Thursday, 31 March 2022

බස් ගිණි තැබීමේ නාටකයට තුන් වන පාර්ශවයක්‌

#copied 🔥 බස් ගිනි තැබීමේ නාටකය.... (මිනිස්සු දාපු Live videos ටික බැලුවනම් ඔක්කොම පිළිවෙළට තියනවා👇) උද්ඝෝෂණ කරන මිනිස්සු දාහක් විතර ඉන්න තැනකට හෙමින් හෙමින් "හිස්" බස් එකක් ගෙනල්ලා නවත්තනව.. ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ.. පස්සේ සෙනග අස්සෙම ඉඳන් දෙතුන් දෙනෙක් බස් එකට ගල් ගහනවා (ආණ්ඩුවෙ අය වෙන්නත් පුළුවන්).. බලන් ඉන්න මිනිස්සු අහනවා "ඇයි ඒ ගල් ගහන්නේ?" කියලා. ගල් ගහපු එවුන් මාරු වෙනවා.. ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ.. ඊට පස්සේ කීපදෙනෙක් ඇවිත් බස් එක පෙරලමු කියල දඟලනවා. මිනිස්සු ලොකුවට උදව් කරන්නේ නෑ.බස් එක එහෙමම තියනවා. ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ.. ඊට පස්සේ කඳුලු ගෑස් ගහනවා.. මිනිස්සු දුවනවා.. ටික වෙලාවකින් බස් එක ගිනි ගන්නවා පෙන්නනවා.. එතකොට බස් එක ළඟම ඉන්නවා පේන්නෙ කවුද.. පොලිසිය 😂 සමාජ මාධ්‍ය උපුටා ගැනීමක්

Tuesday, 29 March 2022

මෛත්‍රීපාල සිරිසේන එළියට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනට භාවිත කරන පැජට් පාරේ පිහිටි නිවස අඛණ්ඩව භාවිත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම නියෝගය පෙත්සම විභාගයේ අවසන් තීරණය දක්වා බලපැවැත්වේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පයිකියසෝති සරවනමුත්තු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව සිටි සමය් නිල නිවාසය ලෙස භාවිත කළ මෙම නිවස ඔහුට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළද එම තීරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කෙරිණි. මේ සම්බන්ධයන් ඊයේ (28) මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසය

Monday, 14 March 2022

මෛත්‍රීපාල සිරිසේන පක්ෂයෙන් මහා පාරට

මහ ජනතාවට පාරට බැසීම හැර වෙනත් කිරීමට කිසිඳු දෙයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ. බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදි පැවැති බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සමුළුව අමතමින්. ජනතාව සිය මනසේ ගැටළු රාශියක් පොදි බැඳගෙන සිටින බවත් අද වන විට මෙරට ආහාර අර්බුදය ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙන බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “‍තෙල් මිල වැඩිවීමත් සමග මහ ජනතාව දේශපාලකයන් ප්‍රතික්ෂේප කර ජනතා උද්ඝෝණවලට පෙළඹෙනවා. මේ ආණ්ඩුව පක්ෂ 13කින් හදද්දී මමත් සභාපතිවරයෙක් විදියට පත් කරගත්තත් ඉන්පසුව කිසිම දෙයකට මා සම්බන්ධ කර ගත්තේ නෑ.
සිරිමාවෝ බණ්ඩාරනායක යුගයෙන් පසු මේ රටට හරි ප්‍රතිපත්තියක් ගෙනාවේ මගේ ආණ්ඩුව විතරයි. මම ප්‍රජාත්‍රන්ත්‍රවාදීව රට ගෙන ගියා ලෝකයේ සියලුම රටවල් මට උදව් කළා මම 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝදනය ගෙනත් රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇති කළා.නමුත් මම දුෂයෙන් තොර රටක් හදන්න බලාපොරොත්තු වුණත් ඒක මට කරන්න බැරි වුනා. විදුලිය,ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්,ගෑස්,විදුලිය නැතිව ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා.ජනතා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනවා මුළු රටම අද කදුලින් ඉන්නේ අයට ඒවා තේරෙන්නේ නෑ.

