMF ණය වැඩසටහනට අවශ්‍ය වැදගත්ම කොන්දේසිය සපිරීමේ කාර්‍යභාරයද ශ්‍රී ලංකාව විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ සිය ණය ප්‍රතිව්‍යුහගතකරණයයි.
ඒ වෙනුවෙන් අවශ්‍ය බලයලත් විදේශීය ආයතන දෙකක් තෝරා ගැනීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අවසර ලබා දුන්නා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත්ව තිබූ අයදුම්පත් 51 අතුරින් අන්තර්ජාතික මූල්‍ය උපදේශක සේවාව වෙනුවෙන් ප්‍රංශයේ M/s Lazard ආයතනයද, නීති උපදේශක සේවාව සඳහා M/s Cliford Chance LLP ආයතනයද තෝරා ගෙන තිබෙනවා.
අදාළ කාර්‍යභාරය වෙනුවෙන් මෙම උපදේශන සමාගම් වෙනුවෙන් ගෙවීමට නියමිත ගාස්තුව ඩොලර් මිලියන 5.6ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සමාගම් විසින් සිදු කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු සමාගම්, පුද්ගලයන් සහ රටවල් ණය වෙනුවෙන්, අඩු පොලී අනුපාත සාකච්ඡාව කිරීම වැනි ඔවුන්ගේ පවතින ණය පැහැර හැරීමේ අවදානම වළක්වා ගැනීම සදහා භාවිතා කරන ක්‍රියාවලියයි.
Clifford Chance යනු ඒ වෙනුවෙන් ලොව සිටින ඉහළම පෙළේ නීති උපදේශකයකු වන අතර එය ලොව ප්‍රධාන උපදේශන සමාගම් 100 අතර 10 වැනි ස්ථානයේ පසුවන්නකි.
ලොව විශාලතම ස්වාධීන ආයෝජන බැංකුව වන Lazard ආයතනය මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ රටවල් 25ක් පුරා නගර 40කට වඩා ගණන් එක ක්‍රියාත්මක ශතක එක හමාරකට වඩා වැඩි අත්දැකීම් සහිත මූල්‍ය උපදේශකයෙකි.
ඒ අනුව බැලූ බැල්මටම ශ්‍රී ලංකාව තමන් විසින් ගෙවීමට සූදානම් වන විශාල පිරිවැයට සරිලන උපදේශන සමාගම් දෙකක් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් තෝරාගෙන ඇති අතර දැන් කළ යුතුව ඇත්තේ ඒ වෙනුවෙන් අවශ්‍ය කෙරෙන සියලුම පහසුකම් අදාල ආයතන වෙත ලබා දෙමින් ක්‍රියාවලිය මනාව සම්බන්ධීකරණය කිරීමයි.
තවත් ගෝල් ෆේස් තරුණයෙක් atha
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ‘රැට්ටා’ නොහොත් රතිදු සුරම්‍ය සේනාරත්න මහතාව මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මතයි.
අද (30) පස්වරුවේ රතිදු ඇතුළු පිරිසක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසියට කැඳවා තිබුණා.
එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
‘රැට්ටා’ නොහොත් රතිදු සුරම්‍ය සේනාරත්න ගාලු මුවදොර අසළ පැවැත්වෙන ගෝඨාගෝගම විරෝධතා ස්ථානයෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙක්.
වර්තමාන රජයට එරෙහිව පැවති විරෝධතා රැසකට ඔහු ක්‍රියාකාරී ලෙස සහභාගී වුණා.
දරුවන් වෙනුවෙන් ජීවන් නැවතත් පෙරමුණ ගනී.
ජනකාන්ත සිනමා රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මැතිතුමා දරුවන් වෙනුවෙන්නැවතත් සමාජ සේවාකටයුතු වලටඑකතුවමින් සිටිනබව වාර්තා වේ. එතුමාට පසුගියදිනකදී කැස්බැව මැතිවරණ කොඨාශයේ "සැමට අධ්‍යාපනය" වැඩ සටහන යටතේ වාර්ෂික ශිෂ්‍යධාර බෙදා දෙන ලදී.j5pVqq3lL2zyNge11yr8RauWubKaABT7ptWQON7Kpdys0tIIq6q5T1r0002FSSdtjxe9BMA90H0FjtH7WN7K57fdM_MVW98zneltsz5o1ztGujtmH4kJ4nj-BdPKMolBcUBJkMkeTs9gEre3GgEOeFlhB9p-VlHwmcHinq2ySNfYp5gz8mYFF/s707/Screenshot_2022_0530_170947.png" style="display: block; padding: 1em 0; text-align: center; ">
මේ අවස්ථාව සදහා හිටපු අමාත්‍ය ප්‍රියංගනී අබේදීර මැතිණිය හා ප්‍රකට සමාජ ක්‍රියාකාරීනියක වන නේත්‍රාන්ජලි ලියනගේ මැතිණිය සහබාගි වි සිටියහ.

Thursday, 19 May 2022
නිපුණ රණවකගේ පැමිණිල්ලේ චුදිතයෝ වෙල්ගම, රනිල්, සජිත්, අනුර, ඩලස් අතර
2022 - 05 - 09 දින "ගෝටාගෝගම" හා " මයිනාගෝගම" ට එල්ල වු මිලේජ්ජ ප්‍රහාරයට එරෙහිව දෙනියායේ ජනතාව විසින් සිදුකල විරෝධතාවයට පුද්ගලයන් 13 දෙනකු 2022 -05 -18 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කරන ලදී.
