Wednesday, 30 June 2021

සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ කාප්පාදු කෙරේ

 පසුගිය යහපාලන රජය මගින් ආරම්භ කර තිබු සුරක්ෂා රක්ෂණය යටතේ මෙතෙක් 


සිසු මරණයකදී ලබා දුන් ලක්ෂ 2ක රක්ෂණාවරණය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම දෙමාපිය මරණයකදී මෙතෙක් පැවැති රුපියල් දෙලක්ෂයක ප්‍රතිලාභ හිමිකමද ‘අඩු ආදායම්ලාභී පවුල් සදහා පමණක්’ යනුවෙන් සංශෝධනය වී තිබේ.

මුලින් පෞද්ගලික රක්ෂණ ආයතනයක් යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මේ වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ක්‍රියාත්මක වේ.

ජනපති ලේකම් ඇමතිවරුන්ට තරවටු කරයි.

 


සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ලිඛිත නියෝගයක් නිකුත් කොට ඇත.


ඒ, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය ව්‍යවසායන්, ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ පුද්ගලයින් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව ඉවත් නොකරන ලෙස ඇමතිවරුන්ට දැනුම් දෙන ලෙස සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිතව  දැනුම් දෙමිනි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර එම දැනුම්දීම සිදු කර ඇත්තේ, වරින්වර සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීම සඳහා ඇමතිවරුන්ගෙන් ඉදිරිපත්වන ලිඛිත ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයාගේ  අවධානය යොමුව ඇතිබව සඳහන් කරමිනි. 

එවැනි සංශෝධන ක්‍රියාත්මක වීමෙන් දැනටමත් සැලසුම් කර ඇති හා ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ කටයුතුයුතුවල වේගයට බාධා ඇති කළ හැකි බව ජනාධිපති ලේකම්වරයාගේ අදහස වී තිබේ. 

මෙවැනි පසුබිමක් තුල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් කිරීම සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීම අවශ්‍ය බවත්, නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී නියමිත සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් තේරීම් මණ්ඩලය වෙත ලබාදිය යුතු බවත් ජනාධිපති ලේකම්වරයා දැනුම් දී සිටියි. 

එබැවින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැනුවත් කර නිර්දේශිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලං .නි. පය නැවතත් දෙදරයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල පසුගිය කාලය පුරාවටම අළුයට ගිනි මෙන් ගැටුම් උත්සන්න වෙමින් තිබුණි.

එහි අලුත්ම තත්වය වන්නේ පක්ෂය තුල සිටින ප්‍රබල මධ්‍යම කාරක සභිකයන් පස් දෙනකු සදහා විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වීමයි.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙදෙනෙක් හා  කළුතර ,මහනුවර ,පොලොන්නරුව යන දිස්ත්‍රික්කයන්හී මධ්‍යම කාරක සභාව නියෝජනය එක් සාමාජිකයන්  බැගින්   සාමාජිකයන් පස් දෙනකුට මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්වන බව දේශපාලන ආරංචි වාර්තා කරයි.

මෙම සාමාජිකයන් පසුගිය දිනකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෙෂ්ට්ට නායකයකු  වෙනුවෙන් හඬ අවධි කිරීමක් හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇත.

මෙහිදී ආණ්ඩුවේ වරදාන වරප්‍රසාද භුක්ති විදින පිරිස වෙනම කදවුරක් ලෙසද ,පක්ෂයේ ජෙෂ්ට්ටතත්වයෙන් වැඩි හා  පක්ෂ ප්‍රතිසංවිධාන හි වෙනසක් ඉල්ලන පිරිස වෙනම කඳවුරක් ලෙසද ක්‍රියා කරන බව පෙනෙන බව වාර්තා වේ.

පක්ෂයේ ජෙෂ්ට්ටතත්වයෙන් වැඩි හා  පක්ෂ ප්‍රතිසංවිධාන හි වෙනසක් ඉල්ලන පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජෙෂ්ට්ට සාමාජිකයකු ,ක්‍රියාකාරී දේශපලනයේ නිරත වන වර්තමානයේ නිතර කතාබහ  වන නායකයකු සමගද  රහසි  ගත සාකච්චාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

මේ වන විට පක්ෂ සභාපති සහ ලේකම් අතරද ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර ලේකම්වරයාට අවස්ථා කීපයකදීම ලේක්ම් ධුරයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියත් සභාපතිගේ වචන කනට නොගෙන හිතුවක් කාරී ලෙස ඔහු රැඳී  සිටින්නේ වෙනත් ප්‍රබල හස්තයක බලපෑමක් නිසාදැයි සැක කරයි.

ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල විශාල දෙදරීමක් සහිත සිදුවීමක් බලාපොරොත්තු විය හැකි බව දේශපාලන වාර්තා උපුටා දක්වයි.

Monday, 28 June 2021

චන්ද්‍රිකාගේ උපන් දිනයට අද අලුයම කරපු දේ


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හතර වන විධායක ජනධිපති ලෙස කටයුතු කල ගරු චන්ද්‍රිකා බණඩාරනායක කුමාරතුංග මැතිනියගේ 
76 වන ජන්ම දිනය අද දිනට දී ඇත. එතුමියගේ ජන්ම දිනයට සුබ පැතුම් එක කරමින් විශාල පිරිසක් තම සුබ පැතුම් පණිවිඩය මාධ්‍යට මුදා හැර  තිබෙන අතර විපක්‍ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ,හිටපු අමාත්‍ය ,කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර කුමාර වෙල්ගම මැතිතුමාද  තම සුබ පැතුම් එතුමියට එක්  කර තිබේ.