නිවු ඩයමන්ඩ් නැවේ වන්දිය කෝටි 343 වෙච්ච දෙයක් නෑ

ඩයමන්ඩ් නැවේ සමාගම එක්ක අත යට ගනුදෙනුවක්? කෝප් සභාපති ලොක්කන්ට දෙහි කපයි මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් වන්දි මුදල් අයකර ගැනීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය නිසි අයුරින් කටයුතු කර නැතැයි අනාවරණය වී තිබෙනවා. මේ තොරතුරු අනාවරණය වූයේ මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් වන්දි අය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එම කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 11 වැනිදා රැස්වුණා. ඒ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝප් කමිටුවේදීය. රුපියල් කෝටි 348ක වන්දි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි පහක පමණ මුදලක් පමණක් බවට කෝප් කමිටුවේදී පසුගිය 11 වැනිදා තොරතුරු අනාවරණය වුණා. එම වන්දි මුදල අයකර ගැනීම නිසි අයුරින් කටයුතු කර නොමැති බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම සමග ගනුදෙනුවකට ගොස් පරිසර හානිය ලබා නොදී ඒ සමාගමට වාසි සහගත අයුරින් කටයුතු කළ බවට තමා චෝදනා කළ හොත් ඊට දෙන පිළිතුර කුමක්දැයි කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී විමසා තිබෙනවා. ඒ අවස්ථාවේදී සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබා දී නෑ. මේ කටයුතුවලදී ආයතනයේ නීති නිලධාරිනිය නිෂ්ක්‍රීයව සිටියේ ඇයිදැයි කෝප් කමිටු සභාපතිවරයා ඉන් අනතුරුව විමසා සිටියා. එහිදී අදහස් දැක්වූ නීති නිලධාරිනිය මෙම නෞකාවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ කිසිම සාකච්ඡාවකට තමා සම්බන්ධ කර නොගත් බව ප්‍රකාශ කළා. නීති නිලධාරිනිය එම කටයුතු සඳහා සම්බන්ධ කර නොගත්තේ ඇයි දැයි කෝප් සභාපති චරිත හේරත් මහතා මෙහිදී විමසා සිටි අතර ඊට පිළිතුරු ලබාදුන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ ආයතනයේ කටයුතුවලදී එම නිලධාරිනියගේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන හෙයින් ඒ කටයුතු සඳහා දෙවැනි නිලධාරියකු පත් කිරීමට සිදුවූ බවයි. එය පරිපාලනමය වශයෙන් ගත් වැරදි තීන්දුවක් බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීති නිලධාරිනිය පැවසූවේ තමා අවුරුදු දහඅටක් තිස්සේ ආයතනයේ නඩු කටයුතුවලට සම්බන්ධවී කටයුතු කර පළපුරුද්දක් ඇති නිලධාරිනියක බවයි. එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ කටයුතු ආයතනයේ නීති අංශයෙන් වසා සිදුකිරීම බරපතළ ප්‍රශ්නයක් බව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Sunday, 13 March 2022

ශ්‍රී. ලං. නි. ප යේ සම සභාපතිකම චන්ද්‍රිකා බණ්ඩාරනායකට, සභාපති බලතල සමාන වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතළ බෙදීමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා. ඒ ආණ්ඩුවේ ඇමති ධූර අත හැර ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව. ප්‍රබලයන් තිදෙනා ආණ්ඩුවේ ඇමති ධූර අත හැර ආණ්ඩුවෙන් ඉවත් වීමට මේ අවස්ථාව නොවන බව පක්ෂයේ ප්‍රබලයන් තිදෙනකුගේ මතය වී තිබෙනවා. ඒ කැබිනට් ඇමති ධූරයක් දරණ නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය ඇමති ධූර දරන ශ්‍රී.ල.නි.පයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන්. ඔවුන් තිදෙන ආණ්ඩුවෙන් ඉවත් වීමට විරෝධය පෑම පමණක් නොව පක්ෂය තුළ බරපතළ අර්බුදයක් ඇති කරන යෝජනාවක්ද ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබෙනවා. ****************************
අර්බුදකාරී යෝජනාවක් ඒ පක්ෂය අතහැර ගිය අයට යළි පක්ෂයට එන ලෙස ආරාධනා කිරිමේ යෝජනාවයි. එම යෝජනාවට අනුව හිටපු පක්ෂ සභාපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද පක්ෂයට යළි ආරාධනා කළ යුතු බවයි එම තිදෙනාගේ මතය වී තිබෙන්නේ. හිටපු ජනපතිනිය පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ප්‍රසිද්ධියේම විවේචනය කරන්නියක්. ***************************666 පිටස්තර කුමන්ත්‍රණය මෙය ශ්‍රී.ල.නි.පයෙන් පිට මෙහෙයවන දේශපාලන ප්‍රබලයෙකුගේ අදහසක් හා කුමන්ත්‍රණයක් බවටයි සැක කෙරෙන්නේ. ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඇමති ධූර අත හැර වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි යන මතයේ පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මීට පෙර ඇමතිකම් වලින් ඉවත් නොවිය යුතුයි යන ස්ථාවරයේ සිටී මහින්ද අමරවීර ඇමතිවරයා සිය ස්ථාවරය වෙනස් කර තිබෙන බවත් වාර්තා වනවා. ඔහු ඕනෑම වේලාවක ඇමති ධූරය අතහැර ආණ්ඩුවෙන් ඉවත් ඉවත්වීමට සූදානම් බවයි පක්ෂ නායකත්වය අමතා සඳහන් කර තිබෙන්නේ.