මෙහිදී පැමිණිකාර පාර්ශවය වන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා විසින් whats app මාර්ගයෙන් පැමිල්ල දෙනියාය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබුණි.
මෙම අත්අඩංගුවට ගත් 13 දෙනා අතර එක්සත් ජාතික පක්ෂයේ සිවු දෙනෙක්, සමගි ජනබලවේගයේ දෙදෙනෙක් , නව ලංකා නිදහස් පක්ෂයේ තිදෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණේ එක් අයකු හා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තිදෙනකු වෙයි.
ඔවුන් දේශපාලන භේදයකින් තොරව මේ සදහා නායකත්වය ලබා දි ඇති බව වාර්තා වේ.
Monday, 9 May 2022
කුමාර වෙල්ගම සුවයෙන් සිටියි.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගමන්ගත් රථයට කොට්ටාව ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
ප්‍රහාරයෙන් කුමාර වෙල්ගම මහතාද සුළු තුවාල ලැබූ නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.
මේ වන විට ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
කෙසේවෙතත් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පැතිර යන්නේ අදාළ සිදුවීමෙන් කුමාර වෙල්ගම මහතාව ගිනි තබා ඝාතනය කර ඇති බවයි.
එම පුවත සම්පූර්ණ අසත්‍යක් වන අතර සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත්වන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
මහින්දගේ අයට ගහන්න එපා, පොලිස්පති පොලිස් නිලදාරීන්ට උපදෙස් දෙයි
ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ වර්තමාන රජයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවල නිරත වන පුද්ගලයන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් පිරිසක් විසින් පහර දී ඇත්තේ පොලිස්පති චන්දන වික්‍රමරත්න ගේ අනුග්‍රහයෙන් බවට විශ්වාසදායී තොරතුරු වාර්තා වේ.
පොලිස්පතිවරයා පොලිස් නිලදාරීන්ට උපදෙස් දී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස යි.
Sunday, 1 May 2022
දකුණෙන් සල්ලි කෝටි ගණන් පිල්ලි ගැසූ අය
දකුණු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල් සඳහා වැසිකිළි ඉදි කරගැනීමට රුපියල් 17,152,000ක මුදලක් වියදම් කර තිබෙනවා.
ජාතික විගණන කාර්යාලය පවසන්නේ ඉන් සම්පුර්ණ වැසිකිළි ඉදිකර අවසන්කොට තිබි ඇත්තේ ප්‍රතිලාභින් 27 දෙනෙකු පමණක් බවයි.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශය විසින් 2020 වර්ෂයේ දි දකුණු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල් සඳහා මෙම මුදල් වෙන් කර තිබෙනවා.
ප්‍රතිලාභ පවුල් 206කට පමණයි
ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුන සදහා මෙම වැසිකිළි ව්‍යාපෘතිය වෙනුවෙන් 2020 වර්ෂයේ දී රුපියල් 17,152,000ක මුදලක් වියදම් කොට තිබුණා.
එහෙත් ඉන් ප්‍රතිලාභ ලැබි ඇත්තේ පවුල් 206 දෙනෙකු සදහා පමණක් බවයි ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම 2019 වර්ෂයේ දී වැසිකිළි පහසුකම් නොමැති පවුල් 493ක් සඳහා රුපියල් 7,888,000ක මුදලක් ලබාදී තිබුනද, වැසිකිළි ඉදිකිරිම් වැඩ අවසන් කොට තිබුණේ එක් ප්‍රතිලාභියෙක් පමණක් බවද විගණන කාර්යාලය පෙන්වා දෙනවා.
අපේක්ෂිත ප්‍රථිපල ඉටුවී නෑ
මේ අනුව මෙකී ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභින් සදහා ගෙවා ඇති මුදලින් අපේක්ෂිත ප්‍රථිපල ඉටුවි නොමැති බවද විගණන කාර්යාලය ප්‍රකාශ කරනවා.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශය විසින් දකුණු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල් ඒකක 11,246ක සංඛ්‍යාවකින් පවුල් 600ක් සදහා වැසිකිළි ඉදිකිරිම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය අරම්භ කර තිබුණා.
මෙම ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලැබි ඇත්තේ 2019.05.24 දින වන අතර 2019 වර්ෂයේ ජුනි මස මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව මේ පිළිබද ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට සදහන් කර තිබෙනවා.
ග්‍රාමිය වැසිකිළි ඉදිකිරීම සදහා අනුමත වු රුපියල් මිලියන 28ක මුදලින් ප්‍රතිලාභින් 700 දෙනෙකු සඳහා අයදුම්පත් නිකුත්කළ බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.
රටේ පැවති මැතිවරණ වාතාවරණය නිසා මැතිවරණ කොමසාරිස්ගේ 2019.09.28 වැනිදින දිනැති ලිපිය මගින් තාවකාලිකව ව්‍යාපෘතිය නතර තරන ලෙස දැනුම් දීම නිසා අදාල ප්‍රගතිය ලඟා කරගැනිමට නොහැකිවු බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා සදහන් කර තිබෙනවා.
Subscribe to:
Posts (Atom)