තවද  එතුමියට දිර්ගයුෂ හා සෙත් ප්‍රර්ථනා කරමින් අද දින අලුයම කාලයේදී  දෙනියාය පත්තිනි කෝවිලේ විශේෂ දේව පුජාවක් සිදු කල අතර මේ අවස්ථාව සදහා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මාතර දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ හිටපු ලේඛම් වරයකු වන සුරේන් සාගර එදිරිවීර මැතිතුමා  ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට හිතවත් පිරිසක් නිරෝධායන නීති අනුගමනය කරමින්  එකතු වී සිටියහ.


Monday, 15 February 2021

රජ ඔටුනු නොපලන් - ජන ඔටුනු පැලදු මානව හිතවාදියා - විජය

______________________________________

ශ්‍රී ලාංකිය සිනමා අම්භරයේ පෑයු පහන් තාරකාව

______________________________________


🔴🔴විජය කුමාරණතුංග🔴🔴


කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග. මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර, ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබුවා.


 විජයගේ මුල් නාමය විජය කුමාරණතුංග වුවත් පසුකලෙක තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගත්තා. විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලබා ඇත. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග, රූපා කුමාරණතුංග වන අතර සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක(එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ එක් පුතෙකු(විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4,පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර ‘සිතිජය’ නම් ගීත නාට්‍යයක රඟපා ඇත


🔴සිනමා දිවිය –


විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත ( “සහරාවේ සිහිනය”(1990) චිත්‍රපටයට – “වළාකුළක් ගෙන මුවා කරමු හිරු” & “දොළොස් මහේ පහන” චිතපටයට – “සාරා ගුවන විද නැගුන”). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී “ගොඩ් කින්ග්” නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම “නැංගුරම්” නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය “වරදට දඬුවම්”(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය “ඇය ඔබට බාරයි” එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.


🔴දේශපාලන දිවිය –


විජය සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කරන ලදි. 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී.ල.නි.ප. යෙන් තරඟ වැදී මනාප 19738ක් ලබා ගැනීය. ඔහු ක්‍රියාකාරී ලෙස 1982දී හෙක්ටර් කොබ්බෑකඩුව දිනවීම සඳහා සටන් වැදින. මැතිවරණයයෙන් පසුව ඔහුව නැක්සලයිට් චෝදනා මත 1982 නොවැම්බර් 19 දා හිර ගෙදරට නියම වූවා. 1983 ජනවාරි 18 දින ඔහුව නිදහස් කරන ලදි. ක්‍රියාකාරී දේශපාලනයට එක්වීම – 1977 ශ්‍රීලනිප ට එක්වීමෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම. 1983 අතුරු මැතිවරණය මහර ආසනයෙන් මනප 24899ක් ලබා ගැනීය. 1984 අතුරු මැතිවරණය මින්නේරිය ආසනයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තරඟ වැදී මනාප 10568 ක් ලබා ගැනීය.


🔴🔴1986දී යාපනයට යාම


1986දී විජය කුමාරණතුංග ‘එල්.ටී.ටී කඳවුරු ප්‍රදේශයට ගොස් නල්ලූර් මුරුගන් කෝවිල වැඳ, දමිල ජනයන් හමුවීමෙන් පසු එල්.ටී.ටීය තරුණ නායකයින් හමු විය. පසුව ඔවුන් විසින් ආපිට ශ්‍රී ලංකා හමුදා කඳවුරු වෙත එවන ලදි.


🔴🔴😢ඝාතනය –


විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීයය හඳුනාගත නොහැකි වන පරිධි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.


🔴😢😢😢අවමංගල්‍ය උත්සවය හා පසුව

විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16), “භයානක අඟහරුවාදා” නැතහොත් “අඳුරු අඟහරුවාදා” යනුවෙන් හැඳින්වේ.


🔴🔥🔥ඝාතනය පිළිබඳ පරීක්ෂණ

හොන්ඩා සීසී 200 වර්ගයේ, 90 ශ්‍රී 4320 යටතේ ලියාපදිංචිත ඝාතනය සඳහා යොදාගත් යතුරු පැදිය පසුව කළුබෝවිල රෝහල අසලින් සොයාගන්නා ලදී. යතුරු පැදියේ පසුපස පැමිණි, වෙනත් අනුවර්ත නාමයන්ගෙන් ද පෙනී සිටි ලයනල් රණසිංහ, වෙඩි තැබූ පුද්ගලයා බවටත් යතුරු පැදිය පැදවූයේ ටාසන් වීරසිංහ බවටත් පසුව හෙළි වූ අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී.එහි දී හෙළි වූ තොරතුරු අනුව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සන්නද්ධ අංශය වූ දේශප්‍ර්මී ජනතා ව්‍යාපාරය සඳහා වැඩ කළ අතර විජය ඝාතනය කෙරුණේ එම සංවිධානයෙන් ලද නියෝගයක් මතයි. ඔහු ඉන්දු ලංකා ගිවිසුමට සහාය දැක්වීම, බලය විමධ්‍යගත කරන පළාත් සභා ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම, සහ ජවිපෙට විරුද්ධව දමිළ බෙදුම්වාදී PLOTE හා EPRLF සංවිධාන සමඟ එක්ව ඔහුගේ පක්ෂයේ පිරිසකට අවි පුහුණුව ලබා දිම ඊට හේතු ලෙස කියැවුණි. ඝාතකයේ සැලසුම්කරු ජයන්ත හෙවත් ලලිත් විජේරත්න බවත් ඊට තොරතුරු රැස් කරන ලද්දේ කොලොන්නාවේ පියසිරි බවත් ඒ සඳහා පිළියන්දල සෙන්ට් මිචෙල් හෝටලයේ සාකච්ඡා පැවැත්වූ බවත් ඔවුන් විජය කුමාරතුංගව ඝාතනය කිරීමට 1980 පමණ සිට වෑයම් කර ඇති බව ද ලයනල් හෙවත් ගාමිණී ලබා දුන් පිටු 141ක කට උත්තරයේ සඳහන් විය.


මින් පසුව ජනතා විමුක්ති පෙරමුණ “විජය යැව්වේ ඇයි?” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කොට ඔහුගේ ඝාතනයේ වගකීම බාරගත් බව ද කියැවේ.එමෙන්ම මඳ කලකට පසුව බොරැල්ල ඇක්විනාස් විද්‍යාලයේ වැසිකිළියක විජයගේ මරණය සාධාරණීකරණය කරමින් එම පක්ෂයේ අයෙක් පහත කවිය ලියා තිබුණු බව ද කියැවේ;


“ටයරය තුළ දැවෙන සොයරන්නේ නුඹට

නැත පාවඩ මළබෙරද දුකට

දේශය යකුට දී වැනසී ගිය යකුට

කුමට ද වැළපෙන්නේ නැතිව ද මොළකට්ට”


එලෙස විවිධ අන්දමින් එම ඝාතනය සම්බන්ධව උදම් ඇනීම එකල සිදු වුවද පසුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයකට එක්විය.


ඔවුන් විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව වර්ථමාන ජවිපේ සාමාජිකයන්ගේ සම්බන්ධතාවයක් නොමැති බව ප්‍රකාෂ කරන අතර ඒ සිදුවීම් අනුමත නොකරන බවද කියා සිටියි.


පසුව විජය කුමාරතුංග මහතාගේ බිරිඳ වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1994 ජනාධිපති ධූරයට පත් වූ අතර ඉන් පසුව තම සැමියාගේ මරණය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16 වැනිදා පත් කළාය. කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14 වැනිදා ආරම්භ කරන ලද අතර එය විසින් 1995 දෙසැම්බර් 15 වැනිදා දක්වා මාස 08ක් සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයින් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය.


🔴සම්මාන

විජය කුමාරතුංග සම්මාන හා නිර්දේශ

සම්මාන සහ නිර්දේශයන්

සම්මානය ලබා ගැනීම් නිර්දේශිත

සරසවිය

11 1 1

ස්වර්ණ සංඛ

1 1

ජනාධිපති සම්මාන

1 1

OCIC

1 0

විචාරක සම්මාන

0 1

එකතුව

ලබා ගැනීම්

15

නිර්දේයන්

15

සරසවිය සම්මාන සංස්කරණය

වසර සම්මානය චිත්‍රපටිය වෙනත්

1983 ජනප්‍රියතම නළුවා –

රංග කුසලතා මහ ගෙදර

1984 ජනප්‍රියතම නළුවා –

1985 ජනප්‍රියතම නළුවා –

1986 ජනප්‍රියතම නළුවා –

1987 ජනප්‍රියතම නළුවා –

1988 ජනප්‍රියතම නළුවා –

රණ තිසර සම්මානය –

1989 හොඳම නළුවා කැඩපතක චායා මෙම සම්මාන හිමි වූයේ ඔහුගේ වියෝවෙන් පසුවයි

1990 හොඳම පසුබිම් ගායකයා සහරාවේ සිහිනය

1992 හොඳම පසුබිම් ගායකයා දොළොස් මහේ පහන


🔴🔴❤වෙනත් සම්මාන

1975 හත්වැනි විචාරක සම්මාන උලෙළ කුසලතා සහතික (‘අහස් ගව්ව’)

‍හොඳම සහාය නළුවා 1987 – ජනාධිපති සම්මාන (‍’දෙව්දුව’)

නිර්මාණශීලී රංග කුසලතා 1990 (‘කැඩපතක ඡායා’) – OCIC සම්මාන

‍හොඳම නළුවා (‘කැඩපතක ඡායා’) ස්වර්ණ සංඛ සම්මාන -1990


වෙනත්

ගීත ගැයූ මුල්ම චිත්‍රපටය – ‘පාරදිගේ’ (‘පාවෙලා යන පාර වටේ’ ගීතය)

නිෂ්පාදනය කළ චිත්‍රපට – ‘වරදට දඬුවම’ සහ ‘සමාව’

අවසන් වරට රඟපෑ චිත්‍රපටය – ‘මිහිදුම් සිහින’ – අංක 2 මිය යාමට දින දෙකට කලින් මස්කෙළියේ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි විය

දැරූ නිලතල – ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක

පාවිච්චි කළ වාහනය – ඩබල් කැබ්

සංචාරය කළ රටවල් – එංගලන්තය, නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, සිංගප්පූරුව, රුසියාව, ස්විට්සර්ලන්තය, පකිස්ථානය, ඉතාලිය, ක්වේට්, ඕලන්දය, බෙල්ජියම.

විජයගේ අවසාන පුවත්පත් සාකච්ඡාව – ප්‍රේම් දිසානායක සංස්කරණය කළ ‘කලා’ 1988 (සුනිල් මිහිකුල සමඟ)

විජය පුවත්පතකට ලියූ අවසාන ලිපිය – 1988

විජයට හිතැති මම,

 සුරේන් සාගර එදිරිවීරජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීයය හඳුනාගත නොහැකි වන පරිධි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.


🔴😢😢😢අවමංගල්‍ය උත්සවය හා පසුව

විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16), “භයානක අඟහරුවාදා” නැතහොත් “අඳුරු අඟහරුවාදා” යනුවෙන් හැඳින්වේ.


🔴🔥🔥ඝාතනය පිළිබඳ පරීක්ෂණ

හොන්ඩා සීසී 200 වර්ගයේ, 90 ශ්‍රී 4320 යටතේ ලියාපදිංචිත ඝාතනය සඳහා යොදාගත් යතුරු පැදිය පසුව කළුබෝවිල රෝහල අසලින් සොයාගන්නා ලදී. යතුරු පැදියේ පසුපස පැමිණි, වෙනත් අනුවර්ත නාමයන්ගෙන් ද පෙනී සිටි ලයනල් රණසිංහ, වෙඩි තැබූ පුද්ගලයා බවටත් යතුරු පැදිය පැදවූයේ ටාසන් වීරසිංහ බවටත් පසුව හෙළි වූ අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී.එහි දී හෙළි වූ තොරතුරු අනුව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සන්නද්ධ අංශය වූ දේශප්‍ර්මී ජනතා ව්‍යාපාරය සඳහා වැඩ කළ අතර විජය ඝාතනය කෙරුණේ එම සංවිධානයෙන් ලද නියෝගයක් මතයි. ඔහු ඉන්දු ලංකා ගිවිසුමට සහාය දැක්වීම, බලය විමධ්‍යගත කරන පළාත් සභා ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම, සහ ජවිපෙට විරුද්ධව දමිළ බෙදුම්වාදී PLOTE හා EPRLF සංවිධාන සමඟ එක්ව ඔහුගේ පක්ෂයේ පිරිසකට අවි පුහුණුව ලබා දිම ඊට හේතු ලෙස කියැවුණි. ඝාතකයේ සැලසුම්කරු ජයන්ත හෙවත් ලලිත් විජේරත්න බවත් ඊට තොරතුරු රැස් කරන ලද්දේ කොලොන්නාවේ පියසිරි බවත් ඒ සඳහා පිළියන්දල සෙන්ට් මිචෙල් හෝටලයේ සාකච්ඡා පැවැත්වූ බවත් ඔවුන් විජය කුමාරතුංගව ඝාතනය කිරීමට 1980 පමණ සිට වෑයම් කර ඇති බව ද ලයනල් හෙවත් ගාමිණී ලබා දුන් පිටු 141ක කට උත්තරයේ සඳහන් විය.


මින් පසුව ජනතා විමුක්ති පෙරමුණ “විජය යැව්වේ ඇයි?” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කොට ඔහුගේ ඝාතනයේ වගකීම බාරගත් බව ද කියැවේ.එමෙන්ම මඳ කලකට පසුව බොරැල්ල ඇක්විනාස් විද්‍යාලයේ වැසිකිළියක විජයගේ මරණය සාධාරණීකරණය කරමින් එම පක්ෂයේ අයෙක් පහත කවිය ලියා තිබුණු බව ද කියැවේ;


“ටයරය තුළ දැවෙන සොයරන්නේ නුඹට

නැත පාවඩ මළබෙරද දුකට

දේශය යකුට දී වැනසී ගිය යකුට

කුමට ද වැළපෙන්නේ නැතිව ද මොළකට්ට”


එලෙස විවිධ අන්දමින් එම ඝාතනය සම්බන්ධව උදම් ඇනීම එකල සිදු වුවද පසුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයකට එක්විය.


ඔවුන් විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව වර්ථමාන ජවිපේ සාමාජිකයන්ගේ සම්බන්ධතාවයක් නොමැති බව ප්‍රකාෂ කරන අතර ඒ සිදුවීම් අනුමත නොකරන බවද කියා සිටියි.


පසුව විජය කුමාරතුංග මහතාගේ බිරිඳ වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1994 ජනාධිපති ධූරයට පත් වූ අතර ඉන් පසුව තම සැමියාගේ මරණය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16 වැනිදා පත් කළාය. කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14 වැනිදා ආරම්භ කරන ලද අතර එය විසින් 1995 දෙසැම්බර් 15 වැනිදා දක්වා මාස 08ක් සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයින් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය.


🔴සම්මාන

විජය කුමාරතුංග සම්මාන හා නිර්දේශ


සම්මාන සහ නිර්දේශයන්

සම්මානය ලබා ගැනීම් නිර්දේශිත

සරසවිය

11 1 1

ස්වර්ණ සංඛ

1 1

ජනාධිපති සම්මාන

1 1

OCIC

1 0

විචාරක සම්මාන

0 1

එකතුව

ලබා ගැනීම්

15

නිර්දේයන්

15

සරසවිය සම්මාන සංස්කරණය

වසර සම්මානය චිත්‍රපටිය වෙනත්

1983 ජනප්‍රියතම නළුවා –

රංග කුසලතා මහ ගෙදර

1984 ජනප්‍රියතම නළුවා –

1985 ජනප්‍රියතම නළුවා –

1986 ජනප්‍රියතම නළුවා –

1987 ජනප්‍රියතම නළුවා –

1988 ජනප්‍රියතම නළුවා –

රණ තිසර සම්මානය –

1989 හොඳම නළුවා කැඩපතක චායා මෙම සම්මාන හිමි වූයේ ඔහුගේ වියෝවෙන් පසුවයි

1990 හොඳම පසුබිම් ගායකයා සහරාවේ සිහිනය

1992 හොඳම පසුබිම් ගායකයා දොළොස් මහේ පහන


🔴🔴❤වෙනත් සම්මාන


1975 හත්වැනි විචාරක සම්මාන උලෙළ කුසලතා සහතික (‘අහස් ගව්ව’)