මහින්දගේ ප්‍රතිබිම්බය "ලංවා" අධිපති නන්දන ලොකු විතානද

ජයදේව ලොකුවිතාන ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය (ICIJ) විසින් නිකුත් කරන ලද පැනමා පත්‍රිකාවල ඩුබායි හි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෙරමුණේ පුද්ගලයා යැයි කියනු ලබන නන්දන ජයදේව ලොකුවිතාන නම් කර ඇත. ලොකුවිතාන වඩාත් ජනප්‍රිය වන්නේ ‘ඩුබායි හි මැරියට් හෝටලය මිලදී ගත් ශ්‍රී ලාංකිකයා’ ලෙසයි - එය රාජපක්ෂට අයත් බවට වාර්තා වූ අතර පසුව ඔහු එම හෝටලය මිලදී ගත් බවට වාර්තා ප්‍රතික්ෂේප කළේය. **********************
රාජපක්ෂ බලයේ සිටියදී නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ලොකුවිතාන හරහා ඩුබායිහි දේපළ සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති බවත්, රාජපක්ෂට හඳුන්වා දී ඇත්තේ ඔහුගේ හිතවත් සජින් වාස් ගුණවර්ධන විසින් බවත් වාර්තා වේ. රාජපක්ෂ රෙජීමයේ ආරාධනයෙන් ලොකුවිතාන විසින් Ceylon Heavy Industries and Construction Company (CHICO) (ශ්‍රී ලංකාවේ හිටපු ලංකා වානේ සංස්ථාව) ඇමෙරිකානු ඩොලර් මිලියන 77 කට මිලදී ගත්තේය. ********************** පැනමා පත්‍රිකාවල, ලොකුවිතාන 2000 දෙසැම්බරයේ සංස්ථාගත කරන ලද ‘නිලෝනා ෆැෂන්ස්’ නමින් එක් ආයතනයකට සම්බන්ධ කර ඇති අතර එය සීෂෙල්ස් බල ප්‍රදේශයට අයත් වන අතර එය රාජපක්ෂලා තම වත්කම් සඟවා ගත් බවට චෝදනා කරන තවත් උණුසුම් ස්ථානයක් වේ.

මෛත්‍රීපාල,සජිත්ගේ මව සමග කල රහස් සාකච්චාව සාර්ථකයි

මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂ නායක , සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පිරිනමනු ලැබූ ගෞරවනාම උත්සවයටත් සහභාගි වී ඇති බව වාර්තා වනවා. එහිදී හිටපු ජනපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ මව මෙන්ම හිටපු ජනපතිවරයෙකු වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වූ හේමා ප්‍රේමදාස මහත්මිය සමඟ රහස්සා සාකච්ඡාවකද නිරත වූ බව දැනගන්නට තිබෙනවා.
ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් එම අවස්ථාවට සහභාගී වී ඇති එකම නියෝජිතයා හිටපු ජනපතිවරයා පමණයි. එම අවස්ථාවට සහභාගී වන ලෙස ඔහුට ආරාධනා කළ බවක් දැනගන්නට නැහැ. සිරිසේන මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඉතා කිට්ටු දේශපාලන ගනුදෙනුවක් තිබෙන බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණක්. බොහෝ විට ඉදිරි තීරණාත්මක මැතිවරණයකදී මෛත්‍රිපාල සිරිසේන හා සජිත් ප්‍රේමදාස පාර්ශව එකට එක් වනු ඇති බවටත් මත පළ වනවා. යහපාලන ආණ්ඩුවේ සිටි දක්ෂතම ඇමතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව කිහිප වතාවක්ම සිරිසේන මහතා ජනපති ධුරය දරද්දීදම හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් සජිත් ප්‍රේමදාස මහතාට "ශාසන කීර්ති දේශාභිමානි ශ්‍රී ලංකා ජනරංජන" ගෞරව නාමය පිරිනැමුවා.

අනුරාධපුර ඥානක්කා කියන්නේ කවුද

(ඉරිදා ලංකාදීප) ප්‍රබල දේශපාලන බලධරයන්ගේ අතින් එසවූ දෝලාවල නැගගත් දේවාලවල කපු නෝනලාට අසීමිත දේශපාලන බලය ලැබෙන විට නීතිය නිහඬ කළ හැකි ද?. මෙම දේශපාලනි ක්‍රියාදාම රාමුවට මුවා වී මුදල් හා දේපොළ හම්බ කිරීමද මීට සමාන්තරව සිදු වෙයි. එවන් ක්‍රියාදාමයක් වාර්තා වන්නේ අනුරාධපුර නගරයෙනි. දේශපාලකයන්ගේ සාස්තර ගෙදර නමින් හඳුන්වන ඥානාමෑණියන්ගේ දේවාලය ඊට කදිම නිදසුනකි. අනුරාධපුර ජනතාව අතර ඥානක්කා නමින් ප්‍රසිද්ධ මෙම සාස්තරකාරිය එහි ප්‍රධාන චරිතයයි. ඇය සාස්තර සහ අනාවැකි කියමින් මෙරට දේශපාලකයින්ගේ සිත් දිනා ගන්නට දක්ෂය. රතු නූල් කල්ලිය
රට කරවන මුල් අසුන්වල පටන් මැති ඇමැතිවරුන්,විපක්ෂයේ මන්ත්‍රීවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම ඇතැම් ප්‍රසිද්ධ නිලමේලා ද ඥානක්කාගේ සාස්තර සාමාජිකයෝය. තවත් පිරිසක් වන්නේ ව්‍යාපාරිකයින්‍ ය. උගත් බුද්ධිමත් විද්වත් ආචාර්ය මහාචාර්යවරු පවා මේ වෙන විට ඥානක්කාගේ සාමාජිකයින් වී හමාරය. එසේම තරුණ පිරිස් ද ඥානක්කාගේ සාමාජිකයින්ය. මේ අයව හඳුනා ගැනීම පහසුය. ඔවුන් අතේ රතු නූලක් බැඳ ඇත. එය ඥානක්කාගේ සාමාජිකයින් හඳුනා ගැනීමට ඇති සංකේතයකි. ඥානක්කාගේ සමහර අනාවැකි මේ වෙන විට ටක්කෙටම හරි ගොස් ඇත. එනිසා තනතුරු ආරක්ෂා කර ගැනීමට, කැබිනට් ඇමතිකමක්, සංස්ථා සභාපතිකමක්,වෙනත් උසස්වීමක් හෝ ව්‍යාපාර දියුණුවක් ගැනිම සඳහා බොහෝ පිරිස් ඥානක්කා සොයා ගෙන එති. මේ අය ඥානක්කාව හඳුන්වන්නේ ඥානා මැණියන් කියාය. වැඩේ හරි යන නිසා බොහෝ දෙනක් ඥානාගේ දේවලය සොයා එන්නේ එහෙයිනි. තමන්ට රටේ දෙවෙනි පුටුවට යන්න අවශ්‍ය යැයි කියා පැමිණි දේශපලකයෙකුට දෙවැනියා නොව පළමු වැනි පුටුවට යා හැකි බවට ඥානක්කා කී අනාවැකිය ටක්කෙටම හරි ගියේය. මේ විදියට ඥානක්කා බොහෝ දෙනෙකුට අනාවැකි කියා තනතුරු ලබා දී ඇත. ඇගෙන් තනතුරු ගත් සමහර දෙනා අද ද ඇය පසු පස යන්නේ ඒවා ආරක්ෂා කර ගැනීමටය. නමුත් ඇගේ අනාවැකි හා සාස්තර ටක්කෙටම හරි යන බව විශ්වාස කරන්නේ ඉහත කී පිරිස පමණි. අනුරාධපුර ජනතාව පවසන්නේ ඥානක්කාට අනාවැකි හෝ සාස්තර කීමට බැරි බවලු. කාලි මැණීයන්ගේ දේවාරූඪයෙන් සාස්තර කියන ඥානක්කා මේ වෙන විට ඉතා ප්‍රසිද්ධය. මේ නිසාම ඇයට දේශපාලන බලය නිල බලය ව්‍යාපාරයින්ගේ සහය නිරන්තරයෙන් ලැබෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයෙකු ඥානක්කා හමුවීමට පැමිණියේ කැබිනට් ඇමැතිකමක් ලබා ගැනීමේ අදහසිනි. මේ ඇමැතිකම ගැනීමට අදාළ මන්ත්‍රිවරයා කොපමණ තෑගි බෝග දුන්නාද කියා අප දන්නේ නැත. නමුත් අනුරාධපුර ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් මේ මන්ත්‍රීවරයා ඇයට නිවසක් පවා තෑගි කළ බවය. අවසානයේ එම මන්ත්‍රිවරයාගේ කැබිනට් ඇමැතිකමද ගහලා ගියේය. සාත්තර වරම ලැබෙන්න පෙර රෝහල් සුලු සේවිකාවක්! ඥානක්කාට මෙතරම් මුදල් හෝ ධනයක් පෙර තිබුණේ නැත. ඇය අනුරාධපුර මහ රෝහලේ සුළු සේවිකාවක් ලෙස සේවය කළ බව කියයි. ඉන් පසු රෝහලේ දුරකථන ක්‍රියාකාරිනිය ලෙස ද සේවය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඥානක්කාගේ සැමියා මිය යන්නේ 88-89 කාලයේදි බව අනුරාධපුර ජනතාව දන්නා කරුණකි. සැමියා මැරුවේ කවුද කියා තවම ඥානක්කාට සොයා ගැනීමට බැරි වූ බවද ඒ අය පෙන්වා දෙති. එවන් පසුබිමක සිට ඥානක්කා කියන සාස්තර සහ කරන ගුරුකම්වලින් පලක් වේද යන්න පිළිබඳව එම ජනතාව සැක පහළ කරයි. සැමියා මිය ගිය පසු ඥානක්කාට සාස්තර කීමේ වරමක් ලැබී ඇත. මුල් කාලයේදි ඉතා පොඩියට පටන්ගත් මෙම දේවාලය දියුණු වී ඇතු බව අනුරාධපුර ජනතාව පෙන්වා දෙති. හෝටලයේ ඉදිකිරීම් හමුදාවෙන්
මෙලෙස ටිකෙන් ටික ගොඩ නැගෙන ඥානක්කා ගැන නිතර කතාබහට ලක්වෙයි. මෑතකදි කතා බහට ලක් වූයේ අනුරාධපුර ගුවන්තොටුපල පාරේ ලේක් මොනාක් හෝටලය මිලදී ගැනීමෙන් පසුවය. හෝටලය මිලදි ගැනීමෙන් පසුව එහි නඩත්තු කටයුතු සහ අලුත් ඉදිකිරීම් කළේ යුද හමුදා නිලධාරීන් යොදාගෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. එසේම ඇය අනුරාධපුර කඩ 50න් කෝටි ගණනක් දී කඩයක් මිලදී ගෙන ඇති බව අනුරාධපුර මහ නගර සහාවද සහතික කරයි. මෙලෙස ධන බලයෙන් ක්‍රියා කරන ඥානක්කාට මෙරට පමණක් නොව එංගලන්තයේද ව්‍යාපාර ඇති බව පසුගිය කාලයේ මාධ්‍ය හරහා වාර්තා විය. ඇයගේ පුතා එම ව්‍යාපාර බලා ගනිමින් එංගලන්තයේ සිට ඇත. මෙරට ව්‍යාපාර බලා ගන්නේ ඇයගේ බෑණා වන පන්තක ප්‍රනාන්දුය. ඔහු දැනට මෙම ව්‍යාපාර බලා ගන්නා අතර පසුගිය කාලයේ ඥානක්කාගේ පුතා වන අනුරුද්ධ ජයසූරිය ලංකාවට පැමිණ ව්‍යාපාර බලා ගන්නා බවද වාර්තා වෙයි. ඥානක්කාගේ බෑණා වන පන්තක ප්‍රනාන්දු අනුරාධපුර ක්‍රිකට් ක්‍රිඩා සමාජයේ සභාපතිවරයා ද වෙයි. ඔහු රංගිරි දඹුලු ක්‍රිඩාංගනය ද බාරව කාලයක් සිටි බවට තොරතුරු තිබේ. පන්තකගේ පියා ඉංජිනේරුවරයෙක් වන අතර උත්පත්තියන්‍ම ධනවත්ය. පන්තක සමාජ සේවා වැඩවලට කැමති අයෙකි. අනුන්ට උපකාර කරන අයෙකු බවද ඔහුගේ හිතවෙතෙකු අපට කීය. ක්‍රිකට් වැඩවලදි පන්තක එම වැඩ යොදා ගන්නේද ඥානක්කාගේ හොටලයේ බව එම හිතවතා කීය. කෙසේ වෙතත් අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ ඥානක්කා මිලදි ගත් හෝටලය බලාගන්නේ පන්තක බව ද ඔහුගේම හිතවත් අය කියති. අනීතික ඉදිකිරීම්, හොර ඔප්පු සහ නීති විරෝධී හමුදා මෙහෙයුම් මෙම හෝටලයේ ඉදිකිරීම් කිරීමේදි නීති උල්ලංඝනය කර ඇති බව ද වාර්තාවේ. අප මේ ගැන සොයා බැලීමකදි වාර්තා වූයේ හෝටලය ඉදිකර ඇත්තේ නුවර වැවේ රක්ෂිත කොටසේ බවය. එම කොටසට බලපත්‍රයක් හෝ ඔප්පුවක් නැති බවද කියැවෙයි. හෝටලයේ ඉදිරිපස කොටසට ඔප්පුවක් ඇති අතර එම ඔප්පුව ලබා ගත්තේ කෙසේද කියා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද නොදන්නා බව එහි ප්‍රකාශකයෙකු අපට කීය. නුවර වැවේ රක්ෂිත කොටසේ හෝටලයේ පිහිනුම් තටාකය ඉදිකර ඇත. එතැන ගහක් ඇත. එහි පුටුවක් තබා ඇත. සවස් කාලයට නුවර වැවත් සමග රමණිය දර්ශනයක් දිස්වෙයි. මෙම පිහිනුම් තටාකය ඉදිකර ඇත්තේ infinity pool එකක් ලෙසිනි. එහි අනන්තයක් දැකිය නොහැකිය. එතරම් ලස්සන දසුනකි. මෙම පිහිනුම් තටාකයට බසින විට විසිවෙන ඉවත් වෙන ජලය එක්වන්නේ ද නුවර වැවටය. නුවර වැව සහ මෙම පිහිනුම් තටාකය එතරම් ආසන්නයේ රක්ෂිත කොටසේ ඉදිකර තිබේ. වැවේ වතුර ද පිහිනුම් තටාකයට එක්වෙයි. ආරක්ෂක හමුදා නිලධාරීන් යොදාගෙන එලෙස රක්ෂිතයක ඉදිකර ඇති මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බව අනුරාධපුර ජනතාව ද පෙන්වා දෙති. pool රක්ෂිතයේ ඉදි වූ පිහිනුම් තටාකය… එසේම මෙම හෝටලය ඉදි කිරීමේදි තවත් වරදක් සිදු වී ඇති බව අනුරාධපුර ජනතාව පෙන්වා දෙති. ඒ යුද හමුදාවේ නිලධාරීන් යොදා ගෙන පුද්ගලික ඉදිකිරීමක් කළ හැකිද යන කාරණයයි. හමුදාවේ භට පිරිස් පුද්ගලික ඉදිකිරීම් සඳහා යොදා ගත නොහැකි බව මීට පෙර “ඉරිදා ලංකා“ පුවත්පත හරහා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ ව්‍යාපෘති කළමනාකරුවෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් ද ප්‍රකාශ කොට තිබුණි. එහිදි කුමා හේරත් පෙන්වා දී තිබුණේ යුද හමුදාවට රජයෙන් වැටුප් ගෙවන්නේ හමුදා රාජකාරි සහ රජයේ වැඩ සඳහා පමණක් බවය. එසේ නැතිව හමුදා සෙබළුන් යොදාගෙන පුද්ගලික වැඩ කිරිම බරපතල වරදක් බවද විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් පෙන්වා දී තිබුණි. හමුදා සෙබළුන්ට පුද්ගලික ඉදිකිරීම් සඳහා එක් වීමට නීතියෙන් නොහැකි වුවත් ඥානක්කාගේ හෝටලය ඉදිකිරීමට විශාල භට පිරිසක් යොදවා තිබූ බව අනුරාධපුර ජනතාව කියති. එම භූමිය වටා විශාල තාප්පයක් ඉදිකර ඇත. එහි ඉදිරිපිට ආරක්ෂාවට හමුදා සෙබළුන් යොදවා සිටි බවද ගුවන් තොටුපොළ අසල ගැටේ හන්දියේ ජනතාව පවසති. ඥානක්කා මේ වෙන විට කෝටිපති ව්‍යාපාරිකයෙක්… රජ වුණාට පස්සේ ආයි මොකටද රජ වෙන්නේ – අනුරාධපුර නගරාධිපති… මේ ආකාරයට දේශපාලකයන්ගේ බලය හයිය උපයෝගි කරගෙන නැගී සිටින ඥානක්කා මේ වෙන විට අනුරාධපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් බවට පත්ව ඇත. මේ බව කියන්නේ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී. සෝමදාසය. බලය ඇති තැන පවතින නීති නිහඬ කරන්නට ඥානක්කා සමත්වී ඇතිද යන්න සෝමදාස මහතාගෙන් විමසූ විට “ මහත්තයෝ කෙනෙක් රජ වුණාට පස්සෙ ආයි මොකටද රජ වෙන්නේ…“ යැයි ද නගරාධිපතිවරයා පැවසීය. මේ ගැන අදහස් දක්වන නගරාධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකි. “නුවර වැව ඉස්මත්තේ ඉදිවෙන ඥානක්කාගේ හෝටලය ඉදි කර ඇත්තේ රක්ෂිතයේ බවත් හෝටලය කලින් ඉදි කළත් නව ඉදිකිරීම් සහ නඩත්තු ද මෙම රක්ෂිත කොටසේ ඉදිවෙන බවත් දැනගන්නට ලැබුණ බවය. මෙම ඉදිකිරීම් සඳහා අනුරාධපුර මහ නගර සභාවේ අනුමැතියක් ගෙන නැති බවද නගරාධිපතිවරයා කීය. “අවසර ගෙන නැතිව කරනවා නම් එය අනවසර ඉදිකිරීමක්. නගර සැලැසුම අනුව නගර සභාවෙන් සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින් සැලැසුම් දෙකක් ලබා දෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් දෙන සැලැසුම් ඒ අය දෙනවා. අපට මේ හෝටල් සැලැසුම ඇවිත් නෑ,“ නගරාධිපතිවරයා කීය. එසේම මෙම අනවසර ඉදිකිරීම නවතා දැමීමේ බලය ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බවද නගරාධිපතිවරයා කියා සිටියි. hotel වැව් රක්ෂිතයේ ඇති හෝටලයේ ඉදිකිරීම්… හෝටලය ඉදිකර තිබුණේ සැලැසුමක් අනුමත නොකර… සමහර රක්ෂිතවලට ස්වර්ණභූමි ඔප්පු තියෙනවා. – නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති එහෙත් මේ ගැන නැවත සොයා බැලීමේදී අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී.සෝමදාස මහතා කියා සිටියේ මෙම හෝටලය හදන කොටස අයිති වෙන්නේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවට බවය. එනිසා එම සභාවෙන් තොරතුරු විමසන ලෙසය. ඒ අනුව අප නැගෙනහිර නුවර ගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරදාස මහතාගෙන් ඥානක්කාගේ හෝටලයේ ඉදිකිරීමක් රක්ෂිත කොටසක ඉදිකර ඇත් ද? එය අනවසර ඉදිකිරීමක්දැයි විමසීමු. එහිදි කුමාරදාස මහතා කියා සිටියේ මෙවැන්නකි. “සැලැසුමක් නැතිව වැඩේ පටන් ගෙන තිබුණේ. ඉදිකිරීම් අනවසරයි කියා පැමිණිලි ආවා. අපි ගිහින් බලලා සැලැසුම සහ ඉඩමේ හිමිකම ගැන ෆයිල් එකක් දාන්න කියා වැඩ නතර කරලා ආවා. තාම ෆයිල් එක දාලා ද දන්නේ නෑ. අපි වැඩ නවත්තලා ආවට එයාල ආයි වැඩ පටන් ගත්තාද දන්නෙත් නෑ. මේ ගැන ආණ්ඩුකාරවරයාටත් පැමිණිලි කළා. එතුමා කිව්වේ නීතිය හරියට කරන්න කියලා. “නුවර වැව රක්ෂිත කොටසේ ඔය විදියට හෝටල් හදලා තියෙනවා. ඒවාට රක්ෂිත කොටස අයත් කියලා ඔප්පුත් හදාගෙන. කොහොම හදගෙනද දන්නේ නෑ. ප්‍රාදේශීය ලේකම් අත්සන් කළ ඔප්පු තියෙනවා. සමහර ඒවාට ජනාධිපතිවරු අත්සන් කළ ජයභුමි ස්වර්ණ භූමි ඔප්පු තියෙනවා. මිනිම්දෝරු සැලැසුම් තියෙනවා“. සභාපතිවරයා කියා සිටියේය. “ජයභූමි ඔප්පු හැදෙන්නේ ග්‍රාම නිලධාරිවරයාගේ සිට එන ක්‍රියාදාමයක් හමුවේ. ඒත් මේවා කොහොම හදලද කියලා මම දන්නේ නැහැ.“ සභාපතිවරයා කියා සිටියි. “මේවායේ ඉදිකිරීම් සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. කල් පැනලා වැඩියි….“ යැයි ද සභාපතිවරයා පවසයි. ඥානක්කාගේ හෝටලයේ කොටසක් වැව් රක්ෂිතයට අයිතියි… නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් රක්ෂිත ඉඩම්වලට ඔප්පු තැනීම අනවසර ඉදිකිරීම් කිරීම ගැන අප නැගෙනහිර නුවර ගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායකගෙන්ද විමසා සිටියෙමු. එහිදි රුවන් මහතා කියා සිටියේ ඥානක්කාගේ හෝටලය ඉදිකර ඇති කොටසකට පමණක් ඔප්පුවක් ඇති බවය. “ඒක පැරැණි පැවරීමක්. කොටසකට ඔප්පුවක් නෑ. රක්ෂිත කොටසට සින්නක්කර ඔප්පු දෙන්න බෑ. ඔප්පු දෙන්න මැනුම් කරන කොට රක්ෂිතය අහුවෙනවා. එතකොට ඔප්පු දෙන්න බෑ. හෝටලය පිටුපසට යන කොටස රක්ෂිතයට හසුවෙනවා. ඒ නිසා ඒකට ඔප්පු දෙන්න බෑ. ඒක වාරිමාර්ග මැණුමක් අනුව තහවුරු වෙන්නේ. ඔප්පු හදාගෙන තිබුණත් එක නිත්‍යානුකූල නෑ. කවුරු හරි ඔප්පුවක් ඉල්ලුවොත් මැනුම කරන්නේ අපි. වාරිමාර්ග එක එයාලගේ නිර්දේශ දෙනවා රක්ෂිත කොටස පෙන්නලා. ඒ අනුවයි ඔප්පුව දෙනවද නැද්ද කියා තීරණය වෙන්නේ…“ යැයි ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියි. ඥානා ගේ හෝටලය අනවසර ඉදිකිරීමක් අපි නඩු දැම්මා... අපි කියන දෙය මේ අය අහන්නේ නෑ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපි මේ ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විමසු විට එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ඥානක්කාගේ හෝටලයට නඩු පැවරීමට කටයුතු කර ඇති බවය. එතැන ඉඩම් දෙකක් ඇති බවත් එක් කොටසකට ඔප්පු ඇති බවත් අනෙක් කොටස නුවර වැව් රක්ෂිතයට අයත් බවත් එම නිලධාරියා තහවුරු කළේය. නුවර වැව අවට තිබෙන එවැනි හෝටල් රැසකට මේ වෙන විට නඩු පැවරීමට කටයුතු කර ඇති බවද එම ප්‍රකාශකයා කීය. රක්ෂිත කොටස කියා නඩු පැවරීමට කටයුතු කළත් හෝටලයේ ඉදිවීම නවතා නැති බවද එම