‍හොඳම සහාය නළුවා 1987 – ජනාධිපති සම්මාන (‍’දෙව්දුව’)

නිර්මාණශීලී රංග කුසලතා 1990 (‘කැඩපතක ඡායා’) – OCIC සම්මාන

‍හොඳම නළුවා (‘කැඩපතක ඡායා’) ස්වර්ණ සංඛ සම්මාන -1990


වෙනත්

ගීත ගැයූ මුල්ම චිත්‍රපටය – ‘පාරදිගේ’ (‘පාවෙලා යන පාර වටේ’ ගීතය)

නිෂ්පාදනය කළ චිත්‍රපට – ‘වරදට දඬුවම’ සහ ‘සමාව’

අවසන් වරට රඟපෑ චිත්‍රපටය – ‘මිහිදුම් සිහින’ – අංක 2 මිය යාමට දින දෙකට කලින් මස්කෙළියේ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි විය

දැරූ නිලතල – ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක

පාවිච්චි කළ වාහනය – ඩබල් කැබ්

සංචාරය කළ රටවල් – එංගලන්තය, නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, සිංගප්පූරුව, රුසියාව, ස්විට්සර්ලන්තය, පකිස්ථානය, ඉතාලිය, ක්වේට්, ඕලන්දය, බෙල්ජියම.

විජයගේ අවසාන පුවත්පත් සාකච්ඡාව – ප්‍රේම් දිසානායක සංස්කරණය කළ ‘කලා’ 1988 (සුනිල් මිහිකුල සමඟ)

විජය පුවත්පතකට ලියූ අවසාන ලිපිය – 1988

විජයට හිතැති මම,

 සුරේන් සාගර එදිරිවීර

Saturday, 16 January 2021

රන්ජන් වෙනුවෙන් චන්ද්‍රිකා පෙරමුණට


 මා හිතවත් රන්ජන්,

ඔබට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් විස්මයටත්, කණගාටුවටත් පත්වීමි. ඔබට මේ තත්ත්වය ඇතිවූයේ මේ රටේ මුළුමනින් ම දූෂ්‍ය වී තිබෙන රාජ්‍ය තන්ත්‍රයට එරහිව නිර්භයව හඬනැගීම හේතුවෙනි.

ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට, අතිශයින් ම දූෂිත දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකවම උත්සාහ කිරීම නිසා, ඔබට අද සිරගත වන්නට සිදු ව තිබේ.

මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.

කිසිදු විටෙක අධෛර්ය නොවන්න. යුක්තිය අගයන සියලු ජනතාව ඔබ සමග සිටින බැවින් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න.

කුමන අභියෝග සහ බාධා එල්ල වුවද, අපේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් අපි බොහෝ කැපවීමෙන් වැඩ කළ යුතු වෙමු.

අයුක්තියට, අසාධාරණයට, දූෂණයට එරෙහිව ඔබ විසින් ආරම්භ කළ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට මෙහෙය වීමට ඔබට ආශිර්වාද කරමින් විජය මාමාගේ ගීත කොටසක් සිහිපත් කරමි.

“වරදට එරෙහිව අවි ඔසවන්නේ

රටකට දැයකට හිත ඇති මිනිසුන්

ශාන්තිවාදීව තපස් රකින්නේ

පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්”

මීට,

හිතවත්,

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

Monday, 11 January 2021

රාජ්‍ය නායකයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැනි කීර්තිමත් පක්‍ෂයක සභාපතිවරයෙකුට හෝ තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී පරස්පර කථා කිම නවත්වන්න - හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා


 2021.01.07

මෛත්‍රීපාල සිරිසේන මහතා

සභාපති,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,

301, ටී.බී. ජයා මාවත,

කොළඹ 10.


සභාපතිතුමනි,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මා ඉවත්කර හෝ ඉවත්වී නොමැති බව දැන්වීම.

පසුගිය සතියේ ඔබ විසින් ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග පවත්වා ඇති සාකච්ඡාව හා බැදේ.

උක්ත සාකච්ඡාවේදී ඔබ විසින් සිදුකර ඇති, හිටපු රාජ්‍ය නායකයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැනි කීර්තිමත් පක්‍ෂයක සභාපතිවරයෙකුට හෝ තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී ප්‍රකාශයන් දැක මම පුදුමයට පත් වීමි.

එහිදී ඔබ විසින් පවසා ඇති බොහෝ කරුණු පිළිබඳ බොහෝ දේ කීමට ඇතත්, ඒවා පසෙක තබා, ඔබ මා පිළිබඳව පවසා ඇති බොරු පිළිබඳව අපේ ආදරණීය පාක්‍ෂිකයින් සහ රටේ සමස්ත ජනතාව දැනුවත් කිරීම මගේ වගකීමක් බව සිතමි.

1) “ ඇය තවදුරටත් පක්‍ෂයේ නැහැ” යැයි ඔබ පවසයි. එසේ වීමට නම් එක්කෝ මා පක්‍ෂයෙන් ඉල්ලා අස්වී තිබිය යුතුය. නො එසේ නම් පක්‍ෂය විසින් මා පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැර තිබිය යුතුය. එහෙත් ඒ කිසිවක් සිදු වී නැත. එහෙයින් ඔබේ ප්‍රකාශය සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වේ.

පක්‍ෂය ආරම්භයේ සිට වැඩිම කාලයක් එක දිගට පක්‍ෂ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔබ පක්‍ෂ ව්‍යවස්ථාව පිළිබඳව නොදැන සිටින බව රටට පෙන්වීම කණගාටුවට කරුණකි.

මේ වන විටත් මා නිල බලයෙන්ම පක්‍ෂයේ විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බව පක්‍ෂ ව්‍යවස්ථාවේ පහත සඳහන් කෙරෙන වගන්තිවලින් ඉතා හොඳින් පැහැදිලි වන බව ඔබට දන්වමි.

(අ) පක්‍ෂ ව්‍යවස්ථාවේ 11 වන වගන්තියේ (VIII) උපවගන්තිය මෙසේය.

 “ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය දරණ යම් සාමාජිකයකු පක්‍ෂයේ සභාපති තනතුර හෝ පක්‍ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති තනතුර හෝ අගමැති තනතුර දරන ලද්දේ නම් හෝ දරනු ලබන්නේ නම් හෝ ඔහු / ඇය විධායක සභාවේ සාමාජිකයකු විය යුතුය.”

(ආ) පක්‍ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ (01) I අනුවගන්තිය මෙසේය.

“ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් සහ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ශවයක් වන සන්ධාගත වූ දේශපාලන පක්‍ෂයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරයට පත්ව එකී ධුරකාලය අවසන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයකු වන ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරුන් හෝ නිල බලයෙන්ම අනුශාසක ධුරයට හෝ ධුරයන්ට පත්වේ.”

2) 2019 නොවැම්බරයේදී පැවති ජනාධිපතිවරණයේදී මා පක්‍ෂයෙන් කොටසක් කඩාගෙන ගොස් සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ රැළියකට එක්වූ බවක් ඔබ පවසයි. මා සහභාගී වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් විසින්, 2019 නොවැම්බර් 05 වන දින සුගදාස ක්‍රීඩාංගනයේ පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමුළුවකට මිස, සජිත් ප්‍රේමදාස මහතාගේ හෝ වෙනත් ජනාධිපතිවරණ අපේක්‍ෂයෙකුගේ හෝ රැස්වීමකට නොවේ.

එහීදී මා අවධාරණය කළේ වෙනත් කිසිදු අපේක්‍ෂකයෙකුට සහය දෙනු වෙනුවට, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කර, ඒ වන විට දුර්වලව තිබූ පක්‍ෂය, ඒ මැතිවරණ ව්‍යාපාරය හරහා නැවත ශක්තිමත්ව ගොඩ නැගීමේ වැදගත්කමයි.

ඔබලා හොර රහසේ පොහොට්ටුව සමග අත්සන් තැබූ ගිවිසුමෙන් පක්‍ෂයට වන හානිය පිළිබඳ පාක්‍ෂිකයා දැනුවත් කරමින්, එම ගිවිසුම අනුව මහා මැතිවරණයේදී එක් දිස්ත්‍රික්කයකට එක් අපේක්‍ෂයෙකු බැගින් වත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නාමයෝජනා නොලැබෙන බවත්, අප පක්‍ෂය බරපතල ලෙස විනාශ වන බවත් වැඩිදුරටත් පැහැදිලි කළෙමි.

ඒ හැර එම සමුළුවේ දී කිසිදු අපේක්‍ෂකයෙකු ප්‍රවර්ධනය කළේ නැත. 

අද වන විට පක්‍ෂ සභාපතිවරයා සහ ලේකම්වරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පොහොට්ටු පක්‍ෂයෙන් නිසි තැනක් නොලැබෙන බවට නඟන මැසිවිලි දෙස බලන විට, එදා මා කළ අනතුරු ඇඟවීම සත්‍ය බව සක් සුදක් සේ පැහැදිලි නොවේද?

2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පක්‍ෂිකයන්ගේ ඡන්දය ලබාගැනීම වෙනුවෙන් ඔවුන්ට බැගෑපත් වෙමින්, ඔබ  අවස්ථා පහකදී සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයට ගොස්, එතෙක් ආමන්ත්‍රණය කර පරිදිම රනිල් වික්‍රමසිංහ මහතාට “සර්” යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට අවසර ඉල්ලා, බලය ලබා ගත් පසු ඔහුට අසභ්‍ය ලෙස බනින්නට පටන් ගත් ආකාරයට කටයුතු කරන තත්වයට මා කිසි දිනෙක ඇද වැටී නැත. 

3) මා පක්‍ෂයේ ස්ථාවරයට එරෙහි වූ බවක්ද ඔබ පවසා තිබේ. ශ්‍රී.ල.නි.පක්‍ෂයේ හරය සහ ආත්මය ද විනාශ කරමින්, දූෂිත හා මිනිමරු පාලනයක් මේ රටේ තහවුරු කළ රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමට ඔබ ඉදිරිපත් වූ අවස්ථාවේ, හොරෙක්, මීනිමරුවෙක් යැයි ඔබ ම ප්‍රසිද්ධියේ චෝදනා කළ පුද්ගලයාව, ඊට වසර තුනකට පසු 2018 ඔක්තෝබරයේ දී නීතිවිරෝධි සහ අත්තනොමතික ලෙස හොර රහසේම රටේ අගමැති පදවියට පත් කිරීමට ඔබ ක්‍රියා කළේ පක්‍ෂයේ අනුමැතියට යටත්ව, පක්‍ෂයේ ස්ථාවරයට එකඟව දැයි මම ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි. 

තම පෞද්ගලික බල තණ්හාව නිසාම සිදුකළ එම ක්‍රියාවෙන් ඔබ අපේ ආදරණීය පක්‍ෂය කනත්තටම රැගෙන ගියේය. අද අපේ පක්‍ෂය මේ තරම් පිරිහීමට පත්ව ඇත්තේ ඔබගේ රාජ්‍යතාන්ත්‍රික නොවන එවන් තීරණ නිසා බව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂිකයන් පමණක් නොව සමස්ත රටවැසියෝම දනිති.