ප්‍රකාශකයා කියා සිටියේය. “අපි ඒකට ඉදිකිරීම් නවත්වන්න කියා දැනුම් දුන්නා. පොලිසියට සහ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රදේශීය ලේකම්වරයා ද දැනුවත් කළා“ එම ප්‍රකාශකයා පවසයි. “අනවසර ඉදිකිරීම් නවත්වන්න කියා නියෝග යවලා තියෙනවා. ඒකට එයාලා ඇහුම්කන් දෙන්නේ නැත්නම් බලෙන් කරනවා නම් වාරිමාර්ග ආඥා පනත යටතේ නඩු පවරනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තමයි අපේ නිසි ඉඩම් බලධාරියා. එතුමගේ තීන්දුව අනුව නැවත මේ අයගෙන් රක්ෂිත කොටසේ අයිතිය පෙනවන්න කියනවා. ඒක පෙන්වන්න අපොහොසත් වුණොත් නීතිපතිවරයා වෙත යොමු කොට නඩු පවරනවා. නමුත් නුවර වැව අවට රක්ෂිත කොටසේ ඔප්පු ලබා දී ඇත්තේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවසරයකින් හෝ නිර්දේශයකින් තොරවයි…“ එම ප්‍රකාශකයා කියා සිටියේය. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් පිළිතුරු දීම මග හරියි… අපට තනිවම මේවා නතර කරන්න බෑ… අනික් අයගේ සහය ඕන– වාරිමාර්ග නිලධාරියෙක් කියයි… අප මේ ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරියෙකුගෙන් මේ ගැන විමසන ලෙසය. අප අනුරාධපුර කාර්යාලයේ නිලධාරියෙකුගෙන් මේ ගැන විමසීමකදී කියා සිටියේ නඩු කටයුතු සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවය. රක්ෂිත කොටසේ ද ඥානක්කාගේ හෝටලය ඉදිකර ඇති බවද එම නිලධාරියා තහවුරු කළේය. “රක්ෂිතයක හෝටල් හැදුවොත් අනිවාර්යයෙන්ම සන්තකය ආපසු ගැනීමේ පනතයටතේ නීතිය ක්‍රියාත්මක කරලා ඒවා ඉවත් කරනවා…“ යැයි එම නිලධාරියා කීය. “මේවා කරන්න පරක්කු වෙන්නේ පවතින නීතිවල ඇති අඩුපාඩු නිසා“ එම නිලධාරියා පෙන්වා දුන්නේය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පමණක් මෙම කටයුතු කළ නොහැකි අතර අනෙක් ආයතනවල සහයද ඊට ලැබිය යුතු බව එම නිලධාරියා කියා සිටියේය. හොර ඔප්පු හදපු අයට සහ අනවසර ඉදිකිරීම්වලට නඩු දාන්න වාරිමාර්ගයට පුලුවන් – අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඉන්පසු අප මේ සියලු කාරණා ගැන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගෙන්ද විමසීමක් කළෙමු. එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ වාරිමාර්ග රක්ෂිත කොටසක කවුරු හෝ අනවසරයෙන් ඉදිකිරීමක් කරනවා නම් එය නතර කිරීමේ බලය ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බවය. එසේම එම ඉඩම් සඳහා වැරැදි ලෙස බලපත්‍ර හෝ ඔප්පු ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ලබා දී ඇත්නම් ඊටද නීතිමය පියවර ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බලය ඇති බවය. “වැරැදි ඔප්පු දුන්න අයයි, ඉදිකළ අයයි දෙකොටසම නීතිය ක්‍රියාත්මක කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කළ හැකියි…“ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය. හෝටලය අයිති මස්සිනාට… මම ඔය ගැන දන්නෙත් නෑ. හෝටලයට යන්නෙත් නෑ – ඥානක්කාගේ බෑණා පන්තක කියයි ඥානක්කාගේ හෝටලය අනවසර ඉදිකිරීමක් මෙන්ම රක්ෂිත කොටසේ ඉදිකර ඇති බවට එන චෝදනා සහ අනුරාධපුර ජනතාව කියන කතා ගැන ද අප ඥානක්කාගේ බෑණා වන පන්තක ප්‍රන්නාදුගෙන්ද විමසීමක් කළෙමු. එහිදි පන්තක කියා සිටියේ තමන් එම කතා ගැන කිසිවක් නොදන්නා බවය. හෝටලය අයිති ඥානක්කාගේ පුතාවන සිය මස්සිනාට බවත් ඔහු එංගලන්තයේ සිට පැමිණි ඇති බවත් පන්තක කීය. තමන් හෝටලය ගැන දන්නේ නැති බවත් හෝටලය ගැන බලන්නේ නැති බවත් පන්තක කියා සිටියේය. ඉන්පසු පන්තක මේ ගැන විස්තර සිය මස්සිනා වන අනුරුද්ධ ජයසූරියගෙන් ලබා ගන්නා ලෙස කියා 0713 68**** දුරකථන අංකයද ලබා දුන්නේය. එම දුරකථන අංකය හිමි අනුරුද්ධ ජයසූරියට අප ගත්තද ඉන් ප්‍රතිචාරක් නොවීය. අප ඥානක්කා ගැන කියැවෙන කාරණා දැන ගැනීමට අවශ්‍ය යැයි කියු විට පන්තක සිය නැන්දම්මාගේ දුරකථන අංකය ද ලබා දුන්නේය. ඒ අනුව අප 071408***** අංකයට කිහිප සැරයක්ම ගත් නමුත් ඊට ද ප්‍රතිචාරයක් නැති විය. යුද හමුදාවේ ඉංජිනේරු බළකාය යොදා ගනිමින් පුද්ගලික ඉදිකිරීමක් කළ හැකිද යන්න අප යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් ජංගම දුරකථනය ඔස්සේ සහ ස්ථාවර දුරකථනය ඔස්සේ විමසීමක් කළ ද ඊට ද ප්‍රතිචාරයක් නොවීය. ( ඉරිදා ලංකාදීප පුවත්පතින් උපුටා ගැනීමක් )