 ඔබගේ ඒ අත්තනෝමතික ක්‍රියාව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන්ම එය කෙතරම් බරපතළ වරදක්ද යන්න පැහැදිලිය. යන්තමින් හෝ ශීලාචාරකම තිබුණේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීන්දුව සමගම ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට ජනාධිපති පදවියෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණි.

එසේ වූයේ නම් අහිංසකයින් සිය ගණනකට ජීවිත අහිමි කළ පාස්කු ප්‍රහාරයද සිදු නොවනු ඇති බව අපගේ හැඟීමයි. මක්නිසාද, ඔබ වැනි රාජ්‍ය තාන්ත්‍රික භාවයක් නැති අයෙකු හැර වෙනත්  කෙනෙකු ඒ වන විට ජනාධිපති පදවියේ සිටියේ නම් බුද්ධි අංශ මඟින් ලැබී තිබූ තොරතුරු  අනුව මේ මහා ජාතික ඛේදවාචකය වළක්වාලීමට හැකිවනු ඇත.

 මේ වන විට ඔබ පක්‍ෂ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමිනි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී, රාජ්‍ය නායකත්වයේ රැඳුණු ඔබ, පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පක්‍ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන් ඔබගේ දීන ස්වභාවය මැනවින් හෙළි වේ. 

පක්‍ෂ ව්‍යවස්ථාවේ 12 II (අ) යටතේ ඔබ නිල බලයෙන් පක්‍ෂ සභපති ධුරයට පත්ව ඇත. එකී නිල බලය අහෝසි වූ විට ක්‍රියාත්මක විය යුතු ව්‍යවස්ථාවේ II (ඈ) වගන්තිය උල්ලංඝනය කරමින් ඔබ අද බලයේ රැදී සිටියි. 12 II (ඈ) වගන්තිය ඔබට අමතක වී ඇත්නම් පහත උපුටා දක්වමි.

“ ඉහත කී 12 II (ඈ) වගන්තිය යටතේ නිල බලයෙන් සභාපති ධුරයට පත්නොවූ අවස්ථාවකදී   විධායක සභාව විසින් පක්‍ෂයේ සභාපතිවරයා තෝරා පත්කර ගත යුතුය.”

තත්වය මෙසේ තිබියදී ඔබ මා පක්‍ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන බවට නන් දෙඩවීම ශ්‍රී.ල.නි.ප. නායකයෙකුට තරම් වේද? මා එසේ කර ඇත්නම් පක්‍ෂ ව්‍යවස්ථානුකූලව කටයුතු කරනු විනා, තැන් තැන්වල නන් දෙඩවීම වැදගත් පක්‍ෂයක නායකයෙකුට තරම් නොවේ.


 අනාරාධිතව වුවද පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම්වලට සහාභාගීවීමට නීත්‍යානුකූලව හැකිවුවත්, මා එම රැස්වීම්වලට සහභාගී නොවූයේ පක්‍ෂ අභ්‍යන්තරයේ ගැටුම් ඇති කරමින් ඔබ දුර්වල කරන ලද පක්‍ෂය තවතවත් දුර්වල කිරීමට ඇති අකමැත්ත නිසා පමණි. 

මට කැබිනට් මණ්ඩල රැස්වීම් වලදීම ඉතා පහත් අන්දමින් අපහාස කළ එස්.බී දිසානායක, බන්දුල ගුණවර්ධන, රවි කරුණානායක වැන්නවුන්  සිටි එක්සත් ජාතික පක්‍ෂ කැබිනට් රැස්වීම්වල සතිපතා දිරියෙන් සහ ශක්තිමත්ව මුලසුන දරමින්, යළිත් වතාවක් අප පක්‍ෂය බලයට ගෙන ඒමට තනිවම මහා සටනක් දියත් කළ නිසා පමණක්, ඔබ සියලු දෙනාට යළිත් වරක් බලය ලබාගෙන විවිධ වරප්‍රසාද ලබා ගැනීමට හැකි වූ බව ඔබට අමතක වුවත් අප පාක්‍ෂිකයන් අමතක කර නැත. 

මා ශ්‍රී.ල.නි.ප යට එරෙහිව කටයුතු කරනවා යැයි පවසන ඔබට පහත කරුණු අමතක වී නැතැයි විශ්වාස කරමි. පක්‍ෂ ඉතිහාසයේ හතර වතාවක් අන්ත පරාජයට පත්ව තිබූ ශ්‍රී.ල.නි.ප ය ගොඩ ගැනීමට මා ඉටු කළ මෙහෙය මෙසේය :-



1. 1977 දිණකර පුවත්පත ආරම්භ කර, අන්ත පරාජයට පත්ව තිබූ පක්ෂය ශක්තිමත් කිරීම.



2. 1981 ටකරං සමුළුව හරහා මැතිනිය පක්‍ෂ නායකත්වයෙන් පන්නා දමා, පක්‍ෂය දිය 

          කර හැරීමේ කුමන්ත්‍රණය පරාජය කිරීම.


3. වසර 17 කට පසු මා අතිශය කැපවීම් කර, 1994 දී පක්‍ෂයට රාජ්‍ය බලය ලබා දීම.


4. 2015 දී පක්‍ෂයේ වටිනා ප්‍රතිපත්ති රැක ගැනීම වෙනුවෙන් පක්‍ෂ මහා ලේකම්වරයා     

  ජනාධිපති කරවා, පක්‍ෂය යලි නඟා සිටුවීමේ කාර්යය ඔහුට භාර කිරීම.


එසේ කළ මට, ඔබ සහ ඔබ අතවැසි ලේකම්වරයා කුමන කෙනෙහිලිකම් කළත් පක්‍ෂ අනුශාසකවරිය ලෙස අවශ්‍ය නම් ඒවාට සහාභාගීවිය හැකි බවද සිහිපත් කරමි.

මේ වන විට ඔබ, පක්‍ෂයට ආදරය කරන සැබෑ පාක්‍ෂිකයින් පක්‍ෂයෙන් ඈත් කරමින් විවිධ වරදාන හෝ වරප්‍රසාද වලට නව සංවිධායකවරුන් පත් කරමින් පක්‍ෂය, වල පල්ලටම ඇද දැමීමට කටයුතු කරමින් සිටින බව බොහෝ පාක්‍ෂිකයෝ මා සමග පවසති.

ඔබේ වැඩපිළිවෙළ ගැන, ඔබේ ප්‍රතිපත්ති ගැන, ඔබේ ක්‍රියාකාරකම් ගැන කීමට බොහෝ දේ ඇතත්, ඒවා පසුවට තබමි. අහිංසක පාක්‍ෂිකයින් රවටමින් දිනෙන් දින පක්‍ෂය විනාශ කිරීම වහාම නතර කර පක්‍ෂයට සහ පාක්‍ෂිකයනට සැබෑ ලෙස ආදරය කරන අලුත් කණ්ඩායමකට පක්‍ෂය ඉදිරියට ගෙනයාමට ඉඩ ලබාදෙමින් වහාම පක්‍ෂයේ නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන මෙන් අප ආදරණීය පාක්‍ෂිකයින්ගේ නාමයෙන් ඉල්ලමි.

ස්තුතියි,

මෙයට

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,

අනුශාසිකා, 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,

ශ්‍රී ලංකාවේ සිව් වන විධායක ජනාධිපතිනි.

Saturday, 2 January 2021

දුමින්ද සිල්වා නිදහස් කරන දවස

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මේ වන විට මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වාට (ආර්. දුමින්ද සිල්වා) යම් සහනයක් ලබාදීම යෝග්‍ය බවට ජනාධිපති කොමිසමක් විසින් ජනාධිපතිවරයාට නිර්දේශකර ඇත. 

 එසේ නිර්දේශකර ඇත්තේ, දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසිනි.  දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකරන ලද නඩුවේ අධිචෝදනා පත්‍රයෙහි දැක්වෙන සියලුම චෝදනා වලින් ඔහුව නිදොස් කොට නිදහස් කළ යුතුව තිබු බව ද එම කොමිෂන් සභාව ඒකමතිකව තීන්දුකර තිබේ.  

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිවයෙන් යුතු මෙම ත්‍රී පුද්ගල ජනාධිපති කොමිසම ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ 2020 ජනවාරි මස 09 වනදාය. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරු මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් විය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන විසින් සිදු කරන ලද විමර්ශන නිසා 2015 ජනවාරි මස 08 වනදා සිට 2019 නොවැම්බර් 16 වනදා දක්වා දේශපාලන පලිගැනීමට ලක්වූවන් පිළිබඳව සහ ආශ්‍රිත පසුබිම සොයා බැලීම කොමිෂන් සභාව වෙත පවරා තිබිණ. ඒ අනුව දීර්ග විමර්ශනයකින් අනතුරුව ඊට අදාල අවසන් වාර්තාව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න විසින් පසුගිය දෙසැම්බර් 08 දා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත බාරදී තිබිණ.

එම කොමිසම වෙත දුමින්ද සිල්වාගේ පියා වන අරුමාදුර වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා විසින් ඉදිරිපත්කර තිබු පැමිණිල්ල සම්බන්ධයෙන් ද කොමිසම විසින් තීන්දු හා තීරණ කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිර්දේශකර ඇත. දේශපාලන පළිගැනීමේ ක්‍රියාවලියක ගොදුරක් වූ දුමින්ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීම කරන කොටගෙන ඔහුට සිදුවූ හානිය සඳහා පැමිණිලිකරුට යම් සහනයක් ලබාදීම යෝග්‍යා බව කොමිෂන් සභාව නිර්දේශකර ඇත.  එසේම, පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇත්ත බොරු කිරීම සහ බොරුව ඇත්ත කිරීම යන වැරදි වලට සහ දුෂණය කිරීමේ වරද හා පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ වරදට පොලිස් විනය නීති යටතේ චෝදනා පත්‍රයක් ගොනුකර පරීක්ෂණ පවත්වා දඬුවම් පැමිණවිය යුතු බවට ද කොමිසම නිර්දේශකර තිබේ. 

Friday, 1 January 2021

චන්ද්‍රිකා බණ්ඩාරනායක හා කුමාර වෙල්ගම ජනවාරි 1 ගත් වැදගත් තින්දුව

 


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමා  2021 ජනවාරි 1 දින හොරගොල්ල වලව්වෙහි විශේෂ සාකච්ඡාවක් පැවැත් වු බවට වාර්තා වෙයි.එහිදි බණ්ඩාරනායක සමරුවට උපහාරයක් පවත්වා ,ඉදිරියේ පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණයෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන ස්ථාවරය සැබැවක් ද නැතිනම් රංගනයක් ද වගත් ,විපක්ෂය පලාත් සභා මැතිවරණය සදහා සුදානම පිළිබඳවත්, රටේ පවතින කෝවිඩ් 19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනිම සදහා අප විසින් ගත යුතු ක්‍රියා මාර්ග මොනවද ලෙසත් සාකච්චා කර ඇති බවට වාර්තා වේ.