ශ්‍රීලංකා නිදහස් පක්ෂය මඩකලපුවෙන් 100%ඉවත් වෙයි

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික්‌ සංවිදානය හා ආසන සංවිදාන සියල්ල කුමාර වෙල්ගම මැතිතුමාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සමග එකතු විය. මෙහිදී මඩකලපුව දිස්ත්‍රික්‌ ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලය නව ලංකා නිදහස් පක්ෂය කාර්යාලය ලෙස වෙනස් විය. මේ අවස්ථාව සදහා නව ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග මැතිතුමා හා හිටපු මහා ඇමති, හිටපු ආණ්ඩුකාර වර පේෂල ජයරත්න මැතිතුමා සහබාගි විය.

Saturday, 12 March 2022

වාහන ගෙන්වන්න පුළුවන් මේ අයට

වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා කොන්දේසියක්ද පනවා තිබෙනවා. ඒ වාහන ගෙන්වීමට අවසර දෙන්නේ ඩොලර්වලින් තීරු බදු ගෙවීමෙන් අනතුරුවයි. ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළෙඳපොළට වේගයෙන් ගලා ඒමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියා. එසේම විදේශ රැකියාවන්හි යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා ගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ නිලධාරින් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවද ශ්‍රී ලංකා මහබැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. මේ අතර විදේශයෙන් ආනයනය කෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම නතර කිරීම වෙනුවට ඒවායින් වැඩි බදු මුදලක් අය කිරීම මේ අවස්ථාවේදී වඩා ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාදාමය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට කරුණු පෙන්වා දී තිබෙනවා.